ඇස

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ආලෝකය හඳුනාගන්නා ඉන්ද්‍රිය වන්නේ ඇසයි. නොයෙකුත් වර්ගයන්හි ආලෝක සංවේදී ඉන්ද්‍රියන් විවිධ සත්ත්ව කොට්ඨාශයන්හි දක්නට ඇත. ඒ අතරින් සරලතම ඇස් තම වටපිටාවෙහි ආලෝකය හා අඳුරවෙන්කර හදුන්වාගන්නවා හැර වෙනත් කාරියක් කිරීමට අපොහොසත් වේ. මෙමගින් දිවා රාත්‍රී දෙකෙහි වෙනස හඳුනාගැනීමක් සිදුකරන අතර මෙය සත්‍ය වශයෙන්ම පෙනීමක් ලෙස සැළකිය නොහැක. වඩාත් සංකීර්ණ ඇස්වලට වර්ණ සහ හැඩතල හදුනාගත හැක. එවැනි ඇතැම් ඇස්වලට වර්ණ සහ මිනිස් ඇසක මෙන් දෘෂ්ටි පරාසය විශාල වශයෙන් අතිපිහිට වීමෙන් වඩාත් හොදින් වස්තුවක ගැඹුර පිළිබඳව සංජානයක් ලබාදේ. (දෛනික දෘෂ්ටිකත්වය) අනෙකුත් සංකීර්ණ ඇස් ඇති හාවුන්, කටුස්සන් වැනි සතුන්ගේ මෙම අතිපිහිත වීම වලක්වා ගනුවස් ඇස් එකිනෙකට දුරින් පිහිටා ඇත.

කූරාගේ සංකීර්ණ ඇසක්

මිනිස් ඇසට කළු ඉගිරියාවෙන් ආලෝකය ඇතුළුවන අතර එය අක්ෂි කාචය මගින් නාභිගත කරනුයේ දෘෂ්ඨිවිතානය මතටයි. ආලෝක සංවේදි යෂ්ඨි සෛල (ආලෝක දීප්තිය හදුනා ගැනීම) සහ කේතු සෛල (වර්‍ණයන් හදුනාගැනීම.) ආලෝකය කෙරෙහි ප්‍රතිචාර දක්වයි. ඒවා එකිනෙක හා අනොන්‍යව ක්‍රියාත්මක වීමෙන් ආලෝකයේ දීප්තිය, වර්ණයන් හා වස්තූන්හි හැඩයන් පිළිබඳව පණිවිඩ මොළය වෙතට සන්නිවේදනය කරයි.

ජීවීන් අතර මුල්ම ප්‍රාථමික ඇස් පරිනාමනය වුයේ මීට වසර මිලියන 540 කට ප්‍රථමවේ. සියළුම ජීවින්ට පාහේ ඇස් පිහිටා ඇත. බහුතරයක් පෘෂ්ඨවංශිකයන්ගේ හා සමහර මොලස්කාවන්ගේ ඇස් ක්‍රියාකරනුයේ ඇස් තුලට ආලෝකය ඇතුලු වී එය ඇසෙහි පිටුපස කොටසෙහි ඇති දෘෂ්ටි විතානය නම්වු ආලෝකයට සංවේදී කොටසෙහි ඇති දෘෂ්ටිවිතානයෙහි වු කේතු සෛල (වර්ණයන් සඳහා සංවේදී) සහ යෂ්ටි සෛල (අඩු ආලෝකයන් සදහා සංවේදී) ආලෝකය හදුනාගෙන ඒවා ස්නායු සංඥාවන් බවට පත්කිරීමෙනි. ඒවා ඉන්පසුව දෘෂ්ටික ස්නායුව හරහා මොළය වෙතට සම්ප්‍රේෂණයනය වේ. එවන් ඇස් දළ වශයෙන් ගොලාකාර වු අම්ල රසය නම් වූ පාරදෘෂ්‍ය ජෙලිවැනි ද්‍රව්‍යයකින් පිරුනු ආලෝකය නාභි ගත කරන කාචයකින් සහ බොහෝ අවස්ථාවලදී තාරා මණ්ඩලයකින් යුක්ත වේ. තාරා මණ්ඩලය වටා ඇති ඉහිලි වන හා සංකෝචනය වන පේෂින් ඇස තුලට ඇතුළු වන ආලෝකයන්හි ප්‍රමාණය පාලනය කරමින් සෑහෙන තරමට ආලෝකය ඇති අවස්ථාවන්හිදී ඇසට ඇතිවන අපහසුතාවයන් මගහරවා ගනී.

ශිර්ෂපාදිකයන් (සෙෆලපෝඩාවන්) මාළුන්, උභය ජීවීන් හා සර්පයින්ගේ ඇස්වල පිහිටා ඇති අක්ෂිකාචයෙහි හැඩය වෙනස් කළ නොහැකි ස්ථිර හැඩයකින් යුක්තවුවකි. එම නිසා ඇස තුලට ආලෝකය නාභිගත කරන්නේ කාචයේ පිහිටිම වෙනස් කිරීමෙනි මෙය කැමරාවකවන නාභි ගත කිරීමේ ක්‍රියාවලියට සමානය.

සන්දිපාදයන්ටද පිහිටා ඇත්තේ සංකීර්ණ ඇස්වන අතර ඒවා සෑදී ඇත්තේ සරල මුහුණත් සමුහයකි. එමගින් එක් ඇසකින් එක් පිළිබිඹුවක් හෝ ප්‍රතිබිම්භ රාශියක් ලබාදේ. ඒ ඒ සංවේදනය සතු එයටම ආවේනික කාචයක් හා ආලෝක සංවේදී ‍සෛල පිහිටා ඇත. සමහර ඇස්වල මෙම සංවේදක 28,000 ක් පමණ ෂඩස්‍රාකාරව පිළියෙල වී ඇති අතර එමගින් සම්පුර්ණයෙන් අංශක 360 ක දුෂ්ඨි පරාසයක් ලබාදිය හැකිය. සංකීර්ණ ඇස් චලිතය කෙරෙහි ඉතා සංවේදී වේ. බෝහෝ ස්ට්‍රෙප්සිප්ටෙරාවන් ඇතුළු සමහර ආත්රප්‍රෝඩාවන් සතුව සංකීර්ණ ඇස් ඇත් අතර ඒවායෙහි ඇත්තේ මුහුණත් කිහිපයක් පමණි. ඒ එක් එක් මුහුණත් සතුව බොහෝ ප්‍රතිබිම්භ සෑදිය හැකි දෘෂ්ටි විතානයක් ඇත. එක් එක් ඇස් වලින් විවිධ කෝණවලින් දර්ශණය වීමේදී මොළහයහි එක්වී ඇතිවන ප්‍රතිබිම්භය පුළුල් , උසස් විභේදන බලයක් ඇති ප්‍රතිබිම්භයකි.

ඇන්ටාක්ටික කුඩා ප්ලවාගෙයකුගේ සංකීර්ණ ඇසක්

ලොව වඩාත් සංකීර්ණ වර්ණ දෘෂ්ටියක් ඇත්තේ ස්විස්තරාත්මක අධි වර්ණාවලි වර්ණ දෘෂ්ටියක් ඇති මැන්ටිස් පවුලට අයත් ඤනිස්සන්ටයි. දැනට වද වී ගොස් සිටින ට්‍රයිලොබයිටාවන් හට ඔවුන්ටම ආවේනික වු සංකීර්ණ ඇස් ඇත. ඔවුන්ගේ අක්ෂි කාචයන් නිර්මාණය වී ඇත්තේ පිරිසිදු කැල්සියම් ස්ඵටිකයන් ගෙනි. මේ මගින් මෘදු අක්ෂි කාච ඇති අනෙකුත් ආත්ප්‍රෝඩාවන්ගෙන් ඔවුන් වෙනස් වේ. ‍මෙම ට්‍රයිලොබයිටාවන්ට ඇති අක්ෂි කාච සංඛ්‍යාව විවිධ වේ. සමහරකුට අක්ෂි කාච එකක් ඇති අතර ඇතෙමෙකුට එක් ඇසක කාච දහස් ගණනක් ඇත. දැනට වාර්තා වී ඇති අන්දමට ලොව විශාලතම ඇස් ඇත්තේ යෝධ දැල්ලෙකුගේ නිදර්ශකයකිනි. එය සෙන්ටිමීටර 27 ක විශ්කම්භයෙන් යුක්ත වේ.

සංකීර්ණ ඇස් හා සසඳන කල්හි සරල ඇස් යනු තනි අක්ෂි කාචයක් ඇති ඒවාටයි. උදාහරණයක් ‍වශයෙන් පැන පැන යන මකුළු විශේෂයේ මකුළුවන්‍ට පටු දෘෂ්ඨි පරාසයක් ඇති විශාල සරල ඇස් යුගලයක් හා වටපිටාවේ ඇති දෑ දැකගැනීම සඳහා ආධාරවීමට එකිනෙකට පෙළ ගැසුනු කුඩා ඇස් පිහිටා ඇත. දළඹුවන් වැනි ඇතැම් කෘමීන්ගේ කීට විශේෂ වලට දළ වශයෙන් පෙනීමක් ලබා දෙන විවිධ වර්ගවල සරල ඇස් පිහිටා ඇත. ප්‍රාගාක්ෂි නමින් හදුන්වනු ලබන සරල ඇස් විශේෂයක් ගොළුබෙල්ලන් හට ඇත. එම ඇස්වලින් සත්‍ය වශයෙන්ම පෙනීමක් නොලැබෙන අතර එහි ඇත්තේ ආලෝකයට සංවේදී සෛල පමණි. අක්ෂි කාචයක් හෝ වෙනත් ආකාරයකින් ‍මෙම සෛල වෙතට හෝ වෙනත් ආකාරයකින් මෙම සෛල වෙතට ප්‍රතිබිම්භය ලබාදෙන ක්‍රමයක් නොමැත. ඔවුන්හට ආලෝකය හා අඳුර වෙන්කර හදුනාගැනීම හැර අන් කිසිදු ක්‍රියාවක් කළ නොහැක. මෙය ගොළු බෙල්ලන්හට සෘජුවම පතිතවන හිරු එළියෙන් ඉවත්ව සිටීමට උපකාරී වේ.

"http://si.wikipedia.org/w/index.php?title=ඇස&oldid=320699" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි