නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
නැගෙනහිර පළාත (දෙමළ: கிழக்கு மாகாணம் කිල්ක්කු මාකානම්, ඉංග්‍රීසි: Eastern Province ඊස්ටර්න් ප්‍රොවින්ස්) යනු ශ්‍රී ලංකාවේ පළාත් 9 අතුරින් එකකි. 1988 සිට 2006 දක්වා උතුරු-නැගෙනහිර පළාත පිහිටුවමින් මෙම පළාත උතුරු පළාත හා සමගින් තාවකාලික ලෙසින් ඒකාබද්ධ කෙරිණි. මෙම පළාතේ අගනගරය ත්‍රිකුණාමලය වෙයි.