සීසීටීවී නිව්ස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සීසීටීවී නිව්ස්
CCTV News
சிசிடீவி செய்திகள்
CCTV-NEWS.png
දියත්කල දිනය 2000 සැප්තැම්බර් 15
ජාලය China Central Television
අයිතිකරුවෝ China Central Television
ප්‍රචාරණ උද්‍යෝග පාඨය China's First English News Channel
රට  චීනය
භෘෂාව ඉංග්‍රීසි
විකාශන සරිය ලොවපුරා
මූලස්ථානය CCTV Beijing Television Centre Headquarters, Beijing Central Business District, බෙයිජිං, චීනය
පෙරදී හැඳින්වුනේ CCTV-9
වෙබ් අඩවිය CCTV-NEWS
උපයෝජ්‍යතාව
චන්ද්‍රිකා
Astro Malaysia Channel 509
Indovision Indonesia Channel 352
Sky UK & Ireland Channel 510
DirecTV United States Channel 2119
Dish Network United States Channel 279
Nilesat 101 Egypt
Astra 1KR Eastern Europe, Africa and Asia 11651 h SR 27500
SKY Network Television
New Zealand
Channel 310
SKY Italia Italy Channel 530
DStv South Africa Channel 448
Yes (Israel) Israel Channel 111
Galaxy 3C North America 11780 h SR 20.760
Austar Australia Channel 653
Dialog TV  ශ්‍රී ලංකාව Channel 7
Canal Digital Norway & Sweden Free-to-Air
VIS3  ශ්‍රී ලංකාව UHF Channel 29 Free-to-Air
Freesat UK Channel 211
Cignal Digital TV Philippines Channel TBA
කේබල
StarHub TV Singapore Channel 722
SkyCable Platinum Philippines Channel 116 (Digital)
Destiny Cable Philippines Channel 76
Cablelink Philippines Channel 215
TelstraClear
New Zealand
Channel 310
UPC Romania
Romania
Channel 711 (digital with DVR)
Channel 196 (digital)
Hot (Israel) Channel 141
First Media
(Indonesia)
Channel 210
CATV China Channel 9
UPC Netherlands Channel 410
Available on some US cable systems Check Local Listings for channels
අයිපීටීවී
Bell Fibe TV Canada Channel 657 (SD)
Hypp.TV Malaysia Channel 3001
Mio TV Singapore Channel 155
AT&T U-verse United States Channel 3602
SK Telecom B TV South Korea Channel 660
KT QOOK TV South Korea Channel 354
LG U+ South Korea Channel 85
අන්තර්ජාල රූපවාහිනිය
CCTV.com MMS/P2P
CNTV CCTV-NEWS

සීසීටීවී නිව්ස් (CCTV News) පෙර හැඳින්වූවේ CCTV-9 ලෙසයි. චීනයේ බෙයිජිං අගනුවර පදනම් කර ගනිමින් ඇරඹි මෙම ජාත්‍යන්තර නාලිකාව චීන මධ්‍යම රූපවාහිනී ජාලයට (China Central Television) අයත් පැය 24 පුරාම විකාශය වන ඉංග්‍රීසි පුවත් නාලිකාවකි. ලොව පුරා රටවල් 100 කට වැඩි ප්‍රමාණයකට නොමිලේ මෙම නාලිකාව නැරඹිය හැකිය.[1]

ඉතිහාසය[සංස්කරණය]

1979 ජනවාරි 1 දින මුල්ම සීසීටීවී (CCTV) නාලිකාව ආරම්භ විය. පසුව 1984 දී සීසීටීවී-2 (CCTV-2) නාලිකාව යටතේ ඉංග්‍රීසි පුවත් විකාශය ඉදිරිපත් කෙරිණි. 1991 පෙබරවාරියේදී හා අගෝස්තුවේදී විදෙස් රටවල නරඹන්නන් සඳහා සීසීටීවී-4 (CCTV-4) සහ සීසීටීවී-13 (CCTV-13) නාලිකා යටතේ ඉංග්‍රීසි පුවත් ඉදිරිපත් කෙරිණි. පසුව සීසීටීවී-9 නාලිකාව ඔස්සේ පුවත් නොවන තවත් විවිධ වැඩසටහන් සමග ප්‍රවෘත්ති විකාශය ඉදිරිපත් කෙරිණි. නමුත් 2010 අප්‍රියෙල් වලදී සීසීටීවී-9 නාලිකාවේ නම සීසීටීවී නිව්ස් 'CCTV News' ලෙස වෙනස් කොට පැය 24 පුරා විකාශය වන අංග සම්පූර්ණ ඉංග්‍රීසි පුවත් නාලිකාවක් ලෙස ජාත්‍යන්තරයට හඳුන්වා දෙන ලදී.[2]

සීසීටීවී නිව්ස් නාලිකාව සතුව මිලියන 85 ක පමණ ප්‍රේක්ෂක පිරිසක් සිටින බව පැවසෙයි.

අළුත්වැඩියාව[සංස්කරණය]

2010 අප්‍රියෙල් 26 දින CCTV-9 ලෙස එතෙක් හැඳින්වූ නාලිකාවේ නම සීසීටීවී නිව්ස් (CCTV News) ලෙස වෙනස් කරන ලදී.[3] තවද සමහර තිබූ වැඩසටහන් නව මුහුණුවරකින් ඉදිරිපත් කෙරුණු අතර අළුත් වැඩසටහන් කීපයක්ද එකතු කරන ලදී.

2012 ජනවාරි 11 දින කෙන්යාව තුල නයිරෝබි හීදී සීසීටීවී අප්‍රිකා (CCTV Africa) නම් නව ඉංග්‍රීසි නාලිකාවක් අරඹන ලදී.[4] 2012 පෙබරවාරි 6 දිනදී සීසීටීවී අමෙරිකා (CCTV America) නමින් තවත් නව නාලිකාවක් ඇමරිකාව තුල වොෂින්ටන් ඩීසී හිදී ආරම්භ කෙරිණි.[5] වර්ථමානයේ සීසීටීවී නිව්ස් සතුව පුවත් මධ්‍යස්ථාන 3 ක් පවතී. එහි ප්‍රධාන මධ්‍යස්ථානය චීනයේ බීජිං නගරය තුලත්, අනෙක්වා කෙන්යාවේ නයිරෝබී හීත්, ඇමරිකාවේ වොෂිංටන් ඩීසී හීත් පිහිටුවා තිබේ. මීට අමතරව ලොව වටා ස්ථාන 70 ක පමණ පුවත් කාර්යාල පිහිටුවා තිබෙයි.

වැඩසටහන් සම්පාදනය[සංස්කරණය]

සීසීටීවී නිව්ස් සාමාන්‍යයෙන් සෑම පැයකම පාහේ මුල් මිනිත්තු 30 දී පුවත් හා එම සම්බන්ධ ව්‍යාපාරික හෝ කලාපීය තොරතුරු විකාශයක් ඉදිරිපත් කරයි. අවසාන මිනිත්තු 30 තුල විවිධ සංචාරක, ක්‍රීඩා, දේශීය තොරතුරු, සංස්කෘතික වැඩසටහන් ආදිය ඉදිරිපත් කරයි.

වැඩසටහන්

වැඩසටහන විස්තරය
*Asia Today (ඒෂියා ටුඩේ) පුවත් විකාශය
*Biz Asia (බිස් ඒෂියා) ව්‍යාපාරික
*Biz Talk (බිස් ටොල්ක්) ව්‍යාපාරික
*China Insight (චයිනා ඉන්සයිට්) සංවාද
*Centre Stage (සෙන්ටර් ස්ටේජ්)
*China 24 (චයිනා ටුවෙන්ටි ෆෝර්) දේශීය පුවත් විකාශය
*Crossover (ක්‍රොස් ඕවර්)
*Culture Express (කල්චර් එක්ස්ප්‍රස්) සංස්කෘතික පුවත් විකාශය
*Dialogue (ඩයලොග්) සංවාද
*Journeys in Time (ජර්නීස් ඉන් ටයිම්) සංචාරක
*Learn Chinese (ලර්න් චයිනීස්)
*Nature and Science (නේචර් & සයන්ස්) ස්වභාවධර්මය සමග යෙදීම්
*New Money (නිව් මනී) ව්‍යාපාරික
*News Hour (නිවුස් අවර්) පුවත් විකාශය
*News Update (නිව්ස් අප්ඩේට්) පුවත් විකාශය
*Sports Scene (ස්පෝර්ට් සීන්) ක්‍රීඩා පුවත්
*Story Board (සටොරි බෝඩ්)
*Travelogue (ට්‍රැවලොග්) සංචාරක
*UpClose (අප් ක්ලෝස්)
*World Insight (වර්ල්ඩ් ඉන්සයිට්)
*Africa Live (අප්‍රිකා ලයිව්) පුවත් විකාශය
*Faces of Africa (ෆේසස් ඔෆ් අප්‍රිකා)
*Talk Africa (ටෝල්ක් අප්‍රිකා) සංවාද
*Biz Asia America (බිස් ඒෂියා අමෙරිකා) ව්‍යාපාරික සහ පුවත්
*The Heat (ද හීට්) සංවාද
*Americas Now (අමෙරිකාස් නව්) පුවත් විකාශය

සීසීටීවී අප්‍රිකා[සංස්කරණය]

සීසීටීවී අප්‍රිකා (CCTV Africa) යනු මධ්‍යම චීන රූපවාහිනිය විසින් පවත්වාගෙන යන 2012 ජනවාරි 11 දින කෙන්යාවේදී ඇරඹූ ඉංග්‍රීසි උප නාලිකාවකි. අප්‍රිකානු මහද්වීපයේ පුවත් සහ අදහස් කෙරෙහි වැඩි අවධානයක් යොමු කලද ජාත්‍යන්තර පුවත්ද ගෙනහැර දක්වයි. මෙම රූපවාහිනියේ සමහර වැඩසටහන් සීසීටීවී නිව්ස් නාලිකාව තුලද විකාශය වෙයි.


සීසීටීවී අමෙරිකා[සංස්කරණය]

සීසීටීවී අමෙරිකා (CCTV America) යනු මධ්‍යම චීන රූපවාහිනිය විසින් පවත්වාගෙන යන, 2012 පෙබරවාරි 6 දින ඇරඹූ ඉංග්‍රීසි උප නාලිකාවකි. අමෙරිකාවේ වොෂිංටන් ඩීසී (Washington DC) පදනම් කරගත් මෙම නාලිකාව උතුරු සහ දකුණු අමෙරිකාව වෙත මුදා හරියි. අමෙරිකානු සහ චීන මාධ්‍යවේදීහු එක්ව මෙහි සේවය කරති. මෙම රූපවාහිනියේද සමහර වැඩසටහන් සීසීටීවී නිව්ස් නාලිකාව තුල විකාශය කරයි.

සම්මාන[සංස්කරණය]

  • 2010 දී, පුළුල් සහ පැතිරුනු විවිධත්වයෙන් යුත් ගෝලීය තොරතුරු හා අදහස් ගෙනහැර පෑම වෙනුවෙන් ජාතික සම්මාන උළෙලක් වූ Hot Bird TV Awards උළෙලේදී National Window Prize ත්‍යාගයෙන් සීසීටීවී නිව්ස් පිදුම් ලැබීය.[1]

විවේචන[සංස්කරණය]

විවිධ නව්‍යකරණයන් සිදු කලද, සීසීටීවී නාලිකාව චීනය සම්බන්ධ සමහර සංවේදී කරුණු ස්වකීය අභිමතය පරිදි වෙනස් කොට ඉදිරිපත් කරන බවට විවේචන එල්ල වෙයි.[2]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "About The Heat". http://china-screen-news.com/2010/04/the-cctvs-international-news-channel-cctv-9-is-renamed-cctv-news. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2012-05-05. 
  2. "About CCTV News". http://english.cctv.com/english/about/index.shtml. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-08-21. 
  3. CCTV News, Your Link to Asia CCTV Press Release, 26 April 2010
  4. About CCTV Africa CCTV Africa
  5. About CCTV America CCTV America

භාහිර සබැදි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=සීසීටීවී_නිව්ස්&oldid=288989" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි