චන්ද්‍රගුප්ත මෞර්ය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
චන්ද්‍රගුප්ත මෞර්ය

සමහරක්විට සරල ලෙස චන්ද්‍රගුප්ත ලෙස හැඳින්වෙන, චන්ද්‍රගුප්ත මෞර්ය (සංස්කෘත: चन्द्रगुप्त मौर्य), (උපත ක්‍රිපූ 340 ගණන්, පාලනය ක්‍රිපූ 320 ගණන් [1] – ක්‍රිපූ 298 ගණන් [2]), මෞර්ය අධිරාජ්‍යයේ නිර්මාතෘ විය. ඉන්දියානු අර්ධද්වීපයෙහි වැඩි කොටසක් එක්සේසත් කිරීමෙහි ලා චන්ද්‍රගුප්ත සමත් විය. ඉන්දියාව පළමුවෙන් එක්සේසත් කළ තැනැත්තා ලෙසද ඉන්දියාවේ පළමු සැබෑ අධිරාජයා ලෙසද චන්ද්‍රගුප්ත සැලකීමෙහි ලා ඉහත කරුණ ඉවහල් විය.[3] විදේශීය ග්‍රීක හා ලතින් විස්තරයන්හි, චන්ද්‍රගුප්ත හැඳින්වෙනුයේ සන්ඩ්‍රොකුප්ටොස් (Σανδρόκυπτος), සන්ඩ්‍රොකොට්ටොස් (Σανδρόκοττος) හෝ ඇන්ඩ්‍රොකොට්ටුස් ලෙසිනි.[4]

චන්ද්‍රගුප්තයන්ගේ විජයග්‍රහණයන්ට පෙරාතුව, කුඩා ප්‍රාදේශීය රාජධානින් ගණනාවක් වයඹදිග අර්ධද්වීපය තුළ සිය බලපරාක්‍රමය පැතිරවූ අතර, ගංගානදී ආශ්‍රිත තැනිතලාව තුල ජයකෙහෙලි නැංවූයේ නන්දා අධිරාජ්‍යයයි.[5] චන්ද්‍රගුප්තයන්ගේ අභිභවනයන්ට පසුව, මෞර්ය අධිරාජ්‍යය නැගෙනහිරින් බෙංගාලය සහ ඇසෑමය සිට[6], බටහිරින් ඇෆ්ගනිස්තානය හා බලුකිස්තානය දක්වාද, උතුරින් කාශ්මීරය(වයඹ) හා නේපාලය(ඊසාන) [7] සිට, දකුණින් ඩෙකෑන් සානුව දක්වාද පැතිරිණි.[8]

ඔහු යම්තම් 20 වැනි වියපත් වත්ම ඇලෙක්සැන්ඩරයන්ගේ මැසිඩෝනියානු මාණ්ඩලිකයන් පරාජය කිරීම හා නන්දා අධිරාජ්‍යය අභිභවනය කිරීමෙහි සිට, දකුණුදිග ආසියාව තුළ මධ්‍යගත පාලනය නතු කර ගැනීම දක්වා විහිදෙන, ඔහුගේ මස්තකප්‍රාප්තීන්, ඉන්දියානු ඉතිහාසයේ අති සුප්‍රකට සිද්ධීන් ලෙස තවමත් සැලකේ. වසර දෙදහසක් ඉක්මවීමෙන් පසුවද, චන්ද්‍රගුප්ත හා, මහා අශෝක ඇතුළු ඔහුගේ අනුප්‍රාප්තිකයන්ගේ සම්ප්‍රසාධනයන්, දකුණු ආසියාතික හා ලෝක ඉතිහාසයෙහි පුරාවෘත්ත අධ්‍යයනයෙහි විෂය වස්තූන්ව පවතියි. ග්‍රීසියේ සෙලියුසිඩ් රාජ්‍යයේ පාලකයා වන සෙලියුකස් I සමඟ චන්ද්‍රගුප්ත නැවතත් යුද්ධයකට එළඹුණි. 305 පූර්ව ‍පොදු යුගයේදී ඇති වූ මහා සංග්‍රාමයේ දී ඔහු විසින් ඉන්දියාවේ වයඹ දිග ප්‍රදේශ නැවතත් අල්ලාගැනීමට උත්සාහ කරන ලදි. එහෙත් ඔහු අසාර්ථක විය. අවසානයේ පාලකයෝ දෙදෙනා සාම ගිවිසුමකට එකඟ වූහ. ‍රණකාමී ගිවිසුම අවසන් විය. රජ පෙළපත් අතර විවාහ සම්බන්ධතා සහ ග්‍රීසියේ වැසියන් සහ ඉන්දියානු වැසියන් අතර විවාහ සම්බන්ධකම් ගොඩ නැගුණි. චන්ද්‍රගුප්තට පැර‍පාමිසාදය (කාම්බෝජ සහ ගාන්ධාර), ඇරකෝසියා (කන්දහාර්) සහ ගෙඩ්රෝසියා( බලුකිස්ථානය) යන මාණ්ඩලික ප්‍රදේශ හිමි වූ අතර සෙලියුකස්I ට යුධ ඇතුන් 500 ක් ලැබුණි. 301 වන පූර්ව ‍‍පොදු යුගයේ දී ඇති වූ ඉප්සස් යුද්ධයේ දී බටහිර හෙල්ලනිස්ටික් රජු පරදා ජයග්‍රහණය ලැබීමට සෙලියකස් I ට ඇතුන් බෙහෙවින් උපකාරී විය. අනතුරුව ජාත්‍යන්තර සම්බන්ධතා පිහිටවූ අතර ඵෙතිහාසික වෙගස්තීනුවන්, ඩෙයිමාකෝස් සහ ඩයිනිසියස් වැනි ග්‍රීසින් කිහිපදෙනෙකුම මයුර රජ මාළිගයේ වාසය කළහ.

චන්ද්‍රගුප්ත, පාඨලීපුත්‍රයේ විශාල පාලක මණ්ඩලයක් සහිතව ශක්තිමත් මධ්‍යම රාජ්‍යයක් පිහිට වුයේය. මෙගස්තීනුන්ට අනුව මෙම මාළිගය ද්වාර 64 කින් සහ කුළුණු 570 කින් යුක්ත දැවමය බිත්තියකින් වටවී තිබුණි. එය අසිරිමත් අසමසම සූසා සහ එක්බැටානා වැනි මාළිගාවලටත් තරඟකාරී එකක් විය. චන්ද්‍රගුප්තගේ පුත් බින්දුසාර, ඔහුගේ මයුර රාජ්‍යයේ පාලනය දකුණු ඉන්දියාව දක්වා ව්‍යාප්ත කළේය. ඔහුගේ මාළිගයේ ඩෙයිමාකස් (ස්ට්‍රාබෝI 70 ) නම් ග්‍රීක තානාපතිවරයෙක් ද සිටියේ ය.

මූලාශ‍්‍ර[සංස්කරණය]

  1. Kulke, Hermann; Rothermund, Dietmar (1998) [1986]. A History of India (Third Edition සංස්.). London: Routledge. pp. 59. ISBN 0-415-15481-2. 
  2. Kulke and Rothermund 1998:62
  3. Boesche, Roger (January 2003). "Kautilya's Arthaśāstra on War and Diplomacy in Ancient India". The Journal of Military History 67 (1): 9–37. doi:10.1353/jmh.2003.0006. ISSN 0899-3718. 
  4. William Smith (ed), Dictionary of Greek and Roman Biography and Mythology, 1870, Vol 3 p. 705-6
  5. Shastri, Nilakantha (1967). Age of the Nandas and Mauryas. Delhi: Motilal Banarsidass. p. 26. ISBN 81-208-0465-1. 
  6. Bruce Vaughn (2004). "Indian Geopolitics, the United States and Evolving Correlates of Power in Asia", Geopolitics 9 (2), p. 440-459.
  7. H. Goetz (1955). "Early Indian Sculptures from Nepal", Artibus Asiae 18 (1), p. 61-74.
  8. The Span of the Mauryan Empire, Kamat's Potpurri, accessed 9 September 2007
"http://si.wikipedia.org/w/index.php?title=චන්ද්‍රගුප්ත_මෞර්ය&oldid=261879" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි