ගමනයට පෙර රාවණා නම් පාලකෙයකු සිටි බව ඉන්දියානු රමායන කෘතිය හෙලිකරයි.දැනට අවුරුදු 4375 කට පෙර සිට රාවණා යුගය පැවති
බව රාජාවලියේ විස්තර වේ.
වයඹ පළාතේ ඉතිහාසය ක්‍රි.පූ.161-131 කාලයට අයත් බව තෝනිගල ඇති සෙල් ලිපිය අපට
පැහැදිලි කරයි.වයඹ ඉතිහාසය දෙස එබී බලත විට ශ්‍රි ලංකාවේ පැවති ඉපැරණි රාජධානි අතරින් 06 ක් ම පිහිටා ඇත්තේ වයඹ පළාතේය. එනම්,
01.පඩුවස්නුවර රාජධානිය 02.දඹදෙනිය රාජධානිය 03.කුරුණැගල රාජධානිය 04.යාපහුව රාජධානිය 05.බතලගොඩ රාජධානිය 06.නාථගනේ රාජධානිය යන රාධානිය. මෙම රාජධානි සමය තුල එම කාලයේ පාලකයන් අතින් රටට ආගමික, ආර්ථික , සමාජීය හා ශාස්ත්‍රීය අංශවල සේවාවක්ඉටුකර ඇති බව පෙතේ.
[සංස්කරණය] දේශපාලනය
1931 වර්ෂයේ පිහිට වු ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් විය.මෙහාදි රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කිරිම සදහා වයඹ පළාත වෙනුවෙන් මන්ත්‍රී ආසන 06 ක් වෙන් විය ඉන් පසු 1947 දී සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශ මත පිහිට වු ආණ්ඩු ක්‍රමයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය නායිකාව වු මහ රැජිණ නියෝජනය කිරිම සදහා ආණ්ඩුකාර වරයෙකුය බලය පැවරිණි.මේ යටතේ වයඹ පළාතට මැතිවරණ කොට්ඨාශ 10 ක් ලබා දුනි.1948 පෙබවාරි 04 දින ලංකාවට නිදහස ලැබිමෙන් පසු 1959 මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරිමේදී වයඹ පළාත සදහා මැතිවරණ කොට්ඨාශ 16ක් ද නැවතත් 1978 එය 21 දක්වා ද වැඩි විණි.
1959 දී බ්‍රිතාන්‍යය සමග වු ආරක්ෂක ගිවිසුම හා විදේශ සම්බන්ධතා ගිවිසුම අහෝසි කිරිම නිසා බ්‍රිතාන්‍ය නාවික කදවුරු ඉවත් කිරිම වැදගත් ය.1972 දී ශ්‍රි ලංකාවේ පළමුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් 1978 දී දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් ක්‍රියාත්මක විය.
බලය විමධ්‍යගත කිරිමේ ප්‍රථම උත්සහය ලෙස 1972 වර්ෂයේ හදුන්වා දුන් දිස්ත්‍රික් අයවැය ක්‍රමය හා දිසා පාලන අධිකාරි ක්‍රමය හැදින්විය හැකිය. එම දිසා පාලන අධිකාරිය තව දුරටත් ඉදිරියට ගෙනය මින් 1978 දී දිස්ත්‍රික් අමාත්‍යවරු පත් කළේය.ඒ අනුව දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවනු ලැබීය.මෙහි නියෝජිතයන් මහජන ජන්දයෙත් තෝරා ගන්නා ලදී.