හේමා මාලිනී

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
හේමා මාලිනී
පාම
Hema malini bhungama1.jpg
පාර්ලිමේන්තුවේ සාමාජික, ලෝක් සභා
Assumed office
16 මැයි 2014
Preceded by ජයන්ත් චෞධරි
Personal details
උපක හේමා මාලිනී ආර්. චක්‍රවර්තී
(1948-10-16) 16 October 1948 (වයස 70)[1]
අම්මන්කුඩි, තිරුචිරපල්ලි දිස්ත්‍රික්කය, මදුරාසි ජනපදය, ඉන්දියාව
ජාතිකත්වය ඉන්දියානු
දේශපාලන පක්ෂය භාරතීය ජනතා පක්ෂය
කලත්‍රයා(යන්) ධර්මේන්ද්‍ර (වි. 1979)
දරුවන් ඊෂා දියොල්
අහානා දියොල්
රැකියාව
  • නිළියක
  • නිෂ්පාදකවරියක
  • දේශපාලනඥවරියක
සම්මාන පද්ම ශ්‍රී (2000)

හේමා මාලිනී ("හේමා මාලිනී චක්‍රවර්ති") (උපත 16 ඔක්තෝබර් 1948, අම්මන්කුඩි, තමිල් නාඩු, ඉන්දියාව) යනුවෙන් හැඳන්වෙන්නේ ඉන්දියානු නිළියක, අධ්‍යක්ෂකවරියක, නිෂ්පාදිකාවක, නර්තන ශිල්පිනියක සහ දේශපාලනඥවරියකි.[2] 1963දී ඇය සිය රංගන දිවිය ඇරඹූයේ දෙමළ චිත්‍රපටයක් වූ "ඉදු සතියම්" හි නර්තන ශිල්පිනියකගේ සහාය චරිතයක් නිරූපණය කරමිනි. මාලිනී පළමුවරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ සප්නෝ කා සෞදගර් (1968) තුළ වන අතර, ඇය බොලිවුඩ් චිත්‍රපට ගණනාවක ප්‍රධාන චරිත නිරූපණය කොට ඇත. ඉන් බොහෝ චිත්‍රපටවල ඇය ප්‍රධාන චරිත නිරූපණයෙහි යෙදුණේ ඇගේ සැමියා වූ ධර්මේන්ද්‍ර සමග හෝ රාජේෂ් ඛන්නා සහ දේව් ආනන්ද් යන නළුවන් සමග ය.[3] මුලින් මාලිනීව ප්‍රවර්ධනය කරන ලද්දේ "සිහින යුවතිය"ක ලෙස වන අතර, 1977දී, එම නාමයම ඇති චිත්‍රපටයක ඇය ප්‍රධාන චරිත නිරූපණය කළා ය.[3] නර්තන දායකත්වයන්ට අමතරව ඇය ප්‍රහසව මෙන්ම නාට්‍යමය චරිත ද නිරූපණය කොට තිබේ.[4][5][6][7] ඇය චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවක පෙනී සිට ඇත.[5]

සිය රංගන දිවිය තුළ මාලිනී හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානයට එකොළොස් වරක් නිර්දේශ වූ අතර, 1972දී එම සම්මානය දිනා ගැනීමට සමත් වූවා ය. 2000දී මාලිනී විසින් දිවියේ එක්වරක් පමණක් පිදෙන ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි කරගත් අතර, ඉන්දියානු රජ‍ය විසින් පිරිනමන සිව්වන ඉහළම ජනතා ගෞරවය වන පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබුවා ය.[8] 2012දී, ඉන්දියානු සිනමාවට දැක්වූ දායකත්වය අගයනු වස් ඇයට ශ්‍රීමත් පාදම්පාත් සිංහානියා විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී.[9] මාලිනී ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරය ද උසුලා ඇත. 2006දී, මාලිනීහට දිල්ලියේ භජන් සෝපොරි වෙතින් සංගීත සහ අභිවාහ්‍ය කලා පිළිබඳ සෝපොරි ඇකඩමියේ (සාමාපා) විතස්ත සම්මානය පිරිනැමුණේ ඉන්දියානු සංස්කෘතිය සහ නර්තනය වෙනුවෙන් ඇය සිදුකළ දායකත්ය වෙනුවෙනි. 2013දී, ඉන්දියානු සිනමාව වෙනුවෙන් ඇය දැක්වූ දායකත්වය උදෙසා ආන්ධ්‍ර ප්‍රදේශ් රජය විසින් ඇයට NTR ජාතික සම්මානය පරිනමන ලදී.[10]

2003 සිට 2009 දක්වා, මාලිනී පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ රාජ්‍ය සභා සඳහා භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂිකාවක ලෙස තරගවැදුණා ය.[11] 2014දී, මාලිනී ලෝක් සභා සඳහා තේරී පත්වූවා ය. මාලිනී පුණ්‍යාධාර සහ සමාජ සේවා කටයුතු සඳහා ද දායක වී ඇත. මේ වනවිට මාලිනී ක්‍රිෂ්ණා විඥානය සඳහා අන්තර්ජාතික සංගමයේ (ISKCON) ජීවිතාන්තය දක්වා සාමාජිකාවක ද වේ. ඇගේ රංගන දිවිය තුළ ඉහළම සහ සාර්ථකම නිළිය වූයේ ද ඇයයි. ඇගේ රංගන සහ නර්තන කුසලතාව විචාරක පැසසුමට ලක්ව ඇත.

මුල්කාලීන දිවිය සහ පවුල[සංස්කරණය]

මාලිනී සහ ඇගේ දියණිය වන ඊෂා දියොල් (දකුණේ) ඡායාරූපයකට පෙනී සිටන අයුරු

මාලිනී උපත ලැබූයේ දෙමළ පවුලක තෙවන දරුවා ලෙසයි. ඇගේ මව චිත්‍රපට නිෂ්පාදිකාවක වූ ජය ලක්ෂ්මී චක්‍රවර්තී වූ අතර, ඇගේ පියා වී. එස්. ආර්. චක්‍රවර්තී‍ විය.[12][13] මාලිනී චෙන්නායිහි ආන්ධ්‍රා මහිලා සභා වෙත ඇතුළත් වූ අතර, ඇගේ ප්‍රියතම විෂය වූයේ ඉතිහාසයයි.[14] මාලිනී DTEA මන්දිර් මාර්ග්හි අධ්‍යාපනය හදාළ අතර, 12වන පන්තියෙන් පසු ඇය රංගන වෘත්තියට ඇතුළත් වූවා ය.[15]

ධර්මේන්ද්‍ර සමග රඟපෑ මාලිනීගේ පළමු චිත්‍රපට වූයේ ෂරාෆත් (1970) ය.[16] 1979දී ඔවුහු විවාහ වූහ.[17][18] ඒ වනවිටත් විවාහකයකුව සිටි ධර්මේන්ද්‍ර හට දරුවන් ‍සිටි අතර, ඉන් දෙදෙනකු වූයේ බොලිවුඩ් නළුවන් වන සනී දියොල් සහ බොබී දියොල් ය. මාලිනී ඉස්ලාමය වැළඳගත් අතර[17][18][19][20] ධර්මේන්ද්‍ර හා විවාහ විය. ඔවුනට දරුවන් දෙදෙනකු ද වේ. ඔවුන් නම් බොලිවුඩ් නිළියක වන ඊෂා දියොල් (1981 දී උපන්)[21] සහ සහාය අධ්‍යක්ෂකවරියක වන අහානා දියොල් ය.[22][23][24]

ෆූල් ඕර් කාන්ටේ (1991), රෝජා (1992) සහ අන්නයියා (1993).යන චිත්‍රපටවල ප්‍රධාන නිළිය ලෙස කටයුතු කළ මධූ ඥාතීත්වයෙන් මාලිනීගේ ලේලියකි.[25]

චිත්‍රපට වෘත්තිය[සංස්කරණය]

1960-1970 මුල්කාලීන කෘති[සංස්කරණය]

මාලිනී ඉදු සතියම් (1963) චිත්‍රපටයේ සහාය රංගනයෙහි නිරත වූ අතර, පාණ්ඩව වනවාසම් (1965) චිත්‍රපටයේ නාට්‍යාංගනාවකගේ චරිතය නිරූපණය කළා ය. 1968 සප්නෝ කා සෞදගර් චිත්‍රපටයේ මාලිනී සහ රාජ් කපූර් විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන ලදී[26] මෙය "බොලිවුඩ් සිහින යුවතියක" ලෙස ඇගේ ප්‍රවර්ධනයේ ආරම්භයයි.[26]

1970-1978 ප්‍රමුඛත්වයට පත්වීම සහ සාර්ථකත්වය[සංස්කරණය]

ජොනී මේරා නාම් (1970) චිත්‍රපටයේ මාලිනී විසින් ප්‍රධාන චරිතයක් නිරූපණය කරන ලදී. අනතුරුව ඇය අභියෝගාත්මක චරිත රැසක්ම නිරූපණය කළා ය. මෙයට උදාහරණ ලෙස අන්දාස් (1971) චිත්‍රපටයේ තරුණ වැන්දඹුවගේ චරිතය සහ ලාල් පට්ඨර් (1971) චිත්‍රපටයේ දිළිඳු ස්ත්‍රියගේ චරිතය දැක්විය හැක.[26] 1972දී, මාලිනී, ධර්මේන්ද්‍ර සහ සංජීව් කුමාර් යන නළුවන් සමග සීතා ඕර් ගීතා චිත්‍රපටයේ ප්‍රධාන චරිත නි‍රූපණය කළා ය.[27] මෙම චිත්‍රපටය වෙනුවෙන් මාලිනී ෆිල්ම්ෆෙයාර් හොඳම නිළිය සම්මානය හිමි කරගත්තා ය.[28] රංගන ක්ෂේත්‍රයට පිවිස වසර හතරකින්, මාලිනී බොලිවුඩයේ ප්‍රධාන නිළියක සහ සම්භාව්‍ය නර්තන ශිල්පිනියක ලෙස ස්වකීය නාමයක් ගොඩනගා ගත්තා ය.[4][29][30] 1970 දශකයේ මාලිනීගේ චිත්‍රපට අතර සන්‍යාසි (1975), ධර්මාත්ම, ප්‍රතිග්‍යා (1975) වැනි චිත්‍රපට ප්‍රමුඛ ය. ෂෝලේ (1975) චිත්‍රපටයෙහි මාලිනී විසින් බසන්ති නැමැති කටකාර තරුණියකගේ චරිතය නිරූපණය කරන ලදී.[26] මෙම යුගයේ අනෙකුත් නිර්මාණ අතරට ත්‍රිශූල්, ජෝෂිලා, ඛුෂ්බූ (1975), කිනාරා (1977) සහ මීරා (1979) වැනි චිත්‍රපට අයත් වේ.

මාලිනී, ධර්මේන්ද්‍ර සමග චිත්‍රපට 28කට රංගනයෙන් දායක වී ඇත. මේ අතරට ෂරාෆත්, තුම් හසීන් මේන් ජවාන්, නායා සමානා, රාජා ජානි, සීතා ඕර් ගීතා , පට්ඨාර් ඕර් පායල්, දෝස්ත් (1974), ෂෝලේ (1975), චරස්, ජුග්නු, අසාද් (1978) සහ දිල්ලාගි (1978) වැනි චිත්‍රපට අයත් ය.

1980- 1990 ආර්ථික සාර්ථකත්වය[සංස්කරණය]

විවාහයෙන් පසුව චිත්‍රපට නිෂ්පාදනය කෙරෙහි යොමුවූ මාලිනී ක්‍රාන්ති, නසීබ් (1981), සත්තේ පේ සත්තා, රාජ්පුත්, සහ ඒක් නේ පහේලි (1984) යන චිත්‍රපට නිර්මාණය කළා ය.[31] රාජේෂ් ඛන්නා සමග රංගනයෙහි යෙදුණු ඇය චිත්‍රපටයෙහි සම්භාව්‍ය නර්තන ශිල්පිනියකගේ චරිතය නිරූපණය කළා ය. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත ඒ සම්බන්ධයෙන් පැවසූයේ චිත්‍රපට යුවළවල් අතුරින් ඉහළම යුවළක් බවයි.[32] ඇගේ කෘති අතරට ආන්ධි තූෆන්, දුර්ගා (1985), රාම්කාලි (1985), සීතාපුර් කි ගීතා (1987), ඒක් චාදර් මේයිලි සි (1986), රිහායි සහ ජමේ රාජා (1990) වැනි චිත්‍රපට ද ඇතුළත් ය.[26]

මෙම යුගයේ දී මාලිනී ධර්මේන්ද්‍ර සමග අලිබාබා ඕර් 40 චෝර්, භගවත්, සම්රාත්, රෂියා සුල්තාන්, අන්ද කනූන් (1983), සහ රාජ් තිලක් (1984) යන චිත්‍රපටවල චරිත නිරූපණයෙහි නියැළුණා ය.

ඇය විසින් දිල් ආෂ්නා හේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අතර, දිව්‍යා භාරති සහ ෂාරුක් ඛාන් විසින් එහි ප්‍රධාන චරිත නිරූපණය කරන ලදී. ඉන් අනතුරුව මාලිනී නර්තනය සහ රූපවාහිනී නිර්මාණ කෙරෙහි සිය අවධානය යොමු කරන්නට වූවා ය.[26]

2000 දශකයේ විචාරක පැසසුම ලත් චරිත[සංස්කරණය]

වසර ගණනාවක් චිත්‍රපට ක්ෂේත්‍රයෙන් විරාමයක් ගෙන සිටීමෙන් පසු සිය නැවත ආගමනය සනිටුහන් කරමින් හේමා බාඝ්බාන් (2003) චිත්‍රපටයෙන් රංගනයට පිවිසියා ය.[26] මෙහි රංගනය වෙනුවෙන් ඇය ෆිල්ම්ෆොයර් හොඳම නිළියට හිමි සම්මානය සඳහා ඇගේ නම යෝජනා විය. 2004 වීර්-සාරා චිත්‍රපටයේ ද ඇය සහාය චරිතයක් නිරූපණය කළා ය. 2011දී ඇය සිය දෙවන වෘත්තාන්ත චිත්‍රපටය වූ ටෙල් මී ඕ ඛුඩා අධ්‍යක්ෂණය කළා ය. මෙහි ඇය, ඇගේ සැමියා වූ ධර්මේන්ද්‍ර සහ දියණියක වූ ඊෂා දියොල් ද පෙනී සිටියා ය.[33][34]

දේශපාලන වෘත්තිය[සංස්කරණය]

1999දී, මාලිනී භාරතීය ජනතා පක්ෂයේ (BJP) අපේක්ෂකයකු වූ හිටපු බොලිවුඩ් නළුවකු වූ විනෝද් ඛන්නාට සහයෝගය පල කරමින් මැතිවරණ ව්‍යාපාරය හා සම්බන්ධ වූවා ය. ඛන්නා පන්ජාබයේ ගුර්දාස්පූර් ඡන්ද කොට්ඨාසයෙන් ලෝක් සභා මැතිවරණයට සහභාගී විය. 2004 පෙබරවාරි මස මාලිනී නිල වශයෙන් BJP පක්ෂය සමග සම්බන්ධ වූවා ය.[35] 2003 සිට 2009 දක්වා ඇය උත්තර මන්තී මණ්ඩලයේ හෙවත් රාජ්‍ය සභාවේ පාර්ලිමේන්තු සාමාජිකාවක (MP) ලෙස කටයුතු කළා යත ඇයව නිර්දේශ කරන ලද්දේ එවකට ඉන්දියානු ජනපති වූ ආචාර්ය ඒ. පී ජේ. අබ්දුල් කලාම් විසිනි. 2010 මාර්තු මස, මාලිනී BJP පක්ෂයේ සාමාන්‍ය ලේකම් පදවියට පත්කෙරුණු අතර, 2011 පෙබරවාරි මස අනන්ත් කුමාර් විසින් ඇයව පක්ෂයේ සාමාන්‍ය ලේකම් පදවිය නිර්දේශ කරන ලදී.[36] 2014 මහමැතිවරණයේ දී මාලිනී, මථුරා අපේක්ෂක ජයන්ත් චෞධරිව (RLD) වැඩි ඡන්ද 3,30,743 කින් පරාජය කිරීමට සමත්වූවා ය.[37][38] අනතුරුව මාලිනී ලෝක් සභාවට තේරී පත් විය.[35][36]

සමාජ ගැටලුවල දී දායකත්වය[සංස්කරණය]

මාලිනී PETA ඉන්ඩියා නැමැති සත්ත්ව අයිතිවාසිකම් සංවිධානයේ ආධාරකාරිණියකි. 2009දී මුම්බායි මහනගර කොමසාරිස් වෙත ලිපියක් යවමින් ඔහුගෙන් ඉල්ලා තිබුණේ මුම්බා‍යේ තදබදකාරී මාවත්වල අශ්ව රථ ධාවනය තහනම් කරන ලෙසයි.[39] 2011දී, පරිසර සහ වනාන්තර සඳහා ඒකාබද්ධ අමාත්‍යවරයා වූ ජයිරාම් රමේෂ් වෙත ලිපියක් ලියමින් ඇය ඉල්ලා සිටියේ ගොන් පොර (ජල්ලිකට්ටු) ක්‍රීඩාව තහනම් කරන ලෙසයි.[40] ඇය පැවසූයේ, "ජල්ලිකට්ටු සිදුවීම් පිළිබඳ විමර්ශන දියත් කළ PETAහි මාගේ මිතුරන් වාර්තා කළේ ගවයන්ගේ නාස් වළලුවලින් තදින් අදින බවත්, ඔවුනට පහර දෙන බව හා තියුණු කෝටුවලින් තලන බවත් ය. එසේම එහාමෙහා චලනය වීමටවත් නොහැකි ලෙස ඔවුන්ව තදින් ට්‍රක් රථවලට පටවනු ලබයි".[41] Malini won the title of "PETA Person of the Year".[42] නිර්මාංශ පුද්ගලයකු වන ඇය පැවසූයේ, "මාගේ ආහාර තේරීම් මේ ග්‍රහලොවට සහ සතුන්ට උපකාරී වන බව වටහා ගැනීමෙන් මා සතුටට පත්වනවා" යනුවෙනි.[43]

වෙනත් කෘති[සංස්කරණය]

නර්තනය[සංස්කරණය]

ප්‍රසංගයක දී කර්තනාංගයක් ඉදිරිපත් කරන මාලිනී

මාලිනී යනු ප්‍රවීණ භරතනාට්‍යම් නර්තන ශිල්පිනියකි. ඇගේ දියණියන් වන ඊෂා දියොල් සහ අහානා දියොල් ප්‍රවීණ ඕදිසි නර්තන ශිල්පිනියන් වේ. ඔවුන් පුණ්‍යාධාර කටයුතු වෙනුවෙන් සැකසූ පරම්පරා නම් අංගයන්හි දී මාලිනී සමග එක්ව නර්තනයෙහි යෙදේ.[44][45] මීට අමතරව ඇය ඇගේ දියණියන් සමග ඛජුරාහෝ නර්තන උළෙලේ දී ද සිය දක්ෂතා ප්‍රදර්ශනය කොට ඇත.[46]

මාලිනී වෙම්පාටි චින්න සත්‍යම් වෙතින් කුචිපුඩි නර්තනය හදාළ අතර, කලාමණ්ඩලම් ගුරු ගෝපාලක්‍රිෂ්ණන් වෙතින් මෝහිනියට්ටම් හදාළා ය. ඇය විසින් නරසිංහ, තුලාසිදාස්ගේ රාම්චරිත්මානස්හි රාම වැනි නර්තන අංග ගණනාවක් නිරූපණය කොට ඇත.[47] 2007දී, ඇය මයිසෝරයේ දුස්සෙරා සන්ධ්‍යාවෙහි දී, සති, පාර්වතී සහ දුර්ගා වැනි චරිත රඟ දක්වා ඇත.[48]

නාට්‍ය විහාර් කලාකේන්ද්‍ර නර්තන පාසල මාලිනීගේ හිමිකාරීත්වය යටතේ පවතියි.[49]

රූපවාහිනිය[සංස්කරණය]

මාලිනී විසින් පනීත් ඉසාර් විසින් අධ්‍යක්ෂණය කළ ජායි මාතා කි (2000) නම් රූපවාහිනී කතාමාලාවේ චරිත නිරූපණය කොට තිබේ. මෙහි ඇය දුර්ගා දෙවඟනගේ චරිතය නිරූපණය කළා ය.[50] සහරා වන් නාළිකාවෙන් විකාශය වූ කාමිනි දාමිනි නැමැති රූපවාහිනී කතාමාලාවේ ඇය විසින් නිවුන් සොයුරියන් දෙපළකගේ චරිත නිරූපණය කරන ලදී. මාලිනී විසින්ම අධ්‍යක්ෂණය කරන ලද නූපුර් කතාමාලාවේ ඇය භරතනාට්‍යම් නළඟනකගේ චරිතය නිරූපණය කළා ය.[26]

නිෂ්පාදනය සහ ප්‍රවර්ධන කෘති[සංස්කරණය]

මාලිනී විසින් New Woman නැමැති හින්දි කාන්තා සඟරාවේ සංස්කාරක ධුරය උසුලයි.[51][52] 2000දී වසර තුනක කාලයක් සඳහා ජාතික චිත්‍රපට සංවර්ධන සංස්ථාවේ ප්‍රථම සභාපතිනිය ලෙස මාලිනී පත්වූවා ය.[15][53]

2007දී, ඛනිජ ජල පිරිපහදු පද්ධතියක නිෂ්පාදකයින් වූ කෙන්ට් RO සිස්ටම්ස් සමග ප්‍රවර්ධන ගිවිසුමකට මාලිනී එළැඹියා ය.[54] මීට අමතරව මාලිනී චෙන්නායිහි විලාසිතා ප්‍රදර්ශනාගාරයක් වූ පෝතයිස් වෙනුවෙන් සන්නාම තානාපතිනියක ලෙස කටයුතු කොට ඇත.[55]

නිර්මාණ දායකත්වය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "rediff.com: A dream called Hema Malini". Rediff.com. 16 October 1958. සම්ප්‍රවේශය 14 June 2011. 
  2. Hemamalini, ever dream girl turned 65. cinemanewstoday.com.
  3. 3.0 3.1 A dream called Hema Malini. Rediff.com. Accessed 24 September 2009.
  4. 4.0 4.1 Abhinetri (1970) The Hindu 3 December 2010. Accessed 30 June 2011.
  5. 5.0 5.1 Top Actresses. Box Office India. Accessed 8 January 2008. Archived 17 October 2013 at the Wayback Machine.
  6. Friday Review Chennai / Tribute : Bollywood's macho man bids goodbye. The Hindu 1 May 2009 Accessed 14 June 2011.
  7. Top Box Office Draws of Indian Cinema. IBOS. Accessed 24 September 2009.
  8. Padma Vibhushan, Padma Bhushan, Padma Shri awardees. The Hindu 27 January 2000 Accessed 14 June 2011.
  9. Here comes Dr. Hema Malini! Archived 17 October 2012 at the Wayback Machine. The Times of India 2 October 2012. Accessed 2 October 2012.
  10. Correspondent, Special. "S.P. Balasubrahmanyam, Hema Malini bag NTR awards". 
  11. Smt. Hema Malini, Member of Parliament (Rajya Sabha)- Bio Data Press Information Bureau of India. Archived 22 June 2008 at the Wayback Machine.
  12. "My dad opposed my marriage: Hema". IBNLive.com. සම්ප්‍රවේශය 21 February 2016. 
  13. Hema Malini. Living Media International Limited 2004 p23.
  14. My Fun Days. Telegraph India 29 June 2011. Accessed 6 July 2011.
  15. 15.0 15.1 Detailed Profile, Smt. Hema Malini, Members of Parliament (Rajya Sabha), Who's Who, Government: National Portal of India.[dead link] India.gov.in Accessed 6 July 2011.
  16. "Dharmendra, Action King: Personal life.[dead link] The Indian Express. Accessed 2 July 2011.
  17. 17.0 17.1 "Hema Malini Drives into Mathura Nagari". New Indian Express. 2 April 2014. සම්ප්‍රවේශය 18 June 2016. 
  18. 18.0 18.1 "From Hema Malini-Dharmendra, Rekha-Vinod Mehra to Aamir Khan-Reena: Bollywood's most controversial and secret marriages". Daily News and Analysis. 3 January 2014. සම්ප්‍රවේශය 18 June 2016. 
  19. "Hema Malini concealed her educational qualification, conversion to Islam in affidavit: AAP". India TV. 18 April 2014. සම්ප්‍රවේශය 18 June 2016. 
  20. Pinto, Jerry. Helen: The Life and Times of an H-bomb. පි. 9. ISBN 9780143031246. https://books.google.co.in/books?id=Ng_vVIcq5yQC&pg=PA9&dq=%22Hema+Malini%22+Dharmendra+convert+OR+islam+OR+hindu&hl=en&sa=X&ei=zhnMU53oHZaeyASMgYGwBg&redir_esc=y#v=onepage&q=%22Hema%20Malini%22%20Dharmendra%20convert%20OR%20islam%20OR%20hindu&f=false. 
  21. Times of India 30/6/12
  22. Joshi T. Ahana Deol and boyfriend VJ Aditya working together in Guzaarish. Mid-day.com 26 May 2009 Accessed 6 July 2011.
  23. Metro Plus Mangalore, Cinema : Sister act! The Hindu 10 October 2009 Accessed 6 July 2011.
  24. Next in line. The Telegraph, Kolkota. 3 March 2011. Accessed 6 July 2011.
  25. Hits and misses. Archived 22 October 2008 at the Wayback Machine. Screenindia.com Accessed 24 September 2009
  26. 26.0 26.1 26.2 26.3 26.4 26.5 26.6 26.7 Hema Malini: Bollywood's dreamgirl. Rediff.com 25 October 2002. Accessed 1 July 2011
  27. Revisiting Seeta Aur Geeta. Rediff.com 25 May 2009 Accessed July 2011
  28. The Winners – 1972– The 51st Filmfare Awards. The Times of India. 14 June 2011.
  29. Biography reveals dream girl's love affairs. Paktribune.com Accessed 1 July 2011.
  30. Goddess of valour. The Hindu 25 March 2011. Accessed 30 June 2011.
  31. Pawar Y. Kamal Haasan and Rajinikanth’s guru K Balachander passes away. DNA 21 June 2012 Accessed 27 December 2014.
  32. Purva D. Rajesh Khanna's top five jodis. The Times of India 21 June 2012 Accessed 26 June 2012
  33. Kalyani Prasad Keshri (26 July 2010). "Dream Girl | Esha Deol". Entertainment.oneindia.in. සම්ප්‍රවේශය 4 December 2011. 
  34. "Hema Malini's Diwali wish for Tell Me O Khuda". Hindustan Times. 25 October 2011. Archived from the original on 28 November 2011. සම්ප්‍රවේශය 4 December 2011. 
  35. 35.0 35.1 Hema Malini joins BJP. The Hindu 20 February 2004 Accessed 14 June 2011.
  36. 36.0 36.1 Karnataka News : BJP picks Hema Malini for RS. The Hindu 19 February 2011 Accessed 14 June 2011.
  37. Hema Malini makes dream debut in Mathura. Zeenews 2014.
  38. Constituency wise. ECI results.
  39. Hema Malini campaigns for being vegetarian Zee News 8 October 2013
  40. Ban Tamil Nadu's jallikattu: Hema Malini. Times of India 4 July 2011.
  41. Hema Malini urges ban on Tamil Nadu's Jallikattu.[dead link] IBN Live 1 July 2011.
  42. Hema Malini named PETA Person of the Year. Deccan Herald 19 December 2011.
  43. Hema Malini stars in PETA ad. Times of India 9 October 2013.
  44. Star daughter awaits a big hit, The Hindu 16 June 2002 Accessed 14 June 2011.
  45. Friday review Hyderabad / Dance : Goddess of valour. The Hindu 25 March 2011 Accessed 14 June 2011.
  46. Hema Malini mesmerises at Khajuraho Dance Festival. The Hindu 3 February 2011. Accessed 6 July 2011.
  47. Friday review Hyderabad / Dance : Hema's celestial dance recital. The Hindu 7 April 2006 Accessed 14 June 2011.
  48. Kumar K. Hema Malini presents 'Durga' to a standing ovation. The Hindu 22 October 2007. Accessed 6 July 2011.
  49. Hema Malini enthrals audience. The Hindu 13 September 2010. Accessed 25 June 2016.
  50. Godly choices. The Sunday Tribune 30 March 2003. Accessed 10 January 2012.
  51. India as a writer's market. Writing-world.com Accessed 1 July 2011.
  52. Which business family owns Outlook? Rediff.com 1 July 2011.
  53. Are You surprised? Rrtd.nic.in 15 October 2000. Accessed 6 July 2011.
  54. Business : Kent RO aims to consolidate market position. The Hindu 20 February 2009. Accessed 6 July 2011.
  55. Tamil Nadu / Chennai News : Prizes distributed to winners of 'Pothys Pattu Parisu'. The Hindu 31 December 2010. Accessed 6 July 2011.

වැඩිදුර කියවීමට[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

Wikiquote-logo-en.svg
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
  • වීඩියෝ පට සදහා IMDb හි ඇති ගිණුම

සැකිල්ල:Padma Shri Awards සැකිල්ල:FilmfareBestActressAward සැකිල්ල:FilmfareLifetimeAchievementAward සැකිල්ල:16th LS members from Uttar Pradesh සැකිල්ල:Bharatiya Janata Party

"https://si.wikipedia.org/w/index.php?title=හේමා_මාලිනී&oldid=423681" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි