මගධ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
"සර්කා" මගධ රාජ්‍ය ක්‍රි.පු 600 දී.

මගධ යනු මහා ජනපද 16ක් අතුරින් එකක් හෙවත් පුරාණ ඉන්දියාවේ කලාප වලින් එකකි. රාජධානියේ හරවත් ප්‍රදේශය ගන්ජෙස් වලට දකුණින් පිහිටි බිහාරයයි. එහි අග නගරය රජගහ වේ. (වර්තමානයේ රාජ්ගීර්) පිලිවෙලින් ලිච්චවී සහ අග යන රජ දරුවන් ජය ගැනීමත් සමග ජනපදය නැගෙනහිර උත්තර ප්‍රදේශය, බිහාරයේ වැඩි ප්‍රදේශයක් (ගංගා නදිය) සහ බෙන්ගෝල් යන ප්‍රදේශද ඇතුලත් වන පරිදි ව්‍යාප්ත විය. එය පුරාණ මගධ රාජධානිය පිළිබද විස්තර රාමායනය, මහා භාරත, පුරාන යන ග්‍රාන්තයන්හි ඇතුලත් වේ. එසේම බෞද්ධ හා ජෛන ප්රිකාශන වල රාජධානිය පිළිබදව බොහෝ තැන් වල සදහන් කර ඇත. මගධ ජනයා සම්බන්ධයෙන් මුල්ම සදහනක් කෙරෙනුයේ අතර්වා-වේදයෙහි වන අතර ඔවුන් ඇන්ගා, ගාන්ධාරි, සහ මුජාවත් ජනයා සමග පහත් කොට සලකන ලද පිරිසක් ලෙස පෙන්වා තිබේ.

ඉන්දියාවේ ප්‍රධාන ආගම් දෙකක් ආරම්භ වූයේ මගධ ප්‍රදේශයෙනි. ඉන්දියාවේ බලවත් රාජ්‍ය දෙකක් වූ මෞර්ය අධිරාජ්ය් සහ ගුප්ත අධිරාජ්යකය ආරම්භ වූයේ මගධයෙනි. මෙම අධිරාජ්යයන් පුරාණ ඉන්දියාවේ විද්‍යාව, ගණිතය, තාරකා විද්‍යාව ආගම සහ දර්ශන යන අංශයන්හි දියුණූව ගැන සලකා බලන ලද අතර එම කාල සීමාව ඉන්දියාවේ ස්වර්ණමය යුගය වශයෙන් සලකන ලදී. මගධ රාජධානියට රාජකුමාර වැනි සමූහාණ්ඩු ප්‍රජාව ඇතුලත් විය. ග්‍රාම වාසීන් ඔවුන්ගේ ප්‍රාදේශීය ප්‍රධානීන් වූ ග්‍රාමක වරුන් යටතේ රැස් වූහ.ඔවුන් පරිපාදනය විධායක, නෛතික සහ හමුදා කාණ්ඩ වලට බෙදා තිබින.


පිහිටිම[සංස්කරණය]

අලුත් දිස්ත්‍රික්ක වන දකුණු බිහාරියේ පිහිටා ඇති පට්නා සහ ගයා යන දිස්ත්‍රික්ක සහ නැගෙනහිර පිහිටි බෙංගාලයේ කොටසක් ද බිහිවීම කෙරෙහි මගධ රාජධානියේ පිහිටීම ප්‍රබල ලෙස බලපෑවේය. එම රාජධානිය උතුරින් ගංගා නදියෙන් ද, නැගෙනහිරින් චම්පා නදියෙන් ද, දකුණු දෙසින් විදන්‍යා කදු වැටියෙන් ද, බටහිරින් සෝන් නදියෙන් ද වටවී ඇත. බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට මේ දක්වා එහි සීමාවන් තුළට අන්ගා ඇතුළත් විය.

ඉතිහාසය[සංස්කරණය]

මගධ රාජ්‍යයේ මුල් පාලකයින් සම්බන්ධයෙන් ඇති තොරතුරු අල්පය. ඉතා වැදගත් මූලාශ්‍ර වන්නේ පුරාණ ශ්‍රී ලංකාවේ බෞද්ධ වංශ කථා, සහ පාලි රීතිය වැනි අනෙකුත් ජෛන හා බෞද්ධ ග්‍රන්ථයන්ය. මෙම මූලාශ්ර වලට අනුව ක්‍රි.පූ. 684-424 දක්වා අවූ:200ක පමණ කාලයක් මගධ රාජ්‍ය ශ්‍රී නාග රාජපෙළපත විසින් පාලනය කල බව පෙනේ.

සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ ක්‍රි.පූ. 563දී පමණ කෝසල නුවර කපිලවස්තු කුමාරයකු ලෙස උප්පත්තිය ලැබුවේ සීඝ්‍රනාග රාජපෙලපත පාලනය කරන සමයේය. බුද්ධත්වයට පත් වීම ඇතුළුව උන්වහන්සේගේ ජීවිතයේ බොහෝ අවස්ථා සිදු වීම නිසා මගධ දේශය ආශිර්වාද ලත් ප්‍රදේශයක් ලෙස සැලකේ. සීඝුනාග පෙළපතෙහි බිම්බිසාර රාජතුමා වර්තමානයේ බටහිර බෙංගාලය නමින් හදුන්වන අංග ප්‍රදේශයද ජය ගනිමින් රාජ්‍ය ව්‍යාප්ත කිරීම සදහා ක්‍රියා කරන ලදී.

බිම්බිසාර රජතුමාගේ මරණය ඔහුගේ පුත්‍රයා වූ ආජාසත්ත කුමරු නිසා සිදුවිය. අසල්වැසි කෝසල රාජ්‍යයේ රජ වූ බිම්බිසාර රජගේ මාමණ්ඩිය වූ පසේනදී රජු විසින් තෑගි කරන ලද කාසි ප්‍රදේශය ආපසු රැගෙන කොසල හා මගධ රාජ්‍යයන් අතර යුද්ධයක් දියත් කරන ලදී. සැගවී සිට පහර දුන් සේනාව විසින් අජාසත්ත රජු සහ ඔහුගේ සේනාව අල්ලාගත් නමුත් පසේනදී රජු විසින් අජාසත්ත හා ඔහුගේ සේනාවට ආපසු මගධ දේශයට යාමට අවසර දුනි. පසුව කාසි ප්‍රදේශය යථා තත්ත්වයට පත් කර කරුණු රජකු හට සිය දූ කුමරියද සරණපාවා දෙන ලදී.

ගන්ජි (ගංගා නදිය) ගංගාවට උතුරින් පිහිටි ලිච්චවි රාජධානිය සමග අජාසත්ත රජු යුද වැදීම හේතුව තරමක් වෙනස් වේ. අජාසත්ත රජු සිය අමාත්ය වරයෙකු ලිච්චවි රාජ්‍යයට යවා ලිච්චවි රජ දරුවන්ගේ එක්සත් භාවයට හානි කිරීමට ක්රිජයා කරන ලද බව පෙනේ. සිය ප්‍රහාරය ගංගා නදිය හරහා දියත් කිරීම සදහා අජාසත්ත රජු විසින් පාටලීපුත්රත නගරයේ බලකොටුවක් ඉදි කරවන ලදී. එකිනෙකා හා එකග නොවූ එක්සත්කම බිදී ගිය ලිච්චවි රජදරුවන් බලකොටුව ඉදි කිරීමෙන් පසු පරාජයට පත් විය. අජාසත්ත රජු විසින් නව පන්නයේ ගිනි අවි දෙවර්ගයක් එනම් කැටපොලය හා නවීන යුදටැංකියක් හා සමානව පැද්දෙන යගදාවක් සහිතව වසන ලද අශ්ව කරත්තයක් භාවිතා කළ අයුරු ජෛන පොත්පත් වල සදහන් වේ. පාටලීපුත්ර නගරය වෙළද මධ්යකස්තානයක් ලෙද සකස් වීමට පටන් ගත් අතර අජාසත්ත රජුගේ මරණයෙන් පසු එය මගධ රාජ්‍යයේ අගනුවර බවට පත් විය.

ක්‍රි.පූ 424දී සීඝුනාග රජවංශය නන්දරජවරුන් නම දෙනා යැයි කියනු ලබන මහා පද්ම නන්ද (මහා පද්ම රජු හා පුතුන් අටදෙනා) රජපෙළපත විසින් යටත් කරගන්නා ලදී. නන්ද රජ පෙළපතේ පාලනය අවුරුදු 100ක් පමණ විය.

ක්‍රි.පූ. 326දී මහා ඇලෙක්සැන්ඩර් රජුගේ සේනාව විසින් මගධ රාජ්‍යයේ දේශසීමා ආක්‍රමණය කරන ලදී. ගංගා නදියේදී මෙම සේනාව තවත් ශක්තිමත් ඉන්දියානු හමුදාවකට මුහුණදීම‍ට බිය වී නැගෙණ බලා ඉදිරියට යාම ප්‍රතික්ෂේප කරන ලදී.

මගධ රජ පෙළපත[සංස්කරණය]

රජ පෙළපත් : බිහාර්ද්‍රත පෙළපත, ප්‍රද් යෝත පෙළපත, සිසුනාග පෙළපත (684 – 424 BC), නන්ද පෙළපත, මෞර්යය පෙළපත, ශුංග පෙළපත, කණ්ව පෙළපත, ගුප්ත පෙළ පත

මහා ජනපද 16 අතර මගධය ඉන්දියාවේ බිහිවු වඩා ජනප්‍රිය හා ශ්‍රේෂ්ඨ පාලකයෙකු අශෝක මෞර්යගේ රාජ්‍ය කාලයත් සමග ආරම්භ වු පෙළපත් ගණනක් යටතේ ඉතා වැදගත් ස්ථානයක් හිමි කරගන්නා ලදී.

බිහාද්‍රත රජ පෙළපත[සංස්කරණය]

පුරාණයට අනුව මගධ අධිරාජ්‍යය ප්‍රකාශයට පත් කරන ලද්දේ බිහාද්‍ර රජ පෙළපත මගිනි. ඔහු භාරත රජ පෙළපතෙහි කුරු අධිරාජ්‍යයාගේ වැඩි මහල් පුත් ශුදානුස් හරහා පේළියට 6 වැනියා විය. භාරතයේ මගධ කොටසේ මුල් ප්‍රධාන අධිරාජ්‍යයා වුයේ බිහාද්‍රත අධිරාජ්‍යයාය. ඔහුගේ පුත් ජයශන් ද ජනප්‍රිය පුරාවෘත්තවල ඇතුළත් වන අතර මහා භාරතයේ භීම විසින් ඔහුව මරා දමන ලදී. වැයු පුරාණ සදහන් කරන්නේ බිහාද්‍රත වරුන් වසර 1000 ක් පුරා තම පාලනය සිදු කළ බවයි.

ප්‍රදේයෝත පෙළපත[සංස්කරණය]

බිහාද්‍රත වරුන්ට පසුව ප්‍රද් යෝතවරු පැමිණි අතර වැයු පුරාණයට අනුව ඔවුන් වසර 138 ක් පුරාවට තම පාලනය ගෙන ගියේ එක් ප්‍රද්යෝත සම්ප්‍රදායක් වුයේ රජකම ලබාගැනීම සඳහා කුමරා විසින් තම පියා මරා දැමීමයි. එම කාලය තුළදී මගධයේ දරුණු අපරාධ සිදු වු බවට වාර්තා ඇත. මිනිසුන් නැගී සිට නව රජතුමා බවට පත්වීමට ශිෂුනාග තෝරාගත් අතර එමගින් ප්‍රදේ යෝත වරුන්ගේ බලය බිදවැටී ශිෂුනාග පෙළපත ඇති විය.

ශිෂුනාග පෙළපත[සංස්කරණය]

සාම්ප්‍රදායට අනුව ශිෂුනාග පෙළපත මගධ රාජධානියට උරුමකම් කීවේ 684 BCE හිදිය. ඔවුන්ගේ අගනුවර රාජ්‍ය බිහිවු අතර පසුව වර්තමාන පට්න අසල පාටලී පුත්‍ර අගනුවර ලෙස තෝරා ගැනිණි. මෙම පෙළපත 424 BC දක්වා පැවති අතර ඉන්පසු එය නන්දා පෙළපත විසින් යටත් කර ගන්නා ලදී. මෙම වකවානුවේදී මගධයෙන් ආරම්භ වු ඉන්දියාවේ ප්‍රධාන ආගම් දෙකක දියුණූ වීම සිදු විය. ගෞතම බුදුරජාණන් වහන්සේ BC 6 වන හෝ 5 වන සියවසේදී බුද්ධාගම සොයා ගත් අතර පසුව එය නැගෙනහිර ආසියාවට හා ගිනිකොණ දිග ආසියාවට ව්‍යාප්ත විය. ඒ අතරතුර මහාවීරතුමා පෞරාණික ජෛන ආගම නැවත පුනර්ජීවනයට ලක්කර නැවත නඟා සිටුවන ලදී.

නන්ද රාජ වංශය[සංස්කරණය]

මෞර්යයන්ගේ පාලනය යටතේ නොතිබු එකම ප්‍රදේශය වුයේ වර්තමානයේ තමිල්නාඩුව හා කේරලය ලෙස හඳුන්වන ප්‍රදේශයයි. (එවකට එය දෙමළ රාජධානිය විය) ඉපැරණි දෙමළ සංගම් සාහිත්‍ය කෘති වලින් එකක් වන පුරනානුරු ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෞර්යන්ගේ හමුදාව ඉලන්චෙට් චෙන්නි නමින් හැඳින්වු චෝල රජවරයෙකුගේ නායකත්වය යටතේ වු දෙමළ හමුදාවක් විසින් පලවා හැරි බවයි. කලිඟු පාලකයෙකු වු කරවෙල රජතුමා විසින් මෙම දෙමළ හමුදාව විසුරුවා හැරි බවට ඔහුගේ සෙල් ලිපියක සඳහන් වෙයි.

ඔහුගේ පුත් වූ අශෝක අධිරාජ්‍යයා විසින් එම රාජධානිය උරුම කර ගත් අතර ඔහු මෙම ක්‍රමය ඔහුගේ රාජධානිය ව්‍යාප්ත කිරීමට පටන් ගත්තේ ය. කාලිංග රාජ්‍යය ආක්‍රමණයේ දී සිදු වු අති සුවිසල් විනාශයෙන් පසු බුදුදහම වැළඳ ගැනීමෙන් ඔහු නැවත ලේ වැගිරවීම් නැවැත් වු අතර අවිහිංසාකාමී මාර්ගයකට යොමු විය. අශෝක අධිරාජ්‍යයාගේ රාජාඥා දැනට ඉන්දියාවේ ඉතිරිව ඇති පැරණි තම ඓතිහාසික ලිපි ලේඛන වන අතර එමගින් අශො‍්ක අධිරාජ්‍යයාගේ කාලයේ සිට ඉදිරියට පැවති රජ පෙළපත්වල දළ නියම කිරීමක් සිදු කිරීමට හැකි විය. අශෝක අධිරාජ්‍යයා යටතේ වු මයුරන් රජ පෙළපත මුළු නැගෙනහිර ආසියාව හා ගිනි කොණ දිග ආසියාව පුරා බුදු දහම පැතිර වීමට හේතු වු අතර එමගින් සමස්ථයක් ලෙස ආසියාවේ ඉතිහාසය හා දියුණු වීම වේගවත් කරන ලදී. අශෝක අධිරාජ්‍යයා ලෝකයේ දැනට පහල වු ශ්‍රේෂ්ඨතම පාලකයෙක් ලෙස සැලකෙයි.

මෞර්ය කාලයේදි ගොඩනගන ලද සාංචියෙහි පිහිටි බෞද්ධ ස්ථුපයක්

සුංගා රාජ පරම්පරාව[සංස්කරණය]

මෙම රාජ වංශය ආරම්භ වුයේ ක්‍රි.පු. 185 දී වන අතර ඒ වන විට අශෝක රජුගේ මරණයෙන් වසර 50 ක් පමණ ගත වී තිබුනි. මෙම රාජ වංශය ආරම්භ කරන ලද්දේ එවකට මෞර්ය හමුදාවේ නායකයාව සිටි පුස්‍ය මිත්‍ර සුංගා විසිනි. පාලන බලය ලබා ගැනීම සදහා ඔහු විසින් එවකට රජුව සිටි බ්‍රිහාඩ්‍රත රජු හමුදා ආචාර දැක්වුම් අවස්ථාවකදී මරාදමන ලදී. මෙම රජු මෞර්ය රාජ වංශයට අයත් අවසාන රජුවේ. ඔහුගේ මරණයත් සමග පුස්‍ය මිත්‍ර සුංගා රජු බවට පත්විය.

කන්වා රාජ වංශය[සංස්කරණය]

කන්වා රාජවංශය සුංගා රාජ වංශය ප්‍රතිස්ථාපනය කළ අතර ඒ යට‍තේ නැගෙනහිර ඉන්දියාව ක්‍රි.පු. 71 – 26 යන කාලය අතරතුර පාලනය විය. සුංගා රාජ වංශයට අයත් අවසාන පාලකයා කන්වා රාජ වංශයට අයත් වාසුදේව විසින් ක්‍රි.පු. 75 දී සිහසුනෙන් පහ කරන ලදී. මේ අතරම කන්වා පාලකයන් සුංගා රාජ වංශයට අයත් රජවරුන්හට ඔවුන්ගේ මුල් බලප්‍රදේශයෙන් ඉතා සුළු කොටසක් පාලනය කිරීමට ද ඉඩ සලසන ලදී. මගද රාජ්‍යය කන්වා පාලකයින් සිවුදෙනෙක් විසින් පාලනය කරන ලදී. ක්‍රි.පු. 30 දී දකුණු ප්‍රදේශය පාලනය කළ පාලකයින් කන්වා සහ සුංගා රාජ වංශ වලට අයත් ප්‍රදේශ අල්ලා ගන්නා ලද අතර නැගෙනහිර මල්වා ප්‍රාන්තය තම පාලනයට නතු කරගන්නා ලදී. කන්වා රාජ වංශයේ ඇද වැටීමත් සමග අන්ද්‍රා රාජධානියේ සතවහන රාජ පරම්පරාව ඉන්දියාවේ වඩාත් ප්‍රබලම රාජ්‍යය බවට පත්විය. ඒ වන තෙක් එම විරුදාවලිය ලබාසිටියේ මගධ රාජධානියයි.

මූලාශ්‍ර[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=මගධ&oldid=263363" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි