කිංස්වුඩ් විදුහල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
කිංස්වුඩ් විද්‍යාලය
Kck log.jpg
Location
මහනුවර, මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව,
Information
Motto FIDE ET VERTUTE
(වීශ්වාසනීයත්වය හා සත්ගුණවත්බව)
Established 1891 මැයි මස 4වන දින
Principal R. චන්ද්‍රසේකර මයා
Grades 1–13
Website


මහනුවර කිංස්වුඩ් විද්‍යාලය අරඹන ලද්දේ උසස් පිරිමි පාසලක් ලෙසිනි. ඇල්.ඊ බ්ලසේ මහතා විසින් පාසල ආරම්භ කරන විට එහි සිසුන් එකොලොස් දෙනෙක් හා ගුරුවරුන් දෙදෙනෙක් විය. මහනුවර පැවිලියන් වීදීයේ උසස් බාලක විද්‍යාලය නමින් ඇරඹි විද්‍යාලයේ මුල් වසර කිහිපය ඉතා දුෂ්කර සමයක් විය. පාසැල් ගාස්තු පාසල පවත්වාගෙන යාමට පමණක් යන්තම් ප්‍රමාණවත් විය. පුද්ගලික පාසල් සදහා රජයේ අනුග්‍රහයක් නොලැබුණ හෙයින් පාසල මෙතෝදිස්ත මිෂනාරි සභාවට භාර දීමට බ්ලසේ මහතාට සිදුවිය.

බ්ලසේ මහතා විසින් විද්‍යාලයටම අනන්‍ය වූ ආචාර ධර්ම පද්ධතියක් හදුන්වා දෙන ලදී. බ්‍රිතාන්‍ය රජයේ පාසල් ව්‍යුහයට සමාන ව්‍යුහයක් විද්‍යාලය තුලද ඇතිකරන ලදී. 1922 වසරේදී නිවාස ක්‍රමය පාසලට හදුන්වා දුන් අතර, නිවාස සදහා යොදාගන්නා ලද්දේ බ්‍රිතාන්‍ය ප්‍රසිද්ධ පාඨශාලා නාමයන්ය (ඊට්න්, හැරෝ, රග්බි, වින්චෙස්ටර්). අධ්‍යාපනඥයෙක් ලෙස එතුමා ලබා තිබූ කීර්තිනාමය අනුව යමින් ශක්තිමත් පදනමක් පාසල තුල බිහිකිරීමට එතුමා සමත්විය. විද්‍යාලයේ සිසුන් “කිංස්වුඩ් මහත්වරුන්” ලෙස හැදින්වීමට බ්ලසේ මහතා පියවර ගත් අතර, විදුහල්පති වශයෙන් (1891 සිට 1923 දක්වා) සේවය කල සමය තුල සිසුන් තුල මහත්මා ගුණාංග ජනනය කරනු වස් විවිධ සම්ප්‍රදායන්ද හදුන්වා දුන්නේය. විද්‍යාලයීය තේමා පාඨය ලෙස “වීශ්වාසනීයත්වය හා සත්ගුණවත්බව” යන අරුත් ඇති ලතින් පාඨයක් තෝරාගත් අතර විද්‍යාලයීය නිල වර්ණ ලෙස මෙරූන් හා තද නිල් වර්ණ තෝරාගන්නා ලදී. විද්‍යාලයීය තේමා ගී පද රචනය වන්නේද බ්ලසේ මහතා විසිනි.

විශේෂතා[සංස්කරණය]

පහත විශේෂතා හේතුවෙන් විද්‍යාලය සුවිශේෂි තැනක් ගනියි

  • කාන්තා ගුරුවරියන් යොදාගත් මුල්ම බාලක පාසල.
  • රග්බි පාපන්දු ක්‍රීඩාව හදුන්වාදුන් පාසල වීම.
  • ශිෂ්‍යභට කණ්ඩයක් හදුන්වා දුන් ප්‍රථම පාසල් පහෙන් එකක් වීම.


පාසල ඇරඹිමෙන් වසර හතරකට පසු 1895දී ප්‍රථම ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුනු අතර, එතැන් සිට සෑම වසරකම එය පවත්වන ලදී. ත්‍යාග ප්‍රදානෝත්සවයේ සුවිශේෂිතම අංගය වූයේ කිංස්වුඩ් පූර්විකාවයි. ගෙවීගිය වසර තුල දේශියව හා ගෝලීයව සිදුවුනු සුවිශේෂි සිද්ධි පිලිබදව පබැදුනු ඉංග්‍රීසි කවිපෙලෙකින් පූර්විකාව සමන්විත විය. පූර්විකාව කියවීම වාග්පඨුත්වයට හිමි සම්මානය හිමිකරගත් කිංස්වුඩ් මහතා විසින් සිදුකරන ලදී. විදුහල්පතිධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුවද එතුමාගේ මරණය තෙක්ම පූර්විකාව බ්ලසේ මහතා අතින්ම සිදුවුන අතර, එතුමාගේ භාෂා විශාරධත්වය හේතුවෙන්ම පූර්විකාව ලක්දිව පුරා පැතිරුන පාඨක රසාස්වාදනනයට ලක්විය. පාසල ආරම්භයේ සිට වසර 32ක් මුළුල්ලේ විදුහල්පතිධුරය හෙබවූ බ්ලසේ මහතා 1923 එම ධූරයෙන් විශ්‍රාම ගත්තේය. ඒ වන විට කිංස්වුඩ් විද්‍යාලය දිවයිනේ ප්‍රමුඛ පෞද්ගලික පාසලක් බවට පත්වී තිබිණි. නමුත් පාසලේ සීඝ්‍ර දියුණුවත් සමග එය වඩා විශාල භූමි පෙදෙසකට ගෙනයාමේ අවශ්‍යතාවය දැඩිව දැණිනි. එමනිසා, විශ්‍රාම ගැනීමට මත්තෙන් නගරයෙන් එපිට පිහිටි ‍වෙල්අට මුල්ගම්පල ග්‍රාමයේ භූමියකට පාසල ගෙනයාමේ මූලිකත්වය බ්ලසේ මහතා විසින් ගන්නා ලදී.


මෙම කාර්‍යය සාර්ථක කරගැනීමට බ්‍රිතාන්‍ය ව්‍යාපාරික ජෝන් රැන්ඩ්ල්ස් මහතා සිදුකල මුදල් පරිත්‍යාග ඉවහල් විය. ඒ අනුව පංතිකාමර, ගුරු විවේකාගාර, නේවාසිකාගාර, පරිපාලන ගොඩනැගිල්ලක් අඩංගු ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිවිය. මේ ක්‍රියාවලියට අනුග්‍රහය දැක්වූ රැන්ඩ්ල්ස් මහතාට ගෞරවයක් ලෙස විද්‍යාලය පිහිටි භූමි ප්‍රදේශය හා පාසල අසල පිහිටි දුම්රිය ස්ථානය “රැන්ඩ්ල්ස් හිල්” ලෙසින් නම් කරන ලදී. බ්ලසේ මහතාගේ අනුප්‍රාප්තික ඊ. පියර්ස්න් මහතා යටතේ විද්‍යාලය නව භූමියට 1925 වසරේදී ගෙනයන ලදී. පියර්සන් මහතා වසර හතරක් විදුහල්පති ලෙස කටයුතු කල අතර එතුමාගෙන් පසු ඕ.එල්.ගිබන් (1929-1937), එෆ්.ඒ.ජේ අටිං (1937-1942) මහත්වරුන් බ්ලසේ දර්ශනය අනුව පාසල ඉදිරියට ගෙනයාමට කටයුතු කළහ. මෙම යුගය වන විට පාසල දිවයිනේ ප්‍රමුඛතම මෙතෝදිස්ත පාසලක් බවට කිංස්වුඩ් විද්‍යාලය පත්වී තිබිණි.

පාසල මෙතෝදිස්ත පාසලක් වුවද පාසල තුල සියළු ජාති හා ආගම් වලට අයත් සිසුන් ඇතුලත් විය. විශේෂ ශිෂ්‍යත්ව ප්‍රදානය හරහා ඕනෑම අයෙකුට පාසලට ඇතුලත් වීමේ වරමද හිමිවිය. 1940 දශකය පාසලේ සංවර්ධනයට සුවිශේෂී දශකයක් විය. යුධමය වාතාවරණය හේතුවෙන් ඉංග්‍රීසි විදුහල්පතිවරුන් පත්කර එවීම නැවැත්වුනු අතර ඒ අනුව විද්‍යාලයේ ප්‍රථම ස්වදේශික විදුහල්පති වශයෙන් පී.එච් නෝනිස් මහතා 1942 වසරේදී පත්කෙරෙනි. එතුමා වසර 16ක් සේවයේ නිරත විය. මෙම කාල‍යේදී තාවකාලිකව මහනුවර නගරයට ගෙන ආ ශාන්ත තෝමස් විද්‍යාලය හා ස්වකීය විදුහල් භූමිය භාවිතා කිරීමට පාසලට සිදුවිය. 1940 දශකයේ සිදුවූ තවත් සුවිශේෂි සිදුවීමක් වූයේ නිදහස් අධ්‍යාපන ක්‍රමය ලංකාවට හදුන්වාදීමයි. එනමුත් නිදහස් අධ්‍යාපන ක්‍රමය භාවිතා නොකර දිගටම පෞද්ගලික පාසලක් ලෙස ක්‍රියාත්මක වීමට පාසැල් බලධාරීන් කටයුතු කළහ.

නෝනිස් මහතාගේ පාලනය තුල සිදුවූ සුවිශේසී සිදුවීමක් වනුයේ පාසල නිදහස් පාසලක තත්වයෙන් මිදී ජාතික පාසලක් බවට පත්වීමයි. එනමුත් තවදුරටත් රාජ්‍ය පාසලක තත්වයට පත්නොවුන නිසා පාසලේ ස්වාධීනත්වය හා සම්ප්‍රදායන් සුරක්ෂිත කරගැනීමට මෙය බාධාවක් නොවිනි. මෙම යුගය වන විටත් කිංස්වුඩ් විද්‍යාලය සාපේක්ෂව කුඩා පාසලක් විය. සිසුන් 700ක් හා ගුරුවරුන් 35ක් පමණක් පාසල තුල ක්‍රියාත්මක වූහ. පාසල ආරම්භයේ සිටම ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂි ලකුණක් ලකුණු කිරීමට සමත්විය. නෝනිස් මහතාගේ සමයේදී විශේෂයෙන්ම හොකී ක්‍රීඩාවෙන් සුවිශේෂි සමත්කම් දක්වන්නට සමත්විය. ක්‍රිකට් ක්‍රීඩකයෙක්ද වූ නෝනිස් මහතා පාසල තුල ප්‍රබල ක්‍රිකට් කණ්ඩායමක් නිර්මාණය කිරීමද සුවිශේෂී කාරණයකි. නෝනිස් මහතාගේ අනුප්‍රප්තිකයා වූයේ කෙනත් ඩී ලැනරෝල් මහතායි (1958-1967). 1961 වසරදී පාසල රජයට පවරාගැනීමත් සමගම දශක හතකට අධික කාලයක් පුරා පැවැති කිංස්වුඩ්-මෙතෝදිස්ත සම්භන්ධය බිද වැටිණි.


පාසල රජයට පවරාගැනීමත් සමගම පාසලේ සිසුන් සංඛ්‍යාව සීඝ්‍රව ඉහළ ගියේය. රජය විසින් ගුරුවරුන්ගේ වැටුප් ගෙවීම සිදුවුවද රජයේ සම්පත් භාවිතයෙන් පෙර පරිදි ක්‍රීඩා හා බාහිර ක්‍රියාකාරකම් පවත්වාගැනීම ප්‍රායෝගික නොවීය. කෙසේවෙතත් එම කාර්‍යය සාර්ථක කරගැනීමට ආදි ශිෂ්‍යයන් හා සුභ පතන්නන්ගේ දායකත්වයන් දිගින් දිගටම උපකාරී විය. ලැනරෝල් මහතාගෙන් පසු විදුහල්පතිවරුන් නවදෙනෙක් විද්‍යාලයේ පරිපාලනය භාරව කටයුතු කළහ. වර්තමාන විදුහල්පති රංජිත් චන්ද්‍රසේකර මහතා 2000 වසරේදී විදුහල්පතිධූරයට පත්විය. 1977 සිට 1984 වසර දක්වා විදුහල්පතිධූරය හෙබවූ ඊ.එස් ලියනගේ මහතා පාසලේ විදුහල්පති බවට පත්වූ ප්‍රථම ආදිශිෂ්‍යයා ලෙස කටයුතු කලේය. නිහාල් හේරත් හා ආර්.බී රඹුක්වැල්ල මහත්වරුත් පාසලේ සුවිශේෂි මෙහෙයක් ඉටුකල විදුහල්පතිවරුන් ලෙස ඉතිහාසගතවී ඇත.

පශ්චාත් 1961 යුගය පාසලට ඉතා දුෂ්කර සම‍යක් විය. ගුරුවරුන් තෝරාගැනීමේ සිට පරිපාලනය කිරීම දක්වා ඇති සියළු බලතල රජය මත කේන්ද්‍රගතවීම සිදුවුවද මහත් දුෂ්කරතා මධ්‍යයේ වුවද කිංස්වුඩ් සම්ප්‍රදායන් රැකගැනීමට විද්‍යාලය සමත්වී තිබේ. මෑත ඉතිහාසය තුල විශේෂයෙන් රග්බි පාපන්දු , ශිෂ්‍ය භට, විවාද, සෞන්දර්ය අංශයන්ගෙන් දිවයිනේ ප්‍රමුඛත්වය පත්වීමට පාසලට හැකියාව ලැබීඇත.

පාසල් ගීතය[සංස්කරණය]

කිංස්වුඩ් විදුහලේ පාසල් ගීතය
"Hill-throned"

Hill-throned, where Nature is gracious and kind,

Home of our early youth, grant us the love of truth,

Health for the body, and light for the mind.

KINGSWOOD, O may we be loyal and true to thee,

Holding what'er betide, Virtue and Faith our guide.

Chorus

Loyally, Manfully

All of us true to thee,

'No room for trimmer, coward, or fool;

Word and will true and clean,

Work and play strong and keen,

'None for himself, but all for the school!

School! School! None for himself, but all,

All for the school!

Nor shall the world destroy our love and pride,

For both, we know, the stronger shall grow,

And whatever thy fortunes, we stand at thy side.

Present and Past shall be one in the heart, all for thee,

Holding what'er betide, Virtue and Faith our guide.

Chorus:

Then in all things, whatever Duty's voice many call

Ready we follow and spring to our work;

Country or School may call; play the game, Forward, all!

Shoulder to shoulder, disdaining to shirk!

Duty we dare not flee, heavy the cost may be,

Holding what'er betide, Virtue and faith our guide.

Chorus:

"https://si.wikipedia.org/w/index.php?title=කිංස්වුඩ්_විදුහල&oldid=250124" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි