උප-රෝමානු බ්‍රිතාන්‍යය

විකිපීඩියා වෙතින්
වයඹදිග එංගලන්තයෙහි ස්වින්ඩන් අසල 6වන-සියවසෙහි කඳු බලකොටුවක් වන බාබරි මාළිගය

උප-රෝමානු බ්‍රිතාන්‍යය යනු මහා බ්‍රිතාන්‍යය දිවයිනෙහි පසුකාලීන පුරායතනය කාල පරිච්ඡේදය වන අතර, පසුකාලීන 4වන සහ ආදිකාලීන 5වන සියවස් තුල රෝමානු පාලනයෙහි අවසානය, සහ 6වන සියවස තුල එහි ප්‍රතිවිපාකය අයත් වෙයි. [තහවුරු කර නොමැත] "උප-රෝමානු" යන පදය මුලින් භාවිතා කෙරුණේ, 5වන සහ 6වන සියවස් තුලදී අඩවි තුල හමුවූ, කැබිලිති වැනි පුරාවිද්‍යාත්මක නටබුන් විස්තර කිරීමට සහ රෝමානු අධිරාජ්‍යය යටතෙහි පෙරදී පවත්වාගෙන ගිය උසස් තත්ත්වය වෙතින් දේශිය වශයෙන් තැනුනු භාජන වල තත්ත්වය පහළ බැසීම හුවා දැක්වීමටය. එය දැනට වඩවඩාත් භාවිතා කරනුයේ ඉතිහාසමය කාලපරිච්ඡේදය විස්තර කිරීමටය. පශ්චාත්-රෝමානු බ්‍රිතාන්‍යය යන පදයද, ප්‍රධාන වශයෙන් පුරාවිද්‍යාත්මක-නොවන සන්දර්භයෙහි භාවිතා වෙයි.

බ්‍රිතාන්‍යයෙහි සංස්කෘතිය ප්‍රධාන වශයෙන් ව්‍යුත්පන්න වූයේ රෝමානු සහ කෙල්ටික මූලාශ්‍රවලින් වුවද, , මූලික ලෙසින් වයඹදිග ජර්මනියෙහි සැක්සනිය වෙතින් පැමිණි ෆෝඩරාටී වැනි සැක්සන්වරු පවා මෙම ප්‍රදේශයෙහි වාසගතවූහ. සැක්සන්වරු සහ අනෙකුත් ජර්මනික ජනයා ක්‍රමයෙන් වඩාත් පාලනබලය නතුකරගත් අතර, මෙය තුලින් ඇංග්ලෝ-සැක්සන් එංගලන්තය බිහිවිය. උතුරුදිග ස්කොට්ලන්තයෙහි පික්ට්ස්වරු මෙම උපයෝගී ප්‍රදේශයට අයත් නොවෙති.