3 වන ආවර්තයේ මූලද්‍රව්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

3 වන ආවර්තයේ මූලද්‍රව්‍යයක් යනු, රසායනික මූලද්‍රව්‍යයන්ගේ ආවර්තිතා වගුවෙහි තුන්වන පේළියෙහි (හෝ ආවර්තයෙහි) පිහිටන රසායනික මූලද්‍රව්‍යයන් අතුරින් එකකි. ආවර්තිතා වගුව සකස් කර ඇත්තේ පේළි ලෙසින් වන අතර, එසේ කර ඇත්තේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකය වැඩිවත්ම, ඒවායේ රසායනික චර්යාවේ පුනරාවර්ත (ආවර්තිත) උපනතීන් සන්නිදර්ශනය කර දැක්වීමටය: රසායනික චර්යාවන් පුනරාවර්තනය වීම ඇරඹෙත්ම නව පේළියක් ඇරඹෙන අතර, එයින් ගම්‍ය වන්නේ, සමතුල්‍ය චර්යාවන් සහිත මූලද්‍රව්‍යයන් එකම සිරස් තීරුවක තැබෙන බවයි. තුන්වන ආවර්තය සමන්විත වන්නේ මූලද්‍රව්‍යය අටකිනි:සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, පොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරීන් සහ, ආගන්. මෙයින් පළමු දෙක, සෝඩියම් සහ මැග්නීසියම්, ආවර්තිතා වගුවෙහි s-ගණයෙහි සාමාජිකයන් වන අතර, අනෙක්වා p-ගණයෙහි සාමාජිකයෝ වෙති. 3d කාක්ෂිකයක් පවතින නමුත් 4 වන ආවර්තය වන තුරු එය පුරවනු නොලබන බවද, එය නිසා ආවර්තිතා වගුවට එහි නෛසර්ගික "වරකට පේළි දෙකක්" හැඩය ලැබෙන බවද, සටහන් කර ගත යුතු වෙයි. 3 වන ආවර්තයේ සියළුම මූලද්‍රව්‍යයන් ස්වභාවයේ පවතින අතර අවම වශයෙන් එක් ස්ථායි සමස්ථානිකයක් හෝ සහිත වෙයි.[1]

ආවර්තිත උපනතීන්[සංස්කරණය]


පරමාණුක අරය[සංස්කරණය]

ගණනය කෙරුණු 3 වන ආවර්තයේ පරමාණුක අරයන් පිකෝමීටර වලින්.

3 වන ආවර්තයේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකය ඉහළ යත්ම, පරමාණුක අරය අඩු වෙයි.

විද්‍යුත් සෘණතාව[සංස්කරණය]

3 වන ආවර්තයේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ස්කන්ධය ඉහළ යත්ම, විද්‍යුත් සෘණතාව වැඩි වෙයි.

අයනීකරණ ශක්තිය[සංස්කරණය]

3 වන ආවර්තයේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකය ඉහළ යත්ම, එහි ඉලෙක්ට්‍රෝන ඉවත්කිරීමට අවශ්‍ය වන ශක්තිය (අයනීකරණ ශක්තිය) ඉහළ යයි.

මූලද්‍රව්‍යයන්[සංස්කරණය]

රසායනික මූලද්‍රව්‍යය රසායනික ශ්‍රේණිය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය
11 Na සෝඩියම් ක්ෂාර ලෝහය [Ne] 3s1
12 Mg මැග්නීසියම් ක්ෂාරීය පාංශු ලෝහය [Ne] 3s2
13 Al ඇලුමීනියම් පශ්චාත්-අන්තරික ලෝහය [Ne] 3s2 3p1
14 Si සිලිකන් ලෝහාලෝහය [Ne] 3s2 3p2
15 P පොස්ෆරස් බහුපරමාණුක අලෝහය [Ne] 3s2 3p3
16 S සල්ෆර් බහුපරමාණුක අලෝහය [Ne] 3s2 3p4
17 Cl ක්ලෝරීන් ද්විපරමාණුක අලෝහය [Ne] 3s2 3p5
18 Ar ආගන් උච්ච වායුව [Ne] 3s2 3p6

සෝඩියම්[සංස්කරණය]

සෝඩියම් (සංකේතය Na) යනු, මෘදු, රිදීවන්-සුදු, අතිශයින් ප්‍රතික්‍රියක ලෝහයක් වන අතර එය ක්ෂාර ලෝහයන්ගේ සාමාජිකයෙකි; එහි එකම ස්ථායි සමස්ථානිකය වන්නේ 23Na වෙයි. ෆෙල්ඩ්ස්ෆාර් වර්ග, සෝඩාලයිට් සහ ආකර ලුණු වැනි බොහෝ ඛනිජයන්හී පවතින එය, අතිබහුල මූලද්‍රව්‍යයකි. සෝඩියම්හී බොහෝ ලවණ ජලයෙහි බෙහෙවින් ද්‍රාව්‍ය වන අතර එබැවින් පෘථිවියෙහි ජල ස්කන්ධයන්හී සැලකිය යුතු ප්‍රමාණයන්ගෙන් පවතින අතර, අතිශයින් අතිබහුල ලෙසින් සෝඩියම් ක්ලෝරයිඩ් ලෙසින් සාගරයන්හී පවතියි.

සබන්තැනීම සඳහා භාවිතා කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් (ලයිය) සහ, අයිස් ඉවත් කිරීමේ කාරකයක් සහ පෝෂකයක් ලෙසින් භාවිතා කරන සෝඩියම් ක්ලෝරයිඩ් වැනි බොහෝ සෝඩියම් සංයෝග ප්‍රයෝජනවත් බවක් දක්වති.

නිදහස් ලෝහය, මූලද්‍රව්‍යමය සෝඩියම්, ස්වභාවයේ නොපවතින අතර, සෝඩියම් සංයෝග වෙතින් පිළියෙල කර ගත යුතුය. වසර 1807දී හම්ප්‍රි ඩේවි විසින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විද්‍යුත් විච්ඡේදනය තුලින් මූලද්‍රව්‍යමය සෝඩියම් මුලින්ම විසංගත කරන ලදි. එම අයනයම සෝඩියම් නයිට්‍රේට් වැනි බොහෝ ඛනිජයන්හී සංඝටකයක් වෙයි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. පීරියඩ් 3 එලිමන්ට් Scienceaid.co.uk වෙතින්