ඇපලෝ 13
මෙහෙයුම් වර්ගය | මිනිසුන් සහිත සඳ ගොඩබෑමේ උත්සාහයක් (H) |
---|---|
මෙහෙයවන ලද්දේ | නාසා |
COSPAR ID |
|
SATCAT no. | 4371[1] |
මෙහෙයුමේ කාලසීමාව | දින 5, පැය 22, මිනිත්තු 54, තප්පර 41[2] |
අභ්‍යවකාශ යානා ගුණාංග | |
අභ්‍යවකාශ යානය |
|
නිෂ්පාදක |
|
දියත් කිරීමේදී ස්කන්ධය | 44,069 kg (CSM: 28,881 kg;[3] LM: 15,188 kg)[4] |
ගොඩබෑමේදී ස්කන්ධය | 5,050 කිලෝග්‍රෑම් (11,133 lb)[5] |
කාර්ය මණ්ඩලය | |
කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය | 3 |
සාමාජිකයින් | |
ඇමතුම් සංඥාව |
|
මෙහෙයුමේ ආරම්භය | |
දියත් කිරීමේ දිනය | අප්‍රේල් 11, 1970, 19:13:00[6] | UTC
රොකට් | Saturn V SA-508 |
දියත් කරන ස්ථානය | Kennedy LC-39A |
මෙහෙයුමේ අවසානය | |
Recovered by | USS Iwo Jima |
ගොඩබෑමේ දිනය | April 17, 1970, 18:07:41 | UTC
ගොඩබෑමේ ස්ථානය | දකුණු පැසිෆික් සාගරය 21°38′24″S 165°21′42″W / 21.64000°S 165.36167°W |
සඳ අසළින් පියාසර කිරීම (සඳ මත ගොඩබෑම අවලංගු කර කක්ෂයේම රැදී සිටියහ.) | |
සමීපතම ප්‍රවේශය | අප්‍රේල් 15, 1970, 00:21:00 UTC |
දුර | 254 කිලෝමීටරs (137 nmi) |
Docking with LM | |
Docking date | අප්‍රේල් 11, 1970, 22:32:08 UTC |
Undocking date | අප්‍රේල් 17, 1970, 16:43:00 UTC |
ජේම්ස් A. ලවෙල්, ජැක් ස්විගර්ට්, ෆ්‍රෙඩ් හයිස් |
ඇපලෝ 13 (අප්‍රේල් 11-17, 1970) යනු ඇපලෝ වැඩසටහනේ මිනිසුන් සහිත හත්වන මෙහෙයුම වන අතර සඳ මතට ගොඩ බැස්සවීමට සිටි තුන්වැන්නයි. යානය 1970 අප්‍රේල් 11 වන දින කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කරන ලද නමුත්, මෙහෙයුම ආරම්භයෙන් දින දෙකකට පසු එහි විදුලි සහ ජීව ආධාරක පද්ධතිය අක්‍රිය කරමින්, සේවා මොඩියුලයේ (SM) ඔක්සිජන් ටැංකියක් පුපුරා යාමෙන් පසු සදට ගොඩබෑම අත්හරින ලදී. ඒ වෙනුවට චන්ද්‍ර මොඩියුලයේ (LM) උපස්ථ පද්ධතිවල සහාය ඇතිව චක්‍ර චන්ද්‍ර පථයක සඳ වටා ගොස් අප්‍රේල් 17 වන දින ආරක්ෂිතව පෘථිවියට ආපසු පැමිණියේය. ජිම් ලවෙල් මෙහෙයුමට අණ දුන් අතර, ජැක් ස්විගර්ට් විධාන මොඩියුල නියමුවා (CM) සහ ෆ්‍රෙඩ් හයිස් චන්ද්‍ර මොඩියුල (LM) නියමුවා විය. කෙන් මැටිංලි රුබෙල්ලා රෝගයට නිරාවරණය වීමෙන් පසුව. කෙන් මැටිංලි වෙනුවට ස්විගර්ට් කණ්ඩායමට එකතු කරන ලදී.
ඔක්සිජන් ටැංකියක සාමාන්‍ය කැළඹීමක් එහි ඇතුළත හානි වූ වයර් අවුළුවා, පිපිරීමක් ඇති කරමින් සේවා මොඩියුලයේ ඔක්සිජන් ටැංකි දෙකේම අන්තර්ගතය අභ්‍යවකාශයට මුදා හරින ලදී.[note 1] ඔක්සිජන් නොමැතිව, හුස්ම ගැනීමට සහ විදුලි බලය ජනනය කිරීමට අවශ්‍ය, සේවා මොඩියුලයේ ප්‍රචාලන සහ ජීවිත ආධාරක පද්ධති ක්‍රියා කළ නොහැකි විය. නැවත ඇතුල්වීම සඳහා එහි ඉතිරි සම්පත් සංරක්ෂණය කිරීම සඳහා විධාන මොඩියුලයේ පද්ධති වසා දැමීමට සිදු වූ අතර, ජීවිතාරක්ෂක බෝට්ටුවක් ලෙස චන්ද්‍ර මොඩියුලයට මාරු කිරීමට කණ්ඩායමට බල කෙරුනි. චන්ද්‍ර ගොඩබෑම අවලංගු වීමත් සමඟ, කණ්ඩායම පණපිටින් ගෙදර ගෙන ඒමට මෙහෙයුම් පාලකයෝ කටයුතු කළහ.
LM නිර්මාණය කර ඇත්තේ දින දෙකක් සඳහා චන්ද්‍ර පෘෂ්ඨයේ මිනිසුන් දෙදෙනෙකුට සහය දැක්වීමට වුවද, හූස්ටන්හි මෙහෙයුම් පාලක මැදිරිය නව ක්‍රියා පටිපාටි වැඩිදියුණු කරන ලද අතර එමඟින් මිනිසුන් තිදෙනෙකුට දින හතරක් සඳහා සහාය විය හැකිය. සීමිත බලය, සිසිල් සහ තෙත් කුටියක් සහ පානීය ජල හිඟයක් හේතුවෙන් කාර්ය මණ්ඩලය දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්හ. LM හි වැඩ කිරීමට කාබන් ඩයොක්සයිඩ් ස්ක්‍රබර් පද්ධතිය සඳහා CMගේ කාට්රිජ් අනුවර්තනය කිරීමේ තීරණාත්මක අවශ්‍යතාවයක් විය; කාර්ය මණ්ඩලය සහ මෙහෙයුම් පාලකයන් විසඳුමක් සොයා ගැනීමට සමත් විය. ගගනගාමීන්ගේ තත්ත්වය ඇපලෝ වැඩසටහන කෙරෙහි මහජන උනන්දුව අලුත් කළේය; දකුනු පැසිෆික් සාගරයේ ගොඩබෑම මිලියන ගනනක් ජනයා රූපවාහිනියෙන් නැරඹූහ.
පසුබිම
[සංස්කරණය]1961 දී එක්සත් ජනපද ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි සිය ජාතියට අභියෝග කළේ දශකය අවසන් වන විට ගගනගාමියෙකු සඳ මතට ගොඩ බස්වා පෘථිවියට ආරක්ෂිතව නැවත ගෙනෙන ලෙසයි.[11] නාසා විසින් මෙම ඉලක්කය සපුරා ගැනීම සදහා ක්‍රමානුකූලව ක්‍රියා කළ අතර, Mercury ව්‍යාපෘතිය සහ Gemini ව්‍යාපෘතිය අතරතුර ගගනගාමීන් අභ්‍යවකාශයට යැවීම, ඇපලෝ වැඩසටහන දක්වා ගෙන යන ලදී.[12] 1969 ජුලි 20 දින ඇපලෝ 11 සඳ මත ගොඩ බැසීමත් සමඟින් ඉලක්කය සපුරා ගන්නා ලදී. මයිකල් කොලින්ස් කොලොම්බියාවේ විධාන මොඩියුලයේ සඳ වටා කක්ෂගතව සිටියදී නීල් ආම්ස්ට්‍රෝං සහ බස් ඕල්ඩ්‍රින් චන්ද්‍ර පෘෂ්ඨය මත ඇවිද ගියහ. කෙනඩිගේ අභියෝගය ඉටු කරමින් මෙහෙයුම 1969 ජූලි 24 දින නැවත පෘථිවියට පැමිණියේය.
ඉලක්කය සපුරා ගැනීම සඳහා නාසා ආයතනය සැටර්න් V රොකට් පහළොවක් සඳහා ගිවිසුම් ගත කර තිබුණි. මේ සඳහා කොපමණ මෙහෙයුම් ගණනක් අවශ්‍ය වේද යන්න එකල කිසිවෙකු දැන සිටියේ නැත.[13] 1969 දී ඇපලෝ 11 හි හයවන Saturn V රොකට්ටුව සමඟ සාර්ථකත්වය ලබා ගත් බැවින්, අපේක්ෂිත ගොඩබෑම් දහයක් සඳහා රොකට් නවයක් ඉතිරිව තිබුණි. ඇපලෝ 11 උද්වේගයෙන් පසුව, සාමාන්‍ය ජනතාව අභ්‍යවකාශ වැඩසටහන කෙරෙහි උදාසීනත්වයට පත් වූ අතර කොන්ග්‍රසය නාසා හි අයවැය කප්පාදු කිරීම දිගටම කරගෙන ගියේය; ඇපලෝ 20 අවලංගු කරන ලදී.[14] සාර්ථක චන්ද්‍ර ගොඩබෑමක් තිබියදීත්, මෙහෙයුම් කෙතරම් අවදානම් සහගත ලෙස සලකනු ලැබුවේද යත්, ගගනගාමීන්ට ඔවුන් අභ්‍යවකාශයේදී මිය ගියහොත් ඔවුන්ගේ පවුල් සඳහා ජීවිත රක්ෂණයක් ලබා ගත නොහැකි විය.[note 2][15]
පළමු එක්සත් ජනපද ගගනගාමියා 1961 දී අභ්‍යවකාශයට ඇතුළු වීමටත් පෙර, අභ්‍යවකාශ යානය සමඟ සන්නිවේදනය කිරීමට සහ එහි ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කිරීමට මධ්‍යගත පහසුකමක් සඳහා සැලසුම් කිරීම ආරම්භ වී තිබුණි, බොහෝ දුරට නාසා හි පළමු පියාසැරි අධ්‍යක්ෂවරයා(ඉංග්‍රීසි: flight director) බවට පත් වූ ක්‍රිස්ටෝපර් ක්‍රාෆ්ට්ගේ සංකල්පයකි. ඇපලෝ අතරතුර පියාසැරි අධ්‍යක්ෂවරුන්ට එක් වාක්‍ය රැකියා විස්තරයක් තිබුණි, "පියාසැරි අධ්‍යක්ෂවරයාට මෙහෙයුම් සිටින කණ්ඩායමේ ආරක්ෂාව සහ මෙහෙයුමේ සාර්ථකත්වය සඳහා අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගත හැකිය."[16]
1965 දී, හූස්ටන්හි මෙහෙයුම් පාලන මධ්‍යස්ථානය විවෘත කරන ලද අතර, කොටසක් ක්‍රාෆ්ට් විසින් නිර්මාණය කරන ලද අතර දැන් ඔහු වෙනුවෙන් නම් කරන ලදී.[17] Mission Control හි, එක් එක් පියාසැරි පාලකය, අභ්‍යවකාශ යානය නිරීක්ෂණය කිරීමට අමතරව, විශේෂිත අභ්‍යවකාශ යානා පද්ධති කෙරෙහි අවධානය යොමු කරන කාර්ය මණ්ඩල ආධාරක කාමරයක (හෝ "පසුපස කාමරය") විශේෂඥයින් සමග සන්නිවේදනය කරන ලදී.[18]
ඇපලෝ 13 දෙවන H මෙහෙයුම වූ යුතු අතර, නිවැරදි සඳ ගොඩබෑම ප්‍රදර්ශනය කිරීමට සහ සඳ මත නිශ්චිත ස්ථාන ගවේෂණය කිරීමට අදහස් විය.[19] කෙනඩිගේ ඉලක්කය ඇපලෝ 11 සහ ඇපලෝ 12 මගින් ඉටු කර ගැනීමත් සමඟ ගගනගාමීන්ට නිරවද්‍ය ගොඩබෑමක් කළ හැකි බව පෙන්නුම් කිරීමත් සමඟ, මෙහෙයුම් සැලසුම්කරුවන්ට ආරක්ෂිතව ගොඩබෑම පමණක් නොව, භූ විද්‍යාව පිළිබඳ අවම පුහුණුවක් ලබා ඇති ගගනගාමීන් පෘථිවියට ගෙනයාම සඳහා චන්ද්‍ර සාම්පල රැස් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට හැකි විය. ඇපලෝ 13 මත විද්‍යාවට, විශේෂයෙන්ම භූ විද්‍යාවට, මෙහෙයුමේ ආදර්ශ පාඨය වන Ex luna, scientia (සඳෙන්, දැනුම) මගින් අවධාරණය කරන ලද දෙයක් සඳහා විශාල කාර්යභාරයක් විය.[20]
සටහන්
[සංස්කරණය]- ^ නූතන නාසා ඉතිහාසයේ සහ ගගනගාමීන් මෙම සිදුවීම විස්තර කළේ පිපිරීමක් ලෙසය.[7][8] කෙසේ වෙතත්, විධිමත් අනතුරු වාර්තාව මෙම යෙදුම භාවිතා කිරීම මග හැරේ.[9] එකල නාසා ඉංජිනේරුවන් "ටැංකි බිඳවැටීම" වඩාත් නිවැරදි බැවින් සහ "පිපිරීම" යන වචනය වටා ඇති ඍණාත්මක අර්ථයන් මඟහරවා ගැනීමට කැමති විය.[10]
- ^ ඇපලෝ ගගනගාමියෙකු ජීවිත රක්‍ෂණයකින් තොරව පියාසර කළේ නැත, නමුත් ප්‍රතිපත්ති සඳහා ගෙවීම් කරනු ලැබුවේ ඔවුන්ගේ සම්බන්ධය ප්‍රසිද්ධ නොකළ පුද්ගලික තෙවන පාර්ශවයන් විසිනි.[15]
උපුටා ගැනීම්
[සංස්කරණය]- ^ "Apollo 13 CM". N2YO.com. සම්ප්‍රවේශය August 18, 2019.
- ^ Orloff 2000, පිටු අංකය: 309.
- ^ "Apollo 13 Command and Service Module (CSM)". NASA Space Science Data Coordinated Archive. සම්ප්‍රවේශය January 9, 2023.
- ^ "Apollo 13 Lunar Module / EASEP". NASA Space Science Data Coordinated Archive. සම්ප්‍රවේශය January 9, 2023.
- ^ Orloff 2000, පිටු අංකය: 307.
- ^ "Apollo 13". NASA Space Science Data Coordinated Archive. සම්ප්‍රවේශය January 9, 2023.
- ^ Williams, David. "The Apollo 13 accident". NASA.
The Apollo 13 malfunction was caused by an explosion and rupture of oxygen tank no. 2 in the service module.
- ^ Cortright 1975, p. 248-249: "I did, of course, occasionally think of the possibility that the spacecraft explosion might maroon us... Thirteen minutes after the explosion, I happened to look out of the left-hand window, and saw the final evidence pointing toward potential catastrophe. "
- ^ Accident report, පිටු අංකය: 143.
- ^ Cooper 2013, p. 21: "Later, in describing what happened, NASA engineers avoided using the word "explosion;" they preferred the more delicate and less dramatic term "tank failure," and in a sense it was the more accurate expression, inasmuch as the tank did not explode in the way a bomb does but broke open under pressure."
- ^ "Apollo 11 Mission Overview". NASA. December 21, 2017. සම්ප්‍රවේශය February 14, 2019.
- ^ Hacker & Grimwood 2010, පිටු අංකය: 382.
- ^ Chaikin 1995, පිටු අංක: 232–233.
- ^ Chaikin 1995, පිටු අංකය: 285.
- ^ a b Weinberger, Howard C. "Apollo Insurance Covers". Space Flown Artifacts (Chris Spain). සම්ප්‍රවේශය December 11, 2019.
- ^ Williams, Mike (September 13, 2012). "A legendary tale, well-told". Rice University Office of Public Affairs. August 17, 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය October 5, 2019.
- ^ Neufeld, Michael J. (July 24, 2019). "Remembering Chris Kraft: Pioneer of Mission Control". Smithsonian Air and Space Museum. සම්ප්‍රවේශය December 8, 2019.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Cass 1
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ Apollo Program Summary Report 1975, පිටු අංකය: B-2.
- ^ Launius 2019, පිටු අංකය: 186.
මූලාශ්‍ර
[සංස්කරණය]- Adamo, Daniel (2009). "The Elusive Human Maximum Altitude Record". Quest: The History of Spaceflight Quarterly. 16 (4). ISSN 1065-7738.
- Apollo 13 Press Kit (PDF). Washington, D.C.: NASA. 1970. 70-50K. 2022-10-09 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF).
- Apollo 14 Press Kit (PDF). Washington, D.C.: NASA. 1971. 71-3K. 2022-10-09 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF).
- Apollo Program Summary Report (PDF) (Report). National Aeronautics and Space Administration. 1975. JSC-09423. 2022-10-09 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF).
- Barell, John (2016). Antarctic Adventures: Life Lessons from Polar Explorers. Balboa Press. ISBN 978-1-5043-6651-9.
- Benson, Charles D.; Faherty, William Barnaby (1978). Moonport: A History of Apollo Launch Facilities and Operations (PDF) (Report). NASA History Series. Washington, D.C. SP-4204. 2022-10-09 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF).
- Brooks, Courtney G.; Grimwood, James M.; Swenson, Loyd S. Jr. (1979). Chariots for Apollo: A History of Manned Lunar Spacecraft (PDF). NASA History Series. Washington, D.C.: Scientific and Technical Information Branch, NASA. ISBN 978-0-486-46756-6. LCCN 79001042. OCLC 4664449. NASA SP-4205. 2022-10-09 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF).
- Burgess, Colin (2019). Shattered Dreams: The Lost and Canceled Space Missions (eBook ed.). Lincoln, Nebraska: University of Nebraska Press. ISBN 978-1-4962-1422-5.
- Chaikin, Andrew (1995) [1994]. A Man on the Moon: The Voyages of the Apollo Astronauts. New York: Penguin Books. ISBN 978-0-14-024146-4.
- Compton, William David (1989). Where No Man has Gone Before: A History of Apollo Lunar Exploration Missions. NASA History Series. Washington, D.C.: NASA. OCLC 1045558568. SP-4214.
- Cooper, Henry S. F. Jr. (2013) [1972]. Thirteen: The Apollo Mission that Failed. New York: Open Road Integrated Media, Inc. ISBN 978-1-4804-6221-2.
- Cortright, Edgar M. (June 15, 1970). Report of Apollo 13 Review Board (PDF). NASA. 2023-04-15 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF).
- Report of Apollo 13 Review Board, appendix F–H (PDF). 2022-10-09 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF).
- Driscoll, Everly (April 4, 1970). "Apollo 13 to the highlands". Science News. 97 (14): 353–355. doi:10.2307/3954891. JSTOR 3954891.(subscription required)
- Flight Control Division (April 1970). Mission Operations Report (PDF). Houston, Texas: NASA Manned Spacecraft Center. 2022-10-09 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF).
- Gatland, Kenneth (1976). Manned Spacecraft (Second ed.). New York: MacMillan. ISBN 978-0-02-542820-1.
- Glenday, Craig, ed. (2010). Guinness World Records 2010. New York: Bantam Books. ISBN 978-0-553-59337-2.
- Hacker, Barton C.; Grimwood, James M. (2010) [1977]. On the Shoulders of Titans: A History of Project Gemini (PDF). NASA History Series. Washington, DC: NASA History Division, Office of Policy and Plans. ISBN 978-0-16-067157-9. OCLC 945144787. NASA SP-4203. 2022-10-09 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය April 8, 2018.
- Harland, David (1999). Exploring the Moon: The Apollo Expeditions. London; New York: Springer. ISBN 978-1-85233-099-6.
- Houston, Rick; Heflin, J. Milt; Aaron, John (2015). Go, Flight!: the Unsung Heroes of Mission Control, 1965–1992 (eBook ed.). Lincoln, Nebraska: University of Nebraska Press. ISBN 978-0-8032-8494-4.
- Houston, We've Got a Problem (PDF). Washington, D.C.: NASA Office of Public Affairs. 1970. EP-76. 2022-10-09 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF).
- Kranz, Gene (2000). Failure Is Not an Option: Mission Control from Mercury to Apollo 13 and Beyond. New York: Simon & Schuster. ISBN 978-0-7432-0079-0.
- Larsen, Curtis E. (May 22, 2008). "NASA Experience with Pogo in Human Spaceflight Vehicles". NATO RTO Symposium ATV-152 on Limit-Cycle Oscillations and Other Amplitude-Limited, Self-Excited Vibrations. Norway. RTO-MP-AVT-152. https://ntrs.nasa.gov/archive/nasa/casi.ntrs.nasa.gov/20080018689.pdf.
- Lattimer, Dick (1988) [1983]. All We Did Was Fly to the Moon. History-alive series. Vol. 1. Foreword by James A. Michener (2nd ed.). Gainesville, Florida: Whispering Eagle Press. ISBN 978-0-9611228-0-5. LCCN 85222271.
- Launius, Roger D. (2019). Reaching for the Moon: A Short History of the Space Race (eBook ed.). New Haven, Connecticut: Yale University Press. ISBN 978-0-300-24516-5.
- Lovell, James A. (1975). "Chapter 13: "Houston, We've Had a Problem"" (PDF). In Cortright, Edgar M. (ed.). Apollo Expeditions to the Moon. Washington, D.C.: NASA. SP-350. 2022-10-09 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF).
- Lovell, Jim; Kluger, Jeffrey (2000) [1994]. Lost Moon: The Perilous Voyage of Apollo 13. Boston: Houghton Mifflin. ISBN 978-0-618-05665-1.
- Mission Evaluation Team (September 1970). Apollo 13 Mission Report (PDF). Houston, Texas: NASA Manned Spacecraft Center. MSC-02680. 2022-10-09 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF).
- Morgan, Clay (2001). Shuttle–Mir (PDF). Houston, Texas: NASA. SP-4225. 2022-10-09 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF).
- Orloff, Richard W.; Harland, David M. (2006). Apollo: The Definitive Sourcebook. Chichester, UK: Praxis Publishing Company. ISBN 978-0-387-30043-6.
- Orloff, Richard W. (2000). Apollo by the Numbers: A Statistical Reference (PDF). NASA History Series. Washington, D.C.: NASA History Division, Office of Policy and Plans. ISBN 978-0-16-050631-4. LCCN 00061677. OCLC 829406439. NASA SP-2000-4029. 2022-10-09 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF).
- Phinney, William C. (2015). Science Training History of the Apollo Astronauts (PDF). NASA. SP-2015-626. 2022-10-09 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF).
- Slayton, Donald K. "Deke"; Cassutt, Michael (1994). Deke! U.S. Manned Space: From Mercury to the Shuttle (1st ed.). New York: Forge. ISBN 978-0-312-85503-1.
- Turnill, Reginald (2003). The Moonlandings: An Eyewitness Account. New York: Cambridge University Press. ISBN 978-0-521-03535-4.