මැලේසියා එයාර්ලයින්ස් 370 පියාසැරිය

විකිපීඩියා වෙතින්
මැලේසියා එයාර්ලයින්ස් 370 පියාසැරිය
Malaysia Airlines Flight 370
9M-MRO, අතුරුදන් වූ ගුවන් යානය (2011 වසරේ Charles de Gaulle ගුවන් තොටුපළදී)
අතුරුදන් ගුවන් යානය පිළිබඳව
දිනය8 මාර්තු 2014 (2014-03-08)
කෙටි විස්තරය2014 මාර්තු 8 දින සිට අතුරුදන්
2014 මාර්තු 24 වන දින MH370 යානය දකුණු ඉන්දීය සාගරයට කඩා වැටෙන්නට ඇති බව තහවුරු කරන ලදී.
මගීන් ප්‍රමාණය227
කාර්ය මණ්ඩලය12
ගුවන්යානා වර්ගයබෝයිං 777-2H6ER
ක්‍රියාකරුමැලේසියා එයාර්ලයින්ස්
ලියාපදිංචිය9M-MRO
පටන් ගැන්මක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ
ගමනාන්තයබෙයිජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ

මැලේසියා එයාර්ලයින්ස් පියාසැරි 370 (MH370), යනු බෝයිං 777-200ER මෙහෙයුම් ගණයේ අන්තර්ජාතික මගී ප්‍රවාහන ගුවන් යානයකි. ගුවන් යානය 2014 මාර්තු 8 වන දිනදී, එහි ගමන් කරමින් සිටි මගීන් 227ක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු සමග අතුරුදන් වූ අතර,[1][2][3] යානය දක්ෂිණ ඉන්දියන් සාගරයට කඩා වැටෙන්නට ඇතැයි මාර්තු 24 වන දිනදී තහවුරු කෙරිණි.[4]


2014 මාර්තු 8 වන දින පැය 00:41 දී (මැලේසියානු වේලාවෙන්) මැලේසියාවේ ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළින් නික්මුණු ගුවන් යානය, පැය 6 ක පියාසැරියකින් පසු, චීනයේ බෙයිජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ලඟා වීමට නියමිතව තිබුණි. පැය 01:22 දී ගුවන් යානය සහ සුබං ගුවන් මෙහෙයුම් පාලන මධ්‍යස්ථානය (Subang Air Traffic Control Centre) අතර තුබූ සම්බන්ධතා අවසන් වූ අතර, ඒ අවස්ථාවේදී ගුවන් යානය තායිලන්ත බොක්කට (Gulf of Thailand) ඉහල අහසේ පිහිටි බව සඳහන්ය. පැය 02:40 දී ගුවන් යානය අතුරුදන් වූ බවට වාර්තා වුණි.[5][6] ගුවන් යානය අතුරුදන් වීමට පෙර එහි ගමන් පථයේ නැවත හැරවුමක් වැනි දෙයක් සිය රේඩාර් පද්ධති තුල සටහන් වූ බවට, මැලේසියානු ගුවන් හමුදා ප්‍රධානියා ප්‍රකාශ කරන ලදී.[7]

සිද්ධිය වී පැය කීපයකින් පසුව, අතුරුදන් වූ ගුවන් යානය සොයා අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, චීනය, ප්‍රංශය, පිලිපීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මලයාසියාව, සිංගප්පූරුව, තායිලන්තය, සහ වියට්නාමය යන රටවල් එකතුවී, මූලික ලෙසම දකුණු චීන මුහුදේ ඒකාබද්ධ සෙවීම් මෙහෙයුමක් දියත් කරන ලදී.[8][9][10]

ගුවන් යානයේ ව්‍යාජ ගමන් බලපත්‍ර සහිතව ගමන් කල මගීන් දෙදෙනෙකු සිටි බවට හෙළි වීමත් සමග, මෙම සිදුවීමට ත්‍රස්ථවාදී සම්බන්ධයක් පැවතියේද යන්න කෙරෙහි බලදාරීන්ගේ අවධානය යොමු විය.[11][12][13]

නමුත් මාර්තු 11 වන දිනදී මැලේසියානු පොලීසිය වාර්තා කර සිටියේ ව්‍යාජ ගමන් බලපත්‍ර සහිතව ගමන් කල මගීන් දෙදෙනා ඉරාන ජාතිකයින් වූ බවයි. නීතිවිරෝධී ලෙස යුරෝපය වෙත සංක්‍රමණය වීමට ඔවුන් උත්සහ කරන්නට ඇතැයි අනුමාන කරන බවටයි පොලිසිය වාර්තා කරන ලද්දේ. මින් එක් අයෙකු 19 හැවිරිදි අයෙකු ලෙස මුලින්ම හඳුනාගත් අතර, අනෙක් පුද්ගලයා 29 හැවිරිදි අයෙකු ලෙස පසුව හඳුනා ගැනුණි. ඔවුන් ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ අය විය නොහැකි බවද වාර්තාවේ සටහන් විය.[14]

මාර්තු 24 වන දින මැලේසියානු අගමැති නජිබ් රසාක් මහතා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මැලේසියාවට අයත් MH370 දරණ ගුවන් යානය දක්ෂිණ ඉන්දියන් සාගරයෙන් නිමා වී (කඩා වැටී) ඇති බවට නව දත්ත අනූව තහවුරුව ඇති බවයි. මේ සම්බන්ධව වැඩි විස්තර මාර්තු 25 වන දින නිකුත් කරන බවත්, මේ පිළිබඳව මගින් යානයේ සිටි මගීන්ගේ ඥාතීන් දැනුවත් කල බවත්, කරුණාකර ඔවුන්ගේ පෞද්ගලික නිදහස සුරකින ලෙසට මාධ්‍ය වලින් ඉල්ලා සිටින බවත්, එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කරමින් කියා සිටින ලදී. මේ අතර නව දත්ත හා තොරතුරු පිළිබඳව දැනුවත් කොට යානයේ සිටි මගීන්ගේ ඥාතීන් වෙත යැවූ කෙටි පණිවිඩයෙහි, යානයේ සිටි කිසිවෙකුත් දිවි බේරා ගෙන නැති බවට සඳහන්ව තිබුණි.[15]

සිදුවීම[සංස්කරණය]

MH370 ගුවන් යානයේ පටන් ගැන්ම, ගමනාන්තය සහ සබඳතා ඇණහිටි පිහිටුම්

2014 මාර්තු 8 වන දින පැය 00:41 (එරට වේලාවෙන්) දී මැලේසියාවේ ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළින් පිටත් වුනු යානය පැය 06:30 ට චීනයේ බෙයිජිං කැපිටල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙතට ලඟා වීමට නියමිතව තිබුණි. ගුවන් රේඩාර් පද්ධතිය තුල අවසන් වරට යානය සනිටුහන් වන විට වේලාව පැය 02:40 වූ අතර, යානයේ පිහිටුම 6°55′15″N 103°34′43″E / 6.92083°N 103.57861°E / 6.92083; 103.57861[16][17] ලෙස සඳහන්ව තුබුණි. යානය Ho Chi Minh ගුවන් පාලන කලාපය පසු කිරීමට ආසන්නව තිබියදී,[5][18][6] පාලන මධ්‍යස්ථානය සමග තුබූ සියළුම සන්නිවේදන සබඳතා ඇණ හිට තිබෙයි.[19]

පැය 07:24 ට මාධ්‍ය ප්‍රකාශයක් සිදු කල මැලේසියා එයාර්ලයින්ස් (Malaysia Airlines) සිය ගුවන් යානය පැය 02:40 අතුරුදන් වූ බවට ප්‍රකාශ කරන ලදී.[20] එම මොහොතේ පටන් ගුවන් යානය සෙවීමේ මෙහෙයුම්ද ආරම්භ කරන ලදී.[6] අතුරුදන් වීමට පෙර, ගුවන් යානය සම්බන්ධ කාර්මික දොෂයක් හෝ අහිතකර කාළගුණ තත්වයක් සම්බන්ධ හෝ තොරතුරක් පිළිබඳව, වාර්තා වී නොතිබුණි.[21] එලෙසම, තවත් ධාවන පැය 7.5 කට ප්‍රමාණවත් තරම් ඉන්දන තොගයක් ගුවන් යානයේ තිබී ඇත.[22] චීන සහ තායිලන්ත බලදාරීන්ද මෙම ගුවන්යානය සිය ගුවන් කලාප වලට ඇතුල් නොවූ බවට තහවුරු කරන ලදී.[23]

ගුවන් යානය සහ මැලේසියාවේ ගුවන් පාලන මෙහෙයුම් මැදිරිය අතර ඇතිවූ අවසන් කතාබහ පැය 01:30 දී පමණ සිදුව තිබෙන අතර, සුබං හී රේඩාර් තිර මතින් යානය අතුරුදන් වන විට වේලාව පැය 02:40 ලෙස සටහන්ව තිබිණ. එම අතරතුර ගතවූ කාලය තුලදී යානයට වියට්නාමය පසුකර යාමට හැකියාව තිබූ බවත් සඳහන්ය.උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; අනීතික නාමයන්, නිද. පමණට වැඩි

මාර්තු 17 වන දින වන විට ගුවන් යානාවේ අතුරුදන් වීම පිළිබඳව තහවුරු කරගත් තොරතුරු[24][සංස්කරණය]

කරුණ දේශීය වේලාව
(මාර්තු 8)
විස්තරය
යානාව ගමන් ආරම්භ කිරීම පෙරවරු 12:41 පියාසැරි MH370 යානාව ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට බෙයිජිං දක්වා ගමන ඇරඹීම.
ACARS ක්‍රියා විරහිත කිරීම පෙරවරු 1:07 ත් 1: 037 ත් අතර කාලය තුල (ACARS = ගුවන්යානා සංනිවේදන ඇමතුම් සහ වාර්ථාකිරීමේ පද්ධතිය) යානාවේ කාර්මික තත්ව පිළිබඳ මූලික දත්ත සම්ප්‍රේෂණය කරනු ලබන්නේ මෙම පද්ධතිය හරහායි.
අවසන් පණිවුඩය පෙරවරු 1:19 "All right, good night" (සියල්ල නිවැරදියි, සුභ රාත්‍රියක්) යානාව දකුණු චීන මුහුද ඉහලින්, මැලේසියානු ගුවන් පාලන කලාපයේ සිට වියට්නාම පාලන කලාපයට ඇතුළු වීමේදී මෙම පණිවුඩය නිදහස් ස්වරයකින් සම්ප්‍රේෂණය වී ඇත. මෙම පණිවිඩය සහය නියමුවා විසින් එවන ලද්දක් යැයි විශ්වාස කෙරේ.

නමුත් අප්‍රියෙල් 1 වනදා ප්‍රකාශයක් නිකුත් කරමින් මැලේසියානු බලධාරීන් පවසා සිටියේ ගුවන් පාලක මාදිරියේ සිට එවූ අවසන් පණිවිඩය එය නොවූ බවයි. සත්‍ය අවසන් පණිවුඩය "Good night Malaysian three seven zero" (සුභ රාත්‍රියක් මැලේසියා, ත‍්‍රී සෙවන් සීරෝ) යන්න බවයි ඔවුන් විසින් පවසා සිටින ලද්දේ.[25]

සම්ප්‍රේෂ ප්‍රතිචාරක ක්‍රියා විරහිත කිරීම පෙරවරු 1:21 යානාවේ එවක පිහිටීම සහ උන්නතාංශය පිළිබඳ රේඩාර් ප්‍රතිචාරණය වන්නේ මෙය මගිනි.
අවසන් රේඩාර් සබඳතාවය පෙරවරු 2:15 මැලේසියානු සිවිල් රේඩාර් තිර මත යානාව දර්ශනය වීම පෙරවරු 1:30 ට අවසන්ව තිබෙන අතර, මිලිටරි රේඩාර් තිර මත යානාව පෙරවරු 2:15 පමණ දක්වා (නිශ්චිතව තහවුරු කල) දර්ශනය වී තිබෙයි.
ගමන් මග වෙනස් කිරීම ? මැලේසියානු සිවිල් රේඩාර් තිර මතින් යානාව ඉවත්වූ විගසින් ගමන් මග බටහිර දෙසට වෙනස් කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
අවසාන චන්ද්‍රිකා සංනිවේදනය පෙරවරු 8:11 ACARS සහ සම්ප්‍රේෂ ප්‍රතිචාරක නිමාදැමීමෙන් අනතුරුව, මෙම වේලාවේදී චන්ද්‍රිකා සංනිවේදන ප්‍රතිග්‍රහණයක් සටහන්ව තිබූ නිසා, යානාව තවත් පැය ගණනක් පියාසර කරන්නට ඇතැයි අදහස් කෙරේ.

සෙවීමේ කටයුතු[සංස්කරණය]

නිශ්චයනයන්[සංස්කරණය]

සෙවීම් කටයුතු සිදු කල කලාප. කුඩා රවුම් වලින් දැක්වෙන්නේ විවිධ සුන්බුන් පිළිබඳව වාර්තාවූ ස්ථාන වෙයි.

වියට්නාම ජනතා නාවික හමුදාවේ (Vietnam People's Navy) අද්මිරාල් Ngo Van Phat ට අනූව, ඔවුන්ගේ රේඩාර් පද්ධති වලින් යානය මැකී යන විට, යානය Thổ Chu සිට තායිලන්ත බොක්කේ නාවික සැතපුම් 153 ක් දකුණට වන්න ඉහල අහසේ රැදී තිබිණ.[10][26] මුලදී වියට්නාම රජය විසින් යානය තායිලන්ත බොක්ක ආශ්‍රිත මුහුදට කඩා වැටුනු බවට ප්‍රකාශ කලත්, අදාල ගුවන් සමාගම විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී.[27][28][29] අද්මිරාල් Ngo Van Phat විසින් පවසන ලද පිහිටුම සැබැවින්ම ගුවන් යානය රේඩාර් පද්ධතියෙන් මැකී ගිය අවස්ථාවේ පිහිටුම බවත්, ගුවන් යානය කඩා වැටුණු නිශ්චිත පිහිටුම නොවන බවත්, වියට්නාම නාවික හමුදාව පසුව පැහැදිලි කරන ලදී.[5]

මෙහෙයුම් අතරතුර මුහුදේ තෙල් පැල්ලමක් දුටු බවට ප්‍රථමයෙන්ම වියට්නාම නාවික හමුදාව විසින් ප්‍රකාශ කරන ලදී. ඒවා අතුරුදන් වූ ගුවන් යානයට අයත් විය හැකි බව ඔවුහූ තව දුරටත් ප්‍රකාශ කරන ලදී.[30][31] මේ අතරේදී වියට්නාම සිවිල් ගුවන් පරිපාලන දෙපාර්තමේන්තුවද, Thổ Chu Island දිවයිනේ සිට නාවික සැතපුම් 140ක් දකුණු දිගින් පිහිටි මුහුදේ විශාල ප්‍රමාණයේ තෙල් පැල්ලම් දෙකක් නිරික්ෂණය කල බවට තහවුරු කරන ලදී.[32] Cape Cà Mau සිට ඈත මුහුදේ පාවෙන කිලෝ මීටර 80 ක් තරම් දිගට විහිදුණු පැහැදිලි තෙල් පැල්ලමක් පිළිබඳවද වියට්නාම මෙහෙයුම් අංශ මාර්තු 9 වන දින පැය 08:35 ට වාර්තා කරන ලදී.[33][34] මාර්තු 9 වනදා පැය 17:30 ට පමණ, ගුවන් යානාවක හදිසි පිටවීමේ දොරටුවක් වැනි හඳුනානොගත් වස්තුවක් මුහුදේ පාවන බවට තවත් වියට්නාම සෙවුම් අංශයක් වාර්තා කරන ලදී.[35]

නමුත් පසුව, වියට්නාම සෙවුම් අංශ විසින් වාර්තා කරන ලද එම මුහුදේ පාවූ තෙල් පැල්ලම්, අතුරුදන් වූ යානයේ ඉන්ධන කාන්දුවක් නිසා හටගත් තෙල් පැල්ලම් නොවන බවට මාර්තු 11 වන දිනදී තහවුරු කෙරිණ.[36]

අතුරුදන් වූ යානයේ බවට සැකකෙරෙන වස්තූන් ත්‍රිත්වයක් දකුණු චීන මුහුදේ පාවන අයුරු චීන චන්ද්‍රිකාවක් විසින් ගත් ඡායාරූප කීපයක අන්තර්ගත වන බව[37] මාර්තු 12 වන දින චීන මාධ්‍ය ඔස්සේ අණාවරණය කෙරුණි. නමුත් චීන බළදාරීන් විසින් එය නිශ්චිතව තහවුරු නොකල අතර, මාර්තු 13 වැනි දින මැලේසියාව සහ වියට්නාමයද එම වස්තූන් පිළිබඳව පලවූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරන ලදී.[38]

සෙවීමේ මෙහෙයුමට දායක වූ රටවල්[සංස්කරණය]

යානයේ සෙවීම් කටයුතු සිදු කල කලාප.(මාර්තු 14 වන විට)
ක්වාලාලම්පූර් (පටන් ගැන්ම)
සම්බන්ධතාවය ඇණ හිටීම
බෙයිජිං (ගමනාන්තය)
1000 km
ගුවන් යානය තිබිය හැකි යැයි අනුමාන කරන කලාපය (2014 මාර්තු 15 වන විට)
අතුරුදන් වූ ගුවන් යානය සොයා මෙහෙයුම් දියත් කල කලාප(1 - මාර්තු 12, 2 - මාර්තු 20-23 දක්වා )
මැලේසියාව.[39] (මාර්තු 8 වැනිදා සිට)
ඔස්ට්‍රේලියාව.[40] (මාර්තු 9 වැනිදා සිට)
බංග්ලාදේශය.[41] (මාර්තු 14 වැනිදා සිට)
බෲනායි[42] (මාර්තු 12 වැනිදා සිට)
චීනය.[43] (මාර්තු 8 වැනිදා සිට)
ප්‍රංශය.[44]
ඉන්දියාව.[45] [45][46] (මාර්තු 13 වැනිදා සිට)
ඉන්දුනීසියාව.[9] [47] (මාර්තු 9 වැනිදා සිට)
ජපානය[48] (මාර්තු 12 වැනිදා සිට)
මියන්මාරය.[49](මාර්තු 16 වැනිදා සිට)
නවසීලන්තය[50] (මාර්තු 11 වැනිදා සිට)
නෝර්වේ.[51](මාර්තු 20 වැනිදා සිට)
පිලිපීනය.[26][52] (මාර්තු 8 වැනිදා සිට)
සිංගප්පූරුව.[53] [54]
දකුණු තොරියාව.[55] (මාර්තු 14 වැනිදා සිට)
තායිවානය[56] (මාර්තු 11 වැනිදා සිට)
තායිලන්තය. [57][58] [59]
එක්සත් අරාබි එමීර් රාජ්‍යය.[60][61](මාර්තු 17 වැනිදා සිට)
එක්සත් රාජධානිය.[62] [63](මාර්තු 14 වැනිදා සිට)
අමෙරිකා එක්සත් ජනපදය.[64][65][64] (මාර්තු 8 වැනිදා සිට)
වියට්නාමය.[66][67](මාර්තු 8 වැනිදා සිට)

අතුරුදන් වූ යානය සෙවීම සඳහා මාර්තු 11 වනදා වන විට ඉහත රටවල් විසින් නෞකා 40ක්, ගුවන් යානා 30 කට වැඩි සංඛ්‍යාවක් වියට්නාම මුහුදු තීරය, දකුණු චීන මුහුද සහ මලක්කා සමුද්‍ර සංධිය අශ්‍රිත මුහුදට, යොදවා තුබුණි.

යානය පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවීමත්, යම් යම් අනුමාන කිරීම් හේතුවෙනුත් මාර්තු 14 වන දින විට ගුවන් යානාවේ සෙවීම් කටයුතු ඉන්දියන් සාගරයේ මාලේ අර්ධද්වීපය දක්වා පුළුල් කෙරිණි.[68]

අතුරුදන් වූ යානය සෙවීම සඳහා මාර්තු 15 වනදා වන විට ඉහත රටවල් විසින් නෞකා 43ක්, ගුවන් යානා 58 ක් යානය කඩා වැටෙන්නට ඇතැයි සැක කෙරෙන මුහුදු ප්‍රදේශ වෙත යොදවා තුබුණි. එදිනම වියට්නාමය සිය මුහුදු කලාපය තුල සිදු කල සෙවීමේ කටයුතු නවත්වා දමන ලදී. මාර්තු 16 වනදා මැලේසියානු බලදාරීන්ගේ ඉල්ලීම පරිදි ඉන්දියාව සිය සෙවීම් කටයුතු තාවකාලිකව අත්හිටුවන ලදී.[69]

සිය චන්ද්‍රිකා මගින්, අතුරුදන් වූ යානයේ බවට සැක කෙරෙන සුන්බුන් කොටස් ද්විත්වයක් නිරික්ෂණය කල බවට, ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් මහතා එරට පාර්ලිමේන්තුව තුලදී හෙළි කිරීම නිසා, මාර්තු 20 වනදා වන විට අතුරුදන් වූ යානය සෙවීමේ කටයුතු බටහිර ඕස්ටේ‍්‍රලියානු වෙරළට කිලෝමීටර් 2500 ක් නිරිත දිගින් ඉන්දීය සාගරය දෙසට යොමුවිය.[70]

පසුව එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතවම තිබූ, අතුරුදන් වූ යානයේ බවට සැක කෙරෙන සුන්බුන් කොටස් දැක්වෙන ඡායාරූප සිය චන්ද්‍රිකා තුලද සටහන් වූ බවට චීනය, ප්‍රංශය සහ තායිලන්තයද[71] ප්‍රකාශ කල නිසා, යානය සෙවීමේ කටයුතු එම ප්‍රදේශ තුල තීව්‍ර කරන ලදී.

ගුවන් නියමුවෝ[සංස්කරණය]

9M-MROහී ගුවන් නියමු මැදිරිය, (2004)

යානයේ ප්‍රධාන නියමුවා 53 වියැති මැලේසියාවේ Zaharie Ahmad Shah. 1981 පටන් සේවයට පැමිණි ඔහු ධාවන පැය 18,365 ක පලපුරුද්දක් සහිත නියමුවෙකි.[6][72]

සහයක නියමුවා 27 හැවිරිදි Fariq Bin Ab Hamid. 2007 වසරේ පටන් සේවයේ නියුතු ඔහුට ධාවන පැය 2,763 ක පලපුරුද්දක් තිබිණි.[6]

මේ අතර මාර්තු 11 වන දින ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර පුවත් සේවාවක් වර්ථා කරන ලද්දේ, ගුවන් යානාවේ සිටි 27 හැවිරිදි නියමුවා වූ Fariq Bin Ab Hamid සම්බන්ධව පසුගිය කාලයේ විශමාචාර හැසිරීම් චෝදනා තිබී ඇති බවයි. 2011 වර්ෂයේදී ඔහු ගුවන් යානයේ නියමු කුටියට දකුණු අප්‍රිකානු කාන්තාවන් දෙදෙනෙකු ගෙන්වා ගෙන විනෝද වීමෙන්, ගුවන් යානා නීති රීති උල්ලංඝනය කෙරූ බව එම මාධ්‍ය වාර්තාවෙන්හෙළි කොට තිබුණි.[73]

යානයේ ගමන් ගත් මගීන් සහ කාර්ය මණ්ඩලය[සංස්කරණය]

මැලේසියානු ගුවන් සමාගම විසින් යානයේ සිටි මගීන් 227 දෙනෙකුගේ සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකුගේ අනන්‍යතාවය සහිත විස්තර මුදා හරින ලදී.[6][74]

සොරකම් කරන ලද ඉතාලියට සහ ඔස්ට්‍රියාවට[75] අයත් ගමන් බලපත්‍ර දෙකක් භාවිතයෙන් ඉරාන ජාතිකයෝ දෙදෙනෙක් යානයට ඇතුළු වී සිට ඇති බවට මාර්තු 11 වනදිනදී මැලේසියානු පොලිස් බලදාරීන් විසින් වාර්තා කරන ලදී. ඔවුන් දෙදෙනා වංචනිකව යුරෝපය බලා යාමට උත්සාහ කල දෙදෙනෙකු බවත්, ත්‍රස්ථවාදී ක්‍රියාවකට සම්බන්ධ දෙදෙනෙක් ලෙස අනුමාන කල නොහැකි බවත් ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.[76]


මැලේසියා එයාර්ලයින්ස් පියාසැරි 370 හි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය
ජාතිකත්වය මගීන් කාර්ය
මණ්ඩලය
එකතුව
 ඕස්ට්‍රේලියාව 6 0 6
 කැනඩාව 2 0 2
 චීන මහජන සමූහාණ්ඩුව 152 0 152
 ප්‍රංශය 4 0 4
 හොංකොං 1 0 1
 ඉන්දියාව 5 0 5
 ඉන්දුනීසියාව 7 0 7
 ඉරානය(සොරකම් කරන ලද ගමන් බලපත්‍ර යටතේ ඇතුළු වූ මගීන්.) 2[77] 0 2
 මලයාසියාව 38 12 50
නෙදර්ලන්තය නෙදර්ලන්තය 1 0 1
 නවසීලන්තය 2 0 2
 රුසියාව 1 0 1
 තායිවානය 1 0 1
 යුක්රේනය 2 0 2
 ඇමරිකානු එක්සත් ජනපද 3 0 3
එකතුව 227 12 239

ගුවන් ගමන් අංකය[සංස්කරණය]

අතුරුදන් වූ ගුවන් යානයේ සිටි මගීන් වෙත සිදු කරන ගෞරවයක් වශයෙන්, යානයේ ගුවන් ගමන් අංකය වූ එම්.එච්. 370 සහ 371 (MH370 සහ MH371) යන අංක, මින් ඉදිරියට භාවිත නොකරන බවට මාර්තු 13 වැනි දින ප්‍රකාශයක් නිකුත් කරමින් මලයාසියානු ගුවන් සේවය කියා සිටින ලදී. ඉදිරියේදී ඒ වෙනුවට එම්.එච්. 318 සහ 319 (MH318 සහ MH319) යන අංක භාවිතා කරන බවද ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.[78]

ජ්‍යෙතිර්වේදී අදහස්[සංස්කරණය]

  • ජ්‍යෙතිර්වේදී වන්ද්‍රසිරි බන්ඩාර මහතා පවසන්නේ දින 14 ක් ඇතුලත් යානය පිළිබඳ තොරතුරු හෙළි වන බවකි. ඔහු මෙම සිදුවීම සම්බන්ධයෙන් මාර්තු 17 වන දින දෙරණ රූපවාහිනිය සමඟ මෙසේ අදහස් පළකොට තිබුණි.

මේක සිද්ධවෙන්නේ සෙනසුරු වායු රාශියක්වූ තුලාවේ මේ ගමන් කරන කාලෙදී අවසාන අංශකයට එනවා. ඒ කියන්නෙ අංශක 29 ට එනවා. මේ වායු රාශියක්වූ තුලාව තුළ ගමන් කරන වකවානුවෙදි මේක පැහැදිලිවම ගුවන් අනතුරක් නෙවී. මේක පැහැදිලිවම ප‍්‍රධාන නියමුවෙකුගේ පූර්ණ සහය ඇතිව ඉතාම සූක්ෂ්මව සිදු කළ පැහැරගැනීමක්. මේ ගුවන් පැහැරගැනීමත් ඔබට නිවැරදිව එළිදරව් කරගන්නට අඩුම තරමින් දින 14 කට එහා කාලයක් ගතවෙනවයි කියල වගකීමෙන් යුතුව මට කියන්න පුළුවන් (උපුටා ගැනීම lankacnews)[79]

මාර්තු 15 වන දින මැලේසියානු අගමැති නජිබ් රසාක් මහතා විසින්, අතුරුදන් වූ ගුවන් යානය සිය සන්නිවේදන උපකරණ ක්‍රියා විරහිත කොට නිශ්චිත මාර්ගයෙන් බැහැරව හිතාමතාම බටහිර දෙසට හරවා තව දුරටත් පියාසර කර ඇතැයිද, ගුවන් යානා හැසිරවීම පිළිබඳ මනා පළපුරුද්දක් සහිත පුද්ගලයෙකු විසින් මෙය සිදු කරන්නට ඇතැයි පරික්ෂණ අංශ සැක පහළ කරන බවද[80] යනුවෙන් ප්‍රකාශ කර දින තුනකට පසුව, ජ්‍යෙතිර්වේදී වන්ද්‍රසිරි බන්ඩාර මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමද විශේෂත්වයකි.


  • චෙන්නායි නගරය පදනම් කර ගත් ජ්‍යෙතිර්වේදී හා වාස්තු විද්‍යා විශේෂඥ යුවරාජ් සොවුමා පවසන්නේ සෙනසුරාදා (මාර්තු 22) වන විට යානය හමු වන බවයි. [81]
  • ගනේෂස්පික්ස් නම් සංවිධානයේ භවේශ් පට්නි පවසන්නේ යානය අතුරුදහන්වූයේ තාක්ෂණික දෝෂයක් නිසා බවයි [82]
  • ආධ්‍යාත්මික බලයක් ඇතැයි පවසන ඉන්දියානු ජාතික රාමචන්ද්‍ර ගුරුජී නැමැත්තෙකු එරට රූපවාහිනී වැඩසටහනකට එක්ව, ඔහු විසින් ඉදිරිපත් කල දෙදෙනෙකු මගින් යානයේ ගමන් ගත් පුද්ගලයන්ගේ ආත්ම ආවේශනයට ගොස්, යානය අතුරුදන් වීමේ සිදුවීම විස්තර කිරීම. ඔහුගේ ආධ්‍යාත්මික බලය හෙළි කල ආකාරයට, යානය කඩා වැටී තිබෙන්නේ පැසිපික් සාගරයටයි.[83]

සිදුවීම සම්බන්ධව කාලානුරූපි තොරතුරු[සංස්කරණය]

දිනය වාර්තාවූ සිදුවීම
*මාර්තු 8 ගමන් කරමින් සිටි මගීන් 227ක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු සමග ගුවන් යානය අතුරුදන් වීම.
*මාර්තු 8 සොරකම් කරන ගමන් බලපත්‍ර දෙකක් භාවිතයෙන් පුද්ගලයින් දෙදෙනෙකු යානයට ඇතුළුව සිටි බවට තොරතුරු හෙළිවීම.
*මාර්තු 8 යානය සොයා මැලේසියාව, වියට්නාමය, චීනය, පිලිපීනය සහ අමෙරිකා එක්සත් ජනපදය මෙහෙයුම් ඇරඹීම.
*මාර්තු 9 මුහුදේ පාවෙන තෙල් පැල්ලම් කීපයක් හා සුන්බුන් කීපයක් පිළිබඳව වාර්තා වීම.
*මාර්තු 10 මුහුදේ පාවෙන තෙල් පැල්ලම් අතුරුදන් ගුවන් යානයට අයත් තෙල් පැල්ලම් නොවන බව හෙළිවීම.[84]
*මාර්තු 11 සොරකම් කරන ගමන් බලපත්‍ර දෙකක් භාවිතයෙන් යානයට ඇතුළුව සිටි පුද්ගලයින් දෙදෙනා ඉරාන ජාතිකයෝ බව හෙළිවීම හා ඔවුන් ත්‍රස්ථවාදී සංවිධානයකට සම්බන්ධ වූවන් විය නොහැකි බව අණාවරණය වීම.
*මාර්තු 11 ගුවන් යානාව සිය මාර්ගය වෙනස් කොට මලක්කා සමුද්‍ර සන්ද්‍රිය දෙසට ගමන් කළ බවට තොරතුරු පැතිරීම. නමුත් පසුව මැලේසියානු බළදාරීන් විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී.[85]
*මාර්තු 11 ගුවන් යානාවේ සිටි 27 හැවිරිදි නියමුවා වූ Fariq Bin Ab Hamid සම්බන්ධව අනාචාර හැසිරීම් පැවැති බව හෙළිවීම.[86]
*මාර්තු 11 යානයේ ගමන් ගත් සමහර මගීන්ගේ දුරකථන වලට, ඇමතුමක් ගත් විට නාද වන බව ඥාතීන් විසින් අණාවරණය කිරීම.[87] නමුත් එය සාවද්‍ය බව පසුව වාර්තා වීම.[88]
*මාර්තු 12 යානය සෙවීමේ කටයුතු අන්දමන් මුහුද දෙසට යොමුවීම.
*මාර්තු 12 යානයේ ගමන් ගත් චීන මගීන්ගේ ඥාතීන්ගෙන්, මැලේසියා ගුවන් සේවයේ නිළදාරීන්ට, බෙයිජිං තානාපති කාර්යාලයේ පැවැති රැස්වීමකදී වතුර බෝතල් ප්‍රහාරයක් එල්ල වීම.[89]
*මාර්තු 13 මලයාසියානු ගුවන් යානය කඩා වැටුණු බවට ඇසින් දුටු සාක්ෂියක් පිළිබඳව තොරතුරක් වාර්තා වීම.[90]
*මාර්තු 13 ගුවන් යානය අතුරුදන් වූ වේලාවේ සිට පැය 04 ක කාලයක් පණිවිඩ සම්බන්ධතාවයකින් තොරව ගුවනේ සැරි සරා ඇති බවට, යානය නිපදවූ ඇමරිකානු රෝල්ස් රොයිස් සමාගම විසින් ප්‍රකාශයක් නිකුත් කිරීම.[91] නමුත් මැලේසියානු බළදාරීන් එය ප්‍රතික්ෂේප කරන ලදී.[92]
*මාර්තු 14 යානයේ සෙවුම් කටයුතු ඉන්දියන් සාගරය දක්වා පුළුල් කිරීම.
*මාර්තු 14 ගුවන් යානාවට කුමක් සිදුවීදැයි සෙවීම වෙනුවෙන් එරට දෛවඥයෙකුගේ සහය ඇතිව මලයාසියානු බලදාරීන් විසින් විශේෂ පූජාවක් පැවැත්වීම.[93]
*මාර්තු 14 මෙම ගුවන් යානය අතුරුදන් වූ අදාළ මුහුදු කලාපයේම, මීට පෙර තවත් ගුවන් යානා 6ක් අතුරුදන් බවට විස්තර හෙළිවීම.[94] ඒවා නම්,
  • Pan Malaysian Air Transport (1993)
  • Upali Air flight N482U (1983)
  • Weather reconnaissance flight Swan 38 (1974)
  • Garuda Indonesia Airlines (1961)
  • Charles Kingsford Smith’s Lady Southern Cross (1935)
  • GW Salt and FB Taylor’s private plane (1932) වේ.

මින් Upali Air flight N482U (උපාලි එයාර් ෆ්ලයිට් N482U) යානයේ, ශ්‍රී ලාංකික මිලියනපතියෙකු වූ උපාලි විජේවර්ධන මහතා සිට ඇති අතර, එය 1983 වසරේ පෙබරවාරි 13 වන දින මැලේසියාවේ ක්වාලා සෙලන්ගොර් සිට කිලෝ මීටර 20 ක් පමණ දුරින් වූ මලක්කා සමුද්‍ර සන්ධිය ප්‍රදේශයේදී අතුරුදන් වී තිබේ. යානය ඒ වන විට ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා පියාසර කරමින් තිබූ බව සඳහන්ය.

*මාර්තු 15 ගුවන් යානා පිළිබඳ පළපුරුද්දක් සහිත පුද්ගලයෙකු හෝ කිහිපදෙනෙකු විසින් යානය පැහැරගෙන ඇති බවටත්, යානය අන්දමන් මුහුද දෙසට පියාසර කර ඇති බවටත්, අඥාත මැලේසියානු පරික්ෂණ වාර්තාවක් හෙළි කිරීම.[95] එසේ පැහැර ගැනීමකට ලක්වීමේ හේතුව නොහඳුනන බව එහි සඳහන් වීම.[96] නමුත් එම වාර්තාවේ විශ්වාසනීයත්වය පිළිබඳ ගැටළුකාරී තත්වයක් ඇති බවට මාධ්‍ය වාර්තා සඳහන් කිරීම.
*මාර්තු 15
යානය ගමන් ගන්නට ඇතැයි සැක පහළ කරන මාර්ග ද්විත්වය. (ඉහලට - උතුරු කොරිඩෝව, පහලට - දකුණු කොරිඩෝව)
ගුවන් යානය නිශ්චිත මාර්ගයෙන් බටහිර දෙසට හිතාමතාම හරවා තව දුරටත් පියාසර කර ඇතැයි, මැලේසියානු අගමැති නජිබ් රසාක් මහතා විසින් නිවේදනයක් සිදු කොට ප්‍රකාශ කිරීම. යානය මාර්ග දෙකක් ඔස්සේ ගමන් ගන්නට ඇතැයි සැක පහළ කරන බවට ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කිරීම. [97] පරික්ෂණ සිදු කරන බලදාරීන් විසින් ගුවන් යානාව පැහැරගැනීමකට ලක්ව ඇතැයි එදින පලවූ පලවූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කිරීම. පැහැර ගැනීම තවත් එක් අනුමාන කිරීමක් පමණක් බව සඳහන් කිරීම.[98]
*මාර්තු 16 අතුරුදන් ගුවන් යානය සෙවීම සඳහා දායක වූ රටවල් ප්‍රමාණය 14 සිට 26 දක්වා වැඩිවීම.
*මාර්තු 16 ගුවන් යානයේ ප්‍රධාන නියමුවා වූ 53 වියැති Zaharie Ahmad Shah, පියාසැරියට පෙර මානසික ආතතියකින් සිටි බවට පරික්ෂණ වාර්තාවක් අණාවරණය කිරීම[99] සහ ගුවන් නියමුවන් දෙදෙනාගේ නිවාස සෝදිසියකට ලක් කිරීම. (මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඉබ්‍රහිම්ට සිර දඬුවමකක් නියම වීම සම්බන්ධයෙන් ඔහු මානසිකව කළකිරී සිටි බවට සැක කෙරෙයි.)
*මාර්තු 18 ගුවන් යානයේ ප්‍රධාන නියමුවා වූ Zaharie Ahmad Shahගේ නිවසේ තිබූ ගුවන් සිමියුලේටරයේ, ගුවන් ධාවන පථ 5 ක පුහුණුව සහිත මෘදුකාංගයක් හමුවීම. එම ගුවන් ධාවන පථ අතර ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පථ 3 ක්, මාලදිවයිනේ මාලේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ පථය සහ අමෙරිකාවට අයත් දියාගෝ ගාෂියා දූපතේ හමුදා ධාවන පථයද තිබූ බව සඳහන්ය. මේ සියළුම ධාවන පථ මීටර 1000 ක් පමණ දිගකින් යුක්ත වීමද විශේෂත්වයකි.[100]

කෙසේ නමුත් දියාගෝ ගාෂියා දූපතේ හමුදා ගුවන්තොටුපළට මැලේසියානු යානය ලඟා නොවූ බව අමෙරිකාව මීට පෙර තහවුරු කරන ලදී

*මාර්තු 18 අතුරුදන් යානය සෙවීමේ විශේෂ කටයුතු සඳහා මැලේසියාව, ඇමෙරිකාව, නවසීලන්තය, සහ ඕස්ට්‍රේලියාව යන රටවල් වලට අයත් ගුවන් යානා වලට, දේශීය ගුවන් සීමාවට ඇතුළු වීමට ශ්‍රී ලංකාව අවසර ලබා දීම.[101]
*මාර්තු 18 අතුරුදන් ගුවන් යානයේ සිටි චීන මගීන්ගේ ඥාතීන්, ඔවුන්ට සත්‍ය තොරතුරු හෙළි නොකරන්නේ නම් ආහාර උපවාස ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට තර්ජනය කිරීම.[102]
*මාර්තු 18 මාර්තු 8 වන දින, එනම් යානය අතුරුදන් වූ දින මාලදිවයිනේ Kuda Huvadhoo සංචාරක දිවයිනේ සිටි වැසියන් පිරිසක්, විශාල ගුවන් යානාවක් දූපතට ඉතා ආසන්නයෙන් (ගුවනේ පහතින්) පියාසර කරනු දැක තිබෙන බවට එරට Haveeru news නම් වෙබ් අඩවිය විසින් වාර්තා කිරීම. මාලදිවයින් පොලීසිය එම පුවත සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කිරීම ආරමිභ කිරීම.[103] අතුරුදන් වූ ගුවන් යානය සම්බන්ධයෙන්, එම තොරතුරු වල විශ්වාසනීයත්වය අවම බව මාලදිවයින් බලධාරීන් විසින් කියා කිරීම.[104]
*මාර්තු 19 මාර්තු 8 වනදා සිය රේඩාර් පද්ධතියක සටහන් වූ හඳුනා නොගත් වස්තුවක් පිළිබඳව, තායිලන්තය අණාවරණයක් සිදු කිරීම. එය අතුරුදන් යානයේ සළකුණක් විය හැකි බවට සැක පහළ වීම.[105]
*මාර්තු 19 ප්‍රධාන නියමුවා වූ Zaharie Ahmad Shahගේ ගුවන් සිමියුලේටරයේ මකා දමා තිබෙන දත්ත නැවත ලබා ගැනීමට මැලේසියානු බළධාරීන්, ඇමෙරිකානු FBI සහය පැතීම.[106]
*මාර්තු 19 ගුවන් යානයේ ප්‍රධාන නියමුවා වූ Zaharie Ahmad Shah, මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඉබ්‍රහිම්ගේ සමීප ඥාතියෙකු බව හෙළිවීම.[107] (මැලේසියානු විපක්ෂනායකවරයා මේ වන විට පුංමෛතූනයක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී සිරගතව පසුවෙයි.)
*මාර්තු 20 සිය චන්ද්‍රිකා මගින්, අතුරුදන් වූ යානයේ බවට සැක කෙරෙන සුන්බුන් කොටස් ද්විත්වයක් බටහිර ඕස්ටේ‍්‍රලියානු වෙරළට කිලෝමීටර් 2500 ක් නිරිත දිගින් ඉන්දීය සාගරයේ නිරික්ෂණය කල බවට, ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් මහතා එරට පාර්ලිමේන්තුව තුලදී හෙළි කිරීම. එය තහවුරු කර ගැනීම පිණිස ඕස්ට්‍රේලියාව සහ නොර්වීජීයාව එම ප්‍රදේශයේ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම. (මින් එක් සුන්බුන් කොටසක් මී 24 ක් පමණ දිග බව පැවසේ)[108][109]
*මාර්තු 21 අතුරුදන් වූ යානය සෙවීම වෙනුවෙන්, තම නෞකා හතරකට ඉන්දියානු මුහුදු කලාපය වෙත ඇතුල් වීමට අවසර ලබා දෙන ලෙස චීනය කල ඉල්ලීම, ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කර දැමීම.[110]
*මාර්තු 21 මාර්තු 8 වනදා ජෙඩා සිට ක්වාලාලම්පූර් දක්වා ගමන් කරමින් තිබූ ගුවන් යානයක සිටි කාන්තාවක්, තමා අන්දමන් මුහුදේ කඩා වැටී තිබූ යානාවක් දුටු බවට ප්‍රකාශ කිරීම.[111]
*මාර්තු 22 දකුණු දිග ඉන්දියානු මුහුදේ පාවෙමින් තිබූ, අතුරුදන් වූ යානයේ බවට සැක කෙරෙන සුන්බුන් කොටසක් දැක්වෙන, මාර්තු 18 වන දින ගත් චීන චන්ද්‍රිකා ඡායාරූපයක් සම්බන්ධයෙන් චීනය පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම. (මෙම සුන්බුන් කොටස මී 22× 13 ක් පමණ වන බව පැවසේ) චීන චන්ද්‍රිකාවේ මෙම සුන්බුන් කොටස දැක්වෙන පිහිටුම, මාර්තු 20 වන දින පළකල ඕස්ට්‍රේලියානු චන්ද්‍රිකා ඡායාරූපයේ පිහිටුමට වඩා කිලෝ මීටර 125 ක් පමණ බටහිරින් පිහිටා ඇති බව සඳහන්ය. [112]
*මාර්තු 22 ඕස්ට්‍රේලියානු චන්ද්‍රිකා ඡායාරූපයක් පදනම් කර ගනිමින් මාර්තු 20 වන දින ඕස්ට්‍රේලියාව සහ නොර්වීජීයාව, බටහිර ඕස්ටේ‍්‍රලියානු වෙරළට කිලෝමීටර් 2500 ක් නිරිත දිගින් වූ ඉන්දීය සාගරයේ සිදුකල පරික්ෂණයන්ගේ සාර්ථකත්වයක් ඇති නොවීම.[113]
*මාර්තු 23 ඕස්ට්‍රේලියානු සහ චීන චන්ද්‍රිකා මගින් නිරික්ෂණය කල ප‍්‍රදේශයේම (දකුණු ඉන්දීය සාගරයේ ඕස්ටේ‍්‍රලියාවට කිලෝමීටර් 2500ක් පමණ බටහිරින් වූ පෙදෙස), අතුරුදන් වූ යානයේ බවට සැක කෙරෙන සුන්බුන් කොටස් තම චන්ද්‍රිකා ඡායාරූප මගින්ද නිරීක්ෂණය කල බවට ප්‍රංශය ප්‍රකාශ කිරීම.[114]
*මාර්තු 24 මැලේසියානු අගමැති නජිබ් රසාක් මහතා, අතුරුදන් වූ ගුවන් යානය දක්ෂිණ ඉන්දීය සාගරයට කඩා වැටුණු බවට තහවුරු කිරීම.[115][116][117]
*මාර්තු 25 අතුරුදන් ගුවන් යානය සොයා දකුණු දිග ඉන්දියන් සාගරයේ සිදු කල සෙවීම් කටයුතු, අහිතකර කාලගුණ තත්වය නිසා අත්හිටුවීම.[118] පදනම් විරහිත තොරතුරු ඉදිරිපත් කරන බව පවසමින්, යානයේ සිටි චීන ජාතිකයින්ගේ ඥාතීන්, මැලේසියානු නිළදාරීන්ට චෝදනා සහ විරෝධතා එල්ල කිරීම.[119]
*මාර්තු 25 අතුරුදන් ගුවන් යානයේ කළු පෙට්ටිය තවත් දින 15 ක් තුල සොයා නොගතහොත්, යානයේ කඩා වැටීම සැමදා අභිරහසක්ව පවතිනු ඇති බවට මාධ්‍ය විසින් වාර්ථා කිරීම.[120]
*මාර්තු 26 අහිතකර කාලගුණ තත්වය නිසා අත්හිටවූ යානය සෙවුම් කටයුතු අද නැවතත් පටන් ගැනීම.[121]
*මාර්තු 26 අතුරුදන් ගුවන් යානයට අයත් යැයි සැක කෙරෙන සුන්බුන් 122 ක ප්‍රමාණයක්, සෙවීම් කටයුතු සිදු කරන දකුණු දිග ඉන්දියන් සාගරයේ පාවෙමින් පවතින ආකාරය, 23 වනදා ලබා ගත් ප්‍රංශ චන්ද්‍රිකා ඡායාරූපයන්හී සටහන්ව ඇතිබවට, මැලේසියානු ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කිරීම. (මේ සුන්බුන් කැබලි මීටර 1 සිට මීටර 23 ක් පමණ දක්වා විශාල බව පැවසේ.)[122]
*මාර්තු 27 අතුරුදන් ගුවන් යානයට අයත් යැයි සැක කෙරෙන සුන්බුන් 300 ක පමණ ප්‍රමාණයක්, පර්ත් සිට කිලෝමීටර 2700ක් පමණ නිරිත දෙසින් (ප්‍රංශ චන්ද්‍රිකා ඡායාරූපයන්හී සටහන්ව තිබූ කලාපයේ සිට කිලෝමීටර් 200 ක් පමණ ඊසාන දෙසින්) දකුණු දිග ඉන්දියන් සාගරයේ පාවෙමින් පවතින ආකාරය, 24 වනදා ලබා ගත් තායි චන්ද්‍රිකා ඡායාරූපයන්හී සටහන්ව ඇතිබවට, වාර්ථා වීම.[123]
*මාර්තු 27 අතුරුදන් ගුවන් යානයට අයත් යැයි සැක කෙරෙන සුන්බුන් 10 ක පමණ ප්‍රමාණයක්, 26 වනදා ලබා ගත් ජපාන චන්ද්‍රිකා ඡායාරූපයන්හී සටහන්ව ඇතිබවට වාර්ථා වීම.[124]
*මාර්තු 27 අහිතකර කාලගුණ තත්වය නිසා සෙවුම් කටයුතු සඳහා බාධා එල්ල වීම.[125]
*මාර්තු 28 නව විශ්වාසනීය සාක්ෂි කීපයක් මත පදනම්ව දක්ෂිණ ඉන්දියන් සාගරයේ මෙතෙක් සෙවීම් කටයුතු සිදු කල කලාපය අතහැර ඊට කිලෝ මීටර 1,100 ක් පමණ ඊසාන දිග නව කලාපයක සෙවීම් කටයුතු සිදු කිරීම ඇරඹීම.[126][127]
*මාර්තු 28 සෙවුම් කටයුතු සිදුකරන නව කලාපය තුලදී, අතුරුදන් ගුවන් යානයට අයත් යැයි සැක කෙරෙන සුන්බුන් යම් ප්‍රමාණයක් නවසීලන්ත සෙවුම් යානාවක් විසින් නිරීක්ෂණය කිරීම.[128]
*මාර්තු 30 ගුවන් යානය කඩා වැටෙන්නට ඇතැයි සැක කෙරෙන නව කලාපයේ සෙවුම් කටයුතු සිදු කිරීමට, කලු පෙට්ටිය අණාවරකයක් සහිත යාත්‍රාවක් ඕස්ට්‍රේලියාව විසින් යෙදවීම.[129]
*මාර්තු 31 සෙවුම් කටයුතු සිදුකරන මුහුදේ, අතුරුදන් ගුවන් යානයට අයත් යැයි සැක කෙරෙන තැඹිලි පැහැ කොටස් 4 ක් දර්ශනය වූ බවට ඕස්ට්‍රේලියානු ගුවන් කණ්ඩායමක් පිරිසක් වාර්ථා කිරීම. ගුවන් යානය අතුරුදන්ව අදට දින 22 ක් වන අතර එහි කලු පෙට්ටියේ ආයු කාලය තව දින 8 කින් අවසන් වන බවට මාධ්‍ය විසින් වාර්ථා කිරීම.[130]
*මාර්තු 31 මාර්තු 8 වන දින අතුරුදන් වූ ගුවන් යානාවේ සිටි ෆිලිප් වුඩ් (Phillip Wood) නම් මගියෙකු, තමන් ගමන් ගත් යානාව නොහඳුනන හමුදා පිරිසක් විසින් පැහැරගත් බවත්, ඔහුව අනෙකුත් මගීන්ගෙන් වෙන් කොට කුටියක සිර කොට ඇති බවත්, තමාට ඖෂධ ලබා දී ඇති බව හැඟෙන බවත්, සඳහන් කරමින් තමා වෙතට කෙටි පණිවුඩයක් හා හිස් අඳුරු ඡායාරූපයක් ලැබුණු බවට ජිම් ස්ටෝන් (Jim Stone) නැමැත්තෙකු වාර්ථා කිරීම. තමා IBM හී සේවය කරන්නෙකු බව ෆිලිප් වුඩ් විසින් වැඩි දුරටත් කෙටි පණිවුඩයේ දක්වා ඇත. එම එවන ලද එම ඡායාරූපයෙහි ඛණ්ඩාංක (coordinates), ඇමෙරිකානු හමුදා යටතේ පවතින දියාගෝ ගාෂියා දූපතේ පිහිටි ගොඩනැගිල්ලකට සමපාත වන බවද සඳහන් වෙයි. කෙටි පණිවුඩය ලැබී තිබෙන්නේ මාර්තු 18 වන දිනයි.[131] [132][133]
*අප්‍රියෙල් 2 ගුවන් යානාව අතුරුදන් වීමේ අභිරහස කවදාවත් හෙළි නොවිය හැකි බවට, මැලේසියානු පොලිස්පතිවරයා විසින් අනතුරු හැඟවීම.[134]
*අප්‍රියෙල් 3 අතුරුදන් ගුවන් යානය පිළිබඳ වැඩි විස්තර සොයා බැලීමට මැලේසියානු අගමැති නජිබ් රසාක් මහතා ඕස්ට්‍රේලියාවට පැමිණීම.[135]
*අප්‍රියෙල් 5 අතුරුදන් වූ යානය සොයා මුහුදේ මෙහෙයුම් සිදු කල Ocean Shield නම් චීන මුර සංචාරක නෟකාව මගින්, ගුවන් යානා කළු පෙට්ටිය විසින් නිකුත් කරන සංඛ්‍යාතයන්ට සමාන සංඛ්‍යාතයකින් නිකුත් වූ සංඥා කිහිපයක් ග්‍රහණය කර ගැනීම.[136]
*අප්‍රියෙල් 8 ඕෂන් ෂීල්ඩ් (Ocean Shield) නම් චීන මුර සංචාරක නෞකාව විසින් නැවත වතාවක් අප්‍රියෙල් 5 වනදින ලැබුණු සංඛ්‍යාතයන්ට සමාන සංඛ්‍යාතයකින් නිකුත් වූ සංඥා දෙකක් ග්‍රහණය කර ගැනීම.[137]
*අප්‍රියෙල් 10 ඕෂන් ෂීල්ඩ් චීන මුර සංචාරක නෞකාව විසින් තවත් සංඥාවක් ග්‍රහණය කර ගැනීම.[138]
*අප්‍රියෙල් 11
ඕෂන් ෂීල්ඩ් යාත්‍රාව විසින් සංඥා ග්‍රහණය කරගත් පිහිටුම් සහ සංඥා මැකී ගිය පිහිටුම්
ඕෂන් ෂීල්ඩ් චීන මුර සංචාරක නෞකාව විසින් පසුගිය දිනවල ග්‍රහණය කරගත් සංඥා, ගුවන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වූ සංඥාවන් බවට තමා විශ්වාස කරන බව ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් මහතා කියා සිටීම.[139]
*අප්‍රියෙල් 14 ඕෂන් ෂීල්ඩ් චීන මුර සංචාරක නෞකාව විසින් ග්‍රහණය කරගත් සංඥා එන්නට ඇතැයි අනුමාන කල මුහුදු තීරයට කිලෝමීටර 5.5 ක් පමණ දුරින් තෙල් පැල්ලමක් මතුවීම. එය අතුරුදන් යානයට අයත්දැයි සොයාබැලීමට පරික්ෂණ ඇරඹීම.[140]
*අප්‍රියෙල් 18 අප්‍රියෙල් 14 දින මුහුදේ මතුවූ තෙල් පැල්ලම් අතුරුදන් යානයට අයත් නොවන බව තහවුරු කර ගැනීම.[141]
*අප්‍රියෙල් 24 අතුරුදන් වූ යානයට අයත් යැයි සැකකෙරෙන ලෝහමය කොටසක් ඕස්ට්‍රේලියානු බටහිර වෙරළට ආසන්නයෙන් හමුවීම. නමුත් එය යානාවට අයත් නොවන සුන්බුන් කොටසක් බව පසුව තහවුරු වීම.[142]
*අප්‍රියෙල් 28 අතුරුදන් වූ ගුවන් යානය සොයා සිදුකරන ඉහල සිට සිදුකරන ගුවන් මෙහෙයුම් අත්හිටුවා, මුහුද යට සෙවුම් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අදහස් පළවීම. යානයේ සුන්බුන් මේ වනවිට ගිලීගොස් ඇතැයි අනුමාන කිරීම.[143][144][145]
*අප්‍රියෙල් 29 වත්මන් සෙවීම් කටයුතු දියත් කරන ප්‍රදේශයට කිලෝමීටර 5000 කට පමණ මෙහායින් බෙංගාල බොක්ක කලාපයෙහි තිබී අතුරුදන් MH370 යානයට අයත් යැයි කියන සුන්බුන් කොටස් හමුවූ බවට, ඕස්ට්‍රේලියානු මුහුදු ගවේෂණ ආයතනයක් ප්‍රකාශ කිරීම.[146][147]
*අප්‍රියෙල් 30 ඕස්ට්‍රේලියානු මුහුදු ගවේෂණ ආයතනයක් විසින් යානයට අයත් සුන්බුන් කොටස් හමුවීමට ඉඩහැකි බවට අප්‍රියෙල් 29 දින සිදුකල ප්‍රකාශය, The Joint Agency Coordination Centre (JACC) විසින් ප්‍රතික්ෂේප කිරීම.[148]
*මැයි 1 අතුරුදන් වූ ගුවන් යානය ගැන මූලික පරීක්ෂණ වාර්තාව, මැලේසියානු රජය විසින් මහජනතාවට නිකුත් කිරීම.[149] එම වාර්ථාවට අනූව, සෙවීම් කටයුතු ආරම්භ වී තිබෙන්නේ යානය අතුරුදන් වී පැය 4 කට පසුවයි.
*මැයි 2 අතුරුදන් වූ යානය සෙවීමට තවත් වසරක් පමණ ගතවනු ඇති බවට, සෙවුම් කටයුතු භාර ප්‍රධානියෙකු වූ Angus Houston විසින් ප්‍රකාශ කිරීම.[150]
*මැයි 2 යානාවේ ගමන් ගත් සියළු දෙනා මේ වන විට මියගොස් ඇතැයි යන සත්‍යයට මුහුණ දී සිත් සනසාගන්නා ලෙස, මැලේසියානු බලදාරීන් අතුරුදන් යානාවේ සිටි මගීන්ගේ ඥාතීන්ට දැන්වීම නිසා, ඥාතීන් සිය මියගිය අය වෙනුවෙන් මෙම සති අන්තයේ පළමු අවමගුල සිදුකරන බවට ප්‍රකාශ කිරීම.[151]
*මැයි 5 ඇමරිකානු ආරක්ෂක අංශ විසින් ලබාදුන් තොරතුරු මත පදනම්ව, MH370 ගුවන් යානය අතුරුදන්වීම සම්බන්ධයෙන්, අල්කයිඩා ත‍්‍රස්තවාදීන් සමග ගනුදෙණු කරන කරනවා යැයි කියන පුද්ගලයන් 11 දෙනෙකු මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවරදී අත්අඩංගුවට ගැනීම.[152]
*මැයි 8 අභිරහසක් පමණක් ඉතිරිකරමින්, මැලේසියානු MH370 යානය අතුරුදන් වී අද දිනට මාස දෙකක් සම්පූර්ණ වීම.[153]
*මැයි 20 MH370 ගුවන් යානය වෙඩි තබා බිම හෙළු බවට මතයක් පලවීම.[154]
*මැයි 27 අතුරුදන් වූ MH370 යානයේ චන්ද්‍රිකා දත්ත මැලේසියානු බලදාරීන් විසින් මාධ්‍යයට නික්තු කිරීම.[155]
*මැයි 29 ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවරට වයඹ දෙසින් වන ඉන්දීය මුහුදු ප‍්‍රදේශයේ, අතුරුදන් වූ MH370 යානය නොමැති බව හෙළිවීම.[156]
*මැයි 29 අතුරුදන් වූ MH370 යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වූවා යැයි සැකකළ ශබ්දය ව්‍යාජ ශබ්දයක් බව අමෙරිකානු නාවික හමුදාව ප්‍රකාශ කිරීම.[157]
*ජුනි 5 අතුරුදන් වූ MH370 යානය ඉන්දියාවට ආසන්න මුහුදේදී ගිනිබත් වූ බවට ඇසින් දුටු සාක්ෂියක් පිළිබඳ වාර්ථා වීම.[158]
*ජුනි 16 MH370 ගුවන් යානය අතුරුදහන් වී අදට දින සියයක් සැපිරීම.[159]
*ජුනි 26 MH370 ගුවන් යානය අතුරුදන් වූ අවස්ථාව වන විට ගුවන් නියමුවෙකුගේ පාලනයෙන් තොරව පැවති බවට සැකකරන බව, ඔස්ට්‍රේලියානු මාර්ටින් ඩොලන් (Martin Dolan) විසින් කියා සිටීම.[160]
*සැප්තැම්බර් 15 අතුරුදන් වූ MH370 ගුවන් යානයට අයත් යැයි සැක කෙරෙන සුන්බුන් කොටස් 58ක් ඉන්දීය සාගරයෙන් හමුවීම.[161]
*2015 ජූලි 29 අනතුරෙන් මාස 17කට පසුව රීයූනියන් දිවයිනට ගසාගෙන පැමිණි ගුවන් යානාවක කොටසක් MH370 ගුවන් යානයට අයත් ඒවා විය හැකි බව තහවුරු කිරීම.[162]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Malaysia Airlines 'loses contact with plane'". BBC. 8 March 2014. සම්ප්‍රවේශය 8 March 2014.
  2. "Beijing-bound flight from Malaysia missing". USA TODAY. සම්ප්‍රවේශය 7 March 2014.
  3. "Terrorism not ruled out in disappearance of Malaysia Airlines jet". Chicago Tribune. 8 March 2014. 8 March 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 March 2013.
  4. සංරක්ෂිත පිටපත, http://wpri.com/2014/03/24/malaysia-pm-plane-plunged-into-indian-ocean/, ප්‍රතිෂ්ඨාපනය 2014-03-24 
  5. 5.0 5.1 5.2 "Crash: Malaysia B772 over Gulf of Thailand on Mar 8th 2014, aircraft missing". The Aviation Herald. සම්ප්‍රවේශය 8 March 2014.
  6. 6.0 6.1 6.2 6.3 6.4 6.5 "MH370 Flight Incident". Malaysian Airlines. 8 March 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 March 2014.
  7. Pete Williams, Robert Windrem and Richard Esposito (9 March 2014). "Missing Malaysia Airlines Jet May Have Turned Back: Officials". NBC News. සම්ප්‍රවේශය 9 March 2014.
  8. Grudgings, Stuart. "Malaysia Airlines plane crashes in South China Sea with 239 people aboard: report". සම්ප්‍රවේශය 8 March 2014.
  9. 9.0 9.1 Tasnim Lokman (9 March 2013). "MISSING MH370: Indonesia helps in search for airliner". New Straits Times. සම්ප්‍රවේශය 9 March 2014.
  10. 10.0 10.1 "Vietnam Navy says Malaysia Airlines plane crashes off Tho Chu Island". Tuoi Tre News. 8 March 2014. සම්ප්‍රවේශය 8 March 2014.
  11. "Passengers with stolen passports on board Malaysia Airlines flight". Malaysia Sun. සම්ප්‍රවේශය 8 March 2014.
  12. "U.S. reviews possible terror links in missing Malaysian jet". USA Today. 9 March 2014. සම්ප්‍රවේශය 9 March 2014.
  13. "Reports: FBI prepared to join investigation of missing Malaysia Airlines plane". circa. 9 March 2014. සම්ප්‍රවේශය 9 March 2014.
  14. "Malaysia Airlines MH370: Stolen passport 'no terror link'". BBC News. සම්ප්‍රවේශය 11 March 2014.
  15. සංරක්ෂිත පිටපත, http://www.thewire.com/global/2014/03/families-called-emergency-meeting-mh370/359470/, ප්‍රතිෂ්ඨාපනය 2014-03-24 
  16. "Malaysia Airlines MH370 Flight Incident – 4th Media Statement". Malaysia Airlines. 8 March 2014. 8 March 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 March 2014. {{cite web}}: |archive-date= / |archive-url= timestamp mismatch; $1 suggested (help)
  17. "Great Circle Mapper". Karl L. Swartz. සම්ප්‍රවේශය 9 March 2014.
  18. "Malaysian Airlines System (MH) No. 370 ✈ 08-Mar-2014 ✈ WMKK / KUL – ZBAA / PEK ✈". flightaware. සම්ප්‍රවේශය 8 March 2014.
  19. "Interview with Mikael Robertson of Fight Radar 24, Astro Awani, 8 March 2014". English.astroawani.com. සම්ප්‍රවේශය 8 March 2014.
  20. "MEDIA STATEMENT released at 7.24am/8 Mar 2014 MH370 Incident". Facebook.com. සම්ප්‍රවේශය 10 March 2014.
  21. "UMissing MAS flight: Last point of contact was east of Kota Baru". The Star. 8 March 2014. සම්ප්‍රවේශය 8 March 2014.
  22. Tom Watkins; Chelsea J. Carter (8 March 2014). "Search intensifies for Malaysian airliner and 239 people, rescue ships head to sea". CNN. සම්ප්‍රවේශය 9 March 2014.
  23. "Malaysia Airlines loses contact with plane carrying 239 people – Yahoo!!!7". Yahoo! News. 8 March 2014. සම්ප්‍රවේශය 8 March 2014.
  24. සංරක්ෂිත පිටපත, http://www.channelnewsasia.com/news/specialreports/mh370/news/timeline-last-known/1039030.html, ප්‍රතිෂ්ඨාපනය 2014-03-21 
  25. http://edition.cnn.com/2014/03/31/world/asia/malaysia-airlines-plane/
  26. 26.0 26.1 "Malaysian plane crashed off Vietnam coast: state media". Yahoo News. 8 March 2014. සම්ප්‍රවේශය 8 March 2014.
  27. "Malaysia Airlines Deny Crash". Chicago Tribune. 8 March 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 March 2014.
  28. "Malaysia's transport minister said there was no information on wreckage and he urged against speculation". BBC News. 8 March 2014. සම්ප්‍රවේශය 8 March 2014.
  29. "Too early to come to any conclusion, says Najib". Daily Express. 9 March 2014. සම්ප්‍රවේශය 9 March 2014.
  30. Bradsher, Keith (8 March 2014). "Oil Slick Sighting Is First Sign Malaysia Airlines Plane May Have Crashed". The New York Times. ISSN 0362-4331. සම්ප්‍රවේශය 8 March 2014.
  31. "Five young children among missing Malaysia Airlines passengers as air search called off". South China Morning Post. සම්ප්‍රවේශය 8 March 2014.
  32. "Missing MAS flight: Two giant oil slicks spotted off Vietnam coast". The Star. 8 March 2014. සම්ප්‍රවේශය 8 March 2014.
  33. "Tiếp cận hiện trường khu vực máy bay Malaysia mất tích" (Vietnamese බසින්). Tuổi Trẻ. 9 March 2014. සම්ප්‍රවේශය 9 March 2014.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  34. "Exclusive: Probe into missing Malaysia plane looks at possible mid-air disintegration". Reuters. 9 March 2014. සම්ප්‍රවේශය 9 March 2014.
  35. Ng, Brummitt, Eileen, Chris. "Vietnam says it may have found missing jet's door". Yahoo! News Malaysia. සම්ප්‍රවේශය 9 March 2014.{{cite web}}: CS1 maint: multiple names: authors list (link)
  36. http://www.philstar.com/world/2014/03/11/1299657/oil-slick-not-missing-malaysia-plane
  37. http://rt.com/news/satellite-image-malaysia-plane-426/
  38. http://www.usatoday.com/story/news/world/2014/03/12/malaysia-airlines-investigation/6315339/
  39. "Missing MAS flight: Malaysia grateful for assistance in search and rescue operations, says Anifah". The Star. 9 March 2014. සම්ප්‍රවේශය 9 March 2014.
  40. "Australia sending two P3C Orions from Darwin to Malaysia to aid with the search for missing Malaysian flight MH370". News Corp Australia. 9 March 2014. සම්ප්‍රවේශය 9 March 2014.
  41. "Bangladesh to Help Search Missing Plane". The Financial Express. 14 March 2014. සම්ප්‍රවේශය 14 March 2014.
  42. "Brunei's Suldan sends message of sympathy to Chinese president over loss of flight MH370". Xinhua News Agency. 10 March 2014. සම්ප්‍රවේශය 12 March 2014.
  43. "Chinese warships on way to rescue mission". Xinhua News Agency. 9 March 2014. සම්ප්‍රවේශය 9 March 2014.
  44. "French accident board offers help recovering missing flight MH370". The Malaysian Insider. 10 March 2014. සම්ප්‍රවේශය 10 March 2014.
  45. 45.0 45.1 Gupta, Jayanta. "Indian Navy joins search". The Times of India. සම්ප්‍රවේශය 11 March 2014.
  46. Indian Navy joins the search for missing Malaysian plane සංරක්ෂණය කළ පිටපත 2014-03-16 at the Wayback Machine IBN Live 13 March 2014
  47. Fadli (9 March 2014). "RI deploys warships, aircraft to SCS to search for missing aircraft". The Jakarta Post. සම්ප්‍රවේශය 9 March 2014.
  48. "MH370 SAR ops: Tokyo dispatches Japan Disaster Relief team". The Malay Mail. 12 March 2014. සම්ප්‍රවේශය 12 March 2014.
  49. "Malaysia asks more countries to join plane probe as search area expanded". Xinhua News Agency. 16 March 2014. සම්ප්‍රවේශය 17 March 2014.
  50. Michael Field (11 March 2014). "NZ air force joins search for missing jet". stuff.co.nz. සම්ප්‍රවේශය 11 March 2014.
  51. http://www.globaltimes.cn/content/849771.shtml
  52. "PH joins SE Asia search for Malaysian plane". Rappler. 8 March 2014. සම්ප්‍රවේශය 8 March 2014.
  53. "Malaysia Airlines missing flight: Live Report". Yahoo! News Malaysia. 8 March 2014. සම්ප්‍රවේශය 8 March 2014.
  54. "Additional SAF assets deployed in response to missing Malaysia Airlines Plane (09 Mar 14)". Ministry of Defence of Singapore. 9 March 2014. සම්ප්‍රවේශය 9 March 2014.
  55. "MISSING MH370: South Korea sends two aircraft to help with SAR". New Straits Times. 14 March 2014. සම්ප්‍රවේශය 14 March 2014.
  56. "Taiwan joins search for Malaysia Airlines Flight 370". Taiwan Today. 11 March 2014. 12 March 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 March 2014.
  57. "Thai navy ready to deploy rescue vessels, aircraft for missing Malaysian plane: spokesman". CCTV News. 8 March 2014. සම්ප්‍රවේශය 9 March 2014.
  58. "MISSING MH370: Rescue efforts under way". New Straits Times. 9 March 2014. සම්ප්‍රවේශය 9 March 2014.
  59. Jim Clancy and Mark Morgenstein (9 March 2014). "New leads explored in hunt for missing Malaysia Airlines flight". CNN News. සම්ප්‍රවේශය 10 March 2014.
  60. "Missing Malaysia Airlines latest update: UAE Armed Forces now part of search". Emirates 24/7 News. 18 March 2014.
  61. "UAE Armed Forces join search for missing Malaysia Airlines flight MH370". The National. 17 March 2014. සම්ප්‍රවේශය 19 March 2014.
  62. "Missing MH370: Britain's air accident investigation team arrives". The Star. 14 March 2014. සම්ප්‍රවේශය 16 March 2014.
  63. "ITV News report 20 March 2014". Itv.com. 2014-03-14. සම්ප්‍රවේශය 2014-03-20.
  64. 64.0 64.1 "US P-3 and USS Pinckney helicopter over Malaysian Airlines search site". U.S. Seventh Fleet Public Affairs. 9 March 2014. සම්ප්‍රවේශය 9 March 2014. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "USNavy" defined multiple times with different content
  65. "U.S. Sends Destroyer to Aid Search for Malaysia Airlines Jet". NBC News. 8 March 2014. සම්ප්‍රවේශය 8 March 2014.
  66. "RSAF sends plane to search for missing Malaysia Airlines aircraft". Channel NewsAsia. 8 March 2014.
  67. "No piece of metal found 60km from Vung Tau". Bubblews.
  68. http://www.bbc.co.uk/news/world-asia-26572172
  69. http://www.ndtv.com/article/india/india-puts-on-hold-search-for-malaysia-airlines-plane-awaits-new-instructions-496336
  70. http://www.smh.com.au/federal-politics/political-news/missing-malaysia-airlines-flight-mh370-pm-tony-abbott-says-satellite-images-could-be-wreckage-of-crashed-plane-20140320-354ij.html
  71. සංරක්ෂිත පිටපත, http://www.news.com.au/travel/travel-updates/thai-satellite-spots-300-objects-possibly-part-of-missing-malaysia-airlines-flight-mh370/story-fnizu68q-1226865929215, ප්‍රතිෂ්ඨාපනය 2014-03-29 
  72. "Missing MAS flight: Captain piloting MH370 a Penang boy". The Straits Times. 8 March 2014. සම්ප්‍රවේශය 9 March 2014.
  73. http://www.emirates247.com/news/malaysian-flight-last-words-good-night-search-widened-to-andaman-2014-03-11-1.540786
  74. "MH 370 PASSENGER MANIFEST" (PDF). Malaysia Airlines. 8 March 2014. සම්ප්‍රවේශය 8 March 2014.
  75. Tania Branigan; Kate Hodal (10 March 2014). "Flight MH370: officials 'puzzled' by Malaysia mystery as search widens". The Guardian. සම්ප්‍රවේශය 10 March 2014.
  76. "Malaysia Airlines MH370: Stolen passport 'no terror link'". BBC News. සම්ප්‍රවේශය 11 March 2014.
  77. "Stolen jet passport 'no terror link'". BBC News. 11 March 2014. සම්ප්‍රවේශය 11 March 2014.
  78. Anwar, Zafira; Nambiar, Predeep "MISSING MH370: MAS changes flight number for KL-Beijing-KL flights". New Straits Times.
  79. http://lankacnews.com/sinhala/main-news/112188/
  80. http://www.theguardian.com/world/2014/mar/15/malaysian-pms-full-statement
  81. http://www.mid-day.com/articles/vasthu-shastra-expert-predicts-missing-malaysian-jet-will-be-found-by-saturday/15156134
  82. සංරක්ෂිත පිටපත, http://www.ganeshaspeaks.com/blog_malaysia_airlines_mh370_goes_missing.action, ප්‍රතිෂ්ඨාපනය 2014-03-17 
  83. http://www.gossiplankanews.com/2014/03/guruji-speaks-to-souls-of-mh370-missing.html
  84. සංරක්ෂිත පිටපත, http://www.channelnewsasia.com/news/asiapacific/timeline-the-hunt-for/1042818.html, ප්‍රතිෂ්ඨාපනය 2014-03-21 
  85. http://www.usatoday.com/story/news/world/2014/03/11/malaysia-airlines-investigation/6282557/
  86. http://www.dailymail.co.uk/news/article-2578146/Young-blonde-says-missing-Malaysia-Airlines-pilot-invited-friend-ride-cockpit-entire-flight-2011.html
  87. http://www.usatoday.com/story/news/world/2014/03/11/malaysia-airlines-370-passengers-cell-phones/6285325/
  88. http://edition.cnn.com/2014/03/12/world/asia/mh370-phone-theory-debunked/
  89. http://www.dailymail.co.uk/news/article-2578914/Nine-fresh-witnesses-place-missing-jet-near-Thailand-despite-Malaysia-military-moving-search-area-west.html
  90. සංරක්ෂිත පිටපත, http://www.3news.co.nz/Eyewitness-reports-seeing-missing-plane-on-fire/tabid/417/articleID/335680/Default.aspx, ප්‍රතිෂ්ඨාපනය 2014-03-13 
  91. http://www.cbc.ca/news/world/malaysia-airlines-flight-mh370-search-widens-west-1.2570313
  92. http://www.voanews.com/content/malaysia-denies-missing-plane-flew-4-hours-after-last-contact/1870241.html
  93. http://www.themalaymailonline.com/malaysia/article/putrajaya-insists-did-not-invite-bomoh-to-locate-mh370
  94. http://www.mirror.co.uk/news/world-news/missing-malaysian-airlines-flight-seven-3241706
  95. http://www.latimes.com/world/worldnow/la-fgw-wn-malaysia-plane-hijacking-20140314,0,356436.story#axzz2w0OzYUC2
  96. http://ktla.com/2014/03/14/new-report-says-missing-malaysian-plane-may-have-been-hijacked-as-is-expanded/
  97. සංරක්ෂිත පිටපත, http://www.channelnewsasia.com/news/asiapacific/missing-mh370-plane-s/1036744.html#.UyQUjvlp7rQ.facebook, ප්‍රතිෂ්ඨාපනය 2014-03-15 
  98. http://www.telegraph.co.uk/news/worldnews/asia/malaysia/10699933/Missing-Malaysia-Airlines-flight-MH370-investigator-denies-claim-plane-was-hija
  99. http://www.bbc.com/news/world-asia-26599394
  100. සංරක්ෂිත පිටපත, http://www.themalaysianinsider.com/malaysia/article/us-military-base-south-asian-airports-in-mh370-pilots-simulator-says-paper, ප්‍රතිෂ්ඨාපනය 2014-03-18 
  101. http://www.adaderana.lk/news.php?nid=26119
  102. http://www.theguardian.com/world/2014/mar/18/malaysia-airlines-hunger-strike-chinese-missing-plane-mh370
  103. සංරක්ෂිත පිටපත, http://www.channelnewsasia.com/news/asiapacific/maldives-police-probe/1040832.html, ප්‍රතිෂ්ඨාපනය 2014-03-19 
  104. http://www.freemalaysiatoday.com/category/nation/2014/03/19/missing-plane-spotted-near-maldives/
  105. http://abcnews.go.com/International/wireStory/china-finds-terror-link-nationals-jet-22951466
  106. http://www.nytimes.com/2014/03/20/world/asia/missing-malaysia-flight.html?hpw&rref=world&_r=0
  107. http://www.dailymail.co.uk/news/article-2583217/Revealed-Pilot-RELATED-jailed-Malaysian-opposition-leader-families-lost-relatives-threaten-hunger-strike.html
  108. http://www.hirunews.lk/sinhala/79654
  109. http://www.theguardian.com/world/2014/mar/20/mh370-two-possible-objects-may-have-been-found-in-australian-search-zone
  110. සංරක්ෂිත පිටපත, http://chinadailymail.com/2014/03/21/china-refused-permission-to-search-for-missing-plane-in-indian-waters/, ප්‍රතිෂ්ඨාපනය 2014-03-21 
  111. http://www.dailymail.co.uk/news/article-2586013/Malaysian-woman-claims-seen-missing-MH370-water-near-Andaman-Islands-day-disappeared.html
  112. http://www.bbc.com/news/world-asia-26697048
  113. http://www.bbc.co.uk/news/world-asia-26677056
  114. http://www.dailymail.co.uk/news/article-2587209/Now-France-says-satellite-images-objects-missing-MH370-airliner.html
  115. http://www.haaretz.com/news/world/1.581664
  116. http://edition.cnn.com/2014/03/24/world/asia/malaysia-airlines-plane/
  117. http://www.euronews.com/2014/03/24/live-mh370-us-search-plane-unable-to-find-objects-spotted-by-chinese-on-south-/
  118. http://www.ndtv.com/article/world/australia-suspends-search-for-jet-debris-citing-bad-weather-500075
  119. http://edition.cnn.com/2014/03/25/world/asia/malaysia-airlines-plane/
  120. සංරක්ෂිත පිටපත, http://perezhilton.com/2014-03-25-malaysian-airlines-flight-370-black-box-must-be-found-before-batteries-die#.UzLbiqiSwdA, ප්‍රතිෂ්ඨාපනය 2014-03-26 
  121. http://www.irishexaminer.com/breakingnews/world/malaysia-plane-search-resumes-as-seas-calm-626049.html
  122. http://www.independent.co.uk/news/world/asia/missing-malaysia-flight-mh370-french-satellite-images-show-possible-debris-field-of-122-objects-in-search-area-9216139.html
  123. http://www.bbc.com/news/world-asia-26763358
  124. http://www.themalaymailonline.com/malaysia/article/japan-satellite-images-show-floating-objects-possibly-from-mh370-reports
  125. http://www.business-standard.com/article/news-ians/300-more-objects-spotted-bad-weather-disrupts-jet-search-roundup-114032701209_1.html
  126. http://edition.cnn.com/2014/03/27/world/asia/malaysia-airlines-plane/
  127. http://www.chicagotribune.com/news/chi-malaysia-plane-search-20140327,0,725532.story
  128. http://www.smh.com.au/national/malaysia-airlines-mh370-plane-detects-debris-in-new-search-zone-20140328-35p0p.html
  129. සංරක්ෂිත පිටපත, http://www.weather.com/tv/tvshows/americas-morning-headquarters/missing-malaysia-airlines-plane-flight-370-update-20140317, ප්‍රතිෂ්ඨාපනය 2014-03-30 
  130. http://edition.cnn.com/2014/03/30/world/asia/malaysia-airlines-plane/
  131. http://beforeitsnews.com/scandals/2014/03/missing-maylasian-plane-passenger-ibm-exec-philip-wood-sends-phone-text-message-from-diego-garcia-2433790.html
  132. සංරක්ෂිත පිටපත, http://kiis1065.com.au/news/text-message-from-mh370-sent-10-days-after-plane-disappears, ප්‍රතිෂ්ඨාපනය 2014-04-05 
  133. http://www.closeronline.co.uk/2014/04/missing-flight-mh370-passenger-sends-desperate-text-i-am-being-held-hostage
  134. http://www.theguardian.com/world/2014/apr/02/mh370-malaysia-police-chief-missing-malaysia-airlines-plane-mystery
  135. සංරක්ෂිත පිටපත, http://time.com/47813/malaysian-pm-visits-australian-base-for-jet-search/, ප්‍රතිෂ්ඨාපනය 2014-04-04 
  136. http://www.theguardian.com/world/2014/apr/05/mh370-chinese-patrol-ship-detects-pulse-signal
  137. "Missing plane search has 'best lead so far'". BBC. සම්ප්‍රවේශය 7 April 2014.
  138. Malaysia Airlines Flight 370 searchers hear another possible black box ping from Indian Ocean . CBS, 10 April 2014
  139. http://time.com/59062/mh370-black-box-may-be-found/
  140. "Malaysia Airlines MH370: submarine to be deployed as oil slick spotted". The Daily Telegraph. සම්ප්‍රවේශය 14 April 2014.
  141. Withnall, Adam. "Malaysia Airlines flight MH370: Analysis of Indian Ocean oil slick shows it is not from missing jet". The Independent. සම්ප්‍රවේශය 18 April 2014.
  142. Paul Farrel. "Link to MH370 discounted after debris washes up on Western Australia coast". www.theguardian.com. 26 April 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 26 April 2014. {{cite web}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  143. JACC Transcript of Press Conference Retrieved 28 April 2014)
  144. Missing plane: Search enters 'new phase' BBC 28 April 2014 Last updated at 06:15
  145. Press conference video extract Sydney Morning Herald (Retrieved 28 April 20214)
  146. http://indiatoday.intoday.in/story/missing-flight-mh370-malaysia-airlines-search-for-mh370/1/358097.html
  147. http://www.stuff.co.nz/world/asia/9988528/Australian-company-claims-MH370-wreckage-found
  148. Marquez, Miguel; Molko, David; Yan, Holly (30 April 2014). "Searchers dispute company's claim that it may have found aircraft wreckage". CNN. සම්ප්‍රවේශය 30 April 2014.
  149. http://www.hirunews.lk/sinhala/82385
  150. http://www.nbcnews.com/storyline/missing-jet/owe-it-families-search-jet-may-take-year-n95376
  151. http://www.voanews.com/content/as-first-funerals-set-for-mh370-passengers-malaysia-says-face-reality/1906077.html
  152. http://www.hirunews.lk/sinhala/82584
  153. සංරක්ෂිත පිටපත, http://newsfirst.lk/sinhala/2014/05/%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94-mh370-%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1/, ප්‍රතිෂ්ඨාපනය 2014-05-09 
  154. http://www.hirunews.lk/sinhala/83603
  155. http://www.hirunews.lk/sinhala/84113
  156. http://www.hirunews.lk/sinhala/84280
  157. සංරක්ෂිත පිටපත, http://newsfirst.lk/sinhala/2014/05/mh370-%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A-%E0%B6%9A%E0%B7%85%E0%B7%94-%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%81%E0%B6%B6%E0%B7%8A/, ප්‍රතිෂ්ඨාපනය 2014-05-30 
  158. සංරක්ෂිත පිටපත, http://newsfirst.lk/sinhala/2014/06/mh370-%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B8%E0%B7%94%E0%B7%84/, ප්‍රතිෂ්ඨාපනය 2014-06-06 
  159. http://sinhala.adaderana.lk/news.php?nid=43995
  160. http://www.nbcnews.com/storyline/missing-jet/missing-flight-mh370-was-autopilot-crashing-official-n141331
  161. http://www.hirunews.lk/sinhala/92214
  162. http://www.express.co.uk/news/world/596319/Malaysia-Airlines-MH370-found-debris-confirm-Reunion

භාහිර සබැදි[සංස්කරණය]