බන්දු සමරසිංහ

විකිපීඩියා වෙතින්
(Bandu Samarasinghe වෙතින් යළි-යොමු කරන ලදි)
බන්දු සමරසිංහ
උපත
බන්දුසේන සමරසිංහ

නොවැම්බර් 22, 1955 (1955-11-22) (වයස 68)
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයශාන්ත මරියා විද්‍යාලය, කෑගල්ල
රැකියාවනළුවෙකු, අධ්‍යක්ෂකවරයෙකු සහ තිර රචකයෙකි
සක්‍රීය වසර1972-සිට
කලත්‍රයා(යන්)ස්වර්ණා සමරසිංහ (වි. 1980)
දරුවන්කාංචන කුමාර සමරසිංහ රසෝඝා සමරසිංහ
සම්මානස්ලිම් නෙල්සන් සරසවිය
ආගමබෞද්ධ

බන්දුසේන සමරසිංහ (ඉංග්‍රීසි:Bandusena Samarasinghe) (දෙමළ:பந்துசேன சமரசிங்க)යනු ශ්‍රී ලංකා සිනමාවේ හාස්‍ය නළුවෙකි. ඔහු සිනමාවට ප්‍රවිෂ්ට වූයේ 1975දී සදහටම ඔබ මගේ චිත්‍රපටිය සමඟයි. 1990-2000 වර්ෂයන්හි ක්‍රියාකාරී නළුවෙකු වූ මොහු 1995-2005 දශකයේ සිනමාවේ පෙරලියක් ඇති කලේය. රංගන ශිල්පියෙකු, ගායකයෙකු, අධ්‍යක්ෂවරයෙකු, නිෂ්පාදක වරයෙකු වූ මොහු විසින් රෝදය,ලෙෆ්ට් රයිට් සර් වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කර ඇත. සිනමාවේදී ඔහු වඩාත් ජනප්‍රිය වූයේ රෝයි ද සිල්වා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ රෑ දනියෙල් දවල් මිගෙල් 1-2-3 හා චෙරියෝ චිත්‍රපට මාලාවයි. එතැන් පටන් බන්දු-ටෙනී 2007 තෙක් විකට යුගලයක් ලෙස චිත්‍රපට හි රංගනහි නිරත විය.

පවුල් පසුබිම[සංස්කරණය]

කෑගල්ල,තිහගොඩ, කපුමුව ලෙල්ගහගොඩ ඉස්කෝලේ හාමිනේ(මව) ගෙදර ඔහු උපත ලැබීය. දරුවන් පස් දෙනෙකු ලද සමරසිංහ මෑණියන් ගුරුතුමියක්ද වූයේය. පියා කාර්මික ඉංජිනේරුවරයෙකි. පෙර පාසල් අධ්‍යාපනය ශාන්ත සේවියර් කන්‍යාරාමයදී හා වැඩිදුර අධ්‍යාපනය ශාන්ත මරියා විද්‍යාලයෙන් හදාරා ඇත. එහෙත් අධ්‍යාපනය උනන්දුවෙන් හදාරා නැති බව පවසයි. එවකට ශාන්ත මරියා විද්‍යාලයේ ක්‍රිකට් සංගමයේ නායකයා ලෙසද කටයුතු කර ඇත.[1]

පවුල් ජීවිතය[සංස්කරණය]

ඔහුගේ බිරිඳ ස්වර්ණා වන අතර සමරසිංහ තිදරු පියෙකි. ඒ අතර දියණියන් දෙදෙනෙකි, "රසෝඝා යසෝරාවි හා හිරන්නියා චත්රි" යී. ඔහුගේ පුතු "කුමාර කාංචන"යි. ඔහු පීටර් වන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදැක්වීය.

නළුවෙකු ලෙස ක්‍රියාන්විය[සංස්කරණය]

බන්දු සිනමාවට පැමිණීමට උත්සහ කළේ 1972 ත් පෙර ඔහු 17 වැනි වියේදී පමණ වුවත් ඔහු බාධා මැද සිනමාවට අවතීර්ණ වූයේ 1972 වර්ෂයේදීසදහටම ඔබ මගේ සිනමා පටය සමඟය. ඒ ප්‍රවීණ අධ්‍යක්ෂ සේන සමරසිංහයන්ගේ උපකාරයෙනි. සේන සමරසිංහ ඔහුගේ ළඟම ඥාතියෙක්ද වේ. ඔහු නිෂ්පාදනය කළ සදහටම ඔබ මගේ චිත්‍රපටයේ මෝඩ කාර්යාල සහායක චරිතයෙන් ඔහු 1975දී සිනමාව පැමිණිය. එහිදි චරිතයේ ඔහු පැරණි පන්නයේ ජෝන් වයිට් සපත්තු දමාගෙන හා ඇගපතට නොගැළපෙන ඇඳුම් ඇඳලා රඟදැක්වීය. එදා සිට ඔහුගේ දත නැති හිනාවත්, පීරන්න බැරි බොකුටු කොණ්ඩයත් රසිකයන් අතර ජනප්‍රිය විය. එදා සිට ඔහු දුටු තැන මෙන්ම අවමඟුල් නිවස් හි සිටින මිනිසුන් පවා සිනාහසෙන බව ප්‍රසිද්ධිය.

ඔහු ෆ්‍රෙඩී සිල්වා සමඟ 1980 සිට slapstick විකට ජවනිකා රඟනු ලැබූවා. ඔහු සිනමාපට මේ වන විට 85ක් රඟපා ඇති අතර 2016 වන තෙක් බැලූ කල ඔහුගේ චිත්‍රපටිවලින් 95% ක්ම විකට අන්දමේ චිත්‍රපට වන අතර අනෙක් සිනමාපට අසාම්භාව්‍ය,නාටක ගණයට අයත්ය.[2]

සිනමා ජීවිතය[සංස්කරණය]

[[ගොනු|thumb|දකුණ|ටෙනිසන් කුරේ(වමේ) බන්දු සමරසිංහ(දකුණ) එක්වූ අවස්ථාවක්.(2016)]] ඔහුගේ සිනමා දිවිය අති සාර්ථක වාර්තා තැබු රෑ දනියෙල් දවල් මිගෙල් චිත්‍රපටයෙන් විකට රැල්ලක ප්‍රවණතාවයකට මඟ පෑදීය. ඊට ටෙනිසන් කුරේගේ දායකත්වයද උපකාරී විය.මේ නිසා විකට චිත්‍රපට රැල්ලේ සුවිශේෂී ලක්ෂණයක් ඇති කරමින් වීරයා අබිබවා විකටයා නැගී සිටිමට වීය. ඔහු ගෙන ආ විකටයා අද ලාංකික සිනමා ශාලාවට ප්‍රේක්ෂකයන් ඇදගන්නා ප්‍රධාන ගාමක බලවේගය බවට පත්විය.

ඔහු ප්‍රධාන චරිතයක් රඟනු ලැබූයේ 1987 තිරගත වූ නොම්මර එකයි චිත්‍රපටයනි. එය ගොඩනැගී තිබූයේ ප්‍රධාන චරිත දෙකකිනි ඒද ටෙනිසන් සමඟිනි. ඔවුන්ගේ හාස්‍ය පූට්ටු/සුසංයෝගය ඇති වූයේ එම චිත්‍රපටයෙනි. නොම්මර එකයි මිලි මීටර් 16 ප්‍රමාණයෙන් රූප ගත කර මිලි මීටර් 35 ප්‍රමාණයට විශාලනය කර පෙන්නූ ප්‍රථම සිංහල චිත්‍රපටය වීමද විශේෂත්වයකි.[2]

චංචල රේඛා චිත්‍රපටයේ දං චූටිට අනුකම්පා කරන කපිල නම් චරිතය හා රජ්ජුමාලා හාස්‍යයෙන් තොර අද්භූත චරිත නිරූපණයත්, රෝදය චිත්‍රපටයේ අර්ධ හාස්‍ය උප්පාදන චරිතයත් ඔහු හාස්‍ය රංගනයෙන් මිදුණු අවස්ථාන්ය.[2]

මේ අතර ඔහු විසින් ද්විත්ව චරිත නිරූපණය කෙරුනු අවස්ථා ලෙස චෙරියෝ කැප්ටන්, කවුද බොලේ ඇලිස්, පිස්සු පූසෝ හැඳින්විය හැකියි. මයි නේම් ඉස් බන්දු හි ඔහු ත්‍රිත්ව චරිත නිරූපණයක්ද දැක්වේ. එම රංගනයන්හි ඔහුගේ නිරූපණය එකකට එකක් වෙනස්ව ඉදිරිපත් කිරීමද ඔහු සතු කුසලතාවයකි.[2]

සිනමාගමනය[සංස්කරණය]

වසර චිත්‍රපටය චරිතය අධ්‍යක්ෂ කරුණු මූලාශ්‍ර
1973 සදහටම ඔබ මගේ කාර්යාල සහකරු මිල්ටන් ජයවර්ධන සිනමාවට ප්‍රවිෂ්ට වීම
1974 කස්තුරි සුවඳ සේන සමරසිංහ
1976 නිල්ල සොයා සේන සමරසිංහ
1977 චණ්ඩි පුතා සඳහනක් නොමැත
යකඩයා නීල් රූපසිංහ [3]
1978 චණ්ඩි ශ්‍යාමා එම්.එස්.ආනන්දන් [4]
ආශා දෑසින් සේන සමරසිංහ
1980 මල් කැකුළු සේන සමරසිංහ
1981 චංචල රේඛා කපිල සේන සමරසිංහ වඩාත් ප්‍රසිද්ධියට පත්වූ චිත්‍රපටය
1982 හලෝ ශ්‍යාමා එම්.එස්.ආනන්දන්
මිහිඳුම් සිහින දයා විමලවීර
1984 බඹර පැටික්කි සෝමපාල ලීලානන්ද [5]
1986 පෙරලිකාරයෝ චූටි මල්ලී දිනේෂ් ප්‍රියසාද් ගායනයට සම්බන්ද වීම
යළි හමුවෙන්නයි සේන සමරසිංහ
1987 නොම්මර එකයි දිනේෂ් ප්‍රියසාද් ටෙනී සමඟ සුසංයෝජනය වූ මුල්ම චිත්‍රපටය [6]
යුක්තියද ශක්තියද යසපාලිත නානායක්කාර [7]
1988 අංගුලිමාල අංගුලිමාලගේ පන්තියේ යහළුවෙක් බැප්ටිස්ට් ප්‍රනාන්දු [8]
1990 තන්හා ආශා සේන සමරසිංහ [9]
දේදුන්නෙන් සමනළියක් යසපාලිත නානායක්කාර [10]
හිත හොඳ පුතෙක් රෝයි ද සිල්වා
මධු සිහින දයා විමලවීර
වීර උදාර ශර්ලි පී විජයන්ත
1991 බඹර කළාපේ සේන සමරසිංහ [11]
පාරාදීසේ දිනේෂ් ප්‍රියසාද් ගරු රඟපෑම්
චෙරියෝ ඩොක්ටර් රෝයි ද සිල්වා [12]
අලි බබා සහ හොරු 40 එන්. විමලසේන [13]
1992 රණබිමේ වීරයා රංජිත් සිරිවර්ධන [14]
සිංහයන්ගෙත් සිංහයා සුනිල් සෝම පීරිස්
සක්කර සූත්තර හේමසිරි සෙල්ලප්පෙරුම [15]
රජ දරුවෝ දයා විමලවීර
1993 සූරයන් අතර වීරයා රෝයි ද සිල්වා [16]
චායා ජොනී දයා විමලවීර [17]
1994 150 මුල්ලේරියාව සෝමපාල ලීලානන්ද [18]
ලව් 94 රෝයි ද සිල්වා
ආත්මා
සුජාතා දයා විමලවීර [19]
හලෝ මයි ඩාලිං හේමසිරි සෙල්ලප්පෙරුම [20]
1995 රෝදය බන්දු සමරසිංහ අධ්‍යක්ෂවරයෙකු නිෂ්පාදකයෙකු ලෙස [21]
මම බය නෑ ශ්‍යාමා එම්.එස්.ආනන්දන්
ඉන්ස්පැක්ටර් ගීතා කුසුම් චන්ද්‍ර ගමගේ [22]
වෛරයෙන් වෛරය හේමසිරි සෙල්ලප්පෙරුම
චෙරියෝ කැප්ටන් රෝයි ද සිල්වා
1996 වීදියෙ වීරයා සිරි කුලරත්න
චෙරියෝ ඩාලිං මාමයිට් රෝයි ද සිල්වා රෝහල් ප්‍රධාන උපස්ථායක [23]
1997 පෙම්මල් මාලා බන්දු සමරසිංහ දෙවන අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය [24]
1998 රෑ දනියෙල් දවල් මිගෙල් දනියෙල් රෝයි ද සිල්වා
1999 කොළොම්පූර් ඒ.එස්.පී.බන්දු දිනේෂ් ප්‍රියසාද් [25]
කොටි සනා රංජිත් සිරිවර්ධන [26]
2000 කවුද බොලේ ඇලිස් බන්දු/ඇලිස් සුනිල් සෝම පීරිස් කාන්තා චරිතයක් රඟ දැක්වීම
2001 හායි හූයී බබි ආච්චී බන්දු හර්බට් රංජිත් පීරිස්
රෑ දනියෙල් දවල් මිගෙල් 2 දනියෙල් රෝයි ද සිල්වා
පිස්සු පූසෝ සුනිල් සෝම පීරිස් ද්විත්ව චරිත රංගනය
ඔබ කොහෙද ප්‍රියේ හේමසිරි සෙල්ලප්පෙරුම
2002 පාර්ලිමන්ට් ජෝක්ස් ඊ.කේ.කරෝලිස් රන්ජන් රාමනායක [27]
චෙරියෝ හොල්මන් රෝයි ද සිල්වා
පිස්සු ඩබල් සුනිල් සෝම පීරිස්
ජොලි හලෝ ශ්‍රී ලාල් ප්‍රියදේව සරසවිය සම්මාන - නිර්මාණාත්මක කුසලතා
සොමි බෝයිස් බන්දුසේන මුදලාලි/බන්දු ඒ.ඒ. ජුනයිඩීන් ද්විත්ව චරිත රංගනය
සීතල ගිනි කඳු දයා විමලවීර කතා තේමා නිර්මාණය
2003 රෑ දනියෙල් දවල් මිගෙල් 3 "007" දනියෙල් රෝයි ද සිල්වා
පිස්සු ට්‍රිබල් සුනිල් සෝම පීරිස් [28]
සුන්දරයි ආදරේ උපාලි පියරත්න
නුඹ නාඩන් අපට පිස්සු බේබි සෑම් [29]
සැපට දුකට සනී රෝයි ද සිල්වා
2004 රජ්ජුමාලා සේකර අනුර චන්ද්‍රසිරි අද්භූත චරිතයක් රඟදැක්වීම
ලෙෆ්ට් රයිට් සර් බන්දු සමරසිංහ තෙවන සිනමා අධ්‍යක්‍ෂණය
2005 ජේම්ස් බොන්ඩ් බොන්ඩ් හෙවත් බන්ඩා සුනිල් සෝම පීරිස්
2006 අලි පැටියෝ ඔයයි මමයි හොරා ශ්‍රී ලාල් ප්‍රියදේව [30]
රණ හංසි දයා විමලවීර [31]
සුපිරි බලවතා පද්මසිරි කොඩිකාර [32]
2007 හායි මාස්ටර් රංජිත් සිරිවර්ධන
ජුන්ඩයි ගුන්ඩයි ජුන්ඩා සුනිල් සෝම පීරිස්
2008 ඇයි ඔබ තනි වෙලා රංජිත් ජයසිංහ
2010 අපේ යාළු පුංචි භූතයා ශ්‍රී ලාල් ප්‍රියදේව [33]
2011 තැන්ක්‍ යූ බර්ටී නෝර්ටි ටෙනිසන් කුරේ
2013 පීටර් වන් පීටර් බන්දු සමරසිංහ සිව්වන සිනමා අධ්‍යක්ෂණය, තෙවන නිෂ්පාදනය [34]
2013 සීතා මන් ආවා රාමා ජයසේකර අපොන්සු
2015 මයි නේම් ඉස් බන්දු බන්දු සුරංග ද අල්විස් තම 85වන සිනමා දායකත්වය, දෙරණ සිනමා සම්මාන 2016 - හොඳම විකට නළුවා - නිර්දේශිත [35]

අධ්‍යක්ෂණයන් හා නිෂ්පාදනයන්[සංස්කරණය]

බන්දු මුල් කාලයේ සමරසිංහ චිත්‍රපට සමාගමේ නිත්‍ය රංගන ශිල්පියෙක් සේම නිෂ්පාදන විධායකවරයෙක් ලෙසත් කටයුතු කර ඇති අතර එම කල්හි සිනමාවේ කාර්මික අංශය පිළිබඳ හොඳ දැනුමක් ලබා තිබුණි. පළමු ලෙස රෝදය චිත්‍රපටයද, දෙවනුව පෙම්මල් මාලා හා තෙවනුව ලෙෆ්ට් රයිට් සර් ද සිව්වන වරට පීටර් වන් අධ්‍යක්ෂණය කිරීය.

වසර චිත්‍රපටය අධ්‍යක්‍ෂණය නිෂ්පාදනය
1995 රෝදය YesY YesY
1997 පෙම්මල් මාලා YesY YesY
2004 ලෙෆ්ට් රයිට් සර් YesY NoN
2013 පීටර් වන් YesY NoN

බන්දු සින්දු[සංස්කරණය]

බන්දු මුල්වරට ගායනයට සම්බන්ද වූයේ නිල්ල සොයා සහ මල් කැකුළු චිත්‍රපටවලිනි. පෙම් පෙම් නද පාවේ, නිල්ල නගන කිකිණි රාවේ, බිදු බිදු කඳුළු සලා ගීතයන් හි අත්වැල් ගායනයෙන්ද, පෙරලිකාරයෝ චිත්‍රපටයට එච්.ආර්. ජෝතිපාල සමඟ සිංහයෝ වගේ, සහ ඔහුම විස්කි කඩේ පූසා ගැයන ලදි. මධු සිහින චිත්‍රපටයෙන් අලුත් ඉරක් හා ඔක්කොම කණපිට චිත්‍රපටයෙන් කඳ බැඳලා යන ගීතයන්ද ඔහු ගයනු ලැබූවා.[2]

ගීතය චිත්‍රපටය වෙනත් ගායනයන්
එනු මැන පාවී මයි නේම් ඉස් බන්දු උරේෂා රවිහාරි
ලස්සන මල් මල් - උරේෂා සමඟ
විස්කි කඩේ පූසා පෙරළිකාරයෝ -
සඳ ඇමතුම - -
සළඟේ හෙමින් එන්නකෝ පීටර් වන්
ටින් බෙලෙක්ක - -
සිංහයෝ වගේ පෙරළිකාරයෝ එච්.ආර්. ජෝතිපාල
ලස්සන මුහුනක් පෙරළිකාරයෝ එච්.ආර්. ජෝතිපාල
අලුත් ඉරක්
කඳ බැඳලා ඔක්කොම කණපිට -
රූ බර සිරි බර හායි හූයි බබි ආච්චී
කොළොම්පූර් මේ කාලේ කොළොම්පූර් ෆ්‍රෙඩී සිල්වා
චෙරියෝ කියලා අපි මේ යන්නේ චෙරියෝ කැප්ටන් ග්‍රේෂන් ආනන්ද, ෆ්‍රෙඩී සිල්වා
වැඩත් අගෙයි හිතත් හොඳයි චෙරියෝ කැප්ටන් ග්‍රේෂන් ආනන්ද
රබර් වළලු උඩ යකඩ ගොඩක් නොම්මර එකයි චන්ද්‍ර දේවාදිත්‍ය
මිස් කොණ්ඩ කිරිල්ලී නොම්මර එකයි
වරෙල්ල වරෙල්ලා නොම්මර එකයි සෝමසිරි ප්‍රනාන්දු, චන්ද්‍රා දෙවාදිත්‍ය

සම්මාන[සංස්කරණය]

  • 2002 — ජොලි හලෝ — රංගන කුසලතා — සරසවිය සම්මාන
  • 2006 — ස්ලිම් නෙල්සන් සම්මාන — ලාංකීය ජනතාව වඩාත්ම සතුටු කළ පුද්ගලයාට ලබා දෙන ස්ලිම් සම්මානය 2006 වසරේ දී ඔහුට තිළිණ කෙරිණි.
  • 2015 — සිග්නීස් සම්මාන — ජීවිතයේ එකවරක් ලැබෙන සිග්නීස් ජාත්‍යාන්තර උත්තමාචාර ප්‍රණාම සම්මානය

ටෙලිනාට්‍යයන්[සංස්කරණය]

ටෙලිනාට්‍යය චරිතය අධ්‍යක්‍ෂණය
ටාර්සන් ද අපේ මෑන් ටාර්සන් රෝයි ද සිල්වා
දර ගරාජ් බන්දු සමරසිංහ
නාන කාමරේ පොඩි මහත්තයා ගිරිරාජ් කෞෂල්‍ය

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "බන්දු නම් වූ අද්භූත මනුෂ්‍යයා,මම නිකන් මිනිස්සු හිනස්සන ජෝකර් කෙනෙක් විතරයි". Silumina.lk.
  2. 2.0 2.1 2.2 2.3 2.4 "බන්දු". සිළුමිණ.
  3. "යකඩයා චිත්‍රපටිය".
  4. "චණ්ඩි ශ්‍යාමා".
  5. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa1310109, ප්‍රතිෂ්ඨාපනය 2016-07-30 
  6. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2014/07/10/?fn=sa14071032, ප්‍රතිෂ්ඨාපනය 2016-07-30 
  7. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2014/07/03/?fn=sa14070332, ප්‍රතිෂ්ඨාපනය 2016-07-30 
  8. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa14082141, ප්‍රතිෂ්ඨාපනය 2016-07-30 
  9. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa14100945, ප්‍රතිෂ්ඨාපනය 2016-07-30 
  10. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa14100945, ප්‍රතිෂ්ඨාපනය 2016-07-30 
  11. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa14121847, ප්‍රතිෂ්ඨාපනය 2016-08-15 
  12. "චෙරියෝ ඩොක්ටර්".
  13. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa14121125, ප්‍රතිෂ්ඨාපනය 2016-07-30 
  14. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa14121847, ප්‍රතිෂ්ඨාපනය 2016-08-15 
  15. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/01/01/?fn=sa1501014, ප්‍රතිෂ්ඨාපනය 2016-07-31 
  16. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/02/12/?fn=sa1502125, ප්‍රතිෂ්ඨාපනය 2016-07-31 
  17. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa15012924, ප්‍රතිෂ්ඨාපනය 2016-08-01 
  18. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa15031943, ප්‍රතිෂ්ඨාපනය 2016-07-30 
  19. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/03/12/?fn=sa15031244, ප්‍රතිෂ්ඨාපනය 2016-07-31 
  20. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/04/02/?fn=sa15040244, ප්‍රතිෂ්ඨාපනය 2016-07-31 
  21. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/04/02/?fn=sa15040244, ප්‍රතිෂ්ඨාපනය 2016-07-31 
  22. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/04/02/?fn=sa15040244, ප්‍රතිෂ්ඨාපනය 2016-07-31 
  23. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa15051428, ප්‍රතිෂ්ඨාපනය 2016-08-01 
  24. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/06/04/?fn=sa15060419, ප්‍රතිෂ්ඨාපනය 2016-08-01 
  25. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/07/16/?fn=sa15071621, ප්‍රතිෂ්ඨාපනය 2016-08-01 
  26. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/07/16/?fn=sa15071621, ප්‍රතිෂ්ඨාපනය 2016-08-01 
  27. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/09/10/?fn=sa15091027, ප්‍රතිෂ්ඨාපනය 2016-08-01 
  28. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2015/10/29/?fn=sa15102916, ප්‍රතිෂ්ඨාපනය 2016-08-02 
  29. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2016/01/21/?fn=sa16012118, ප්‍රතිෂ්ඨාපනය 2016-07-31 
  30. "අලි පැටියෝ ඔබයි මමයි".
  31. "රණ හංසි".
  32. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2016/01/07/?fn=sa16010720, ප්‍රතිෂ්ඨාපනය 2016-08-01 
  33. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2010/07/01/_art.asp?fn=sa10070122&pn=08, ප්‍රතිෂ්ඨාපනය 2016-07-30 
  34. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa1307042, ප්‍රතිෂ්ඨාපනය 2016-07-30 
  35. "බන්දු 85 මයි නේම් ඉස් බන්දු".
"https://si.wikipedia.org/w/index.php?title=බන්දු_සමරසිංහ&oldid=594888" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි