"ඇල්ෂයිමර්ගේ රෝගය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: az:Alçheimer xəstəliyi
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: ka:ალცჰაიმერის დაავადება
74 පේළිය: 74 පේළිය:
[[ja:アルツハイマー型認知症]]
[[ja:アルツハイマー型認知症]]
[[jv:Alzheimer]]
[[jv:Alzheimer]]
[[ka:ალცჰაიმერის დაავადება]]
[[kn:ಆಲ್‌ಝೈಮರ್‌‌ನ ಕಾಯಿಲೆ]]
[[kn:ಆಲ್‌ಝೈಮರ್‌‌ನ ಕಾಯಿಲೆ]]
[[ko:알츠하이머병]]
[[ko:알츠하이머병]]

14:30, 5 මැයි 2012 තෙක් සංශෝධනය

Alzheimer's disease
Classifications and external resources
Comparison of a normal aged brain (left) and an Alzheimer's patient's brain (right). Differential characteristics are pointed out.
ICD-10 G30., F00.
ICD-9 331.0, 290.1
OMIM 104300
DiseasesDB 490
MedlinePlus 000760
eMedicine neuro/13 
MeSH D000544

ඇල්zසයිම' රෝගය යනු අමතකවීම ඇතිකරන ප්‍රධානතම හේතුවකි. මෙය ලොව පුරා මිලියන 24 ක් වූ ජනතාව අතර දක්නට ඇති තත්වයකි. ඇල්ෂයිමර් රෝගය ක්‍රමයෙන් පරිහානියට පත්වෙන විනාශකාරී රෝගයක් වන අතර මේ වනවිටද නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නොමැත. මෙම රෝගය බහුල වශයෙන් වයස අවුරුදු 65 ඉක්මවූවන් අතර දක්නට ඇති අතර ඊට වඩා අඩු වයස් ඇති අය අතර වුවද කලාතුරකින් දක්නට ඇත. රෝගය හදුනාගන්නා අවස්ථාව වන විට රෝගය හටගෙන වසර ගණනක් ඉක්මවා ගොස් තිබිය හැකිය. මුල් අවධිවලදී කෙටිකාලීන මතකය නැතිවීයාම බහුලව සිදුවේ. නමුත් මෙය වයස්ගත වීමත් සමග සිදුවන්නක් හෝ මානසික ආතතිය නිසා ඇතිවන්නක් ලෙස වරදවා වටහා ගත හැකිය. පසුකාලීනව සිහිවිකල් වීම , කෝපය , චිත්ත ස්වභාවයේ සිදුවන වෙනස්වීම් , කථාකරන භාෂාවේ සිදුවන වෙනස්වීම් , දීර්ඝ කාලීන මතකය නොමැතිවීම සහ අවට සමාජයෙන් වෙන්වී සිටීම යන ලක්ෂණ ඇතිවේ. මරණය ළගාවන තෙක් මෙම රෝගීන්ගේ ප්‍රධාන හසුලු දේහ ක්‍රියාකාරීත්වයන් ක්‍රම ක්‍රමයෙන් දුර්වල වේ. ඉහත කී රෝග ලක්ෂණ බහුලව පොදුවේ දක්නට ලැබුණද එක් එක් රෝගීන්ට තමාටම ආවේනික වු රෝග ලක්ෂණ ඇති වේ. සාමාන්‍යයෙන් රෝගය වසර 5 සිට 20 දක්වා පැවතිය හැකිය.

මෙම රෝගියෙකු වෛද්‍යවරයෙකු හමුවීමට යන්නේ තමාට අමකත වීම ඇති බව දැන ගැනීමෙන් පසුවය. එයට වෛද්‍යවරයා මගින් රෝගි‍යාගේ හැසිරීම පිළිබදව අධ්‍යයනය කිරීමෙන් ඔහුගේ ප්‍රජානන ක්‍රියාවන් පරීක්ෂණයට බදුන් කිරීමෙන් සහ මොළයේ ස්කෑන් කිරෟමකට ලක් කිරීම මගින් රෝග විනිශ්චයට එළඹේ.

ඇල්ෂයිමර් රෝගය ඇතිවීමට ‍හේතුව හෝ එහි වර්ධනය පිළිබදව මෙතෙක් හදුනාගෙන නොමැත. මෙහිදී මොලයෙහි කැලැල් ඇතිවීමක් හා සංකූලතාවයක් හටගනී. මෙම රෝගයෙහි අනුමාන කළ හැකි හේතු සාධකයන් සහ ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබද තර්ක විතර්ක ඇත. මෙම විතර්කයන් සනාථ කිරීම සදහා ඒවාටම අනුකූල වන පරිදි සාක්ෂිද ඔවුහු ඉදිරිපත් කර ඇත. නමුත් මෙතුවක් මෙම රෝගය නැවැත්විම හෝ නැවත යථාතත්වයට පත් කර ගැනීම සදහා ප්‍රතිකාර ක්‍රම සොයාගෙන නොමැත. තවද දැනට පවතින ප්‍රතිකාර ක්‍රම මගින් රෝගය තව දුරටත් වර්ධනය වීම අඩාල කිරීමක් සිදුවන බවත් හෝ එහි රෝග ලක්ෂණ පාලනය කිරීමක් පමණක් සිදුවන බව හෝ සොයා ගෙන ‍නොමැත. ඇලිෂයිමර් රෝගය වලක්වා ගත හැකි ක්‍රමවේදයන් යෝජනා වී ඇතත් රෝගයෙහි ව්‍යාප්තිය හෝ බැරූරැම් කම අවම කිරීම සදහා ඒ ක්‍ර‍මවේදයන්හි වැදගත්කම ඔප්පු වී නොමැත. මානසිකව නොයෙකුත් උත්තේජයන් ලබාදී මනස ප්‍රබෝධමත් කිරීම හා සමබර ආහාර ‍වේලක් ලබා ගැනීම රෝගය වලකා ගනීමට මෙන්ම රෝගය සදහා ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ද නිර්දේශ කර ඇත.

ඇල්ෂයිමර් රෝගය ක්‍රමයෙන් පරිහානියට පත්වන සුවකළ නොහැකි රෝගී තත්වයක් නිසා රෝගියා කරුණාවෙන් හා ඉතා හොද අවධානයකින් බලා ගැනීම කළ යුතුය. මෙම කර්තව්‍ය රෝගියාගේ සහකරු හෝ සහකාරියගෙන් හෝ රෝගියාට ඉතා සමීප ඥාතියෙකු ගෙන් ඉෂ්ඨ කර ගත හැකි වේ. මෙවන් රෝගියෙකු රැක බලා ගන්නා ආවතේවකරුවකු වුවද රෝගියා බලාගැනීමේදී ශාරීරික වශයෙන් විඩාවට පත්වන අතර මානසික වශයෙන්ද රෝගියා වෙනුවෙන් සිදු කිරීමට ඇති කාර්යයන් කැප කිරීම් නිසා මානසික ආතතියකට පත්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඇල්ෂයිමර්ගේ_රෝගය&oldid=209571" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි