වියුණු සටහන්
අන්තර්ජාලය |
---|
අන්තර්ජාලය ද්වාරය |
මෙම ලිපිය |
Internet hosting service |
---|
පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
Full-featured hosting |
Web hosting |
Application-specific web hosting |
By content format |
Other types |
වියුණු සටහන් හෙවත් බ්ලොග් (Blog) යනු බොහෝ විට තනි පුද්ගලයකු විසින් පවත්වාගෙන යන විශේෂිත වෙබ් අඩවි වර්ගයකි. බ්ලොග් යන වදන නිර්මාණය වී ඇත්තේ web log යන ඉංග්‍රීසි වදන කටහුරු ආකාරයට සකස් වීමෙනි. තමන්ගේ පුද්ගලික අදහස් මෙන්ම එදිනෙදා පුවත්, ඡායාරූප, වීඩියෝ දර්ශන සහ ශ්‍රවණ ගොනු ද පවත්වාගෙන යන පුද්ගලයා හෝ පිරිස විසින් මෙම වෙබ් අඩවි තුළ පළකරනු ලැබේ. බහුතරයක් දෙනා තම බ්ලොග් අඩවි, රුචිකත්වය අනුව ඒ වටා රොක් වූ පාඨක පිරිසක් සමඟ තම පෞද්ගලික අත්දැකීම් හා මතිමතාන්තර බෙදා ගැනීම සඳහා භාවිතා කරන අතර තවත් පිරිසක් විසින් තම බ්ලොග් අඩවි කිසියම් විෂයක් හෝ ක්ෂේත්‍රයක් පිළිබඳව තමා සතු දැනුම අන් අය සමඟ හුවමාරු කරගැනීමට යොදාගනු ලබති. කුමන ආකාරයකින් භාවිතා කළ ද බ්ලොග් අඩවියක් යනු ඕනෑම පුද්ගලයකුට පවත්වාගෙන යා හැකි එම පුද්ගලයාට අනන්‍ය වූ වෙබ් අවකාශයකි. විශේෂ අවස්ථා වලදී හැරුනුකොට එහි අන්තර්තගය සඳහා සීමාවන් බල නොපැවැත්වෙන බැවින් තමාගේ අදහස් තමාට රිසි අයුරින් බ්ලොග් අඩවිය තුළ පළ කළ හැකිය. බ්ලොග්කරණයේ (Blogging) සීඝ්‍ර ජනප්‍රියත්වය සඳහා මෙම සාධකය බොහෝ සෙයින් බලපා ඇත.
බොහෝ අවස්ථා වලදී බ්ලොග් අඩවියක ව්‍යුහය සකස් වී ඇත්තේ දින වකවානු අනුපිළිවෙලටය. බ්ලොග් අඩවිය පවත්වාගෙන යන පුද්ගලයා විසින් බ්ලොග් සටහන් (Blog Posts) එක් කරනු ලබන්නේ ද එවන් අනුපිළිවෙලකට බැවින් පෙරකී ව්‍යුහය බ්ලොග් අඩවියකට වඩාත් උචිත වේ. මේ වන විට බ්ලොග් අඩවියක් තැනීම සඳහා වෙබ් අවකාශ පහසුකම් සලසන වෙබ් අඩවි ගණනාවක් අන්තර්ජාලය තුළ දැකිය හැක. Blogger හා Wordpress.com යනු එයින් ජනප්‍රියතම වෙබ් අඩවි වේ [1]. මෙම ඕනෑම වෙබ් අඩවියකින් තමාට කැමති ආකාරයකින් බ්ලොග් අඩවියක් තැනීම අපහසු කරුණක් නොවන අතර, සිංහල යුනිකෝඩ් භාවිතය ප්‍රචලිත වීමත් සමඟ සිංහල හාෂාවෙන් ලියැවෙන බ්ලොග් අඩවි විශාල සංඛ්‍යාවක් ද අන්තර්ජාලයට එක්වී ඇත.
අමතර අවධානයට
[සංස්කරණය]- Blog award
- BROG
- Chat room
- Citizen journalism
- Collaborative blog
- Comparison of free blog hosting services
- Customer engagement
- Glossary of blogging
- Interactive journalism
- Internet think tank
- Israblog
- List of blogs
- List of family-and-homemaking blogs
- Mass collaboration
- Perzine
- Prison blogs
- Sideblog
- Social blogging
- Think aloud protocol
- Webmaster
- Web template system
- Web traffic
මූලාශ්‍ර
[සංස්කරණය]භාහිර සබැඳි
[සංස්කරණය]- Legal Guide for bloggers by the Electronic Frontier Foundation
- Law Library Legal Blawgs Web Archive from the U.S. Library of Congress
සිංහල භාෂාවෙන් ලියවෙන වියුනු සටහන්
[සංස්කරණය]