Jump to content

කැලණිය

විකිපීඩියා වෙතින්
(Kelaniya වෙතින් යළි-යොමු කරන ලදි)
කැලණි විහාරය.

කැලණිය'[ශ්‍රී ලංකාවේ අගනුවර වන [කොළඹ] ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය [[ගම්පහ]දිස්ත්‍රික්කයට අයත් වන අතර කොළඹ නුවර සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැලණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැලණියට එම නම ලැබී ඇත.

කැලණිය විශ්ව විද්‍යාලය කැලණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.

ඉතිහාසය

[සංස්කරණය]

කැලණියේ පළමු ඉතිහාස සටහන ගෞතම බුද්ධ (බුද්ධ වර්ෂ 5 වන සියවස) සමයේ ලියැවී ඇත. එහි කැලණි ගඟ අසබඩ පිහිටි කැලණි විහාරය පිළිබඳද සටහන් ඇත. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැලණියට වැඩම කරන ලද්දේ මණි අක්ඛික නා රජුගේ ආරාධනාවකට අනුවය. එම රජු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය. කැලණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි. කැලණි විහාරය කැලණි තිස්ස රාජ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ.

තවද කැලණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැලණිතිස්ස රජුගේ (බුද්ධ වර්ෂ පළමු සියවස) ප්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු සැළලිහිණි සන්දේශයෙහි කැලණි පුරවර පිළිබඳ අගනා වර්ණනා ඇතුළත් වී ඇත.

සංචාරක ආකර්ෂණ

[සංස්කරණය]


ඛණ්ඩාංක: 06°57′00″N 79°54′00″E / 6.95000°N 79.90000°E / 6.95000; 79.90000

"https://si.wikipedia.org/w/index.php?title=කැලණිය&oldid=501648" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි