GIT

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

අපොස උ/පෙල විභාගය සදහා නිර්දේශ වූ GIT A/L - ICT මූලික දැණුම ලබාගන්න.[සංස්කරණය]


පරිගණකය[සංස්කරණය]


විවිධ තත්ත්ව වල පරිගණක

ENIAC(Electro Numerical Integrater Analyzer and Computer) මුල්ම පොදු කාර්යය විද්‍යුත් පරිගණකය:පරිගණක ඉතිහාසයේ සන්‍ධිස්ථානයෙකි.

පරිගණකයක් යනු දී ඇති උපදෙස් මත ක්‍රියාකරණ යන්ත්‍රයකි එය ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් උපාංගයක් ලෙස හදුන්වනු ලබයි‍. එයට හේතුව පරිගණකය නිපදවීමේ දී ඉලෙක්ට්‍රෝනික තාක්ෂණය හා ඩිජිටල් සංකල්පය යන දෙකම භාවිතා කර තිබීමයි. පරිගණකය මගින් සිදු කරනු ලබන්නේ එයට ලබාදන දත්ත සමූහය (Data) යම් සැකසීමේ ක්‍රියාවලියකට ලක්කොට (Process) එමගන් වැදගත් තොරතුරු සමූහයක් (information) පිටතට ලබා දීමයි.

පටුන[සංස්කරණය]

පරිගණකයේ ඉතිහාසය[සංස්කරණය]

මූලික ලිපිය: History of computing

ජැකාර්ඩ් රෙදි වියනය (Jacquard loom) මුල්ම ක්‍රමලේඛ කළ හැකි උපකරණ අතරින් එකකි.

පළමු පරිගණක ලෙස එක් උපකරණයක් නම් කිරීම අපහසුය. මන්දයත් ‘පරිගණකය’ යන වදන කාලාන්තරයක් තිස්සේ විවිධ අර්ථ කථනවලට හේතු පාදක වී ඇත. මුලින්ම පරිගණකය ලෙස හැඳින්වූයේ ගණිතමය ගණනය කිරීම සිදු කළ පුද්ගලයන්ය. (මිනිස් පරිගණක - යාන්ත්‍රික ගණක උපකරණවල උදව් ඇතිව)

නූතන පරිගණකයේ ඉතිහාසය ආරම්භ වන්නේ එකිනෙකින් වෙන්වූ තාක්ෂණික ක්‍රම දෙකකිනි - ස්වයංක්‍රීය ගණනය කිරීම හා ක්‍රමලේඛනයේ හැකියාව.

මුල් කාලීන යාන්ත්‍රික ගණන උපකරණවලට උදාහරණ ලෙස ඇබකසය , සර්පණ රූල, තාර්කික තරු මාලිමාව හා ඇන්ටි කයිතේර (Antikythera) යාන්ත්‍රණය (150- 100 BC කාලයේ) දැක්විය හැකිය. මධ්‍යම යුගවල අවසානයේදී යුරෝපීය ගණිතයේ හා ඉංජිනේරු ශිල්පයේ යළි පිබිදීමක් ඇතිවිය. විල්හෙල්ම් ශිකර්ඩ්ගේ (Wilhelm Schikard) 1623 උපකරණය යුරෝපීය ඉංජිනේරුවන් විසින් නිපද වූ ප්‍රථම යාන්ත්‍රික ගණන යන්ත්‍රය විය. නමුත් මෙම උපකරණ කිසිවක් පරිගණකයේ නූතන අර්ථ දැක්වීමට නොගැළපේ. මන්ද යත් මේවා ක්‍රමලේඛගත කිරීමට නොහැකි බැවිනි.

NASA හි කොලොම්බියා සුපිරි පරිගණකය

ඇලෙක්සැන්ඩ්‍රියාවේ වීරයා (Hero of Alexandriya) (c.10 – 70AD) යාන්ත්‍රික රංග ශාලාවක් තැනූ අතර එහි මිනිත්තු 10ක නාට්‍යයක් ප්‍රදර්ශනය කරන ලදී. එය ක්‍රියාත්මක වූයේ කඹ හා බෙරවලින් යුක්ත වූ සංකීර්ණ පද්ධතියකිනි. යාන්ත්‍රණය කුමන කොටස කුමන වේලාවකදී කුමන ක්‍රියාව සිදුකරයි ද යන්න එමගින් තීරණය විය. මෙය ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ මූලාරම්භය වේ. 1801 දි ජෝසප් මේරි ජෙකාර්ඩ් (Joseph Marie jacquard) ඔහුගේ රෙදි පිළි වියනය වැඩි දියුණු කරන ලදී. එහි සංකීර්ණ රටා ස්වයංක්‍රීයව විවීම සඳහා සිදුරු සහිත කඩදාසි පත්‍රිකා භාවිතා කළ අතර මෙය පරිගණකවල දියුණුවේ වැදගත් පියවරක් වේ. මන්ද යත් වියන රටා නිර්ණය කිරීමට සිදුරු සහිත කාඩ්පත් භාවිතය මුල් කාලීන එහෙත් සීමා සහිත ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ ස්වරූපයකි.

ස්වයංක්‍රීය ගණනයේ හා ක්‍රමලේඛ කිරීමේ හැකියාවේ එකතුවීමේ ප්‍රථම පරිගණකය නිර්මාණයට හේතු විය. 1837 දී පූර්ණ ලෙස ක්‍රමලේඛගත කළ හැකි යාන්ත්‍රික පරිගණකයක් සංකල්පනය කිරීමේ හා සැලසුම් කිරීමේ පළමු වැනියා වීමට චාල්ස් බැබේජ්ට (Charles Babbage) හැකිවිය. ඔහු එය විශ්ලේෂණික එන්ජිම (Analytical Engine) ලෙස හැඳින්විය. සීමාසහිත මූල්‍යමය වත්කම් නිසාත් , නිර්මාණය අළුත්වැඩියා කිරීම් වළක්වා ගැනීමට නොහැකි නිසාත් බැබේජ් ඇත්ත වශයෙන්ම කිසිමදාක ඔහුගේ විශේලේෂණික එන්ජිම නිර්මාණය නොකරන ලදී.

1890 දී පැවැත්වූ එක්සත් ජනපද සංගණනයේ දී හර්මන් හොලේරිත් (Herman Hollerith) සැලසුම් කරන ලද පරිගණනය කිරීමේ ලැයිස්තුගත කිරීමේ හා ලේඛන ගත කිරිමේ සමාගම මගින් නිෂ්පාදනය කරන ලද විශාල පරිමාණ ස්වයංක්‍රීය සිදුරුපත් දත්ත සැකසුම් යන්ත්‍ර භාවිතා කරන ලදී. පසුව IBM බවට පත්වූයේ මෙයයි. 19 වන සියවස අවසානයේදි ප්‍රායෝගික පරිගණක යථාර්තයක් කර ගැනීමට අවශ්‍ය බවට ඔප්පු වූ පසුව තාක්ෂණ ක්‍රම ගණනාවක් මතුවීමට පටන් ගැණුනි. සිදුරු පත් , බූලියන් වීජ ගණිතය , රික්ත නළය හා ‍ටෙලි මුද්‍රකය ( Tele Printer) ඒ අතර වේ.

20 වන සියවස මුල් භාගයේදී බොහොමයක් විද්‍යාත්මක පරිගණක අවශ්‍යතා සපුරා ගත්තේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වූ ප්‍රතිසම පරිගණක (Analog Computers) මගින් වූ අතර ගණනය කිරීම් මත පදනම් වූ යාන්ත්‍රික හෝ විද්‍යුත් මොඩල භාවිතා විය. කෙසේ වුවත් මේවා ක්‍රමලේඛ කළ නොහැකි අතර නවතම ඩිජිටල් පරිගණක මෙන් නොව නිපුණත්වයෙන් හා නිරවද්‍යතාවයෙන් අඩු විය.

පරිගණක ක්‍රියා කරන ආකාරය[සංස්කරණය]

සාමාන්‍ය භාවිත පරිගණකයක් ප්‍රධාන වශයෙන් මධ්‍යම සැකසුම් ඒකකය සහ පර්යන්ත උපාංග ලෙස කොටස් දෙකකට බෙදිය හැක. මධ්‍යම සැකසුම් ඒකකය තුල අංකගණිතමය හා තර්කණ ඒකකය (ALU) සහ පාලන ඒකකය (CU) ලෙස ප්‍රධාන කොටස් දෙකකි. සියළු තර්කන කටයුතු සහ සැකසීම් ALU තුල සිදුවන අතර උපාංග සහ ක්‍රියාවලි පාලනය Control Unit මඟින් සිදුවෙයි. මතකය (Memory) සහ ආදාන හා ප්‍රතිදාන උපාංග (එක්කොට I/O ලෙස හඳුන්වන) මෙම කොටස් වයර කාණ්ඩ වලින් බොහෝ විට සෑදී ඇති, “Bus” නමින් හඳුන්වන දත්ත හුවමාරු මාර්ග මගින් අන්තර්ව සම්බන්ධ වී අභ්‍යන්තරව සබැඳී ඇත.

පාලන ඒකකය (CU), ALU, රෙජිස්ටර් හා මූලික I/O (හා මේවා සමග සමීපව සම්බන්ධ කර ඇති අනෙකුත් දෘඩාංග) සමූහයක් ලෙස මධ්‍යම සැකසුම් ඒකකය (CPU) හඳුන්වනු ලැබේ. මුල්කාලීන මධ්‍යම සැකසුම් ඒකක (CPU) එකිනෙකට වෙන්වූ කොටස් කිහිපයකින් යුක්ත වන මුත් 1970 මැද භාගයේ සිට සාමාන්‍යයෙන් මේවා (microprocessor) ලෙස හඳුන්වන තනි සංගෘහිත පරිපථයක් ලෙස දැකිය හැකිය.

පරිගණක පද්ධති[සංස්කරණය]

පරිගණක පද්ධතියක් ලෙස හදුන්වනු ලබන්නේ මුලික එකක කිහිපක එකතුවකි. මින් එක් එකකයක් හෝ නොමැතිව පරිගණක පද්ධතිය සම්පුර්ණ නොවේ.

  1. දෘඩාංග
  2. මෘදුකාංග
  3. ස්ථිරාංග
  4. ජීවාංග

ගබඩා කල වැඩසටහන් සංකල්පය[සංස්කරණය]

නුතන පරිගණනයක් තුලින් අපට විශාල කටයුතු රාශියක් කර ගැනීමෙි හැකියාව ඇත. අපට මෙමගින් පරිගණක ක්‍රිඩා කිරිම,එසෙම කුමක් හෙ ලිපියක් සකස් කර ගැනීම,ජායාරැපයක් සකසා ගැනීම.අන්තර්ජාලය භාවිතා කිරීම ආදිය කර ගැනීමට හැකියාව ඇත. අනෙක් අතට බැලු කල අද වර්ථමානේ දකින්නට ලැබෙන පුවත් පත්,⁣ආදියෙ සිට.දකින්නට ලැබෙන සියලුම පත්‍රිකා සකසනු ලබන්නෙ මෙමගින්.

පරිගණක වැඩසටහන්/ ක්‍රමලේඛ[සංස්කරණය]

පරිගණකයක ක්‍රියාකාරීත්වය නිසි ලෙස පාලනය කිරීම සඳහා දෙන ලද උපදෙස් සමූහයක් සරලව පරිගණක වැඩසටහනක් ලෙස හැඳින්විය හැක.

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

පරිගණක වැඩ පහසු කරන වෙබ්අඩවි

Director

HSL Academy

H.M.J.A.Herath

Wendesiwaththa

Hettipola

ඔබට පැන නැගෙන අධ්‍යාපනික ගැටලු අපවෙත එවන්න මාගේ විද්‍යුත් තැපෑල [[1]]

අපගේ ෆේස්බුක් අඩවිය අපගේ දුරකථන අංක 077 4278416 "076 4348295

Wikipedia නිදහස් විශ්ව කෝශය වෙත පිවිසි ඔබට අපගේ ප්‍රණාමය

2020/02/09 වන දින රචනා කරන ලදී.

තවද බලන්න[සංස්කරණය]

පරිගණකය , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

පරිගණකය

පරිගණකය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.

ප්‍රවර්ග:






"https://si.wikipedia.org/w/index.php?title=GIT&oldid=446920" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි