හුවාවේ ටෙක්නොලොජීස් සමාගම

විකිපීඩියා වෙතින්
Huawei Technologies Co. Ltd.
වර්ගයපෞද්ගලික
ස්ථාපිතය1988
ප්‍රාරම්භකRen Zhengfei
මූලස්ථානයLonggang District, Shenzhen, Guangdong, China
සේවා සරියWorldwide
කර්මාන්තයTelecommunications
නිෂ්පාදිතයන්Mobile and fixed broadband networks, consultancy and managed services, multimedia technology, smartphones, tablet computers
ආදායමIncrease CNY 185.176 billion (2010)
ලාභයIncrease CNY 28.458 billion (2010)
හිමිකරු(වන්)Employee-owned corporation
සේවකයන්140,000 (2012)
වෙබ්අඩවියhuawei.com

හුවාවේ පුද්ගලික සමාගම චීනයේ ඇති ලොකුම සන්නිවේදන හා උපකරණ නිර්මාපකයන් වන අතර ලොව දෙවන ලොකුම දුරකථන උපාංග නිපදවන්නා සහ සන්නිවේදන සමාගමයි. 1987 දී රෙන් සෙන්ග්ෆෙයි විසින් ආරම්භ කළ හුවාවේ සමාගම සතුව මේ වන විට සේවකයන් 110,000කට වඩා ඇත. 2010දී හුවාවේ සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 28ක ආදායමක් වාර්ථා කර ඇත. මෙහි සන්නිවේදන සේවා හා උපකරණ චීනය, ජර්මනිය, ඉන්දියාව, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 140කටත් අධික ප්‍රමාණයකට, ලොව ලොකුම ටෙලිකොම් සමාගම් 50න් 45කටම තම දායකත්වය සපයයි.

ඉතිහාසය[සංස්කරණය]

අන්තර්ජාතික ව්‍යාප්තිය[සංස්කරණය]

1997දී හුවාවේ සමාගම තම ප්‍රථම විදේශ ගණුදෙනුව වන හොංකොං හි හට්චිසන් සමාගමේ වයර් සහිත දුරකථන සම්බන්ධතා ලබාදීමට සම්බන්ධ වුනි. එම වසරේම අවසානය වන විට වයර් රහිත ජී.එස්.එම් මඟින් CDMA සහ UMTS ද ලබාදීමට කටයුතු කලේය. 1999දී සමාගම විසින් පර්යේෂණ සහ සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයක්(R&D) බැංගලෝර් හිදී ඇරඹීය. 1998 සිට 2003 දක්වා කාලයේදී IBM සමාගම හා එක්ව කටයුතු කලේය. 200 වසරෙන් පසු හුවාවේ සමාගමේ ශීඝ්‍ර දියුණුවක් පෙනෙන්නට වුණි. 2000 වසරේදී පමණක් ඇ.ඩො.මි.100 ඉක්මවූ අන්තර්ජාතික ආදායමක් ලබාගැනීමෙන් හා ඒ නිසා ස්වීඩනය තුළද තවත් පර්යේෂන හා සංවර්ධනය පිළිබඳ තවත් මධ්‍යස්ථානයක් ආරම්භ කෙරිනි. තවත් එවැනිම R&D මධ්‍යස්ථාන 4ක් ඇමරිකාව තුළද ස්ථාපනය කර, අන්තර්ජාතික සන්නිවේදන එකමුතුවේද(International Telecommunications Union) සාමාජිකත්වය හිමිවුණි. 2002 වසරේදී පමණක් අන්තර්ජාතික වෙළඳාම මඟින් ලාභය ඇ.ඩො.මි.552ක් දක්වා වර්ධනය වුණි.