Jump to content

ව්ලැඩිමීර් මික්හායිලෝවිච් කොමාරෝව්

විකිපීඩියා වෙතින්
(Vladimir Komarov වෙතින් යළි-යොමු කරන ලදි)
ව්ලැඩිමීර් කොමාරෝව්
Влади́мир Комаро́в
කොමාරෝව්
Born16 මාර්තු 1927(1927-03-16)
මොස්කව්, සෝවියට් සංගමය
Died24 අප්‍රේල් 1967(1967-04-24) (වයස 40)
Orenburg Oblast, Russian SFSR, සෝවියට් සංගමය
Occupationඉංජිනේරු
AwardsHero of the Soviet Union (twice)
Space career
Cosmonaut
නිලයPolkovnik (equiv. Colonel), සෝවියට් ගුවන් හමුදාව
අභ්‍යවකාශගත කාලය
2d 03h 04m
තෝරාගැනීමAir Force Group 1
මෙහෙයුම්Voskhod 1, Soyuz 1
Signature
1964 දී ව්ලාඩිමීර් මික්හායිලෝවිච්ට ගරු කිරීමට නිකුත් කළ තැපැල් මුද්දරයක්

ව්ලැඩ්ටීර් මික්හායිලොවිච් කොමාරෝව් සෝවියට් අජටාකාශගාමියෙකි. ඔහු අභ්‍යාවකාශ මෙහෙයුමක දී මියගිය බව තහවුරු කෙරුණු පළමු මිනිසාය. ඒ සොයුස් මෙහෙයුමේ දීය. වරකට වඩා අභ්‍යවකාශයට ගිය පළමු සෝවියට් අභ්‍යවකාශ ගාමියා ද ඔහුය. ඔහු සෝවියට් අජටාකාශගාමියකු වීමට තෝරාගනු ලැබුවේ 1960 දී පළමු සෝවියට් අජටාකාශගාමී කණ්ඩායම සමඟය. වොස්ටොක් 4 දී පවෙල් පොපෝවිච්ගේ සහායකයා වීමෙන් අනතුරුව ඔහුගේ පළමු අජටාකාශ පියාසැරිය සිදුවූයේ වොස්ක්හොඩ් 1 මෙහෙයුමේ දීය. ඔහුගේ දෙවන පියාසැරිය වූ සෝයුස් 1 දී ඔහු ආපසු පැමි‍ණීමේ දී පැරෂුටය ක්‍රියා විරහිත වී යානය කැබලි වීම නිසා මිය ගියේය. ගැටුමට මොහොතකට පෙර සෝවියට් පුරෝගාමී ඇලෙක්සි කොසිජින් කොමොරෝව්ට පැවසුයේ ඔහුගේ රට ඔහු පිළිබඳ ආඩම්බර වන බවය. ඉස්තාන්බුල්හි ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ සවන්දීම් ඒකකය පවසන පරිදි කොමාරෝව්ගේ පිළිතුර ඇසී නොමැත. නමුත් පැවති කටකතාවලින් පැවසෙන්නේ ඔහු අභ්‍යාවකාශ යානයේ සැලසුම්කරුවන්ට හා පාලකයන්ට ශාප කරමින් මිය ගිය බවයි. සත්‍ය කවරක් වුව ද, බටහිර ජර්මනියේ පටිගත කිරීම් මධ්‍යස්ථානයකින් කොමාරෝව්ගේ සංක්ෂිප්ත වදන් කිහිපයක් අඩංගු ටේප් පටියක් සෝවියට් අණ දීම් - මිණීම් මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කරන ලදුව පැවසෙන්නේ එහි “මරා දැමුවා” යන වචනය අඩංගු බවයි. එය කොමොරෝව්ගේ කැළඹුණ හා අපහැදිලි පණිවිඩ හුවමාරු සමඟ මුසු විය. එය පටිගත කිරීම අවසාන නැතහොත් අවසානයට කාක්ෂික කිහිපයකට පෙර සිදු කර ඇත. කොමාරෝව්, වැලන්ටීනා යකොව්ලෙව්නා කිසෙලියෝවා හා විවාහ වී සිටි අතර ඔවුන්ට යුව්ජෙනි හා ඉරිනා නම් දරුවන් දෙ‍දෙනෙකු සිටියෝය.

භාහිර සබැඳි

[සංස්කරණය]