අප්‍රේල් 2011 ෆුකුෂිමා භූ චලනය

විකිපීඩියා වෙතින්
2011 අප්‍රේල් ෆුකුෂිමා භූ චලනය
සිතියමෙහි රතු වර්ණ වළලු වලින් දක්වා ඇත්තේ පසුකම්පනයේ අපිකේන්ද්‍රය සහ එය ප්‍රචාරණය වූ ආකාරයය.
දිනය11 අප්‍රේල් 2011 (+09:00)
සම්භව වේලාව17:16:13 JST (UTC+09:00)
විශාලත්වය7.1 (Mw)[1]
ගැඹුර13 කිමී (8 සැත)
අපිකේන්ද්‍රය37°00′25″N 140°28′37″E / 37.007°N 140.477°E / 37.007; 140.477ඛණ්ඩාංක: 37°00′25″N 140°28′37″E / 37.007°N 140.477°E / 37.007; 140.477
වර්ගයපසු කම්පන
රටවල් හෝ ප්‍රදේශජපානය (ප්‍රාථමික)
ශාන්තිකර ගැටිය (සුනාමි, ද්විතීයික)
මුළු විනාශයනාය යෑම්, ගිනි ගැනීම්, ගොඩනැගිලි සහ යටිතල ව්‍යුහ හානි
උපරිම තීව්‍රතාවයVIII තීව‍්‍රතා පරිමාණ ඒකක)
නාය යෑම්ඔව්
අපර කම්පනඔව්
ආපතිකයන්4 මියගිය,
10 තුවාල ලද

2011 අප්‍රේල් 11වන සඳුදින ජපාන සම්මත වේලාවෙන් 17:16 ට (සමායෝජිත විශ්ව වේලාවෙන් 08:16 ට) ජපානයේ ෆුකුෂිමා, හමදොරි කලාපයේ [2]

මෙම භූ චලනය හටගත්තේ ඒකක 7.1 ක විශාලත්වයකින්යුතුවය. බටහිර ඉවාකි ප්‍රදේශයට කි.මි. 36 පමණ දුරින් රට අභ්‍යන්තරයට වන්න පොලව මට්ටම්න් කි.මි. 13 පමණ ගැඹුරින් අන්තර් භූකාරක තල සෙලවීම නිසා ඇති වූ පසුකම්පන තත්වය හේතුවෙන් මෙය හටගන්නා ලදී. මේ හේතුවෙන් ප්‍රදේශය පුරාවට පැතිරී ගිය තදබල සෙලවීම් තත්වයක් හටගැනුනි. මෙය එම වසරේ මාර්තු 11 දින ඇතිවූ ටෝහොකු භූ චලනයට පසුව ඇතිවූ ප්‍රභලතම පසු කම්පනය ලෙසද සැලකිය හැකිය.

සාමාන්‍ය විභේදන ආකාරයේ (එක් භූ තලයක් මත අනික පහලට ලිස්සායාම) භූ චලනයක් මත හටගත් මෙම තත්වය හේතුවෙන් යාබද කඳුකර ප්‍රදේශ වල නායයෑම් ගණනාවක් සිදුවිය. භූ චලනයෙන් අනතුරුව නිවාස 220,000 කට පමණ විදුලිය විසන්ධි වූ අතර ගිනිගැනීම් කීපයක්ද වාර්තාවිය. බලධාරීන් විසින් සුනාමි අනතුරු තත්වයක් ප්‍රකාශ කලද පැහැදිලිව දැකියහැකි තරම් රළ තරංග වැඩිවීමක් නොවිණි. කම්පනය නිසා ගොඩනැගිලිවලට සුළු අලාභ හානි සිදුවුණු අතර පුද්ගල මරණ හතරක් සහ තුවාල වීම් දහයක් පමණ වාර්තාවිය.

භූ විද්‍යාත්මක පැහැදිලි කිරීම[සංස්කරණය]

2011 අප්‍රේල් 11 දින සමායෝජිත විශ්ව වේලාවෙන් 08:16 ට ටෝකියෝ නගරයට කි.මි 161 ඊසාන දිගින්, ඉවාකි ප්‍රදේශයට කි.මි. 36 ක් පමණ බටහිරට වන්නට පොලව මට්ටමින් කි.මි 13 ක් පමණ කේන්ද්‍රීය ගැඹුරකින් හටගත් මෙම භූ චලනයේ විශාලත්වය ඒකක 7.1ක් විය. භූ කම්පන ලක්ෂයට නැගෙනහිර දෙසින්, ජපානයේ විශාලතම දූපත වන හොන්ෂු හි ටෝහොකු ප්‍රදේශය මුළුමනින්ම වාගේ පිහිටා ඇත්තේ පැසිෆික් සාගරික භූකාරක තලය මතය. නමුත් පැසිෆික් සාගරික භූකාරක තලය, ඔක්හොට්ස්ක් මහාද්වීපික භූකාරක තලයට යටින් ඇතුලට කිඳා බසිමින් පවතී (තැටි මායිම් ආශ්‍රීතව සිදුවන, එක් තැටියක් යටින් තවත් තැටියක් ගිලා බැසීමේ සංසිද්ධිය). තැටි මායිම් අතර ඇතිවන ප්‍රතයාබල හේතුවෙන්, භූ තල වලට ඇතුලතින් ඇති අධෝ ගෝලයේ (අධෝ‍ගෝලය සුපිරි තාපනය ද්‍රව්‍යයක් මෙන් අර්ධ ද්‍රවීය ප්ලාස්ටික් වැනි තත්ත්වයක පවතී) වෙනස්වීම් ඇති කිරීම නිසා රට අභ්‍යන්තර නොගැඹුරු භූ විභේධන ඇතිවේ [3][4]. මෙම අන්තර් තල භූ කම්පනය හටගත්තේ ඉඩොසාවා විභේධනය ආසන්නයේය. ඉඩොසාවා විභේධනය, හමදොරි කලාපයේ ඉවාකි හි ටබිටෝ නගරය ආසන්නයේ පිහිටි නොගැඹුරු කබොලු විභේධනයක් වන අතර එය මෙතෙක් අක්‍රියව පැවතිනි.[5][6] අදාළ ප්‍රදේශයේ පසුව කරන ලද සමීක්ෂණ වලින් අනාවරණය වූයේ මතුපිටින් සිදු වූ විධාරණය කි.මි. 11 ක් තරම් දුරට විහිදෙන අතර විභේධන මොහොර ඇති කරමින් මීටර් 0.8 සිට 1.5දක්වා ප්‍රමාන වලින් තිරස් භූමි විස්තාපන සිදුව ඇතිබවයි. වැඩිම විස්ථාපනයක් සටහන් වූයේ ශිඔනොහිරා නම් කුඩා ගම්මානයක වූ අතර එය මීටර 2.3 විය. [7] මාර්තු 11 දින සිදුවූ ටොහොකු භූ චලනය ඒකක 9.0 ක විශාලත්වයක් සහිතව ප්‍රභල භූ කම්පන ඇති කරමින් වෙරල තීරයෙන් කි.මි. 235 ක් දුරින් ඊසාන දෙසින් සිදුවූ අතර එහි පසුකම්පන තත්වයක් ලෙස ෆුකුෂිමා භූ චලනය හඳුනාගෙන ඇත[1][8]. මීට අමතරව පසු කම්පන 67 ක් පමණ සිදු වී ඇති අතර ඒවායෙහි සාමාන්‍ය ඒකක 6.0 හෝ එට වැඩි විශාලත්වයකින් යුතු විය.[9] [10] ගොඩබිම දෙසට වන්නට භූ කම්පන ලක්ෂය පිහිටමින් සිදුවූ ප්‍රභලතම භූ චලනය ෆුකුෂිමා භූ චලනය වේ [11][12]. එදිනම එම භූ කම්පන ලක්ෂයට ආසන්නයේ ඒකක 3.5 කට වඩා විශාලත්වයෙන් යුතු සුළු කම්පන 11 ක් පමණ ආරම්භක භූ චලනයට පසුව පැය 3 ත් 4 ත් අතර කාලයකදී සිදුවිය. අප්‍රේල් 12 වන දිනද නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල ඒකක 6 ක් පමණ විශාලත්වයෙන් යුතු කම්පන ඇති විය.

බලපෑම්[සංස්කරණය]

භූ කම්පන ලක්ෂය සහ එහි පැතුරුම

භූ කම්පනය හටගත්තේ මධ්‍යාහ්නය පසුවී මද වෙලාවකට පසුව ෆුකුෂිමා දිස්ත්‍රිකයේ තරමක් ජනාකීර්ණ ප්‍රදේශයකය. නමුත් මෙහි වූ බොහොමයක් ගොඩනැගිලි භූ චලන වලට ඔරොත්තු දීමේ හැකියව සහිතව සාදා තිබුණි. අවට ප්‍රදේශ කීපයක් පුරාම පැතිරුණු මෙම භූ චලනය උපරිමයක්‌ සටහන් වූයේ ඉෂිකාවා නගරයේය. එය මෙර්කලි තීව‍්‍රතා පරිමාණයේ ඒකක අටක් (MM VIII) ලෙස සටහන් විය. තවත් ප්‍රභල කම්පනයක් (MM VI) ඉවාකි ප්‍රදේශයේත්, සුකවගා, කුරොඉසෝ, ඔටවරා සහ කිතයිබරාකි ආදී ප්‍රදේශ වල සුළු කම්පන තත්වයකුත්(MM IV) පැතිරයන ලදී. . භූ කම්පන ලක්ෂයේ සිට කිලෝමීටර සියගණනක් දුර පැතිර ගිය මෙම භූ කම්පන ටෝකියෝ සහ යොකොහොමා ආදී ප්‍රදේශ වලටද දැනෙන ලදී. නිවාස සහ ගොඩනැගිලි 220,000 පමණ විදුලිය විසන්ධි වූ අතර (වැඩි ප්‍රමාණයක් ඉවාකි ප්‍රදේශය ආශ්‍රිතවය) හදිසි ආරක්ෂක තත්ත්ව මාත භූ කම්පන ලක්ෂයේ සිට කිලෝමීටර 70 පමණ දුරින් පිහිටි ෆුකුෂිමා ඩයිචි[1][13] විදුලි ජනන න්‍යෂ්ටික බලාගාරයේ සේවකයන් වහා ආරක්ෂා කාරීව ඉවත්කරන ලද අතර අභ්‍යන්තර බල සැපයුමද කපාහරින ලදී. විදුලිබලය ඇණහිටවූ කාලසීමාව තුල එම විදුලිබලාගාරයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක තුනක ජල සිසිලන පද්ධති වලටද බාධා ඇති විය. නමුත් 18:05 JST වන විට එය නැවතත් යථාතත්වයට පත්කරන ලදී. බලධරයින් විසින් ක්ෂණිකව ටෝකියෝ අන්තර්ජාතික ගුවන්තොටුපලේ ගුවන්ගමන්ද නැගෙනහිර ජපාන දුම්රිය සමාගමේ දුම්රිය ප්‍රවාහන කටයුතුද තාවකාලිකව අත්හිටුවන ලදී.

භූ චලනය හේතුවෙන් ඉවාකි ප්‍රදේශයේ ගිනිගැනීම් කීපයක්ම ඇතිවූ අතර අසකාවා නගරයේ එක් ගිනිගැනීමක් වාර්තා විය. ඩයිචි සැන්කියෝහි ඔන්හමා ස්වභාවික ද්‍රවිත වායු නිෂ්පාදන කර්මාන්ත ශාලාවකද විශාල ගින්නක් හටගැනුනි. ගොඩනැගිලි විශාලවශයෙන් අලාභ හානියට ලක්වූයේ ඉවාකි ප්‍රදේශය අවට නාය යාම් සහ පස් හා ගල් කඳු කඩාවැටීමෙනි. එම නගරයේ නාය යෑම් හේතුවෙන් වාහන දෙකක් සහ නිවාස තුනක් පුද්ගලයින් සමග යටවිය. විනාශය සිදු වූ සැනින් පුද්ගල මරණ දෙකක් සිදුව ඇති අතර බරපතල ලබා රෝහලට ඇතුලත්කල හතරදෙනෙකුගෙන් එක් අයෙක් පසුව මියගිය බව වාර්තා විය. පැහැදිලි භූමි විපර්යාසද බහුලව දැකිය හැකි විය.

ප්‍රතිචාර දැක්වීම්[සංස්කරණය]

ප්‍රධාන කම්පනය ඇතිවීමට තත්පර 6.8කට පෙර පළමු කම්පන තරංග ඇතිවූ සැනින්, භූ කම්පනය පිළිබඳව පෙර අනතුරු ඇඟවීම් පද්ධතිය සක්‍රිය වූ අතර එමගින් නිවැසියන් සහ ගොඩනැගිලි වල සිටියවුන්ට අනතුර සඳහා සූදානම් වීමට ඉතා කෙටි කාලයක් ලැබුණි. මීටර 2 ක් පමණ උසකට සුනාමි රළ ඇතිවේයයි ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම් කලද එවං තත්වයක් දක්නට නොලැබුණි. වහාම ගිනි නිවීමේ හමුදා කණ්ඩායම් ආපදා හෝ අනතුරු සිදුවීම් සොයා කඩිනමින් පිටත්කරවා හරින ලදී.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 "Magnitude 7.1 – Eastern Honshu, Japan". earthquake.usgs.gov. USGS. 11 April, 2011. 21 April 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-04-22. {{cite web}}: Check date values in: |date= (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  2. (ජපන්) "2011年4月11日の福島県浜通りの地震に伴う地表地震断層について". outreach.eri.u-tokyo.ac.jp. Outreach and Public Relations Office. 13 April, 2011. 28 April 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-04-23. {{cite web}}: Check date values in: |date= (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  3. "M-9 Tohoku quake cycle may be 260 years". Yomiuri Shimbun. 8 September 2011. 7 September 2011 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 4 February 2012.
  4. (ජපන්) "先日のM7余震、予想外の井戸沢断層が原因". Yomiuri Shimbun. 16 April 2011. 18 April 2011 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 4 February 2012.
  5. (ජපන්) "いわき市の地表に7キロの断層 4月11日の余震でずれ". asahi.com. Asahi Shimbun Company. 13 April, 2011. 2011-04-14 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-04-23. {{cite web}}: Check date values in: |date= (help)
  6. Ishiyama, Tatsuya; Sugito, Nobuhiko; Echigo, Tomoo; Sato, Hiroshi (2011). 第3報(9月7日掲載): 2011年4月11日の福島県浜通りの地震に伴う地表地震断層のトレンチ掘削調査(速報) (Report). 2011年4月11日の福島県浜通りの地震に伴う地表地震断層について. Outreach and Public Relations Office. සම්ප්‍රවේශය 31 January 2012.
  7. (ජපන්) "福島県浜通りの地震について" (PDF). jma-net.go.jp. Sendai District Meteorological Observatory. 11 April, 2011. 23 May 2011 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-05-02. {{cite web}}: Check date values in: |date= (help); External link in |publisher= (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  8. "Magnitude 9.0 - near the East Coast of Honshu, Japan". earthquake.usgs.gov. USGS. 11 March, 2011. 28 April 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-04-28. {{cite web}}: Check date values in: |date= (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  9. Choi, Charles Q (19 April, 2011). "Japan earthquake triggered smaller quakes around the world". msnbc.com. MSNBC. සම්ප්‍රවේශය 2011-04-23. {{cite web}}: Check date values in: |date= (help)
  10. Magnitude 7.0 – off the East Coast of Honshu, Japan (Report). USGS. 10 July 2011. Earthquake Summary. සම්ප්‍රවේශය 31 January 2012.
  11. "Magnitude 7.1 – near the East Coast of Honshu, Japan". earthquake.usgs.gov. USGS. 11 April, 2011. 24 April 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-04-23. {{cite web}}: Check date values in: |date= (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  12. "2011 Significant Earthquake and News Headlines Archive". earthquake.usgs.gov. USGS. 2011. 26 April 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 April, 2011. {{cite web}}: Check date values in: |accessdate= (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  13. "Fukushima Daiichi Nuclear Power Plant - 1–4 unites - Japan". tageo.com. Tageo.com. සම්ප්‍රවේශය 2011-04-28.

බාහිර සබැඳි[සංස්කරණය]