Jump to content

හූවර් වේල්ල

විකිපීඩියා වෙතින්
හූවර් වේල්ල
[Ansel Adams],විසින් 1942 දී ගන්නා ලද හූවර් වේල්ල
Official nameHoover Dam
ස්ථානයClark County, Nevada / Mohave County, Arizona, US
අරමුණPower, flood control, water storage, regulation, recreation
තත්වයභාවිතයේ පවතී
ඉදිකිරීම ඇරඹුවේ1931
Construction costඩොලර් මි.49
Owner(s)එක්සත් රාජධානිය
වේල්ල සහ වාන් දොරටු
හරස් කර ඇත්තේColorado River
වාන් දොරටු වර්ගයපාලනය කලහැකි බෙර දොරටු 2
වාන් දොරටු ධාරිතාවය400,000 cu ft/s (11,000 m3/s)

හුවර් වේල්ල, හෙවත් පාෂාණ වේල්ල යනු එ.ජ ඇරිසොනාව හා නිවාඩාව අතර පිහිටි අතිශය බෑවුම් සහිත ස්ථානයක් අතරින් ගලා බසිනා කොලරාඩෝ ගංගාව හරස්කර තැනූ කොන්ක්‍රීට්-ආරුක්කු බල වේල්ලකි. මෙය මහා පරිහානික සමය හෙවත් 1931-1936 අතර කාලසීමාව තුළ නිමවු අතර, 1935 සැප්තැම්බර් මස 30 දින ජනපති ෆ්රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් මහතා විසින් විවෟත කරන ලදි. දහස් ගණනක් වු කම්කරුවන්ගේ අති විශිෂ්ඨ දායකත්වයත්,සියගණනකගේ ජීවිත කැපකිරීමත් මත මෙය ඉදිවිනි. ජනපති හර්බට් හූවර් මහතාගේ අභාවයෙන් පසු විවාදාත්මකව "හූවර් වේල්ල" ලෙස නම් කෙරිනි.

1900 පමණ සිට කළු කැනියම හා පාෂාණමය කැනියම, ගංවතුර වැළැක්වීම, වාරිමාර්ග හා ජල විදුලිය නිපදවිම වැනි දෑ සදහා විභවයක් ලෙස වේල්ලක් තැනීමේ කටයුතු විමර්ශණය විය. 1928 දී කොන්ග්‍රස් මණ්ඩලය මෙයට අනුමැතිය ලබාදුනි. Six Companies, Inc නම් වූ මූල්‍ය සමාගම් 6ක එකතුව මගින් මෙය ඉදිකිරීමට භාරගනු ලැබීය. මෙවැනි විශාල ඉදිකිරීමක් මින්පෙර ඉදිවී නොතිබුන අතර යොදාගනු ලැබූ සමහරක් තාක්ෂණයන් නිවැරදිම නොවිය. ග්‍රීෂ්ම සෘතු කාලගුණය හා ඉදිකිරීම් කලාපය අවට පහසුකම් හා සම්පත් නොමැති වීම වැනි දුෂ්කරතාවයන් වලටද මුහුණදිමට සිදුවිය.කෙසේනමුදු 1936 මාර්තු 1 වන දින Six Companies මගින් රජයට භාරදෙනු ලැබීය.

එක්සත් රාජධානියේ පිහිටි විශාලම ධාරිතාව සහිත ජලාශය හෙවත් ලේක් මෙඩ්(Lake Mead) හූවර් වේල්ල මගින් නිර්මාණය විය. මෙමගින් නිවාඩා,ඇරිසෝනා හා කැලිෆෝනියාව වැනි රාජ්‍යයවල රාජ්‍ය හා පෞද්ගලික අංශවලට විදුලි බලය සපයයි. වාර්ෂිකව මිලියනයකට අධික සංචාරක ආකර්ශණයක් සහිත ස්ථානයකි.මෙම ස්ථානයට ලගාවීමට, 2010 වනතුරු සංචාරකයින් විශාල ලෙස භාවිතකරනු ලැබුයේ U.S. 93 නම් වූ අධිවේගී මාර්ගයයි.

පසුබිම

[සංස්කරණය]

සම්පත් සෙවීම

[සංස්කරණය]

එක්සත් රාජධානිය නිරිතදිග ප්‍රදේශය දියුණු කිරීමත් සමග කොලරාඩෝ ගංගාව [කටයුතු] සදහා ප්‍රභවයක් ලෙස හදුනාගැනිනි. වාරිකටයුතු සදහා ගංගාව හැරවීමේ කටයුතු 1890 අග භාගයේ දී ආරම්භ වූ අතර භූමි විමර්ශණ නිළධාරී විලියම් බීට්ටි(William Beatty) විසින් මෙක්සිකෝ සීමාවට උතුරින් ඇලමෝ දියබස්නාව සාදන ලදි. මේනිසා ඇල ජනශූන්‍ය ඉම්පීරියල් නිම්නයට යාමට පෙර මෙක්සිකෝවට ගමන්කරයි. ඉම්පීරියල් ඇල හරහා ජලය නිම්නයට ගමන්කරත් මෙහි නඩත්තු කටයුතු වියදම් අධික විය. කොලරාඩෝ ගංගාව නිසා සෑදුනු Salton මුහුද සදහා හේතුවූ මහා විනාශකාරී පැල්මෙන් පසු එය යථාතත්වයට පත්කිරීමට South Pacific Railroad හට ඩොලර් මි. 3 මුදලක් 1906-07 දී වැයවිය.ෆෙඩරල් රජය මගින් මූල්‍යමය ප්‍රතිපාදන ලබාදෙනු ලැබීය.මෙසේ නැවත සථායි මට්ටමකට පත්කරනු ලැබූවත්, මෙක්සිකෝ ඉඩම් හිමියන් සමග නිරන්තර ගැටීම් නිසා මෙය විශ්වස කල නොහැකිබව තහවුරැ විය.

විදුලි බල සම්ප්‍රේෂණ තාක්ෂණය දියුණුවීමත් සමග පහල කොළරාඩෝ ප්‍රදේශය ජලවිදුලිය සදහා ප්‍රභවයක් විය.මේ සදහා 1902 දී Edison Electric company of Los Angeles සමාගම විසින් මිනුම් සිදුකල අතර අඩි 40(මීටර් 12)ක පාෂාණමය වේල්ලක් ඉදිකරීම මගින් අශ්ව බල 10 000(කිලෝ වොට් 7500) ක් ජනනය කිරීමට නියමිත විය. කෙසේ වෙතත් විදුලිබල සම්ප්‍රේෂණයේ උපරිම සීමාව සැතපුම් 80(කි.මී 130) වූ අතර විදුලි පාරිභෝගිකයන්ගේ ප්‍රමාණය ඉතාම අල්ප විය. පසුව, Bureau of Reclamation(BOR),විසින් නැවත සථාපන ක්‍රියාවලියක් සැපයීම හා පහල කොළරාඩෝ ප්‍රදේශයේ වේල්ල තැනීමට තීරණය කිරීම සිදුවිය. මෙහි සේවා ප්‍රධානී Arthur Powell Davis ගේ අදහස වූයේ වේල්ල ඉදිවන ප්‍රදේශයට සැතපුම් 20(කි.මී. 32) පමණ උතුරේදී ගංගාවේ දෙපස ගල් කදු ඩයිනමයිට් යොදා පුපුරවා හැර, ගංගාව හරහා මෙහි කුඩා කොටස් ගෙන වේල්ල මෙම ගල් කොටස් වලින් තැනීමයි. අවුරුදු ගණනාවක සලකාබැලීමෙන් පසු,1922 දී මෙම යෝජනාව ප්‍රතික්ෂේප විය.මෙයට හේතු වූයේ එම ක්‍රමය මින්පෙර අත්හදා නොතිබීම හා මෙය මුදල් ඉතිරි කිරීමක් වේද යන්න අවිනිශ්චිත වීමයි.

සැලසුම හා එකගතාව

[සංස්කරණය]
ගොනුව:Hoover constuctionmap.jpeg

1922 දී Reclamation Service විසින් විදුලිය නිපදවීමට හා කොළරාඩෝවෙහි ගංවතුර පාලනය කිරීමට වේල්ලක් ඉදිකිරීමට වාර්ථාවක් ඉදිරිපත් කරනු ලැබුවා. මෙහි අදහස මූලිකවම ඩෙවිස් සතුවූ අතර, අභ්‍යන්තර ලේකම් ඇල්බට් ෆෝල්(Albert Fall) ගෙන් පසුව මෙය Fall-Davis වාර්ථාව විය.ගංගා ද්‍රෝණිය අවට ජනපදයන් පැවතීම හා අවසානයේදී මෙක්සිකෝවට ගලායන නිසා මෙම වාර්ථාවේ මූලික අදහස වූයේ මෙය සාමූහික කාර්යයක් ලෙස කිරීමයි. මෙමගින් වේල්ල පාෂාණ කැනියම අසලදී ඉදිකිරීමට යෝජනා කලත්,Reclamation Service(පසුව Bureau of Reclamation නම් විය)මගින් එම ස්ථානය නුසුදුසු බව සොයාගැනුනි. එනම් මෙම පාෂාණමය කැනියම සමච්චේදනව පොළව අභ්‍යන්තරයේ පාෂාණ ස්ථර 2ක් තිබිම නිසා භූවිද්‍යත්මක දෝෂයක් පැවතීම හා කැනියම ඉතා පටුවීම නිසා පතුලේ කදවුරක් තැනීමට නොහැකි විම හා වාන් මගක් සෑදීමට ඇති අපහසුව දැක්විය හැක. විකල්ප ස්ථානයක් ලෙස කළු කැනියම ඔවුන්ගේ විමර්ශණයට ලක්වූ අතර එය සුදුසු බව තීරණය විය. Las Vegas සිට වැඩබිම දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකල හැකිවිය. ස්ථානය වෙනස් වීමත් සමග මෙම ව්‍යපෟතිය “පාෂාණ කැනියම ව්‍යපෟතිය“ නම් විය.

ජනපද ගණනාවක් ගංගාව දෙපස ඇති බැවින් ජලය බෙදීම පිළිබද නීතිමය ගැටළු පැනනැගිනි.මේ සදහා කොලරාවේ අධිකරණය විසින් ගංගාවේ බලපැම වැඩි ජනපද 7(කැලිෆෝනියාව,නිවාඩාව,ඇරිසෝනාව, උටාහ්,නව මෙක්සිකෝව, කොළරාඩෝ, ව්යොමින්) කොන්ග්‍රස් මණ්ඩලයක් පත්කලේය.වේල්ල ඉදිකිරීමේ අවසරය සදහා කැලිෆොනියානු කොන්ග්‍රසයේ දෙපලක් වන Phil Swing හා Hiram Johnson විසින් නැවත නැවත ඉදිරිපත් කල මුත් සෙසු ජනපදවල සාමාජිකයින් මෙය අතිවිශාල පිරිවැයක් වැයවීම හා කැලිෆෝනියාවට වැඩි වාසි ලැබීම වැනි හේතුනිසා අකමැති විය. එහෙත් 1921 ඇතිවු මිසිසිපි ගංවතුරෙන් මධ්‍ය බටහිර හා දකුණු රටවල සාමාජිකයින් වේල්ලට එකගවිය. 1928 මාර්තු 12 දින ලොස් ඇන්ජලීස් හි පිහිටි St francis වේල්ල මිනිසුන් 600 ජීවීත බිලිගනිමින් විනාශවිය.එහි වේල්ලේ ආකෘතියත් හූවර් වේල්ලට බෙහෙවින් සමානවීම නිසා වේල්ලේ ආරක්ෂාව පිළිබද ගැටළු ඇතිවිය. මේ සදහා කොන්ග්‍රස් මණ්ඩලය විසින් ඉංජිනේරු කමිටුවක් පත්කල අතර ඔවුන් මෙම වේල්ල ඉදිකලහැකි බවට පෙන්වාදෙනු ලැබිය. 1928 දෙසැම්බර් 21 වන දින ජනපති Coolidge නිල අවසරය ලබාදෙනු ලැබිය. ඩොලර් මිලියන 165ක මුදලක් හුවර් වේල්ලේ හා ඒ ආශ්‍රිත ඉදකිරීම් සදහා වෙන් කෙරිනි.මෙයට මංඩලයේ සාමාජික ජනපද 7න් 6 කගේ සහය හිමිවූ අතර ඇරිසෝනාව අවසානයේදි 1944 දී එකගවිය.

නිර්මාණය, සූදානම හා ගිවිසුම

[සංස්කරණය]

කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලැබීමටත් පෙර වේල්ලට අති විශාල කොන්ක්‍රීට් බල ආරුක්කු වේල්ලක් යොදාගැනීමට තීරණය විය. වේල්ලේ පතුල ඝණකමටත් ඉහල අඩු ඝණකමටත් වේල්ලේ උත්තල කොටස ජලාශය දෙසටත් සිටින සේ සැදිම සැලසුම විය. මෙලෙස වක්‍රකිරීම නිසා ජලයේ බලය දෙපස බිත්ති මතට හෙවත් මෙම වේලිලේ ගල් බිත්ති මතට ඇතිවේ. වේල්ලේ පතුල අඩි 660(මීටර් 200) හා ඉහලින් අඩි 45(මීටර් 15) ක මහතකින් ඉදිකිරීමට යෝජිත වූ අතර මෙය මතින් නිව්ඩාව හා ඇරිසෝනාව අතර අධිවේගී මාර්ගක් විය. රජය විසින් අවශ්‍ය දෑ සැපයූ අතර ඉදිකිරිම් සමාගම විසින් වැඩබිම හා වේල්ල ඉදිකිරීමට නියමිත විය. ඉදිකිරීම් කාලය වසර 7 ක් වූ අතර ඉක්මවන කාලයට දඩයක් නියමකිරිමට ගිවිසුම් ගතවිය.

ඉදිකිරීම

[සංස්කරණය]

කම්කරු බලකාය

[සංස්කරණය]

වේලලට අවසර හිමිවීමත් සමග රැකියා නොමැති පුද්ගලයින් විශාල ප්‍රමාණයක් දකුණු නිව්ඩාව ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි වූ අතර කුඩා නගයක් බදු විය. ඉදිකිරීම් ආරම්භක අවස්ථාවේ Six Companies හි 3000ක කම්කරු පිරිසක් විය. මොන්ගෝලියානු ජාතිකයින් බදවා නොගත් අතර කළු ජාතික කම්කරුවන් 30කට නොවැඩි විය. ඔවුන්ට අඩු වැටුපක් හිමිවූ අතර වෙනමම තැබු අතර වෙනම ජල බදුන් පවා වෙන්කෙරිනි.

ගොනුව:Hoover workers.jpeg
කම්කරුවන්ගෙන් කොටසක්

ගිවිසුම්ගත පරිදි කම්කරුවන්ට නිවාස නගරයක් ඉදිවිය.හූවර් වේල්ල අවට ප්‍ර‍දේශයේ දේශගුණය ඉතා උණුසුම් වූ අතර දහවල් කාලනේ ෆැරන්හයිඩ් 119.9(සෙල්සියස් 48.8) උපරිම දක්වා ද විය. මේ හේතුවෙන් පුද්ගලයින් 16 පමණ ජුනි 25 දින සිට ජුලි 26 අතර සිදුවිය.ප්‍රධාන වැඩවර්ජන 2ක් සිදුවූ අතර වැටුප් අඩුකිරීම හා දහවල් ආහාරවේල සදහා කාලය පිලිබද විය.




ගංගාවේ හැරවීම

[සංස්කරණය]

වේල්ල ඉදිකාරීමට ප්‍රථම කොලරාඩෝ ගංගාව වෙනතකට හැරවිය යුතුවිය.මේ සදහා නිව්ඩාව සහ ඇරිසෝනාව හරහා උමං ජල මාර්ග 2බැගින් 4ක් කැපීමට තීරනය විය. එක් උමගක විශ්කම්භය අඩි 56(මීටර් 17) හා සමස්ථ දිග සැතපුම් 3(කි.මී.5) විය.1933 ඔක්තෝම්බර් 1දිනට නිම කිරිමට ගිවිසුම් ගත අතර ප්‍රමාද සෑම දිනකටව ඩොලර් 3000ක් ගෙවීමද ඇතුලත් විය.මේ නිසා Six Companies 1933 පෙරම ආරම්භ කිරීමට සිදුවිය.

ගොනුව:Hoover turnmap.jpeg
හැරවුම විදහාපාන සිතියම

1931 දී නිව්ඩාවේ උමං කටයුතු ආරම්භ කල අතර සුළු කාලයකට පසුව ඇරිසෝනාවේ උමං කටයුතුද ආරම්භ විය.1932 දී උමං මාර්ග වලට කොන්ක්‍රීට් දැමීම සිදුවූ අතර මෙම කොන්ක්‍රීට් ස්ථරයේ ඝණකම අඩි 3(මී 1) විය. ගංගාව ඇරිසෝනා උමං මග ඔස්සේ හැරවූ අතර නිව්ඩාවේ උමං වැඩි ජලය සදහා වෙන්කෙරිනි.වේල්ල ඉදිකල පසු මෙම මාර්ග වාන්මගවල් ලෙස යොදාගනු ලැබීය.

කොන්ක්‍රීට් දැමීම

[සංස්කරණය]
ගොනුව:Hoover concrete.jpeg
කොන්ක්‍රීට් වේල්ල

1931 ජුනි 6 වන දින ප්‍රථම වරට වේල්ලට කොන්ක්‍රීට් දැමීම සිදුවිය. නමුත් වේල්ල එකවර සම්පූර්ණයෙන් පිරවුවහොත් එහි ඇතුලත සිසිල්වීම හා දැඩි වීමට වසර 125 ගතවන බව ගණනය විය. මෙය ගැටලුවක් විය. මේ නිසා කොන්ක්‍රීට් කුට්ටි ලෙස සාදා එහි හිඩැස් වලට හුණු බදාම යෙදූ අතර සිසිල් කිරීමට අභ්‍යන්තරයේ ලෝහ බට යොදා ගැනිනි. කියුබික් යාර 3 250 000(ඝන මීටර් 2,480,000) ක කොන්ක්‍රීට් ප්‍රමාණයක් 1935 මැයි 29 දිනට පෙර යෙදූ අතර පසුව කියුබික් යාර 1 110 000(ඝන මීටර් 850,000) නැවත යොදන ලදි.



වැඩ අවසන් කිරීම හා විවෘත කිරිම

[සංස්කරණය]

1935 ඔක්තෝම්බර් 30 විවෘත කිරීමේ උළෙල පැවැත්වූ අතර මේ අවස්ථාව වනවිට වේල්ලේ වැඩ විශාල ප්‍රමාණයක් අවසන්ව තිබුනත් විදුලි බලාගාරයේ කටයුතු අවසන් නොවීය.ජනපති Franklin D. Roosevelt විසින් මෙය විවෘත කල මුත් හිටපු ජනපති හූවර් හට මෙයට ආරාධනා නොකර සිටි අතර ජනපති Franklin විසින් ඔහුගේ නම කථනයේදී සදහන් නොකලේය. 1933 සිට 1947 පමණ වනතුරු මෙම වේල්ලට “බුල්ඩර් වේල්ල(Boulder Dam)“ ලෙස හැදින්විය.

ඉදිකිරීමේදී සිදුවූ මරණ

[සංස්කරණය]
ගොනුව:Hoover memorial.jpeg
මියගිය පුද්ගලයින් සිහිවීමට සාදා ඇති සමරුව

වේල්ල ඉදිකිරීමේදී ජිවිත 116ක් අහිමි විය.1922 දෙසැම්බර් 20 දින අධීක්ෂණ නිළධාරී J. G. Tierney විසින් වේල්ල ඉදිකිරීමට සුදුසු ස්ථානයක් සෙවීමේදී මියගිය අතර ඔහු මෙහිදී මියගිය ප්‍රථම පුද්ගලයා ලෙස සැලකේ. අවසන් පුද්ගලයා ලෙස ඔහුගේ පුත් Patrick W. Tierney ලෙස සදහන් වේ.මෙම 112 දෙනා අතර කම්කරුවන් 91 හා නරඹන්නකු විය. වෙනත් හේතූන් නිසා මියගිය පුද්ගලයින් ඇතුලත් නොවූ අතර ඔවුන් පිළිබද සදහනක් නොවීය. වේල්ල ඉදිකිරීමට දිවි පුදා මිය ගිය සහෝදර ජනතාවට ගෞරවයක්‌ ලෙසින්ද, ඔවුන්ගේ සේවයට උපහාරයක්‌ ලෙසින්ද ප්‍රතිමා දෙකක්‌ ඉදි කරන ලදී. අඩි 30 ක්‌ උසැති මෙම ප්‍රතිමා දෙකෙහි මිනිස්‌ දැතත් සමග ඉහළට නැගෙන කඩුපත් දෙකක්‌ දක්‌නට ලැබේ.

පාරිසරික බලපෑම

[සංස්කරණය]
ගොනුව:Hoover Environment.jpeg
වේල්ල අවට පරිසරය

හුවර් වේල්ල තැනීමට ගංගාවේ මග වෙනස් කිරීම නිසා කොලරාඩෝ නදී ඩෙල්ටාවට විශාල බලපෑමක් එල්ලවිය. මෙයින් ගංගාවේ මෝයකට ආශ්‍රිතව ජලය අඩු වූ බැවින් ලවණ ජලය ඇතුලු විය. සැතපුම් 40(කි.මී.64) දුර ප්‍රමාණයක් මිරිදිය හා කරදිය මිශ්‍ර ප්‍රදේශයක් විය. ලවණ ප්‍රමාණය අධික විය.මෙය අවට ජීවත් වූ ජීවින්ගේ හා ශාක වල පැවැත්මට මෙය දඩි බලපෑමක් විය. ගංගාවේ දෙපස විටින් විට ඇතිවූ ගංවතුර නිසා එයට හුරුවී එයින් යැපුනු ශාක හා සතුන් හටද බලපැමක් විය. වේල්ලෙන් දකුණු කොටසේ ජීවත් වූ මසුන් විශාල ප්‍රමාණයක් විනාශවිය. කොළරාඩෝ ගංගාවට පමණක් ආවේණික විශේෂ 4ක් අන්තරායට පැමිණි ජීවී විශේෂයන් ලෙස නම්විය.

විවාදාත්මක නාමකරණය

[සංස්කරණය]

මෙය ඉදිකිරිම් සමාගම නාමයක් ප්‍රකාශ නොකල අතර වේල්ල ගොඩ නැගීම, ක්‍රියාත්මක කිරීම හා නඩත්තු කිරීම සිදුකලේය. එවක ලේකම් Wilbur විසින් සමාරම්භක උළ‍ලේදී මෙය හූවර් වේල්ල ලෙස ප්‍රකාශවිය. නමුත් ජනපති Hoover ගේ පරාජයත් සමග මීලග ජනපති Roosevelt විය. එවක ලේකම් Ickes විසින් මෙය බුල්ඩර් වේල්ල ලෙස නම් කිරීමට නියෝග කරනු ලැබීය.පසු කාලයේදී මෙම වේල්ලට බුල්ඩර් වේල්ල ලෙස පැවතීමට අසමත් වු අතර බොහෝ ඇමරිකානුවන් නම් දෙකම භාවිත කල අතර සිතියම් නිර්මාණකරුවන්ද අපහසුතාවයට පත්විය. ඔවුන් මෙයට යෙදිය යුතු නම පිලිබද විවාද විය. එහිදී 1935 කාලයේදී සිදුවූ මහා අවපාතකාලයේ ජනපති හුවර් විසින් සිදුකල සේවාවත් දෙවන ලෝක යුද සමයෙන් පසු සමයේදි සිදු කල මහත් සේවාවත් නිසා එයට ගෞරවයක් ලෙස හූවර් වේල්ල ලෙස බහුතර කැමැත්ත මත නම්විය. මෙහිදී ලේකම් Ickes විසින් දැඩි විරෝධයක් දැක්වු අතර ඔහු පැවසුවේ “ මා කවදාත් හූවර් කෙනකු ගැන අසා නැති අතර යම් කෙනකු නොකල දෙයකට ඔහු වැනි කුඩා මිනිසකුගේ නම තබන්නේ කෙලෙසද?“ යන්නයි.

ජනපති හර්බට් හූවර්

බාහිර යොමු

[සංස්කරණය]


හූවර් වේල්ල වත්මන් දර්ශණය
"https://si.wikipedia.org/w/index.php?title=හූවර්_වේල්ල&oldid=593952" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි