අජන්ත මහන්තආරච්චි

විකිපීඩියා වෙතින්
අජන්ත මහන්තආරච්චි
උපතජුනි 13, 1984(1984-06-13)
කොරතොට, කඩුවෙල, ශ්‍රී ලංකා
ජාතිකත්වයශ්‍රී ලංකාව Sri Lankan
වෙනත් නම්මහන්තආරච්චිගේ අජන්ත පෙරේරා
වෘත්තියලේඛකයෙක්, ගුරුවරයෙක් (Guru), කතුවරයෙක් සහ සටන් කරුවෙක්.

සිංහලන්ගේ ඉපැරණි සටන් කලාවක් වන අංගම්පොර සටන් ශිල්පියෙකි. කොරතොට ආරච්චි නම් අංගම්පොර උප සම්ප්‍රදායේ වර්තමාන මුහන්දිරම් හොබවයි[තහවුරු කර නොමැත]. අජන්ත මහන්තආරච්චි සටන් ශිල්පියෙකු, ගත් කතුවරයෙකු[1], සටන් උපදේශකවරයෙකු,සටන් අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම ඉතිහාස ගවේශකයෙකුද වේ. තම පාරම්පරික ඥානය[2] ඔස්සේ යමින් හෙළ සටන් ශාස්ත්‍රය මූලික කොට ගනිමින් ප්‍රායෝගික ගවේශනයක යෙදෙන අජන්ත මහන්තආරච්චි රජයේ විවිධ හමුදා ඛණ්ඩයන්ට තම පාරම්පරික ඥානය භාවිතා කරමින් යම්යම් නිරායුධ සටන් උපක්‍රම පුහුණු කරවීමේ නිරතවන[3]සටන් උපදේශකවරයෙකි.

හෙළ සටන් කලාවේ සාහිත්‍යාත්මක තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් වන හෙළයේ සටන් රහස අංගංපොර නම් ග්‍රන්ථයේ ගත් කතුවරයා වේ. එම ග්‍රන්ථයේ පසුවදන තුළ අජන්ත මහන්තආරච්චි සම්බන්ධයෙන් අරීසෙන් අහුබුදු පහත සඳහන් පද පෙළ හා පැදිය ලියා ඇත.

ඇඟේ මැඬිල්ල රණපිල මුහන්දිරම් තැනැගෙ මෙ දහිරියැ දැයේ නව උදාවක් බව ආසිරි පෙරටුවැ කිය යුතු ය.

පැතිර යන තෙදට දිනපති සකල රූ වැනි
පවර විස්නු සුරිඳුනි සිරි අත දෙමිනි
මෙවර අජන්තට බලවී ඇවිසෙමිනි
ඇමර ජය යසස දුන යෙහෙ දිව බෙලෙනි[2]

බාහිර සබැඳුම්[සංස්කරණය]

  1. Helaye Satan Rahasa Angampora සංරක්ෂණය කළ පිටපත 2014-03-31 at the Wayback Machine, A book written by Ajantha Mahanthaarachchi about Angampora
  2. 2.0 2.1 හෙළයේ සටන් රහස අංගංපොර, දේශමාන්‍ය අජන්ත මහන්තආරච්චි - පසුවදන (අරීසෙන් අහුබුදු)
  3. [| Passing out - the First Batch of Angampora Trained SLAF Personnel], The first batch of Angampora trained SLAF personnel passed out...
"https://si.wikipedia.org/w/index.php?title=අජන්ත_මහන්තආරච්චි&oldid=591202" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි