2013 යාන් භූමිකම්පාව

විකිපීඩියා වෙතින්
2013 සිචුවාන් යාන් භූමිකම්පාව
USGS නිකුත් කල යාන් භූමිකම්පාවෙහි වෙවුලුම් සිතියම
2013 යාන් භූමිකම්පාව is located in SichuanLua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.
දිනයඅප්‍රේල් 20, 2013 (2013-04-20)
විශාලත්වයMs 7.0 (CENC)[1]

Mw 6.6 (USGS)[2]

Mw 6.8 (EMSC)[3]

Mj 6.9 (JMA)[4]
ගැඹුර< 13 කිමී (8.1 සැත) [5]
අපිකේන්ද්‍රය30°17′02″N 102°57′22″E / 30.28389°N 102.95611°E / 30.28389; 102.95611ඛණ්ඩාංක: 30°17′02″N 102°57′22″E / 30.28389°N 102.95611°E / 30.28389; 102.95611[2]
රටවල් හෝ ප්‍රදේශ චීන මහජන සමූහාණ්ඩුව
ආපතිකයන්අවම වශයෙන් 160 දෙනෙකු මිය ගොස්, 6700 ට වැඩි දෙනෙකු තුවාල ලබා ඇත [6][7]


සිචුවාන් යාන් භූමිකම්පාව සිදුවූයේ, 2013 අප්‍රේල් 20 දිනදී බීජිං වේලාවෙන් (UTC+8) 08:02 වේලාවටය. අපිකේන්ද්‍රය පිහිටා තිබුනේ චෙන්ඩූ වෙතින් 116 කිමී (72 සැත) පමණ ඈතින් පිහිටි චීනයේ, සිචුවාන්හී, යාන්හී, ලූෂං ප්‍රාන්තය අසබඩය. [8] භූමිකම්පාවේ විශාලත්වය, චීන භූමිකම්පා දත්ත කේන්ද්‍රය විසින් Ms 7.0 ලෙසින්ද, USGS විසින් Mw 6.6 ලෙසින්ද,[9] EMSC විසින් Mw 6.6 ලෙසින්ද සහ JMA විසින් Mj 6.9 ගණනය කර තිබුණි.


ප්‍රතිවිපාක[සංස්කරණය]

භූමිකම්පාව සිදුවූයේ ලෝංමෙන්ෂාන් විභේදනය ඔස්සේ වන අතර 2008 සිචුවාන් භූමිකම්පාව නිසා ඉමහත් බලපෑමකට ලක්වූ පළාතෙහිම මෙය සිදුවී ඇත. නිල වාර්තා අනුව, 00:40 (UTC+8) වන විට වාර්තාගත අන්දමට 160 දෙනෙක් මියගොස් ඇති අතර, 6700 ට වැඩි දෙනෙකු තුවාල ලබා, නගර කිහිපයකට මහත් හානි සිදුවී ඇත.[10][11][5]ලූෂං හී බොහෝ පැරණි ගොඩනැගිලි කඩා වැටුණි. [12] විදුලිබල සැපයුම විසන්ධිවූ අතර, බොංසිං, ලූෂං, සහ ටියංක්වාං ප්‍රාන්තයන්හී විදුලිබල ජාලක බිඳී ගියේය. [13][14] යාන්හී කොටසක දුරසන්නිවේදනය විසන්ධි විය. [15] G5 බෙයිජිං–කොන්මිං අධිවේගීමාර්ගයෙහි චෙන්ඩූ-යාන් සහ යාන්-ක්ෂීචැං කොටස් විශේෂිතව වෙන්කෙරුනේ ගලවා ගැනීම් මෙහෙයුම් වල නිරත වාහන සඳහා වන අතර අනෙකුත් වාහන සඳහා එම කොටස් වසා දැමිණි. [16] බාව්ෂං (宝山) සහ ලූෂං අතරවූ සිචුවාන්හී 210 ප්‍රාදේශික මහාමාර්ගයෙහි ෂියාහ්ජිං කොටසෙහි (小金段) ගමනාගමනය ඇණහිටිනි. මුදවාගැනීමේ කාර්ය සිදු කරන්නන්ට බොංසිං වෙත ඇවිද යෑමට සිදුවූයේ බොංසිං වෙත ප්‍රධාන මාර්ග පිටමන්ව ඇති නිසාය.[17] [16] ලූෂං හී යූසි ගංගාවෙහි (玉溪河) ජිංජිෂියා (金鸡峡) හී සුන්බුන් වේල්ලක් තැනී තිබුණි.[18]


මුදවාගැනීමේ පරිශ්‍රම[සංස්කරණය]

8,000 පමණ සැණින් ජනතා විමුක්ති හමුදාවේ සොල්දාදුවන් මෙන්ම 1,400 ප්‍රාදේශීය මුදවාගැනීම් සේවකයන් සහ 120 සහය  රථ ද භූමිකම්පාව සිදුවූ පීඩිත ප්‍රදේශයට යවන ලදි. එමෙන්ම, චීන හදිසි ප්‍රතිචාර කණ්ඩායමෙහි වෛද්‍යවරුන් 180 ක්ද සොයා-මුදවාගන්නා බල්ලන්ද එහි යවන ලද්දේ රටෙහි වෙනත් කොටස් වලින් ජංගනය කල ස්වේච්ඡා පිරිස්ද සමගිනි. [19]

චීන අග්‍රාමාත්‍යය ලි කුචාං විසින් ප්‍රදේශයෙහි සංචාරය කොට විගසින් ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කලේය. ප්‍රාදේශීයව ඇදහැලෙන වර්ෂාපතනය සහ අපර කම්පන යන සාධක නිසා මුදවාගැනීමේ පරිශ්‍රම අපහසු කරලිය හැකි බවද අමතර නායයෑම් සහ තවදුරටත් ගොඩනැගිලි බිඳවැටීම් වැනි ඇතිවිය හැකි ද්වීතියක බලපෑම් පිළිබඳ සැලකිල්ල යොමුවී ඇති බවද නිලධාරින් අනතුරු ඇඟවූහ. පසුකරගන්නට නුපුළුවන් මාර්ග සහ අබලි සන්නිවේදන යටි කල පහසුකම් විසින් මුදවාගැනීමේ පරිශ්‍රම වලට සැලකිය යුතු අභියෝග එල්ල කරති. [20]

ජාත්‍යන්තර ප්‍රතික්‍රියා[සංස්කරණය]

  •  රුසියාව:භූමිකම්පාව හේතුවෙන් චීනය වෙත රුසියාව විසින් උදවු පිරිනැමුවේ සෙනසුරාදාය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. China's government. "The official Data of China Earthquake Net Center".
  2. 2.0 2.1 "M6.6 - 50km WSW of Linqiong, China". U.S. Geological Survey. 2013-04-20. සම්ප්‍රවේශය 2013-04-20.
  3. "M 6.8 - WESTERN SICHUAN, CHINA - 2013-04-20 00:02:49 UTC". European-Mediterranean Seismological Centre. 2013-04-20. සම්ප්‍රවේශය 2013-04-20.
  4. "Distant Earthquake Information". Japan Meteorological Agency. සම්ප්‍රවේශය 2013-04-20.
  5. 5.0 5.1 "China’s Sichuan province hit by powerful earthquake, killing 2 but death toll expected to rise". The Washington Post. Associated Press. April 19, 2013. http://www.washingtonpost.com/world/asia_pacific/chinas-sichuan-province-hit-by-earthquake-no-immediate-word-on-casualties/2013/04/19/fb1eb360-a953-11e2-9e1c-bb0fb0c2edd9_story.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය April 19, 2013. 
  6. "芦山地震已造成160人死亡" (චීන බසින්). xinhuanet (xinhuanet). අප්‍රේල් 21, 2013. http://news.xinhuanet.com/politics/2013-04/21/c_124607863.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය April 21, 2013. 
  7. "雅安地震已致四川156人死亡 5878人受伤" (චීන බසින්). ifeng (ෆීනික්ස් නිවුස් මීඩියා ලිමිටඩ්). April 20, 2013. http://news.ifeng.com/mainland/special/lushandizhen/content-3/detail_2013_04/20/24453020_0.shtml. සම්ප්‍රවේශය කෙරුණු දිනය අප්‍රේල් 20, 2013. 
  8. "ඇන් අර්ත්ක්වේක් විත් මැග්නිටියුඩ් 6.6 ඔකර්ඩ් නියර් ලූෂං, සිචුවාන්, චයිනා ඇට් 00:02:47.27 UTC ඔන් Apr 20, 2013 ඔන් Google Public Alert". ගූගල්. 2013-04-20.
  9. "最新地震". Data.earthquake.cn. සම්ප්‍රවේශය 2013-04-20. {{cite web}}: Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help)
  10. "雅安地震已致四川156人死亡 5878人受伤". ifeng (ෆීනික්ස් නිවුස් මීඩියා ලිමිටඩ්). 20 අප්‍රේල් 2013. http://news.ifeng.com/mainland/special/lushandizhen/content-3/detail_2013_04/20/24453020_0.shtml. සම්ප්‍රවේශය කෙරුණු දිනය 20 අප්‍රේල් 2013. 
  11. "ස්ට්‍රෝං ක්වේක් හිට්ස් චයිනා; 56 ඩෙඩ්, අබවුට් 600 ඉන්ජර්ඩ්". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. 2013-04-20. සම්ප්‍රවේශය 2013-04-20.
  12. "雅安芦山当地老房子大量坍塌 已发生10余次余震 - 新华时政 - 新华网". News.xinhuanet.com. සම්ප්‍රවේශය 2013-04-20.
  13. "震区电力全部中断 四川电力公司应急救援队赶往现场 - 地方联播 - 新华网". News.xinhuanet.com. සම්ප්‍රවේශය 2013-04-20.
  14. "震区电网受损较严重 灾后电力抢险工作全力展开 - 地方联播 - 新华网". News.xinhuanet.com. සම්ප්‍රවේශය 2013-04-20.
  15. "雅安地区139个基站中断 四川移动派出抢险队伍赶赴灾区 - 地方联播 - 新华网". News.xinhuanet.com. සම්ප්‍රවේශය 2013-04-20.
  16. 16.0 16.1 "成都至雅安段高速通行正常 沿线收费站已取消收费 - 新华时政 - 新华网". News.xinhuanet.com. සම්ප්‍රවේශය 2013-04-20.
  17. http://news.xinhuanet.com/2013-04/21/c_124607827.htm
  18. http://district.ce.cn/zg/201304/20/t20130420_24309291.shtml
  19. "ඩෙඩ්ලි චයිනීස් ක්වේක් ඉවෝක්ස් බිටර් මෙමරීස් ඔෆ් 2008 ටෙම්බ්ලර්". ද නිව්යොර්ක් ටයිම්ස්. අප්‍රේල් 20, 2013. http://www.nytimes.com/2013/04/21/world/asia/china-earthquake.html?hp&_r=0. සම්ප්‍රවේශය කෙරුණු දිනය අප්‍රේල් 20, 2013. 
  20. "චයිනා අර්ත්ක්වෙක් ඩෙත් ටෝල් රීචර්ස් 156; මෝ දෑන් 3,000 හර්‍ෙ". [ද ලොස් ඇන්ජලීස් ටයිම්ස්]]. April 20, 2013. http://www.latimes.com/news/world/worldnow/la-fg-wn-china-earthquake-death-toll-reaches-156-20130420,0,6802356.story. සම්ප්‍රවේශය කෙරුණු දිනය අප්‍රේල් 20, 2013. 

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=2013_යාන්_භූමිකම්පාව&oldid=269647" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි