2016 නීස් ප්‍රහාරය
මෙම ලිපිය කාලීන ඉසව්වක් පිළිබඳව වෙයි. මෙහි අන්තර්ගතය සීග්‍ර ලෙස වෙනස්කම්වලට භාජනය විය හැකි ය. |
2016 නීස් ප්‍රහාරය | |
---|---|
ප්‍රංශයේ ත්‍රස්තවාදයහී කොටසකි | |
![]() ප්‍රොමනෙඩ් ඩෙ ස්ලැන්ගෙස් (2004 වර්ෂය) | |
![]() සිදුකල ප්‍රහාරය දැක්වෙන ගමන් මාර්ගය (බටහිර සිට නැගෙනහිර දෙසට) | |
ස්ථානය | ප්‍රොමනෙඩ් ඩෙ ස්ලැන්ගෙස්, නීස්, ප්‍රංශය |
ඛණ්ඩාංක | 43°41′37″N 7°15′20″E / 43.693616°N 7.255654°Eඛණ්ඩාංක: 43°41′37″N 7°15′20″E / 43.693616°N 7.255654°E |
දිනය | 14 ජූලි 2016බැස්ටීල් දිනය) ආ. 22:45 CEST (UTC+02:00) | (
ප්‍රහාර මාදිලිය | රිය ප්‍රහාරය |
ආයුධය(න්) | Renault Midlum කාගෝ ට්‍රක් රථය, ගිනි අවි |
මරණ | 80+[1][2] |
තුවාලකරුවන් | 65+[2] |
අපරාධකරුවා | හඳුනානොගත් 31 හැවිරිදි ටියුනීසියානු ජාතිකයෙකු[3] |
2016 ජූලි 14 වන දින සැන්දෑ සමයේ ප්‍රොමනෙඩ් ඩෙ ස්ලැන්ගෙස්හී බැස්ටීල් දිනය සමරමින් සිටි ජන ප්‍රවාහයක් තුලට මිනිසෙකු විසින් සිතාමතා කාගෝ ට්‍රක් රථයක් ධාවනය කිරීම මගින් සිදුකල රිය ප්‍රහාරය නිසා අවම වශයෙන් පුද්ගලයෝ 80 දෙනෙකු ජීවිතක්ෂයට පත්වන ලදී. රිය පැදවූ පුද්ගලයා පසුව පොලිස් වෙඩිපහරින් ඝාතනයට ලක් විය.
ප්‍රහාරයට පෙර[සංස්කරණය]
ප්‍රහාරයට පෙර එදින උදෑසන ප්‍රංශ ජනපති ප්‍රංශුවා ඔලන්ඩේ, 2015 පැරිස් ප්‍රහාරයෙන් අනතුරුව රටේ ප්‍රකාශයට පත් කල හදිසි තත්වය 2016 ජූලි 26 වන දින අවසන් වන ටුවර් දි ෆ්‍රාන්ස් වලින් අනතුරුව ඉවත් කරන බවට යලි තහවුරු කොට තිබුණි.[4] කෙසේ නමුදු මෙම ප්‍රහාරයෙන් අනතුරුව, රටෙහි හදිසි තත්වය තවත් තෙමසකින් දීර්ඝ කරන බව ඔහු ප්‍රකාශ කරන ලදී.[5]
ප්‍රහාරය[සංස්කරණය]
2016 ජූලි 14 වන දින සැන්දෑවේදී, ප්‍රංශ ජාතික දින (බැස්ටීල් දිනය) ගිනිකෙලි සංදර්ශනය නැරඹීම උදෙසා විශාල ජන සමූහයක් නීස් හී වෙරලාසන්න ප්‍රදේශයට එක් රැස් වී තිබුණි. එරට වේලාවෙන් පැය 22:40 ට පමණ ටොන් 25ක පමණ ධාරිතාවකින් යුතු රනෝ මිඩ්ලම් (Renault Midlum) කාගෝ ට්‍රක් රථයක් වේගයෙන් ප්‍රොමනෙඩ් ඩෙ ස්ලැන්ගෙස් හී සිටි ජන සමූහය වෙත ධාවනය කිරීමට සලස්වා තිබිණි; ට්‍රක් රථය මීටර් 100ක් පමණ දුර සිට ජන සමූහය තුලට ධාවනය කෙරූ බවත්[6] පසුව මිනිසුන් යට කරමින් තවත් කිලෝමීටර 2ක් පමණ ධාවනය වූ බවත් පැවසෙයි.[7] පොලීසිය අවසානයේ ට්‍රක් රථය වෙත වෙඩි තබා, රියදුරු ඝාතනය කරමින් ප්‍රහාරය නවත්වා දැමීමට පියවර ගන්නා ලදී.[8]
සිදුවීමට සම්බන්ධ සමහර දෑසින් දුටු සාක්ෂි සහ පුවත් වාර්ථාවන්ට අනූව ඝාතකයා මිය යාමට පෙර "අල්ලාහු අක්බර්!" යනුවෙන් කෑගැසූ බව සඳහන් වේ.[9]
ඝාතකයා[සංස්කරණය]
Nice-Matin ප්‍රංශ පුවත්පතට අනූව මෙම ප්‍රහාරයට වගකිව යුතු ඝාතකයා 31 හැවිරිදි ටියුනීසියානු සම්භවයක් සහිත ප්‍රංශ ජාතිකයෙකි.[10]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "EN DIRECT – Attentat sur la promenade des Anglais à Nice". lefigaro.fr (in ප්‍රංශ). ප්‍රංශය: Le Figaro. Retrieved 14 ජූලි 2016.
- ↑ 2.0 2.1 "ටෙරර් ඇටෑක් ඔන් නීස්: ඇට් ලීස්ට් 80 ආෆ්ටර් ග්‍රෙනේඩ්-ෆිල්ඩ් ට්‍රක් ප්ලොව්ස් ඉන් ටු ක්රවුඩ්, ඔෆීශියල්ස් සේ". ABC. Retrieved 15 ජූලි 2016.
- ↑ "'ට්‍රක් ඇටෑක්' ඔන් බැස්ටිල් ඩේ ඉන් නිස්". rt.com. Russia: රෂියා ටුඩේ. Retrieved 14 ජූලි 2016.
- ↑ "ඔලන්ඩේ කන්ෆර්ම්ස් ද එන්ඩ් ඔෆ් අ ස්ටේට් ඔෆ් එමර්ජන්සි ආෆ්ටර් ද ටුවර් දි ෆ්‍රාන්ස්". Retrieved 14 ජූලි 2016.
- ↑ "ට්‍රක් ඇටෑක් ඉන් නීස්, ෆ්‍රාන්ස්: වට් වී නෝ, ඇන්ඩ් වට් වී ඩෝන්ට්". ද නිව් යොර්ක් ටයිම්ස්. 14 ජූලි 2016. Retrieved 15 ජූලි 2016. Italic or bold markup not allowed in:
|publisher=
(help) - ↑ "ඇට් ලීස්ට් 74 කිල්ඩ් ඈස් ට්‍රක් ප්ලොව්ස් ඉන් ටු ක්රවුඩ් ඉන් නීස්, ෆ්‍රාන්ස්, ඔන් බැස්ටිල් ඩේ". Israel: Jerusalem Post.
- ↑ Chrisafis, Angelique; Dehghan, සයීඩ් කමලි (2016-07-15). "ට්‍රක් රෑම් බැස්ටිල් ඩේ ක්‍රවුඩ් ඉන් නීස් කිලිං ඇට් ලීස්ට් 80". ද ගාර්ඩියන්. Retrieved 2016-07-15.
- ↑ Almasy, Steve (14 ජූලි 2016). "ලයිව් අප්ඩේට්ස්: ට්‍රක් ඩ්‍රයිවර් ඇටෑක්ස් ක්‍රවුඩ් ඉන් නීස්, කිලිං ඩසන්ස්". සීඑන්එන්.
- ↑ Boyle, Darren; Tonkin, Sam (2016-07-14). "ගන් ඇන්ඩ් ට්‍රක් ඇටෑක් ලීව්ස් ඇට් ලීස්ට් 80 ඩෙඩ් ඉන් නීස්:". Daily Mail. Retrieved 2016-07-15.
- ↑ Sputnik. "ටෙරරිස්ට් ඉන් නීස් ට්‍රක් ඇටෑක් වෝස් සිටි රෙසිඩන්ට් ඔෆ් ටියුනීසියන් ඔරිජින්". sputniknews.com. රෂියා. Retrieved 2016-07-15.