Jump to content

ආඝාතය

විකිපීඩියා වෙතින්
Stroke
වෙනත් නම්Cerebrovascular accident (CVA), cerebrovascular insult (CVI), brain attack
CT scan of the brain showing a prior right-sided ischemic stroke from blockage of an artery. Changes on a CT may not be visible early on.[1]
විශේෂතාවNeurology, stroke medicine
රෝග ලක්‍ෂණInability to move or feel on one side of the body, problems understanding or speaking, dizziness, loss of vision to one side[2][3]
සංකුලතාPersistent vegetative state[4]
හේතුIschemic (blockage) and hemorrhagic (bleeding)[5]
අවදානම් සාධකHigh blood pressure, tobacco smoking, obesity, high blood cholesterol, diabetes mellitus, previous TIA, atrial fibrillation[2][6]
රෝග විනිශ්චය ක්‍රමBased on symptoms with medical imaging typically used to rule out bleeding[7][8]
Differential diagnosisLow blood sugar[7]
ප්‍රතිකාරBased on the type[2]
PrognosisAverage life expectancy 1 year[2]
සංඛ්‍යාතය42.4 million (2015)[9]
මරණ6.3 million (2015)[10]

මොළයට රුධිරය සපයන්නා වූ රුධිර වාහිණීවල අවහිරතාවයක් ඇති වීම නිසා ඉතා ඉක්මනින් මොළයේ ක්‍රියාකාරිත්වය අඩපණවීම හේතුවෙන් ආඝාතය (ඉංග්‍රීසි:  stroke) නැමති තත්ත්වය ඇතිවේ. මෙය මොළයට රුධිරය සැපයීම අඩාල වීමෙන් රුධිර වාහිණි තුල රුධිර කැටියක් සෑදිමෙන් හෝ වෙනත් ස්ථානයක ඇති වූ ලේ කැටියක් මොළයේ රුධිරවාහිණි වෙත ඇතුළුවීමෙන් හෝ මොළය තුල රුධිර ගැලීමකට ලක්වීමෙන් සිදුවිය හැකිය. අන්තිමේදී මෙය මොළයේ රුධිර සංසරණ පද්ධතියයේ වන අනතුරක් ලෙස හැඳින් වුවද දැන් ආඝාතය යන වචනය බහුලව ව්‍යවහාර කෙරේ.

නිවැරදිව හඳුනාගෙන අදාල අවස්ථාවන්හි දී ප්‍රතිකාර ලබා නොදුන හොත් මෙමගින් සදාකාලිකවම ස්නායු අක්‍රියවීමක්, මෙමගින් ඇතිවන සංකූලතාවයන් සහ මරණ පවා ඇති විය හැකිය. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ හා යුරෝපයේ වැඩිහිටියන් තුල ආබාධිත තත්ත්වයන් ඇති කරන ප්‍රධානතම හේතුව වේ. දැනට ලොව පුරා සිදුවන මරණ අතරින් එය දෙවැනි ස්ථානයට පත්ව ඇතත් නොබෝ දිනකින්ම එය අංක එකේ ස්ථානයට පත්වන බවට සාක්ෂි ඇත. වයසින් වැඩිමහළු වත්ම අධික රුධිර පීඩනය, මීට පෙරත් ආඝාතය ඇතිවී තිබීම, දියවැඩියාව, අධි කොරස්ටරෝල් සහිත වීම. දුම්පානය කිරීම, උපත් පාලක පෙති පානය කිරීම සහ රුධිරය කාටි ගැසිමේ වැඩි ප්‍රබලතාවයක් ඇති රෝගීන් හට නැවත වරක් අඝාතය ඇතිවීමේ අවධානමක් ඇත. අධික රුධිර පීඩනය, රෝගය ඇති වීමට ඇති අවධානමක් ඇති සාධක අතරින් වෙන්කළ හැකි වැදගත්ම සාධකය වේ.

1970 දී ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් රෝගය සඳහා නිවැරදි අර්ථ දැක්වීමක් ලබාදී ඇත. මොළය තුල රුධිර සංසරණ පද්ධතියේ ඇතිවන යම් හේතුවක් නිසාවෙන් ස්නායු වල ඇතිවන දුර්වල තාවයන් පැය විසිහතරක කාලයක් ඇතුලත විනාශ වන ස්නායු පටක වල ක්‍රියාකාරිත්වය නැවත යථාතත්ත්වයට පත්කර ගැනීමේ හැකියාව පිළිබඳව විග්‍රහ කෙරේ. නමුත් මෙම පැය විසිහතරේ කාල සීමාව ඇතැම්විට මතභේදාත්මක වේ. කෙටිකාලීනව මොළයට රුධිරය සැපයීම අවහිර වීම නිසා ඇතිවන ආබාධිත තත්ත්වය අඝාතයකින් වෙනකර හඳුනා ගැනීමට මෙම පැය විසිහතරේ කාලසිමාව භාවිතා වේ. මෙකි තත්ත්වය පැය විසිහතරක කාලයක් තුල නැවත මුළුමනින්ම යථාතත්ත්වයට පත්වේ. කෙසේ නමුත් ප්‍රතිකාර ක්‍රමවල් සොයාගැනීමත් සමගම අඝාත තත්ත්වය හඳුනාගත් අවස්ථාවේදීම ප්‍රතිකාර කිරීම මගින් රෝගයේ දරුණු ප්‍රතිඵල වලක්වා ගත හැකිය. රුධිර කැටි දියකර හැරීමේ ඖෂධ, රුධිර පට්ටිකා එකතුවීම වලක්වන ඇස්ප්‍රීන්, ඩයිපිරිඩමෝල් වැනි ඖෂධ අධි රුධිර පීඩනය පාලනය කිරීම. කොලෙස්ටරෝල් පාලනය කිරීම සහ රුධිරය කැටිගැසීම වළක්වාලන ඖෂධ මගින් රෝගයට ප්‍රතිකාර ලබාදීමට පුළුවන. මීට අමතරව භෞතචිකිත්සාව හා වෘත්තීමය චිකිත්සාව මගින්ද රෝගීන්ට ප්‍රතිකර කෙරේ.

ආශ්‍රිත

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Gaillard, Frank. "Ischaemic stroke". radiopaedia.org (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 3 June 2018.
  2. ^ a b c d Donnan GA, Fisher M, Macleod M, Davis SM (May 2008). "Stroke". The Lancet. 371 (9624): 1612–23. doi:10.1016/S0140-6736(08)60694-7. PMID 18468545.(subscription required)
  3. ^ "What Are the Signs and Symptoms of a Stroke?". www.nhlbi.nih.gov. March 26, 2014. 27 February 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 February 2015.
  4. ^ PhD, Gary Martin (2009). Palliative Care Nursing: Quality Care to the End of Life, Third Edition (ඉංග්‍රීසි බසින්). Springer Publishing Company. p. 290. ISBN 978-0-8261-5792-8. 2017-08-03 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  5. ^ "What Is a Stroke?". www.nhlbi.nih.gov/. March 26, 2014. 18 February 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 February 2015.
  6. ^ "Who Is at Risk for a Stroke?". www.nhlbi.nih.gov. March 26, 2014. 27 February 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 February 2015.
  7. ^ a b "How Is a Stroke Diagnosed?". www.nhlbi.nih.gov. March 26, 2014. 27 February 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 February 2015.
  8. ^ Yew KS, Cheng E (July 2009). "Acute stroke diagnosis". American Family Physician. 80 (1): 33–40. PMC 2722757. PMID 19621844.
  9. ^ GBD 2015 Disease and Injury Incidence and Prevalence Collaborators (October 2016). "Global, regional, and national incidence, prevalence, and years lived with disability for 310 diseases and injuries, 1990-2015: a systematic analysis for the Global Burden of Disease Study 2015". The Lancet. 388 (10053): 1545–1602. doi:10.1016/S0140-6736(16)31678-6. PMC 5055577. PMID 27733282. {{cite journal}}: |author= has generic name (help)CS1 maint: numeric names: authors list (link)
  10. ^ GBD 2015 Mortality and Causes of Death Collaborators (October 2016). "Global, regional, and national life expectancy, all-cause mortality, and cause-specific mortality for 249 causes of death, 1980-2015: a systematic analysis for the Global Burden of Disease Study 2015". The Lancet. 388 (10053): 1459–1544. doi:10.1016/S0140-6736(16)31012-1. PMC 5388903. PMID 27733281. {{cite journal}}: |author= has generic name (help)CS1 maint: numeric names: authors list (link)

භාහිර සබැඳි

[සංස්කරණය]
වර්ගීකරණය
බාහිර සම්පත්
"https://si.wikipedia.org/w/index.php?title=ආඝාතය&oldid=680743" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි