වයඹ පලාත, ශ්‍රී ලංකාව
| North Western Province වයඹ පළාත வட மேல் மாகாணம் Wayamba Province |
|
|---|---|
| — Province — | |
| Location within Sri Lanka | |
| Country | |
| Created | 1845 |
| Admitted | 14 November 1987 |
| Capital | Kurunegala |
| Largest City | Kurunegala |
| රජය | |
| • Governor | Dharmadasa Wanniarachchi |
| • Chief Minister | Athula Wijesinghe |
| Area | |
| • Total | 7,812 km2 (3,016 sq mi) |
| Area rank | 5th (11.89% of total area) |
| ජනගහණය (2001) | |
| • සම්පූර්ණ | 2,169,892 |
| • Rank | 4th (11.61% of total pop.) |
| • Density | 280/km2 (720/sq mi) |
| Gross Regional Product (2010)[1] | |
| • Total | Rs 495 billion |
| • Rank | 2nd (10.3% of total) |
| වේලා කලාපය | Sri Lanka (UTC+05:30) |
| Official Languages | Sinhala, Tamil |
| Website | priu.gov.lk |
ශ්‍රී ලංකාවේ පළාත් 9න් එකකි.
[සංස්කරණය] ඉතිහාසය
වයඹ පළාතේ ඉතිහාසය ක්‍රි.පූ.161-131 කාලයට අයත් බව තෝනිගල ඇති සෙල් ලිපිය අපට පැහැදිලි කරයි. වයඹ ඉතිහාසය දෙස එබී බලන විට ලංකාද්වීපයේ පැවති අග නගර 06 ක් පිහිටා ඇත්තේ වර්තමානයේ වයඹ පළාතට අයත් ප්‍රදේශයේය.
[සංස්කරණය] දේශපාලනය
1931 වර්ෂයේ පිහිට වු ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් විය. මෙහිදී රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කිරිම සදහා වයඹ පළාත වෙනුවෙන් මන්ත්‍රී ආසන 06 ක් වෙන් විය. ඉන් පසු 1947 දී සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශ මත පිහිට වු ආණ්ඩු ක්‍රමයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය නායිකාව වු මහ රැජිණ නියෝජනය කිරිම සදහා ආණ්ඩුකාරවරයෙකුට බලය පැවරිණි. මේ යටතේ වයඹ පළාතට මැතිවරණ කොට්ඨාස 10 ක් ලබා දුනි. 1948 පෙබරවාරි 04 දින ලංකාවට නිදහස ලැබිමෙන් පසු 1959 මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරිමේ දී වයඹ පළාත සදහා මැතිවරණ කොට්ඨාස 16ක් ද නැවතත් 1978 එය 21 දක්වා ද වැඩි විණි.
1959 දී බ්‍රිතාන්‍ය සමග වූ ආරක්ෂක ගිවිසුම හා විදේශ සම්බන්ධතා ගිවිසුම අහෝසි කිරිම නිසා බ්‍රිතාන්‍ය නාවික කඳවුරු ඉවත් කිරිම වැදගත් ය. 1972 දී ශ්‍රි ලංකාවේ පළමුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් 1978 දී දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් ක්‍රියාත්මක විය.
බලය විමධ්‍යගත කිරිමේ ප්‍රථම උත්සාහය ලෙස 1972 වර්ෂයේ හඳුන්වා දුන් දිස්ත්‍රික් අයවැය ක්‍රමය හා දිසා පාලන අධිකාරි ක්‍රමය හැඳින්විය හැකිය. එම දිසා පාලන අධිකාරිය තව දුරටත් ඉදිරියට ගෙනයමින් 1978 දී දිස්ත්‍රික් අමාත්‍යවරු පත් කළේය. ඒ අනුව දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවනු ලැබීය. මෙහි නියෝජිතයන් මහජන ජන්දයෙත් තෝරා ගන්නා ලදී.
1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1987 වර්ෂයේ 13 වන වරට කරන ලද සංශෝධනයෙන් පළාත් සභා පිහිටුවන ලද්දේය. ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ආණ්ඩුකාරවරයෙකු පත් කිරිම සිදු වු අතර වයඹ පළාත් සභාව සදහා මහජන නියෝජිතයන් 52 කින් යුත් සභාවක් 1988 දී පිහිටු විය. එහි ප්‍රථම ආණ්ඩුකාරවරයා වුයේ ඩී.බී.විජේතුංග මහතාය. ප්‍රථම ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පත් විය.ඉන්පසු යු.එම්.ප්‍රේමචන්ද්‍ර,ආර්.එම්.ආර්.නිමල් බංඩාර, එස්.බී.නාවින්න යන මන්ත්‍රිවරුන් පිළිවෙලින් වයඹ ප්‍රධාන අමාත්‍ය ධුරය හොබවනු ලැබීය. නුතනයේ වයඹ පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස අතුල විජේසිංහ මහතා කටයුතු කරයි. පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයෙකු සිටින අතර කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්ක දෙක සඳහා මධ්‍යම රජයට සම්බන්ධ දිස්ත්‍රික් ලේකම්වරු දෙදෙනෙකු සිටිති.
|
||||||||||
උපන්‍යාස දෝෂය: <ref> ටැග පැවතුණත්, <references/> ටැග සොයාගත නොහැකි විය.