OpenOffice.org Writer

විකිපීඩියා වෙතින්
(Writer වෙතින් යළි-යොමු කරන ලදි)
උබුන්ටුහිදී Writer භාවිතාවන ආකාරයේ තිරදසුන

Writer යනු OpenOffice.org හි වදන් සැකසුම් පැකේජය යි. Microsoft Office හිMicrosoft Word හා Perfect Office හි Word Perfect යන වදන් සැකසුම් මෘදුකාංගවල ඇති ලක්ෂණ හා පහසුකම් ගණනාවක් මෙම මෘදුකාංගයේ ද දක්නට ඇත.

සමස්ත OpenOffice.org කට්ටලය මෙන්ම මෙම Writer මෘදුකාංගය දMac OS, Microsoft Windows,Linux, FreeBSD, Irix හා Solaris යනාදී මෙහෙයුම් පද්ධති ගණනාවක් මත වැඩ කළ හැකිය. එසේම මෙය නිදහස් මෘදුකාංග ගණයට අයත් වන නිසා නොමිලේම තම පරිගණයකයේ ස්ථාපනය කරගත හැකි අතර GNU Lesser General Public Licence යටතේ මෙය නිකුත් කර ඇත.

ලක්ෂණ[සංස්කරණය]

මෙම මෘදුකාංගයට ගොනු ආකෘති ගණනාවක් යටතේ ගොනු විවෘත කිරීමටත් ගබඩා කිරීමටත් පාහසුකම් සපයා ඇත. ඒ අතර OASIS හි Open Document 1.1, Microsoft Word හි DOC, DOCX, RTF හා XHTML මෙන් ම තවත් රැසකි.

එම පහසුකම් අතර පහත ඒවා ද වේ.

මෙම පහසුකම් අතර වන AutoComplete හා Bibiliographical Reference යන ඒවා පහසුවෙන් පාඨකයා ආකර්ෂණය කර ගන්නා අතර Mail Merge වැනි පහසුකම් Writer 3.0 හිදී අනෙක් Word Processing සඳහා වන මෘදුකාංග තරම් ම නම්‍යශීලී නොවන බව සමහරුන්ගේ අදහසයි.

"https://si.wikipedia.org/w/index.php?title=OpenOffice.org_Writer&oldid=117306" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි