උපාලි විජේවර්ධන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ෆිලිප් උපාලි විජේවර්ධන (1938–1983) විසිවන සියවසෙහි විසූ ශූර ව්‍යාපාරිකයකු පමණක්‌ නොව සමාජ ආර්ථික හා දේශපාලන දැක්‌මකින්ද පිරිපුන් ප්‍රාඥයෙක්‌ ද වූහ. උපාලි විඡේවර්ධනයන්ගේ ව්‍යාපාරික ඥනය සිය පරපුරෙන් ලද සහජ උරුමයක්‌ මෙන්ම ජගත් ව්‍යාපාරික ක්‍ෂේත්‍රයෙන් ලද සාර අත්දැකීම් හා ඥන ගවේෂණයෙන්ද පරිසමාප්ත වූවක්‌ විය. ඔහුගේ ව්‍යාපාර මෙහෙයුම් අසාමාන්‍ය වූ බව ඔහුගේ සමකාලීනයෝම සඳහන් කරති. ශ්‍රී ලංකාව කේන්ද්‍රකරගනිමින් ඔවුන් විසින් අරඹන ලද ව්‍යාපාර ජාලය, ව්‍යාපාර අධිරාජ්‍යයක්‌ ලෙස වැඩෙනු දැකීම ඔහුගේ අභිලාෂය විය. හේ එක්‌ සියවසක පා තබා තවත් සියවසක්‌ ඉක්‌මවමින් ප්‍රඥලෝකයක්‌ විහිදවූවකු ලෙසද සමහරු හඳුන්වති.

ව්‍යාපාරික දිවිය[සංස්කරණය]

කුඩා සීනිබෝල ආයතනයකින් ඇරඹුණු ඔහුගේ ව්‍යාපාර ජාලයට විවිධ අංග එක්‌ කළ ඔහු ගුවන්විදුලි හා මෝටර් රථ නිෂ්පාදනය වැනි කටයුතුවලට ද අවකාශ සලසා ගත්තේය. සිලෝන් චොක්‌ලට්‌ සමාගම හා උපාලි මෝටර් රථ සමාගමට අමතරව වැවිලි සමාගමක්‌ද ආරම්භ කළ ඔහු සිය ව්‍යාපාර විවිධාංගකරණය සඳහාද නිබඳ අවධානය යොමු කළේය. එනිසාම ජගත් ව්‍යාපාරික ක්‍ෂේත්‍රයෙහිද ඔහු ප්‍රකටව සිටියේය.

උපාලි සමූහ ව්‍යාපාරයට අමතරව රටවල් කීපයකම ඔහුට අයත් ව්‍යාපාරික ආයතන හා සමාගම්ද විය. සුපිරි පන්තියට අයත් ව්‍යාපාරික අධිරාජ්‍යයන්ට හිමිවන ලියර් ජෙට්‌ යානයක හිමිකරුවකු වීමටද ඔහු සමත් විය. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන් සේවයක්‌ ඇරඹීමට ඔහු සැලසුම් කර තිබිණි. මෙම සාඩම්බර ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා දෙස වපරැසින් බැලූ අයද වූහ. එහෙත් ඔහු අධිෂ්ඨානයෙන්ද වීර්යයෙන් යුතු චරිතයක්‌ විය.

උපාලි විජයවර්ධනයන්ගේ මෙම චරිතාංගය සිය පාරම්පරික ඥනයේත් සිංහල බෞද්ධ සංස්‌කෘතික විඥනයේත් සුසංයෝගයක්‌ ලෙස මම දකිමි. උපාලි විජයවර්ධනයෝ කැලණි රජමහා විහාරය සමග මෙන්ම සිය උපන්ගම වූ කඹුරුපිටිය සමගද දැඩිව බැඳී සිටියහ. කැලණි විහාරයේ බස්‌නායක ධුරය ද හෙබවූ හේ තමන්ගේ නිෂ්පාදනයක ප්‍රථම ඵලය කැලණි විහාරයට පූජා කිරීමටද පුරුදුව සිටියහ. කඹුරුපිටිය ජනතාවද ඔහුට මහත්සේ ආදරය කළහ. කඹුරුපිටිය කේන්ද්‍රකරගනිමින් ඇරඹුණු සමාජ මෙහෙවර පසු කලක ජාතික දේශපාලනය සඳහා ඔහු පොළඹවන්නට ඇතැයිද සිතේ.

උපාලි විජයවර්ධනයන්ගේ සමීපතම මිත්‍රයෙකු මෙන්ම ඥතියකු ද වූ ඡේ. ආර්. ජයවර්ධන මේ රටේ බලයට පත්වීමත් සමග විප්ලවීය ආර්ථික පෙරළියක්‌ සඳහා ජයවර්ධන රජයට උපදෙස්‌ දීමටද ඔහු පියවර ගත්තේය. මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටුවා එහි සභාපති ධුරයද විජයවර්ධනයන්ට පවරන ලද්දේ ඡේ. ආර්. ජයවර්ධන විසින්මය. ඔහු එම ධුරයෙහි සේවය කළේ වැටුපක්‌ හෝ නිල වාහනයක්‌ හෝ නොමැතිවය. ඒ ඔහු කිසිවකුගේ මෙහෙයවීමකට යටත් නොවන ස්‌වාධීන පුද්ගලයකු වූ හෙයිනි.

උපාලි විජයවර්ධනයන් තුළ අප්‍රමාණ ජාතික අනුරාගයත්, අදීන චින්තනයත් අප හඳුනාගත්තේ ඔහු විසින් ආරම්භ කරන ලද "දිවයින" හා "දි අයිලන්ඩ්" පුවත්පත් මගිනි. ශ්‍රී ලංකාවේ පුවත්පත් ව්‍යාපාරයේ සමාරම්භක නායකයකු වූ ඩී. ආර්. විජයවර්ධන මහතා ඔහුගේ මාමා විය. සිය ව්‍යාපාරික අධිරාජ්‍යයෙන් වෙනස්‌ වූ පුවත්පත් නිෂ්පාදන ක්‍ෂේත්‍රය සඳහා ඔහු යොමු වූයේ ඒ වන විට සිය මාමා වූ ඩී. ආර්. විජයවර්ධනයන් සතු වූ ලේක්‌හවුස්‌ ආයතනය රජය සතුවීම නිසා බව මම කල්පනා කරමි. "දිවයින" ආරම්භ කිරීම සඳහා විජයවර්ධනයන් ආරාධනා කළ එඩ්මන්ඩ් රණසිංහ මහතා ප්‍රමුඛ පළමු කණ්‌ඩායමට මමද අයත් වීමි.

දිවයින[සංස්කරණය]

එඩ්මන්ඩ් රණසිංහය ඒ කාලයේ ප්‍රකාශ කළ එක්‌ දෙයක්‌ වූයේ ලේක්‌හවුස්‌ ආයතනය රජය සතුවීමත් සමගම මේ රටේ නිදහස්‌ චින්තනයට බාධාවක්‌ සිදුවී ඇතැයි යන්න උපාලි විජයවර්ධනයන් තුළ රැව්දුන් අදහසක්‌ වූ බවය. "දිවයින" හා "දි අයිලන්ඩ්" පුවත්පත් ඒ නිදහස්‌ ප්‍රකාශනය හා ජාතික සංස්‌කෘතික අභිලාෂයන් මත මෙහෙය විය යුතු බවද ඔවුන් අපේක්‌ෂා කළ දෙයකි. දිවයින හා දි අයිලන්ඩ් පුවත්පත් බිහිවීම නිසා දේශපාලන වශයෙන් අපේක්‌ෂා භංගත්වයට පත්වූ අයද වූහ. එහි අතුරුපල අපගේ පත්‍රවලටද ලැබිණි. පුවත්පත යනු සිව්වන ආණ්‌ඩුවක්‌ බව දත් විජයවර්ධනයෝ ඒ කිසිදු දේශපාලන උදහසක්‌ අබියස නොසැලුනහ. විජයවර්ධනයන්ගේ සමීප ඥතියකු වූ "ඩිකී අයියා" හෙවත් ඡේ. ආර් ටද ඔහු ගැන නොයෙක්‌ ගතු කේලාම්ද ලැබිණි. උපාලි පුවත්පත්වලට රජයේ වෙළෙඳ දැන්වීම් ලබාදීමට රජයේම ඇතැම් කෙනෙක්‌ තහනම් කර තිබිණි. එහෙත් ඒ කිසිවකින් දිවයින හෝ අයිලන්ඩ් පුවත්පත් හීලෑ කරගත නොහැකි විය.

දේශපාලනය[සංස්කරණය]

උපාලි විජයවර්ධනයෝ ශ්‍රී ලාංකික දේශපාලනය පිළිබඳව ද ඉමහත් උනන්දුවක්‌ දැක්‌වූහ. ස්‌වාධීන හා නිදහස්‌ පුවත්පතක්‌ ජාතියට දායාද කළේ ද එකී දේශපාලන විඥනය නිසාම විය හැකිය. වරක්‌ හේ අතුරු මැතිවරණයක්‌ සඳහා ඉදිරිපත්වීමටද සූදානමින් සිටියේය. කුමක්‌ හෝ හේතුවකින් ඒවා ක්‍රියාත්මක නොවූවාද විය හැකිය. එහෙත් ශ්‍රී ලංකාව හා මුළු මහත් ජනතාව වෙනුවෙන් ඔහු තුළ වූ සිහින හා ප්‍රාර්ථනා යථාර්ථයක්‌ බවට පත්කර ගැනීමේ ගැඹුරු අධිෂ්ඨානයක්‌ ඔහු තුළ විය.

ඇතැම් දේශපාලන බලධාරීහු උපාලි විජයවර්ධනයන් නොඉවසූහ. එමතු නොව ඇතැම්හු සිය මන්ත්‍රීවරප්‍රසාද වලට මුවාවෙමින් ඔහුට නොයෙක්‌ අවමන් හා ගැරහුම් ද කළහ. දේශපාලන වේදිකාවලදී මෙන්ම පාර්ලිමේන්තුවේදීත් තමන්ට එල්ලවන ප්‍රහාර නොතකා සිටීමට පමණක්‌ නොව ඒවා සිය පුවත්පත් වන දිවයින හා අයිලන්ඩ්හි පළවනු දැකීමටත් ඔහු රිසිවිය. අධිෂ්ඨානශීලි මිනිසකු දුබල දේශපාලන ප්‍රහාරයකින් පසු බැස්‌ස නොහැකි බව ඔහුගේ එම ප්‍රතිචාර මගින් අපට ප්‍රත්‍යක්‍ෂ විය.

අතුරුදන්වීම[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=උපාලි_විජේවර්ධන&oldid=268928" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි