ඇපලෝ 1

විකිපීඩියා වෙතින්

AS-204 ලෙසින් මුලින් හැඳින්වුනු ඇපලෝ 1 යනු, සඳ මත පළමුවෙන් මිනිසෙකු ගොඩබැස්සවීමෙහි ඇමරිකානු ප්‍රයත්නය වූ ඇපලෝ වැඩසටහනෙහි,[1] පළමුවන මිනිසුන් සහිත මෙහෙයුම විය. ඇපලෝ අණදීමෙහි සහ සේවා මොඩියුලයෙහි පළමුවන පහළ පෘථිවි කක්ෂ පරික්ෂණය ලෙසින් 1967 පෙබරවාරි 21 දින එය දියත් කිරීමට නියමිතව තිබුණි. මෙහෙයුම කිසි දිනෙක දියත් නොවීය; ජනවාරි 27 දින කෙනඩි තුඩුව ගුවන් හමුදා දියත්කෙරුම් සංකීර්ණය 34 තුලදී සිදුකෙරුණු දියත් කෙරුම් අත්හදාබැලීමෙහිදී කුටියෙහි ඇතිවුණු ගින්නකින් —අණදෙන නියමු ගස් ග්‍රිස්ම්, ජ්‍යෙෂ්ඨ නියමු එඩ් වයිට්, සහ නියමු රොජර් බී. චේෆී—යන කාර්යමණ්ඩල සාමාජිකයන් තිදෙනම මිය ගිය අතර අණදෙන මොඩියුලය (CM) විනාශ විය. කාර්ය මණ්ඩලය විසින් තෝරාගත් නම වන ඇපලෝ 1 යන්න, ගින්නෙන් පසුව නාසා ආයතනය විසින් නිල වශයෙන් භාවිතා කෙරුණේ ඔවුනට ගරු කිරීමක් වශයෙනි.

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; MarAprChron නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=ඇපලෝ_1&oldid=510427" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි