ස්ථිරාංග
Jump to navigation
Jump to search
පරිගණක , ස්ථීරාංග යනු දෘඪාංගයක චිපයක් තුළ අන්තර්ගත කළ පරිගණක ක්‍රමාලේඛයකි, නිදසුනක් ලෙස ක්ෂුද්‍ර පාලකයක් දැක්විය හැක. එය තාවකාලික කියැවීම් මාත්‍ර මතක මත හෝ පරිශීලකයෙක් මගින් පවතින දෘඩාංගය තුළට ඇතුල් කළ හැකි (upload) ද්වීමය අනුරූප ගොණුවක් ලෙස සැපයිය හැක.
එහි නමින්ම සදහන් වන පරිදි , ස්ථීරාංග , දෘඩාංග හා මෘදුකාංගවල අතරමැදි ස්ථානයක් වේ. මෘදුකාංගයක් ලෙස එය ක්ෂුද්‍ර සකසනයක් හෝ ක්ෂුද්‍ර පාලකයක් මගින් ක්‍රියා කරවන පරිගණක ක්‍රමාලේඛයකි. එනමුත් එය දෘඩාංග කොටසකට තදින් සම්බන්ධව ඇති අතර ඉන් පිටත දී ඇත්තේ සුළු වටිනාකමකි.