"පුරාතන ඊජිප්තු රාජකීය ධූරන්ධරය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු Bot: Migrating interwiki links, now provided by Wikidata on d:q263595
25 පේළිය: 25 පේළිය:
මෙම නාමය සාමාන්‍ය වශයෙන් [[කාටූෂ්]] හෝ සෙරෙත් එකක් වෙතින් වටකිරීම සිදු නොවන අතර, එය සැමවිටම ඇරඹෙන්නේ [[ද්විත්ව (ව්‍යාකරණමය සංඛ්‍යාව)|ද්විත්ව]] නාමපදය "නෙබ්ටි" ඇඟවෙන, [[පැස (චිත්‍රලේඛය)|පැසි දෙකක්]] මත රැඳී සිටින ගිජුලිහිණියෙකු සහ නාගයෙකුගේ චිත්‍රලේඛයන්ගෙනි.
මෙම නාමය සාමාන්‍ය වශයෙන් [[කාටූෂ්]] හෝ සෙරෙත් එකක් වෙතින් වටකිරීම සිදු නොවන අතර, එය සැමවිටම ඇරඹෙන්නේ [[ද්විත්ව (ව්‍යාකරණමය සංඛ්‍යාව)|ද්විත්ව]] නාමපදය "නෙබ්ටි" ඇඟවෙන, [[පැස (චිත්‍රලේඛය)|පැසි දෙකක්]] මත රැඳී සිටින ගිජුලිහිණියෙකු සහ නාගයෙකුගේ චිත්‍රලේඛයන්ගෙනි.


[[da:Faraos fem navne]]
[[de:Nebtiname]]
[[en:Ancient Egyptian royal titulary]]
[[fr:Titulature des pharaons]]
[[it:Titolatura reale dell'antico Egitto]]
[[hu:Ókori egyiptomi címek]]
[[hu:Ókori egyiptomi címek]]
[[ms:Lima Gelaran]]
[[nl:Vijf namen van de farao]]
[[oc:Titulatura deus faraons]]
[[pl:Królewski Protokół]]
[[pt:Titulatura real egípcia]]
[[uk:Титульні імена фараонів]]

03:05, 18 අගෝස්තු 2013 තෙක් සංශෝධනය

ඊජිප්තියානු පාරාවෝවරයෙකුගේ රාජකීය ධූරන්ධරය හෝ රාජකීය නියමාවලිය යනු පුරාතන ඊජිප්තුවෙහි රජුන්ගේ නම් තැබීමේ සම්මත පටිපාටියයි. ලෞකීක බලයද ශුද්ධවූ වික්‍රමයද එයින් සංකේතවත් වන අතර යම් අයුරකින් රජෙකුගේ රාජ්‍ය කාලය සඳහා මෙහෙවර ප්‍රකාශය ලෙසින්ද ක්‍රියා කරයි (සමහරවිටෙක රාජ්‍ය කාලය තුලදී එය වෙනස්වූ අවස්ථාද ඇත).

නම් පහකින් සමන්විතවූ සම්පූර්ණ ධුරන්ධරය, මධ්‍ය රාජධානිය වන තෙක් සම්මත භාවිතයට පත් නොවූ මුත් රෝමානු අධිරාජ්‍යය තරම් පසු කාලීන වන තෙක් භාවිතයෙහි රැඳිනි.

හෝරස් නම

ඩ්ජට්හි නම හා වාජට් හා ආශ්‍රයක් සමගින් අඩංගු වන සෙරෙක්යක් , ලූවර් හි ප්‍රදර්ශනයෙහි
G5

මෙම නම සාමාන්‍යයෙන්, ප්‍රාසාදයක ඉදිරිපස නිරූපණය කෙරෙන සෙරෙක්යක ලියැවුනි. ප්‍රාසාදයක මෙම නිරූපණය තුල පාරාවෝගේ නම චිත්‍රලේඛ අනුසාරයෙන් ලියැවිනි. සාමාන්‍ය වශයෙන් උකුසු දෙවි හෝරස් ගේ රූපයක් එය මත හෝ එය අබියස ලැග සිටිනු දැක්විණි.

පාරාවෝගේ නම දැක්වුනු පැරණිතම ආකාරය මෙය වූ අතර, මෙහි සම්භවය පූර්ව-රාජවංශික යුගයෙහිදී සිදු විය. බොහෝ පුරාණ පාරාවෝ වරුන් දැන සිටියේ මෙම ධුරන්ධරය අනුසාරයෙන් පමණි. හාතෝර් (හෝ හාතෝර්-අයිසිස්)ගේ පුත්‍රයා හෝ, පසු කාලීනව ඔහුගේ මෑණියන්ගේ ප්‍රබල වෘෂභයා ලෙසින්ද හැඳින්වුනු, හෝරස්ගේ ලෞකික ප්‍රතිමූර්තිය ලෙසින් රජු සැලකිනි.

අවම වශයෙන් එක් ඊජිප්තියානු පාලකයෙකු හෝ, එනම් දෙවන රාජවංශයෙහි සෙත්-පෙරිබ්සන් විසින්, හෝරස් වෙනුවට සෙත් දෙවියන් භාවිතා කර ඇත්තේ, බොහෝවිට රට තුල අභ්‍යන්තර ආගමික බෙදීමක් තිබූ බවට ඉඟි පල කරමිනි. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ කසෙක්හෙම්වි විසින්, සෙට් සහ හෝරස් යන සංකේත දෙකම ඔහුගේ නම ඉහලින් තැබීය. ඉන්පසුව, පාරොවෝගේ නම අබියසින් හෝරස්ගේ රූපය සැමවිටම පෙන්වනු ලැබීය.

නව රාජවංශය පැවති සමය වන විට හෝරස් නම බොහෝවිට ලියැවුනේ සෙරෙක් විසින් වටකිරීම නොකරමිනි.

නෙබ්ටි ("කාන්තාවන් දෙදෙන") නම

G16

නෙබ්ටි නම (වචනානු. "කාන්තාවන් දෙදෙන") ආශ්‍රය වූයේ ඊනියා ඉහළ හා පහළ ඊජිප්තු "වංශාවලීමය" දේවතාවියන් හා සමගිනි:

පළමුවන රාජවංශයෙහි පාරාවෝ සෙමර්කෙට් විසින් මෙය පළමුවෙන්ම භාවිතා කෙරුණු බව සහතික වශයෙන් කිව හැකි වුවත්, එය පූර්ණ වශයෙන් ස්වායත්ත ධූරයක් වූයේ දොළොස්වන රාජවංශය පැවැති සමය වන විට පමණි.

මෙම නාමය සාමාන්‍ය වශයෙන් කාටූෂ් හෝ සෙරෙත් එකක් වෙතින් වටකිරීම සිදු නොවන අතර, එය සැමවිටම ඇරඹෙන්නේ ද්විත්ව නාමපදය "නෙබ්ටි" ඇඟවෙන, පැසි දෙකක් මත රැඳී සිටින ගිජුලිහිණියෙකු සහ නාගයෙකුගේ චිත්‍රලේඛයන්ගෙනි.