16 වයදිනිලේ

විකිපීඩියා වෙතින්
(16 වයතිනිලේ වෙතින් යළි-යොමු කරන ලදි)
16 වයදිනිලේ
ගොනුව:১৬ ভায়াথিনিলে (তামিল চলচ্চিত্র).jpg
තිරගත කිරීමේ පෝස්ටරය
අධ්‍යක්‍ෂණයපී.භාරදිරාජා
තිර රචනයපී.භාරදිරාජා
නිශ්පාදනයඑස්.ඒ.රාජ්කන්නු
රංගන ශිල්පීන්කමල්හාසන්

ශ්‍රීදේවි

රජිනිකාන්ත්

ගාන්දිමදි
සිනෙමාරූපණයපී.එස්.නිවාස්
සංස්කරණයආර්.බාස්කරන්
සංගීතයඉලෛයරාජා
Production
company
බෙදාහැරීමශ්‍රී අම්මන් ක්‍රියේෂන්ස්
නිකුත්වූ දිනය
1977 සැප්තැම්බර් 15
තිර කාලය
ම්නිත්තු 139
රටඉන්දියාව
භාෂාවදෙමළ

16 (පදිනාරු) වයදිනිලේ (සිංහල - දහසය වන වියේදී) යනු පී.භාරදිරාජාගේ ප්‍රථම අධ්‍යක්ෂණයෙන් 1977 වසරේ නිර්මාණය වූ දෙමළ ප්‍රේමාන්විත නාට්‍ය චිත්‍රපටයකි. කමල්හාසන්, ශ්‍රී දේවි හා රජිනිකාන්ත් ප්‍රධාන චරිතවලටද, ගාන්දිමදි, කෞණ්ඩමනි හා සත්‍යජිත් යන අය අප්‍රධාන චරිතවලටද පණ පොවති. දහසය හැවිරිදි පාසල් සිසුවියකගේ ජීවිතයේ මුහුණදෙන අභියෝග, ගැටලු හා දුෂ්කරතා මැදින් ඇය ඉදිරියට පැමිණි අයුරු මෙම චිත්‍රපටයේ පෙන්වා දී ඇත. ස්වභාවික පරිසරයේම රූගත කෙරුණු ප්‍රථම දෙමළ චිත්‍රපටය මෙය වේ. මෙම චිත්‍රපටයේ නැවත තෙළිගු බසින් 1978 වසරේ පදහරෙල්ලා වයසු යන නමින් ද, හින්දි බසින් 1979 වසරේ සොල්වා සවාන් යන නමින්ද, මැලේ බසින් 1984 වසරේ මෙලටි පූතිහ් යනුවෙන්ද තිරගත කෙරිණි. ශ්‍රී දේවි දෙමළ, තෙලිගු, හින්දි යන භාෂා තුනෙහිම ප්‍රධාන නිළිය වූවාය. හින්දි තිරගතකරණයද පී.භාරදිරාජාගේ චිත්‍රපටයකි.

කතා වස්තුව[සංස්කරණය]

මයිල් දහසය හැවිරිදි පාසල් සිසුවියකි. වඩක්කු කොඩි නම් ග්‍රාමිය ප්‍රදේශයක පදිංචිව සිටින ඇගේ මව වන කුරුවම්මා චප්පානි නම් මන්දබුද්ධික අනාථ කොල්ලෙක් හදවඩා ගත්තාය. මයිල්ගේ අනාගත බලාපොරොත්තුව ගුරුවරියක් වීමත්, උගත් ශීලාචාර පුද්ගලයෙක් හා විවාහ වීම ය. චප්පානි මයිල් කෙරෙහි පෙම් බැදී සිටියද මයිල් එය ප්‍රතික්ෂේප කළාය.

නාගරික පශු වෛද්‍යවරයෙක් වන සත්‍යජිත් වඩක්කු කොඩි ග්‍රාමයට පැමිණියේය. මයිල් දුටු ඔහු ඈ කෙරෙහි පෙම් බැද ඇයට ආදරය ප්‍රකාශ කළාය. ඇයද තමන්ගේ සිහින කුමරු ලෙස මොහුට තම කැමැත්ත ප්‍රකාශ කළාය. ආදරයේ ගැඹුරට ගිය සත්‍යජිත් පසුදිනෙක තම මනදොළ සපුරා ගැනීමට මයිල්ව පොළඹවන විට මයිල් ඊට අකමැත්ත ප්‍රකාශ කළාය. මින් මතුවට මයිල්ගෙන් කිසි කාරියක් නොවන බවට තිර කරගත් සත්‍යජිත් වෙනත් කාන්තාවක් හා විවාහ විමට පිටත් වූවාය. මෙය දැනගත් මයිල් කාමයෙන් පමණක් එක්වීම ආදරය නොවන බවත් හදවත් දෙකක බැදීමක් බව සත්‍යජිත් වෙත තේරුම් කළද ඔහු "මම ප්‍රියකරන්නේ නුඹේ අවුරුදු 16ට මිස නුඹට නොවේ" යැයි කීවේය.

මෙම සම්බන්ධය දැනගත් කුරුවම්මා ඇයට විවාහයක් කරදීමට සැලසුම් කරන විට එම ගමේ මැරයෙක් හා මයිල් කෙරෙහි ලොල් වූ පරට්ට නම් පුද්ගලයෙක් මයිල් ගේ හා සත්‍යජිත්ගේ සම්බන්ධය ගැන මුළු ගමේම ප්‍රචාරය කරන ලදි. විවාහ කරගැනීමට පැමිණි පුද්ගලයා හා ඔවුන්ගේ පවුලේ උදවිය මයිල්ගේ කන්‍යභාවයද නැතිව ගොස් බව මයිල්ට හා කුරුවම්මාට අපහස කළහ. එයින් සිත් තැවුලට පත් කුරුවම්මා මරණයට පත්වූවාය. මවගෙන් පසු චප්පානි මයිල් හා මයිල්ගේ නිවස රැකබලා ගත්තේය.

කාලයක් ගත වූ පසු චප්පානි කෙරෙහි සෙනෙහසක් ඇතිවූයේ, මවගේ මරණයෙන් පසුත් ඇයව හොදින් රැකබලාගන්නා බැවිනි. එමනිසා චප්පානි මන්දබුද්ධික බවින් ඉවතට ගැනීමට මයිල් ඇයට රැකියාවකට යෑමටත්, මින්පසු තමන්ට චප්පානි කියා අමතන අයට තම සත්‍ය නම වන ගෝපාලක්‍රිෂ්ණන් යන නම හදුන්වා දෙන ලෙසත් කියාදුන්නාය. දිනක් චප්පානි යැයි ඇමතු පරට්ට වෙත කම්මුල් පහරක් ද ගෝපාල් ලබාදුන්නාය. කෝපයට පත් පරට්ට තම යහළුවන් සමග පැමිණ ගෝපාල් වෙත කුරිරු ප්‍රහාරයන් ලබාදීමට තැත්කරන විට මයිල් එය බාධාකළා ය.

පසු කළෙක මයිල් හා ගෝපාල් විවාහ වූවෝය. ගෝපාල් විවාහ භාණ්ඩ මිළදී ගැනීමට ගිය බව දැනගත් පරට්ට මයිල් ගේ නිවසට පැමිණ ඇය කෙළසීමට උත්සහ කළේය. එකෙණහිම නිවසට පැමිණි ගෝපාල් පරට්ට බාධා කිරීමට තැත්කළද පලක් නොවූ හෙයින් අසළ තිබූ මිරිස්ගලකින් පරට්ටගේ හිසට දමා මරා දැමුවේ ය. පොලිස් අත්අඩංගුවට පත් ගෝපාල් තමා නැවත පැමිණෙන ලෙස පොරොන්දු වූ අතර මයිල් ඔහු එනතුරු දිනපතා බලා සිටින්නීය....

චරිත[සංස්කරණය]

තිරගත විමෙන් පසු...[සංස්කරණය]

මෙම චිත්‍රපටය 1977 සැප්තැම්බර් 15 වනදා තිරගත විමෙන් අනතුරුව ඉන්දිය සිනමා රසිකයන්ගේ අවධානය වූයේ රජිනිකාන්ත් වන් සුපිරි නළුවෙක් විසින් මෙහි විරුද්ධ චරිතයක් රගපාන්නේ කෙසේද යන්නය. කමල් හාසන් එවකට එතරම් ප්‍රසිද්ධ නැත. නමුත් පසුව එවකට කමල්හාසන් පිළිබදවද ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් හා ආකර්ෂණයක් මෙම චිත්‍රපටයෙන් ලැබුණේය. සම්පූර්ණ දින 175ක් තිරගත වූ මෙම චිත්‍රපටයේ දළ ආදායම ඩොලර් මිලියනයක් බව 2010 වසරේ අල්ලු අර්ජුන්ගේ සවුත් ස්කෝප් නම් ඉංග්‍රීසි සගරාවේ සදහන් කොට ඇත.

සම්මාන[සංස්කරණය]

සම්මානය අංගය නිර්දේශය තත්ත්වය
ජාතික සම්මාන (ඉන්දිය) හොදම ගායිකාව එස්.ජානකී හිමිවිය
දකුණු ෆිල්ම්ෆෙයාර් සම්මාන හොදම ඉදිරිපත්කිරීම ශ්‍රී දේවි
හොදම නළුවා කමල්හාසන්
තමිල්නාඩු ප්‍රාන්ත සම්මාන හොදම නළුවා
හොදම අධ්‍යක්ෂකවරයා පී.භාරදිරාජා
හොදම සංගීත අධ්‍යක්ෂකවරයා ඉලෛයරාජා
හොදම ගායිකාව එස්.ජානකී

ධ්වනිපථය[සංස්කරණය]

16 වයදිනිලේ
ධ්වනිපථ ඇල්බමය , විසිනි
දිග16:53
භාෂාවදෙමළ
ලේබලයඊ.එම්.අයි. රෙකෝඩ්ස්
නිෂ්පාදකඉලෛයරාජා

මෙම චිත්‍රපටයේ එන "සෙන්දූර පූවේ" ගීතය යුගයේ හොදම ගීතය ලෙස ඉන්දීය ජාතික සම්මාන උළෙලේදී නිවේදනය කරනු ලැබීමෙන් අනතුරුව මම ගීතය ගැයූ ජානකී වෙත හොදම ගායිකාව සදහා වන සම්මානය පුදනු ලැබිණි.

"https://si.wikipedia.org/w/index.php?title=16_වයදිනිලේ&oldid=477895" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි