බෙයිජිං

විකිපීඩියා වෙතින්
චීනය තුළ බෙයිජිං හි පිහිටීම
Beijing

බෙයිජිං යනු උතුරු චීනයේ පිහිටි විශාල නගරයක් වන අතර මෙය මහජන චීන ජනරජයේ අගනුවර ද වේ. මෙය පීකිං යන නමින් ද හඳුන්වනු ලැබේ. මධ්‍යම රජය යටතේ නගර සභාවක් ලෙස පාලනය වන බෙයිජිං, උතුරින්, බටහිරින්, දකුණින් සහ නැගෙනහිර කුඩා කොටසකින් හෙබෙයි පළාතට ද ගිනිකොණින් ටියාංජිං නගරයට ද මායිම් වේ[1]. චීනයේ ඉපැරණි අගනගර හතර අතරින් එකක් ලෙස ද බෙයිජිං සැළකේ.

මහා මාර්ග හා දුම්රිය මාර්ග රාශියක් හරහා වැටී ඇති බෙයිජිං නගරය චීනයේ ප්‍රවාහන සන්ධිස්ථානයකි. චීනයට ඇතුළු වන බොහෝ අන්තර්ජාතික ගුවන් ගමන් පැමිණෙන්නේ ද බෙයිජිං වෙතය. තව ද මහජන චීන ජනරජයේ දේශපාලනික, අධ්‍යාපනික සහ සංස්කෘතික මධ්‍යස්ථානය වශයෙන් බෙයිජිං සැළකේ[2]. ආර්ථික මධ්‍යස්ථාන ලෙස සැළකෙන්නේ ෂැංහයි සහ හොං කොං නගර ය[3][4][5]. 2008 වසරේ ඔලිම්පික් තරග පැවැත්වුණේ ද බෙයිජිං නගරයේය.

"බෙයිජිං" යන්නෙහි තේරුම "උතුරු අගනුවර" යන්නයි. මේ ආකාරයට දිශාවන් මගින් අගනගර නම් කිරීම බොහෝ නැගෙනහිර ආසියානු රටවල සිරිතක් ව පැවතිණි. පීකිං යන නම පසුව චීනයට පැමිණි ප්‍රංශ මිෂනාරීන් විසින් නිර්මාණය කරන ලද්දකි.


මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Basic Information". Beijing Municipal Bureau of Statistics. සම්ප්‍රවේශය 9 February 2008.
  2. "Beijing". The Columbia Encyclopedia (6th edition ed.). 2008. http://www.encyclopedia.com/topic/Beijing.aspx. 
  3. "Hong Kong and Shanghai as Twin Engines for China's Economic Development, says TDC Executive Director". Hong Kong Trade Development Council. 18 December 1996. සම්ප්‍රවේශය 3 October 2008.
  4. "Hong Kong and Shanghai vie to be China's financial center". International Herald Tribune. 15 January 2007. 15 January 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 October 2008.
  5. Bradsher, Keith; Barboza, David (16 January 2007). jxRe7RBZnPxsu4jaitdWgw "Hong Kong and Shanghai Duel for Financial Capital". New York Times. සම්ප්‍රවේශය 3 October 2008. {{cite news}}: Check |url= value (help)
"https://si.wikipedia.org/w/index.php?title=බෙයිජිං&oldid=459724" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි