ස්වෙට්ලනා සවිට්ස්කායා
Appearance
(Svetlana Savitskaya වෙතින් යළි-යොමු කරන ලදි)
ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා, Светла́на Евге́ньевна Сави́цкая | |
---|---|
උපත | 8 අගෝස්තු 1948 |
ජාතිකත්වය | රුසියානු |
රැකියාව | ගගන ඉංජිනේරු |
Space career | |
අභ්‍යවකාශගාමීයා අභ්‍යාවකාශයේ ඇවිදින ලද ප්‍රථම කාන්තාව. | |
නිලය | මේජර් , රුසියානු ගුවන් හමුදාව |
අභ්‍යවකාශගත කාලය | දින19 පැය 17 මිනිත්තු 06 |
තෝරාගැනීම | කාන්තා කණ්ඩායම 2 |
මෙහෙයුම් | සෝයුස් ටී-7, සැල්යුට් 7, සෝයුස් ටී-5, සෝයුස් ටී-12 |
ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා (රුසියානු: Светла́на Евге́ньевна Сави́цкая) (උපත , 1948 අගෝස්තු 8) අභ්‍යාවකාශයට ගිය දෙවන කාන්තාවයි. ඇය විශ්‍රාමික සෝවියට් කාන්තා අභ්‍යවකාශගාමීයෙක් වන අතර සහ ගුවන් නියමුවරියකි. ඇය අභ්‍යාවකාශ ගතවූයේ වැලන්ටිනා තෙරෙශ්කෝවා අභ්‍යාවකාශ වී අවුරුදු දහ නමයකට (19) පසුවයි.
සැල්යුට් 7 අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ගතකරන අතරතුර ඇය ප්‍රථම වරට කාන්තාවක් විසින් කරන ලද අභ්‍යාවකාශයේ ඇවිදීම සිදුකරන ලදී. පැය 3 කුත් විනඩි 35 ඇය බාහිර අභ්‍යාවකාශයේ ගතකරන ලදී.
සෝවියට් සංගමයේ වීරයා සම්මානය 2වරක් ඇයට පිරිනැමූ අතර ඇස්ටරොයිඩයක් "4118 ස්විටා" ඇගේ නමට නම් කරන ලදී.