මෞර්ය අධිරාජ්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
मौर्यसाम्राज्यम् (Sanskrit)
මෞර්ය අධිරාජ්‍යය
Nanda Empire.gif
 
Magadha.GIF
ක්‍රි.පූ. 322–ක්‍රි.පූ. 185 Kharavela-Kingdom.GIF
 
Sunga-Border.jpg
 
SatavahanaMap.jpg
 
Indo-ScythiansMap.jpg
Location of මෞර්ය අධිරාජ්‍යය
මයුර අධිරාජ්‍ය එහි විශාලතම ව්‍යාප්තිය යටතේ දි
Capital පාටලීපුත්‍ර (වර්තමාන කාලයේදී පැට්නා)
Language(s) Old Indic Languages (e.g. Magadhi Prakrit, Other Prakrits, Sanskrit)
Religion හින්දු ආගම
බුද්ධාගම
ජෛනාගම
ආජිවක
Government අර්ථශාස්ත්‍රහී විස්තර කෙරෙන පරිදී පූර්ණ රාජාණ්ඩුව
සම්රාට් (අධිරාජයා)
 - 320–298 BCE චන්ද්‍රගුප්ත මෞර්ය
 - 298–272 BCE බිංදුසාර
 - 268–232 BCE අශෝක
 - 232–224 BCE Dasaratha Maurya
 - 224–215 BCE Samprati
 - 215–202 BCE Salisuka Maurya
Historical era පුරාතනය
 - Established ක්‍රි.පූ. 322
 - Disestablished ක්‍රි.පූ. 185
Area 5,000,000 km2 (1,930,511 sq mi)
Currency පනම්
Today part of  ඉන්දියාව
 ඇෆ්ගනිස්තානය
 බංග්ලාදේශය
 භූතානය
 ඉරානය
 නේපාලය
 පකිස්තානය
මෞර්ය අධිරාජ්‍යය සමයෙහි සොයා ගැනුණු වක්‍රකාර ගලක්

මෞර්ය අධිරාජ්‍යය යනු පුරාතන ඉන්දියාවේ යකඩ යුගයේ පැවැති, භූගෝලීය වශයෙන් අතිමහත් ප්‍රදේශයක පැතිර පැවැති ඓතිහාසික බලවතෙක් වූ අතර එය මෞර්ය රාජ වංශය විසින් ක්‍රිපූ 321 සිට 185 දක්වා පාලන කෙරිණි.

මගධ රාජ්‍යයය (වර්තමාන බිහාර් හා බෙන්ගාල ප්‍රදේශ ), ඉන්දු ගංඟා නිම්නයෙන් පටන්ගෙන උප මහද්වීපයේ නැගෙනහිර ප්‍රදේශය පැවතිනි. එහි අග නුවර වූයේ පාඨලී පුත්‍ර (වර්තමානයේ පැට්නා ) නගරයයි. මෙම අධිරජ්‍යයයේ ආරම්භකයා වන්නේ චන්ද්‍ර ගුප්ත මෞර්ය වංශිකයායි.ඔහු නන්ද රාජ වංශය පරාජය කර මධ්‍යම හා දකුණු ඉන්දියාව හරහා ඔහුගේ බලය බටහිර දෙසට පතුරුවාගනු ලැබීය.ඔහු මෙහිදී දේශීය බලතල කඩා බිඳ දැමීය. ක්‍රි.පූ. 316 වන විට වයඹ දිග ඉන්දියාවේ සම්පූර්ණයෙන්ම මෙම අධිරාජ්‍යයයට අයත් විය.එය මහා ඇලෙක්සැන්ඩර් ගෙන් පසුව ප්‍රාදේශීය රාජ්‍ය යටත් කර ගැනීම වේ.

මෞර්ය අධිරාජ්‍යය උතුරින් ස්වාභාවික දේශ සීමාවක් වන හිමාලය දක්වාද, නැගෙනහිරින් ඇසෑමය දක්වාද පැතිරී පැවතිනි.බටහිරින් වර්ථමාන පාකිස්ථානයද, ඇෆ්ගනිස්ථානයේ වැදගත් ප්‍රදේශ වන හේරාට් සහ කන්දහාර් පළාත්ද ,ඉරානයට අයත් සිස්තාන් සහ බලුකිස්ථාන් යන පළාත්ද වීය.බින්දුසාර අධිරාජ්‍යයා විසින් තම අධිරාජ්‍යය මධ්‍යම සහ දකුණු දිග ඉන්දීය ප්‍රදේශ කරාද පැතිරවීය.නමුත් ගවේෂණය නොකරන ලද කුඩා ගෝත්‍රික ප්‍රදේශ සහ කැලෑ බද ප්‍රදේශයක් වන කාලිංගය මීට අයත් නොවීය. මෞර්ය අධිරාජ්‍යය ඉන්දියානු උප මහාද්වීපයේ පැවති විශාලම අධිරාජ්‍යය ලෙස සැළකේ.මෞර්ය රාජ වංශයේ විනාශ වීම ආරම්භ වූයේ අශෝක අධිරාජ්‍යයාගේ අවෑමෙන් වසර 50 ක් පමන ඉක්මවූ පසුවයි.ඉන්පසු මගධයේ බලයට පත් වන්නේ සුන්ග රාජ වංශයයි.

චන්ද්‍ර ගුප්ත කාලයේ ,මෞර්ය අධිරාජ්‍යය ඉන්දියාවෙන් එතෙර මැසිඩෝනියානු නීතිය යටතේ පවතින ප්‍රදේශ ද අයත් කර ගන්නා ලදී. චන්ද්‍ර ගුප්තගේ ආක්‍රමණයෙන් ඇලෙක්සැන්ඩර්ගේ හමුදා ජනරාල්වරයකු වන සෙලියුකස් ප්‍රමුඛ හමුදාව විනාශ විය. චන්ද්‍ර ගුප්ත කාලයේ දේශිය සහ විදේශීය වෙළඳාම ,කෘෂි කර්මය සහ ආර්ථික කටයුතු යන තුන් අංශයන්ගෙන්ම සංවර්ධනයට පත් විය.කාලිංඝ යුද්ධයෙන් පසු ලද අත්දැකීම් හේතුවෙන් අශෝක අධිරාජ්‍යයා යටතේ අඩ සියවසක කාලයක් පමණ සාමකාමී සහ ආරක්ෂිතව පැවතුනි.ඉන්දියාවේ පැවති සෞභාග්‍යමත් හා ස්ථාවර අධිරාජ්‍යය සතුව පැවති ශක්තිමත් ආර්ථික සහ යුධමය ශක්තිය හේතුවෙන් ඔවුන්ගේ දේශපාලන මත හා වෙළඳාම බටහිර හා මධ්‍යම ආසියාව ද ,යුරෝපය දක්වාද පැතුරුනි.

පටුන

ආදි ඉතිහාසය[සංස්කරණය]

චාණක්‍ය සහ චන්ද්‍රගුප්ත මෞර්යය[සංස්කරණය]

මගධය යටත් කර ගැනුම[සංස්කරණය]

චානක්‍ය බමුණා විසින් චන්ද්‍රගුප්තව හා ඔහුගේ හමුදාව දිරිමත් කරනු ලැබුවේය. ඒ මගධයේ සිහසුන ලබාගැනීමටය. ඔහුගේ බුද්ධි ජාලය අනුව කටයුතු මෙහෙයවීමෙන් චන්ද්‍රගුප්ත, මගධයේ හා අනෙක් ප්‍රදේශවල බොහෝ තරුණයන් එක් රැස් කිරීමට සමත් විය. එම බොහෝ දෙනා සිත්තැවුලෙන් පසුවුයේ පාලක ධනා රජුගේ නීති නිසාවෙනි. මෙම මිනිසුන් සැදුම් ලද්දේ ‍තක්ෂිලා නුවර චානක්‍යගේ සිසුපිරිස කාකයේ පෝරස් රජුගේ නියෝජිතයන්, ඔහු‍ගේ පුත් මලේකෙටු හා කුඩා රාජ්‍ය වල නීති සම්පාදකයාගෙනි.

පාඨලිපුර ආක්‍රමණයට සුදානම් වෙමින් මෞර්යයා රහසේම සැලසුම් සකස් කළේය. බල ඇණියට නියෝග ලැබීමත් සමඟ මගධ හමුදා නගරයෙන් එළියට ඇඳ දමා ඔවුන් මෞරයාගේ හමුදා බල ඇණි දෙකකට මැදි කිරීම එම සැලසුම විය. මේ සියල්ල අතර මෞරයාගේ ජෙනරාල් නන්දාගේ ජෙනරාල් ට අල්ලස් දුන්නේය. ඔහු රාජධානියේ සිවිල් යුද්ධයක් ඇති කළේය. ඒ අතර සිහසුන හිමිකරුවාට දීමට අවශ්‍ය සැලසුම් සකස් විණි.

චානක්‍යට අවස්ථානුකූලව ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවිය. මුලිකව නන්දා ඉල්ලා අස් වුයේ චන්ද්‍රගුප්තට බලය පවරමිනි. ඉල්ලා අස්වූ නන්දා ඉන්පසුව දක්නට නොලැබිණි. රක්ෂසා චානක්‍යයේ හේතු පිළිගත්තේය. රක්ෂසා චන්ද්‍රගුප්තයේ ප්‍රධාන සංස්කාරකයා ලෙසත්, චානක්‍ය උසස් නිලයකට පත් කිරීමත් චන්ද්‍රගුප්ත බලයට පත් වහාම සිදු විය.

චන්ද්‍රගුප්ත මෞර්යය[සංස්කරණය]

බින්දුසාර[සංස්කරණය]

රාජ්‍ය කාලය ක්‍රි.පු. 298 – 272
උපත ක්‍රි.පු. 320
විපත ක්‍රි.පු. 272
පූර්වකයා චන්ද්‍ර‍ගුප්ත මෞර්ය
අනුප්‍රාප්තිකයා මහා අශෝක
රාජකීය පෙළපත මෞර්ය රජ පෙළපත
පියා චන්ද්‍ර ගුප්ත මෞර්ය
මව දුර්ධාරා

මහා චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ පසු දෙවන මෞර්ය අධිරාජ්‍යා වුයේ බින්දුසාරයි. ඔහුගේ රාජ්‍ය කාලය තුළ අධිරාජ්‍යය දකුණු දිගින් පුළුල් විය. ඔහුගේ පුතුන් දෙදෙනා වූ සුසිම සහ අශෝක, තක්ෂිලා සහ උජෙයින් හි යාපා ‍පදවි දැරූහ. ග්‍රීක්වරු ඔහුව අමිට්‍රොකේටිස් මෝ අලි‍ට්‍රොකේඩිස් ලෙස හැඳින්වුහ. ඒවා සංස්කෘත භාෂාවේ එන අම්ත්‍රඝාත (සතුරන්ගේ මාරයා) යන්නේ ග්‍රීක පරිවර්තනයන් ය. එමෙන්ම ඔහු අජාසත්ත (සතුරන් නැති මිනිසා) යන සංස්කෘත නමින් ද හැඳින්වීය.

මහා අශෝක[සංස්කරණය]

පරිපාලනය[සංස්කරණය]

පාටලීපුත්‍ර රාජධානිය මුල්කර ගත් මෞර්ය අධිරාජ්‍යය එකල පලාත් 4 කට බෙදී පැවතිණි. පුරාවෘත්තවල සඳහන් වන පරිදි එම පළාත් 4 උදේනි, ස්වර්ණගිරි, කෝසල හා තක්ෂිලා යන අගනුවරවල් කේන්ද්‍රකරගෙන පාලනය විණි.

කෞටිල්‍ය පඩිවරයා විසින් රචිත "අර්ථශාස්ත්‍රයෙහි” සඳහන් වන පරිදි මෙකල මෞර්ය අධිරාජ්‍යයාගේ පාලනය ඒකාධිපතිවාදී ස්වරූපයක් පෙන්නුම් කළේය.

මෞර්ය අධිරාජ්‍යයා සතුව පැවති බලසම්පන්න හමුදාව එහි පුළුල් ව්‍යාප්තිය සඳහා මහත් රුකුලක් වුණි. මෙගස්තිනිස් නම් ග්‍රීක ජාතික දේශාටකයාගේ වාර්තාවන්ට අනුව මෙම හමුදාව 600,000 පමණ වූ භට පිරිසකගෙන්ද, 30 000 පමණ වූ යුධ අශ්වයින්ගෙන් ද, 9000 පමණ වූ යුධ ඇතුන්ගෙන් ද සමන්විත වූ අතර මුළු අධිරාජ්‍යයම ආවරණය වන පරිදි පැවති පුළුල් ඔත්තු සේවා ජාලයක්ද එකල ක්‍රියාත්මක විය.

මෙතරම් ශක්තිමත් ආරක්ෂක හමුදාවක් සතුවු අශෝක අධිරාජ්‍යයා තම අධිරාජ්‍යය විහිදී තිබුණු බටහිර හා දකුණු ආසියාවේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරත්වය වෙනුවෙන් කැපවී කටයුතු කර ඇති බව ඉතිහාසය පෙන්වා දෙයි.


ආර්ථිකය[සංස්කරණය]

මෞර්ය අධිරාජ්‍යය සමයේ භාවිතයට ගැනුණු කාසියක්

මෞර්ය අධිරාජ්‍ය සමයේ පළමු වරට දකුණු ආසියාවේ දේශපාලන පක්ෂ සහ ආරක්ෂක හමුදා විසින් වැඩි දියුණු කරන ලද ගණුදෙනු හා වෙළෙදාම් ක්‍රමයකට සහ ආර්ථික සැලැස්මකට අවස්ථාව ලබාදුණි. මෙම සංකල්පය නිසා සිය ගණනක් රාජධානි,කුඩා භට කාණ්ඩ විශාල ප්‍රමාණයකට,ශක්ති සම්පන්න ග්‍රාම සමුහයක නායකයන්ට,මාරාත්මක යුධ හමුදා වලට සාමුහික අවසරයක් ලැබී තිබේ. ප්‍රාදේශීය රජවරු විසින් අය බදු හා ධාන්‍ය එකතු කිරීම නිසා ගොවීන් පීඩාවට පත් වී තිබුණු ක්‍රමය වෙනුවට, අර්ථ ශ්‍රාස්ත්‍රය මූලික කරගත්, ඍජු නමුත් ජනතාවට පහසු ජාතික බදු ක්‍රමයක් ඇති කරවීය. චන්ද්‍ර ගුප්ත මෞර්ය රජ විසින් ඉන්දියාව තුළ තනි මුදල් ඒකකයක් ඇති කිරීම සහ ග්‍රාමීය නායකයින්,ප්‍රභූන්, ගොවීන් හා ව්‍යාපාරිකයින් අතර පුළුල් සම්බන්ධතාවක් ගොඩ නඟන ලදී. මෞර්යයන් විසින් ප්‍රාදේශිකව බලය පතුරුවාගෙන සිටි මංකොල්ල කණ්ඩායම්,පෞද්ගලික හමුදා සහ බල සම්පන්න ප්‍රාදේශීය නායකයින් පරාජයට පත් කරනු ලැබීය.මෞර්යයන් අය බදුවලින් ලැබුණු ආදායම පොදු කටයුතු සහ නිෂ්පාදන වැඩි කිරීමට අදාළ ජල මාර්ග ඉදි කිරීම පිණිස යෙදවීය.

ඉන්දු-ග්‍රීක සහයෝගීතා සංග්‍රහය යටතේ සහ අශෝක අධිරාජ්‍ය සමයේ ජාත්‍යන්තර වෙළෙඳ සහයෝගීතාව වර්ධනය විය.පාකිස්ථානයේ හා ඇෆ්ගනිස්ථානයේ වර්තමාන දේශ සීමාව වන "කයිබර් පාස්" අවට රටවල් සමග ආර්ථික සම්බන්ධතා වලට ඉතා වැදගත් තොටුපලක් විය. ග්‍රීක රාජධානි සහ බටහිර ආසියාවේ හෙලනික රාජ්‍යයන් ඉන්දියාවේ ඉතා වැදගත් කොටස්කරුවන් විය.මැලේ අර්ධද්වීපය හරහා නිරිතදිග ආසියාවටද වෙළෙඳාම ව්‍යාප්ත විය.ඉන්දියාවේ අපනයන ද්‍රව්‍ය අතර සේද ,රෙදිපිළි ,කුළු බඩු සහ විදේශීය ආහාර අඩංගු විය.යුරෝපය හා බටහිර ආසියාවට විද්‍යා දැනුම සහ තාක්ෂණය බෙදා හැරීම නිසා අධිරාජ්‍යය තව තවත් පොහොසත් විය. අශෝක අධිරාජ්‍යයා විසින් දහස් ගණන් මාර්ග, ජල මාර්ග, ඇළ මාර්ග,විවේකගාර සහ තවත් පොදු කටයුතු විශාල ප්‍රමාණයක් කරවන ලදී.මෙසේ පහසුකම් ඇති කිරීම නිසා අධිරාජ්‍යයේ නිෂ්පාදන සහ ආර්ථික අංශ වැඩි දියුණු විය.

ආගම[සංස්කරණය]

හින්දු ආගම[සංස්කරණය]

තමා බුදු දහම වැළඳ ගත්තද අශෝක අධිරාජ්‍යයා තම රාජ්‍යය සභාවට හින්දු පූජකයන්ද සහභාගී කර ගත්තේය. ඔහු ආගමික නිදහස සහ ඉවසීම තම පාලනය තුළ පවත්වා ගැනීම නිසා බුදුදහම පුළුල් පෙදෙසක පැතිරිණි. ඉන්දීය සමාජය අවිහිංසා දර්ශනය වැළඳගත් අතර රාජ්‍යයේ දූෂණ හා අක්‍රමිකතා විශාල ලෙස අඩුවිය.බුදු දහමින් කුල ක්‍රමය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ හින්දු දහමට, ජෛන හා බෞද්ධ ඉගැන්වීම් උරා ගැනීමක් සිදුවිය.ඒ අයුරින් අශෝක රාජ්‍ය සමයේ සාමය,සෞභාගය සපිරි යුගයක් උදාවිණි. මෙනිසා සමාජ නිදහස ක්‍රමයෙන් වැඩිදියුණු විය.

බුද්ධාගම[සංස්කරණය]

අශෝක රජ සමයේදී බුදුදහමේ ව්‍යාප්තිය (ක්‍රි.ව.260–218)

නමුත් කාලිංග යුද්ධයෙන් පසු අශෝක අධිරාජ්‍යයා බුදුදහම වැළඳ ගැනීමත් සමඟ ඔහු කුරිරු රාජ්‍යය පාලන ක්‍රම හා ආර්ථික ක්‍රමවේද බැහැර කරන ලදී. අශෝක අධිරාජ්‍යයා විසින් තම පුත්‍රයා සහ දියණිය යටතේ ධර්මදූත පිරිස් ශ්‍රී ලංකාවට එවන ලදී. ලංකාවේ රාජ්‍යත්වය හෙබවූ දේවානම්පියතිස්ස රජු විසින් බුදුදහම කෙරෙහි පැහැදී බුදුදහම වැළඳගත් අතර එයට රාජ්‍යය අනුග්‍රහයද ලබාදෙන ලදී. අශෝක රජු මෙවැනි ධර්මදූත පිරිස් බටහිර ආසියාව, ග්‍රීසිය සහ ගිණිකොණ ආසියාවටද යවන ලද අතර දඹදිව පුරා බෞද්ධ පන්සල් පිරිවෙන් පිහිටවමින් බුදුදහම අධිරාජ්‍යය පුරා පැතිරවීය.ඔහු ඉන්දියාව පුරා ස්ථුප 84000 ක් පමණ ඉදිකළ බවට විශ්වාස කෙරේ. එමෙන්ම ඔහු විසින් ඇෆ්ගනිස්ථානයේද බෞද්ධ ජනගහණය වැඩිකරන්නට කටයුතු කරන ලදී. අශෝක රජු බුදුදහම පැතිරවීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තෙවැනි බෞද්ධ ධර්ම සංගායනාව තම අගනුවර දී පැවැත්වූ බවද කියවේ.

ජෛනාගම[සංස්කරණය]

බෞද්ධ දාගැබක්, මෞරය අධිරාජ්‍යය

ඉතා උසස් මට්ටමින් ආගමික පරිවර්තනයක් දියත් කළ පළමු ඉන්දීය අධිරාජ්‍යයා චන්ද්‍රගුප්ත මෞර්ය විය.එකල රාජ සභාවේ සිටි හින්දු පූජකයන් විසින් පිළිකුල් කළ ආගමික ඉගැන්වීමක් ජෛන ආගම චන්ද්‍ර ගුප්ත අධිරාජ්‍යයා විසින් වැළඳ ගැනීමත් සමඟ මෙය සිදුවිය. වියපත් වීමත් සමඟ චන්ද්‍රගුප්ත රජු තම රජකම සහ රාජ්‍යය පවරා දී ජෛන පූජකයන් සමඟ එක් විය.පසු කලෙක ඔහු ආචාර්ය හද්‍රබාහුගේ ශිෂ්‍යයෙකු බවට පත්විය. ඔහු තම අවසන් දින කිහිපයකදී ආත්මය පාරිශුද්ධ කරන්නා වු ජෛන පිළිවෙතක් අනුගමනය කරමින් කර්ණාටක ප්‍රාන්තයේ බේලගොල ආශ්‍රමයේ විසු බවට තොරතුරු සඳහන් වෙයි. කෙසේ වෙතත් චන්ද්‍රගුප්ත විටක ආචාර්ය බද්‍රබාහු පිළිපදින කෙනෙක් විය.ඒ අනුව අවසාන කාලයේ දී ඔහු විසින් ජෛන ආගමේ සන්තාර නැමැති දේ පිළිපදින ලදි. එනම් වේගයෙන් මරණය කරා එළඹීමයි.කෙසේ වුවත් ඔහුගේ අනුප්‍රාප්තිකයා වන බින්දුසාර අධිරාජ්‍යයා ආජිවක කෙනෙක් විය.එමගින් ඔහු ජෛන ආගමෙන් හා බුදු දහමෙන් දුරස් කර තැබීය. ඔහුගේ අනුගාමිකයා වු බින්දුසාර රජු හින්දු පිළිවෙත් ආරක්ෂා කරන ලද අතර ජෛන ආගමෙන් හා බුදුදහමෙන් ඈත්ව සිටියේය. අ‍ශෝක රජුගේ මුණුබුරා වන සාම්ප්‍රතිද,ජෛන ආගම වැළදගත්තේය. ඊට හේතු වූයේ සම්රත් සාම්ප්‍රතිහට ජෛන භික්ෂුවක් විසින් උගැන්වීම් කටයුතු සිදු කිරීමයි. තවද ඔහු විසින් ඉන්දියාව පුරා ජෛන පන්සල් 125,000 පමණ හදා ඇති බවට සලකනු ලැබේ. ඒවායේ ඇතැම් නටබුන් අදටත් අහෙමෙඩ්ටබාඩ්, වීරගම්, උජෙන් සහ ලිටාන් නැමති නගර අවටින් දැකිය හැකිය.

සාම්ප්‍රති විසින් මෙම ජෛන ආගම ව්‍යාප්ත කිරීම වෙනුවෙන් දූත කණ්ඩායම් ග්‍රීසියට, පර්සියාවේ මධ්‍යම හා නැගෙනහිර ප්‍රදේශවලටද යැවුහ. නමුත් අදටත් කිසිදු පර්යේෂණයක් ඒ පිළිබඳව සිදු වී නැත. කෙසේ වුවත් ජෛන ආගම මෞර්ය නීතියට අනුව ප්‍රධාන ආගමක් බවට පත්විණි. චන්ද්‍රගුප්ත හා සාම්ප්‍රති ඔවුනගේ පාලන සමය තුළදී දකුණු ඉන්දියාවේ ජෛන ආගම ප්‍රචලිත කිරීමට ඉදිකළ ජෛන පන්සල් සහ ජෛන දේවස්ථාන ගණන ලක්ෂ සංඛ්‍යාත විය‍. නමුත් ජෛන ආගමට ප්‍රතිපක්ෂව නැගී ආ ආගම් සඳහා යෙදවූ මුල්‍ය ප්‍රතිපාදන හිගය නිසා ශන්කරචර්යා හා රාමනුජචර්යා නැඟ ඒමත් සමඟ ජෛන ආගමද පසු බෑමට ලක්විණි.

වාස්තු විද්‍යාත්මක නටබුන්[සංස්කරණය]

මෞර්ය සමයේ වාස්තු විද්‍යාත්මක නෂ්ටාවශේෂ ඇත්තේ කිහිපයක් පමණි. පැට්නා ආසන්නයේ කුම්රහාර්වල මිටර් 10 ක් පමණ උස කුළුනු 80 ක් සහිත බුහුටැම්පායක නෂ්ටාවශේෂ හමු වී ඇත. එය එම නගරයේ මෞර්ය පාලනය හා සම්බන්ධව පැවති ඉතා ස්වල්ප භූමි භාගයක් අතරින් එකක් වේ. එහි ශෛලිය පර්සියානු ආකිමිනියානු ගෘහ නිර්මාණ ශිල්පය සිහිකරවයි.

බරබාර්හි ගුහාවන්, විශේෂයෙන් ලෝමාස් රිජ් ගුහාවෙහි සැරසිලි කල ඉදිරිපස මෞර්ය ගෘහ නිර්මාණ ශිල්පයේ තවත් උදාහරණ වෙයි. මේවා මෞ්යයන් විසින් අජි විාස් හි බෞද්ධ නිකායකට පුජා කරනු ලැබිනි.

මෞර්ය ගෘහ නිර්මාණ ශිල්පයේ ඉතාමත් පෘථුල ලෙස පැතිරුණු උදාහරණයක් නුයේ අශෝකාහි කුළුණුය. ඒවා විශිෂ්ඨ ලෙස සරසනු ලැබු අතර ඉන් 40 කට වැඩි සංඛ්‍යාවක් උප මහාද්විපය පුරා පැතිරි ඇත.

මෞර්ය සමයෙහි ස්වභාවික ඉතිහාසය[සංස්කරණය]

මෞර්ය රාජවංශය සමය වන විට සත්ව සංරක්ෂණය ඉන්දියාවේ බරපතල රාජකාරියක් වී පැවතිනි. ඉන්දියාවේ එක්සත් දේශපාලන ඒකකයක් සැපයු ප‍්‍රථම අධිරාජ්‍යය ලෙස මෞර්යයන් විසින් වනාන්තර, රටවැසියන් සහ පොදුවේ සත්්වයින් වෙත දක්වන ලද ආකල්පය සැලකිය යුතු වේ.


මෞර්යයන් ප‍්‍රථමයෙන් වනාන්තර දෙස බැලූවේ සම්පතක් වශයෙනි. ඔවුනට ඉතාමත් වැදගත් නිෂ්පාිතය වුයේ හස්තියාය. ඒ කාලයේ දී යුද බලය රදා පැවතියේ අශ්වයන් හා මිනිසුන් මත පමණක් නොව යුද හස්තීන් ද මතය. පන්ජාබ් හි ඇලෙක්සැන්ඩර්ගේ ආණ්ඩුකාරවරයා වු සෙලියුකස්ගේ පරාජය කෙරෙහි එම කරුණු බලපෑවේය. ලාභදායී වු නිසාත් අල්ලාගෙන හීලෑකොට පුහුණු කිරිමට ගතවුයේ අඩු කාලයක් නිසාත් මෞර්යයන් හස්තීන්ගෙන් සැපයුම ආරක්ෂා කිරිමට කටයුතු කළේය. කෞටිල්‍යගේ අර්ථ ශාස්ත‍්‍ර ග‍්‍රන්ථය පැරණි රාජ්‍ය තන්ත‍්‍රය පිළිබද උපදේශ වාක්‍ය පමණක් නොව හස්තින් ගැවනෙ වනාන්තර ආරක්ෂා කරන්නන් වැනි නිලධාරින්ගේ වගකීම් ගැන ද පැහැදිලිව සදහන් කරයි.

ඔහු වනය මායිමෙන් හස්තින් සදහා වන ආරක්ෂක නිලධාරින් විසින් රැුකවල් යොදු වනයක් පිහිටුවිය යුතුය. වන පාලකයා විසින් ආරක්කයින්ගේ ද සහාය ඇති කදුවල, ගංගා හා විල් දිගේ මෙන්ම මඩ වගුරුවල ගැවසෙන හස්තින් ආරක්ෂා කළ යුතුය. හස්තීන් ඝාතනය කරන ඕනෑම කෙනෙක් ඔවුන් විසින් මරා දැමිය යුතුය.

මෞර්යයන් දැව සැපයුම සහ නම් සදහා සිංහයන් සහ කොටියක් සැපයුම ද වෙනුවෙන් වෙන් වෙන් වනාන්තර නම් කළහ. ඉන් ඔබ්බට ගොස් සත්ව ආරක්ෂකා විසින් තණබිම්හි ගැවසෙන ගවයින්ට ආරක්ෂාව සැලසිම සදහා හොරුන්, කොටියන් සහ අනෙකුත් ගොදුරු සොයන සතුන් වැනසීමට ද කටයුතු කළේය.

මෞර්යයන් යුද්ධෝපාය හෝ ආර්ථික කරුණු සම්බන්ධයෙන් සිාවන් හා පාලන පියවරයන් ද පැනවුහ. ඔවුහු සියළුම කැලෑ ග්‍රෝති‍්‍රකයන් සැක කල අතර ඔවුහු පගා දිනේ හෝ දේශපාලන වශයෙන් යටපත් කිරිම මගින් පාලනයට නතු කර ගත්හ. ඔවුහු ආහාර රැස් කරනනන් හෝ ආරක්ෂකයින් වැන්නවුන් මායිම්වලට රැකවලට ද සතුනට උගුල් ඇටවීමට ද යොදාගත්හ. යම් යම් අවස්ථාවන්හිදි ආතතින් සහ භේද සහිත වුව ද එම සම්බන්ධතාවන් සිය විශාල අධිරාජ්‍යය රැක ගැනීමට මෞර්යයට ඉඩ සැලසිය.

සිය පාලන සමයේ අවසාන අවධියේ අශෝක බුද්ධාගම වැළද ගත් පසු සත්වයින්ට ආරක්ෂාව සැලසිම සහ රාජකිය දඩයම අත්හැරිම වැනි තම පාලන විලාශයේ වැදගත් වෙනස්කම් හදුන්වා දුන්නේය. වන ජිවින්ට ආරක්ෂාමය පියවරයෙන් හදුන්වාදුන් ඉතිහාසයේ ප‍්‍රථම පාලකයා ඔහු විය හැකිය. ඒ පිළිබදව ශිලා ලිපිවල නියෝගයන් ද කෙටුම් කර තිබිණි. සත්ව ඝාතනය අත්හැරිම පිළිබද රජුගේ අදර්ශය බොහෝ දෙනා විසින් අනුගමනය කළ බව මෙම ලිපිවලින් කියැවිනි. එක ප‍්‍රකාශයක මෙසේ සදහන්ය. ‘‘අපගේ රජු ඝාතනය කළේ ඉතා සුළු සතුන් සංඛ්‍යාකි’’-පස්වැනි කුළුනේ ආඥාව

කෙසේ වුව ද අශෝකගේ ආඥාවන්ගෙන් සත්‍ය සිදුවිම්වලට වඩා පාලකයනු්ගේ අභිමතයන් පිළිබිඹු වේ. රාජකීය අභය භූමිවල මුන් දඩයම් කිරිම පිළිබද දඩය පනා (කාසි* 100 ක් ලෙස සදහන් කර තිබිම මෙ නිති කඩන්නන් සිටි බවට සාක්ෂි වේ. පොදු ජනයා විසින් නිදහසේ ක‍්‍රියාවට නැගු කැලෑවල දඩයම් කිරිම, ගස් කැපිම, මාළු ඇල්ලීම සහ ගිනි තැබිම වැනි පුරුදු නිතිමය සිාන් හා ගැටිනි.

හෙලනිස්තික ලෝකය සමග සබදතා[සංස්කරණය]

මෞර්ය මූර්තියක්, BCE දෙවන සියවස

අධිරාජ්‍යයට අඩිතාලම දැමීම[සංස්කරණය]

හෙලනිස්තික ලෝකය සමග සබඳතා ආරම්භ වන්න‍ට ඇත්තේ මෞර්ය අධිරාජ්‍යයේ ආරම්භයත් සමගය. චන්ද්‍ර ගුප්ත මෞර්ය අදිරාජ්‍යයා විසින් වයඹ දිග ප්‍රදේශයේ තක්ෂිලා ප්‍රදේශයේදී අලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා හමුවූ බව ප්ලුටාච් (Plutarch) වාර්තා කරයි.

“ඇන්ඩ්‍රෝකොටස් (Androcottus) ඔහුගේ තරුණ අවධියේදී ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා දක්නා ලද අතර අප දැනගත් පරිදි, පසුව ඇලෙක්සැන්ඩර් විසින් ඔහුව රටේ නායකයා බවට පත්කිරීමෙන් යාන්තමින් ගිලිහි ගිය බව ඔහු නිතරම පවසා ඇත. එයට ‍හේතුව වුයේ ඔහුගේ වටපිටාව හා අඩු උපත රජතුමා විසින් ප්‍රතික්ෂේප කිරීම හා අවමන් කිරීමයි.” ප්ලුටාච් 62 – 3

වයඹ යළි-අත්පත් කර ගැනුම (ක්‍රිපූයු 310 පමණ)[සංස්කරණය]

චන්ද්‍ර ගුප්ත මෞර්ය විසින් ග්‍රීක ජාතිකයන් විසින් කලින් පාලනය කරන ලද වයඹ දිග ඉන්දියාව නැවත තම පාලනයට යටත් කර ගන්නා ලදී. එහිදි ඔහු විසින් ඇලෙක්සැන්ඩර්ට පසුව එම ප්‍රදේශයේ ඉතිරි වු මාණ්ඩලිකයන්ට එරෙහිව සටන් කළ අතර ඔවුන් අතර 317BCE දි මිය යන තෙක් බටහිර පංජාබය පාලනය කළ ඉයුඩිමස් (Eudemus) හෝ 316BCE දී බැබිලෝනියාවට යනතෙක් ඉන්දු ප්‍රදේශය හරහා ග්‍රීක ජනපදවල පාලකයා වු පෙයිතන් (Peithon) ඇතුළත් විය හැක.

“ඇලෙක්සැන්ඩර්ගේ මරණයෙන් පසු ඉන්දියාව විසින් වහල්කමේ බර සොලවා දමන්නාක් ලෙස ඔහුගේ මාණ්ඩලිකයන් මරාදමන ලදී. මෙම නිදහස් කර ගැනීමේ නිර්මාතෘවරයා වුයේ සැන්ඩ්‍රකොටස්ය. (Sandracottos) නමුත් ඔහු ජයග්‍රහණයෙන් පසුව නිදහස්කම වහල් කමට පරිවර්ථනය කරන ලදී. කිරුල හිමි කර ගැනීමෙන් පසුව ඔහු විසින් විදේශීය ආධිපත්‍යයන් ගලවා ගත් මිනිසුන්වම පීඩනයට ලක් කරන ලදී.” ජස්ටින් XV.4.12-13

“පසුව ඔහු විසින් ඇලෙක්සැන්ඩර්ගේ මාණ්ඩලිකයන්ට එරෙහිව යුද්ධයට සුදානම් වීමේදී සුවිසල් වල් අලියෙකු ඔහු දෙසට දුව විත් හිලෑ අලියෙකු මෙන් ඔහුව කරමත තබා ගන්නා ලදී. ඉන්පසුව ඔහු විශ්මිත සටන්කරුවෙකු හා යුධ මෙහෙය වන්නෙකු බවට පත් විය. රාජකීය බලය ලබාගැනීමෙන් සැන්ඩ්‍රකොටස් ඉන්දියාව යටත් කරගෙන සිටි කාලයේදී සෙලියුකස් අනාගත කිර්තියට සුදානම් වෙමින් සිටියේය.” ජස්ටින් XV.4.19

සිලූකස් හා වියවුල හා සන්ධානය (ක්‍රිපූයු 305 )[සංස්කරණය]

සෙලියුකස් i නිකාටර්ගේ රිදි කාසිය, මෙහු චන්ද්‍ර ගුප්ත මෞර්යය සමග සටන් වැදුනු අතර පසුව ඔහු සමග මිත්‍ර වන ලදී.

ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ පෙර පැවති අධිරාජ්‍යයේ ආසියානු කොටසේ මෙසිඩෝනියානු මාණ්ඩලිකයා වු සෙලියුකස් I නිකාටර් විසින් බක්ට්‍රියා හා ඉන්දුස් වැනි ඉතා ඈත පිහිටි නැගෙනහිර දිග භූමි ප්‍රදේශ ආක්‍රමණය කළ ඔහුගේ පාලනය යටතට ගන්නා ලදී. (ඇපියන්, රෝමයේ ඉතිහාසය, සිරියානු යුද්ධ 55) 305 BCE හි ඔහු චන්ද්‍ර ගුප්ත සමග ගිවිසුමකට එළඹෙන ලදී.

“අවිආයුධ වලින් බලසම්පන්න හා කවුන්සිලයෙන් අනුනයිනි වු ඔහු මෙස පොතමියා, ආමේනියා, සෙලියුසිඩ් කැපඩොස්යා, පර්සිස්, පාතියා, බක්රියා, අරාබිය, ටපවුරියා, සොද්දියා, අරචෝසියා, හිල්කානියා හා හින්දුස් ගඟ වැනි ‍ඈත පිහිටි අශෝක අදිරාජ්‍යයා විසින් යටත් කර ගෙන සිටි අනෙක් ප්‍රදේශද අයත් කරගන්නා ලදී. එම නිසා ඔහුගේ සීමා අලෙක්සැන්ඩ්‍ර අධිරාජ්‍යයාගෙන් පසු වඩාත් විස්ස්‍රතම ඒවා විය. ප්‍රිගියා සිට ඉන්දුස් දක්වා වු සියළු ප්‍රදේශ සෙලිකස්ට අයත් විය.” ඇපියන්, රෝමයේ ඉතිහාසය සිරියානු යුද්ධ 555

ගැටුමකට කිසිදු හේතුවක් නොතිබුණත් ඔහු විසින් යම් භූමියක් අත්පත් කර ගැනීම‍ට අසමත් වු විට ඉන්දියානු අධිරාජ්‍යයන්ට එරෙහිව දුබලව කටයුතු කළ බව පැහැදිලි ඇති අතර ඔහුගේ වු භූමි ප්‍රදේශද භාර දීමට සිදු විය. කෙසේ නමුත් 305 BCE හිදි සෙලිකස් හා චන්ද්‍රගුප්ත ගිවිසුමකට එළඹෙන ලද අතර ස්ට්‍රබූට අනුව සෙලිකස් විසින් දකුණු දිග ඇප්ගනිස්ථානය හා පර්සියාවේ කොටස් ඇතුළත්ව භූමි ප්‍රදේශ ගණනාවක් චන්ද්‍ර ගුප්තට පවරා දෙන ලදී.

ඊට ප්‍රතිචාර ලෙස සෙලිකස්ට 301 BCE හි ඉප්සස් ගැටුමේ දී තිරණාත්මක භූමිකාවක් රඟ දැක්විය හැකිය. යුධ අලින් 500 දෙනෙකු හා යුධමය වත්කම් හිමිය.

SeleucosCoin.jpg

විවාහ සන්ධානය[සංස්කරණය]

රාමායනයේ චන්ද්‍රගුප්ත විවාහ ගිවිස ගත්තේ ග්‍රීක ‍මැසිඩෝනියන් රුජිනගේ සෙලෙකස් නම් දියණියයි. නැවතත් එම අභිනය දෙස බලනවා නම් චන්ද්‍රගුප්ත ක්‍රි.පූ. 302 දී පැවති යුද්ධයට, ලබාදුන් යුධමය අලි සේනාව 500 කි.තවද, යුද්ධය වෙනුවෙන් වත්කම් ද ලබා දී ඇත. මීට අමතරව සෙලෙකස් රාජදූතයෙක් ලෙසද,කටයුතු කර තියෙන බව පාටලීපුත්ත නුවරෙහි පවතින මෞර්ය උසාවිය පවසයි. පසුව ටොලමි 11 පිලඩිපස් නැමති ටෝලමින්ට අයත් ඊජිප්තු පාලකයා සහ ‍අශෝක අධිරාජ්‍යයා ද මෞර්ය උසාවිය මඟින් ඩයනොසිසස් ලෙස නම් කර තිබේ.


චන්ද්‍රගුප්ත ලබාගත් ශිෂ්‍යත්ව හා වත්කම්ද ඇෆ්ගනිස්ථානය , බලුකිස්තානය නැමැති රටවල්වලට ලබා දුනි. කලාත්මක ලෙස ගත් විට මෞර්ය නීතියේ නොසැලෙන අශෝකයේ නියෝග පෙන්වා දීමද ඇෆගනිස්ථානයේ කතාන්දර ලෙස හඳුනාගත්හ.


“ඔහු (සිලෙකස්) මෞර්යයා සමඟ එක්ව යුධමය වියදම් කපා දැමුවේය. ඉන්දියාවේ රජතුමා, කවුද කියනවා නම් ඉන්දියාවේ ගං ඉවුරුවල ජිවත් වුනු ඔවුන් තුල විවාහ ගිවිස ගත් බැඳීමක් පවතින තුරු එසේ සිදු විය යුතු බවයි.”


“ ගිවිසුම ඇති කර ගැනීමෙන් පසුව සිලකස් අන්ටිගෝනස්ට එරෙහිව යුද්ධයකට එළඹීණි.”


“එපිගැමියා”ලෙස පැවති ඉන්දියානු හා ග්‍රීක ජාතිකයින් අතර නීතිමය බැඳීම සදහා වූ ගිවිසුම යහපත් තත්ත්වයක පවතින බව හඳුනාගැනිණි. මෙම රාජවංශයේ හෝ පොදු ජනතාවගේ නීති හරියාකාර ලෙස පැහැදිලි නොවුවද, එය යහපත් බව පමණක් ඔවුන් විසින් හදුනාගැනිණි.”

තානාපතියන් හුමමාරුව[සංස්කරණය]

ත්‍යාග හුවමාරුව[සංස්කරණය]

ගිවිසුමකට අනුව චන්ද්‍රගුප්ත අධිරාජ්‍යයා සහ සෙලියුලස් අධිරාජ්‍යයා අතර තුටු පඬුරු හුවමාරු කරගත් බව ඉපැරණි ලියකියවිලි වල පවා වාර්තා වේ.චන්ද්‍රගුප්ත අධිරාජ්‍යයා විසින් විවිධ ඖෂධ සෙලියුලස්ට යවා ඇත. "Theophrastus,වැනි සමහර ත්‍යාග මිනිසුන් අනුරාගී කිරීම වැනි කරුණු වලදී පුදුම කරවන සුලු බලයකින් යුතු බව පවසයි. ෆිලාර්චස් (Phylarchus) එය තහවුරු කරන්නේ (සැන්ඩ්‍රාක් ඕටෙස්) Sandrak ottus නම් ඉන්දියානු රජතුමා සෙලියුලස්ට යැවු තිළිණයක් සිහිගන්වමිනි. එය පුදුමාකාර ආදරයක් ඇතිකිරීමට සමත් මන්ත්‍රයක් හා සමාන තිළිණයකි. ඔහුගේ පුත් බින්දුසාර අමිත්‍රගාතා (සතුරන් මරන්නා) පළවෙනි ඇන්ශිඔචස් (Antiochus I) සමඟ තිලිණ හුවමාරු කරගත් බව පැරණි ග්‍රන්ථවල සඳහන් වේ. ඉන්දියානු රජෙකුවූ ඇමිත්‍රචාටස්, ඇන්ශිඔචස්ගෙන් ඔහුට රසවත් වයින් සහ වියලුණු අත්තික්කා මිලට ගෙන එවන ලෙස ඉල්ලමින් ලිපියක් යැවීය. ඇන්ශිඔචස් ඔහුට පිලිතුරු ලෙස,"රසවත් වයින් සහ වියලි අත්තික්කා ඔබට එවනු ලැබේවි"නමින් ඒවා සමඟ මෙසේ ලියා එවා ඇත.

ඉන්දියාවේ ග්‍රීක ජනගහනය[සංස්කරණය]

බටහිරට බෞද්ධ ධර්ම දූතයන් යැවීම (ක්‍රිපූයු 250 පමණ)[සංස්කරණය]

වෛශාලී හි අශෝක ස්ථම්බයේ ඉදිරිපස පෙනුම

අශෝක අධිරාජ්‍යයාගේ රාජ්‍යය ආඥාවල අශෝක අධිරාජ්‍යයා විසින් එම කාලයේ ග්‍රීක රජවරු හඳුන්වා දී ඇත්තේ බෞද්ධ අන්‍යාගමීකරණයේ ප්‍රතිග්‍රාහකයන් ලෙසය. එනමුත් මෙම අවස්ථාව සඳහා බ‍ටහිර ඓතිහාසික වාර්තා නොපවතී.

“ ධර්මය මගින් ගෙන යන සටන මෙහිදී , සීමාවලදී හා ඇටියචෝස් ග්‍රීක රජතුමා පාලනය සිදු කරන යොදුන් 600 ක් (5400 – 9600 km ) දුරින් පිහිටි ප්‍රදේශවල මෙන්ම එයින් එපිට ටොලෙමි , ඇන්ටිගොනෝස් , මාගස් හා ඇලෙක්සැන්ඩර් රජවරුන් පාලනය කරන ප්‍රදේශ වලදී හා චෝලයන් පාණ්ඩ්‍යයන් හා තම්බපන්නියේද (ශ්‍රී ලංකාව) ජය ගෙන ඇත.” (අශෝක අධිරාජ්‍යයාගේ ආඥා, 13 වන ශෛලමය ආඥාව , S. දම්මික)

අශෝක අධිරාජයා ඔහුගේ බල ප්‍රදේශය තුළ මිනිසුන් හා සතුන් සඳහා ශාකමය ඖෂධ නිපදවීමට දිරි ගැන්වූ බව ඔහු විසින් ප්‍රකාශ කරයි.

“ දෙවියන් අදහන , පියදස්සී රජතුමාගේ වසමෙහි , හා සීමාවලින් එපිට සිටින මිනිසුන් අතර, චෝලවරුන් , පාණ්ඩ්‍යයන් , සත්‍යය පුත්‍රයන් , කේරලයන්, තම්බ පන්ණිය වැනි දුර බැහැර ප්‍රදේශ හා ඇටියචොස් ග්‍රීක රජතුමා පාලනය කරන ප්‍රදේශ හා ඔහුගේ අසල්වාසී රජවරුන් පාලනය කළ ප්‍රදේශ තුළ සියලු තැන්වල පාහේ වෛද්‍යමය ප්‍රතිකාර විධි 2 කට පහසුකම් සලසන ලදී. එම විධි 2 ක නම් මිනිසුන් සඳහා වූ වෛද්‍යමය ප්‍රතිකාර හා සතුන් සඳහා වූ වෛද්‍යමය ප්‍රතිකාරයි. මිනිසුන් හෝ සතුන් සඳහා ගැළපෙන වෛද්‍යමය පැළ නොමැති සෑම අවස්ථාවකදීම මට ඒවා වෙනත් රටවලින් ගෙන්වා වැවීමට සිදු විය. වෛද්‍යමය කටයුතු සඳහා අවශ්‍යය මුල් හෝ ඵල නොමැති සෑම අවස්ථාවකදීම ඒවා වෙනත් රටවලින් ගෙන්වා යැවීමට සිදු විය. පාරවල් දිගේ මවිසින් ළිං කප්පවා මිනිසුන් හා සතුන්ගේ ප්‍රයෝජනය උදෙසා ගස් වැල් වවා තිබුණි.” දෙවැනි ශෛලමය ආඥාව

ඉන්දියාවේ සිටි ග්‍රීකයන්ද බුදුදහම පැතිර වීමෙහි ලා ක්‍රියාකාරී දායකත්වයක් සපයා දී ඇති බව පෙනේ. අශෝක අධිරාජ්‍යයාගේ ධර්ම රක්ෂිත වැනි සමහරක් දූතයන් පාලි ක්‍රමවල හඳුන්වා දී ඇත්තේ බෞද්ධ අන්‍යාගමීකරණයේ ක්‍රියාකාරී ග්‍රීක (යෝන) බෞද්ධ භික්ෂූන් ලෙසය. (මහා වංශය , XII )

සුබගසේන මෞර්ය අධිරාජ්‍යයා හා තුන්වන ඇන්ටිකෝසන් (ක්‍රිපූයු 206 )[සංස්කරණය]

සුබගසේන යනු ඉන්දියාවේ මෞර්ය අධිරාජ්‍යයෙහි තුන්වෙනි සියවසේ පාලකයාය. සුබගසේන යන නම ප්‍රාකෘත භාෂාවෙන් ලියා තිබුණි. ඔහුගේ නම මෞර්යයේ රැජිනන් අතර මෙන්ම මාධව රාජවංශයේ නම් අතරටද එක් කර තිබුණි. ඔහු අ‍ශෝකයේ මුණුබුරා විය. ඔහු ගාන්ධාර පාලන ප්‍රදේශයක් වූ හින්දුකුර්හි දකුණු ප්‍රාන්තය පාලනය කළේය. ඇන්ටිකොස් විසින් බක්ට්‍රියාවට සාමය ලබාගැනීමෙන් පසුව ක්‍රි.පූ. 206 අගභාගයේදී එම රජු ඉන්දියාවට ගොස් එවක ඉන්දියාවේ පාලක රජතුමා සමඟ මිත්‍රත්වය අලුත් කරගත්තේය.

ඔහු මිත්‍ර සුබගසේන නමැති ඉන්දියරජුන්ගෙන් සම අලි ඇතුන් 150 ක් හා හේවායෝ ලබාගත්තේය.

පරිහානිය[සංස්කරණය]

සුංග කුමන්ත්‍රණය(ක්‍රිපූයු 185 )[සංස්කරණය]

ඉන්දු-ග්‍රීක රාජධානිය පිහිටුවීම (ක්‍රිපූයු 180 )[සංස්කරණය]

හේතු[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=මෞර්ය_අධිරාජ්‍යය&oldid=321156" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි