Jump to content

වෙබ් අඩවි

විකිපීඩියා වෙතින්
(වෙබ්අඩවිය වෙතින් යළි-යොමු කරන ලදි)

වෙබ් අඩවියක් යනු අන්තර්ජාල මූලලේඛයන්-පදනම් වූ ජාලයක් තුලදී පොදු වසම් ලිපිනයක් හෝ අන්තර්ජාල ලිපිනයක් අනුසාරයෙන් ඇමතෙන, එකිනෙක හා සබැඳී, වෙබ් පිටු, රූප, විදෘශ්‍ය (වීඩියෝ රූප) හෝ අනෙකුත් සංඛ්‍යාංක (ඩිජිටල්) සන්තකයන් සමුච්චයකි. අන්තර්ජාලය හෝ පෞද්ගලික පෙදෙසි ජාලය ඔස්සේ ප්‍රවේශ විය හැකි වෙබ් සේවාදායකයන් අඩුම වශයෙන් එකක් තුල වෙබ් අඩවියක් සත්කාරක කෙරේ.

වෙබ් පිටුවක් යනු, අදිපෙළ සලකුණු බස (HTML, XHTML) භාවිතයෙන් ලිවූ හැඩතල ගැන්වීම් උපදෙස්ද අතරින් පතර යෙදූ, සාමාන්‍ය වශයෙන් සරල පෙළක් භාවිතයෙන් ලියැවෙන, ලේඛයකි. අනෙකුත් වෙබ් අඩවියන්හී අංගයන්, සුදුසු සලකුණු බරුවන් භාවිතයෙන් වෙබ් පිටුවක් තුල අන්තර්ගත කල හැකිය.

වෙබ් පිටු වෙත ප්‍රවේශ වීම සහ ඒවා ප්‍රවාහනය කිරීම සිදුකෙරෙනුයේ අදිපෙළ මාරු මූලලේඛය (HTTP) භාවිතයෙන් වන අතර, වෙබ් පිටු අන්තර්ගතය පරිශීලනය කරන්නා හට ආරක්ෂාව හා පෞද්ගලිකත්වය සැපයීම සඳහා විකල්ප වශයෙන් සංකේතනය (HTTP සුරැකි, HTTPS) භාවිතයද සිදුකල හැකිය. බොහෝවිට වෙබ් බ්‍රවුසරයක් වන්නාවූ, පරිශීලක යෙදුම විසින් සිදුකෙරෙනුයේ, පිටු අන්තර්ගතය සලකා බලා, එහි HTML සලකුණු උපදෙස් අනුව ආන්ත සංදර්ශකයට විදැහුම් කිරීමයි.

පොදුවේ ප්‍රවේශ්‍ය විය හැකි සියළු වෙබ් අඩවි සමස්තය සමුච්චයක් ලෙසින් විශ්ව විසිරි වියමන සදයි.

මුල් පිටුව ලෙසින්ද හැඳින්වෙන, සරල ඒකාකාර සම්පත් නිවේශනයක් (URL) විසින්, සාමාන්‍ය වශයෙන් වෙබ් අඩවියක පිටු ප්‍රවේශනය කරනු ලැබේ. ඒවා අතර අඳිබැඳිවීම් විසින් පරිශීලකයාට අඩවි ව්‍යුහය ක් ප්‍රත්‍යක්ෂණය කරමින් කියවන්නා හට අඩවිය සංචාලනය කිරීමට ඉඩ සලසන නමුදු, සත්‍යවශයෙන්ම පිටු වල (URL)ලිපිනයන් ධුරානුක්‍රමිකව සකස් වේ.

සමහරක් වෙබ්-අඩවි වල අන්තර්ගතයේ මුළුමනින්ම හෝ එහි කොටසක් හෝ ප්‍රවේශනය සඳහා දායකත්වයන් අවශ්‍ය වෙයි. දායකත්වය අවශ්‍ය වන අඩවි සඳහා නිදසුන් අතර, බොහෝ ව්‍යාපාරික අඩවි බොහෝ ප්‍රවෘත්ති අඩවියන් හි කොටස්, ශාස්ත්‍රීය ජර්නල අඩවියන්, ක්‍රීඩා අඩවියන්, පණිවුඩ පුවරු, වෙබ්-පදනමැති විද්‍යුත්-තැපෑල, සේවාවන්, සමාජ ජාලකරණ වෙබ් අඩවියන්, සහ තථ්‍ය-කාල කොටස් වෙළෙඳ පොළ දත්ත සපයන අඩවියන් වෙති.

වෙබ්-අඩවි ඉතිහාසය

[සංස්කරණය]
CERN ආයතනයේ දී බර්නස්-ලී විසින් භාවිතා කරන ලද මෙම Nextcube CERN උපකරණ ප්‍රථම වෙබ් සර්වරය බවට පත් විය


වෙබය සඳහා මුලික වශයෙන් පදනම් වු අදහස වන්නේ වර්ෂ 1980 දී ස්විට්ස්ටර්ලන්තයේ CERN හි දී ටිම් බර්නස්-ලී විසින් ENQUIRE (ඔහු කුඩා කල පරිහරණය කළ Enquire within upon Everything නමැති පොතට යොමුවක් ලෙස) නිපදවන ලද කාලය දක්වා ඈතක දිව යන්නකි. එකල මෙම අදහස වර්තමානයේ භාවිතා වන ක්‍රමවේදයෙන් සැලකිය යුතු වෙනසක් පෙන්වුවද එහි හරය තුළ පැවති අදහස් බොහෝදුරට එක හා සමාන විය. (ඉනුදු සමහරක් අදහස් බර්නස්-ලීගේ විශ්ව විසිරි වියමනට පසුව එළඹි අර්ථ විචාරණ (semantic) වෙබ ව්‍යාපෘතියේ ඒවා විය.


මින් අනනතුරුව 1989 දී ටිම් බර්නස්-ලී විසින් ENQUIRE සඳහා ද, යොමුවක් සහිතව තොරතුරු කළමණාකරණ ක්‍රමවේදයන් පිළිබඳව වඩාත් විස්තරාත්මක යෝජනා පත්‍රයක් ලියුවේය. එතෙකින් නොනැවතුණු ඔහු රොබට් කැලියන්ගේ සහයෝගය ද ඇතිව 1990 නොවැම්බර් 12 වැනි දා වඩාත් ක්‍රමානුකූල යෝජනා පත්‍රයක් ප්‍රකාශයට පත් කළේය. මෙහි ආදර්ශ භූමිකාව සපයන ලද්දේ EBT හි (Electronic Book Technology, බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ Institute for Research in Information and Scholarship ආයතනයෙන් පමණි) CERN ආයතනයෙන් වරපත් කරනු ලැබු Dynatext කියවනය මඟිනි. කෙසේ වුවත් Dynatext ක්‍රමවේදය සලකන ලද්දේ තාක්ෂණික වශයෙන් උසස් (HyTime ඇතුලත SGML ISO 8879:1986 අධිමාධ්‍ය (Hypermedia) දක්වා විස්තීරණය කිරීමේ ප්‍රධාන කොටස්කරුවෙකි), ඉතා මිල අධික සහ අනුචිත වරපත් කිරීමේ පිළිවෙතක් සහිත අධි ශක්ති භෞතික විද්‍යා ප්‍රජාව හා සබැඳි කටයුතු (HEP) සඳහාය. මෙහි එන එක් එක් ලේඛනයකට හා එක් එක් ලේඛනය භාවිතා කළ වාරයක් පාසා කිසියම් මුදලක් අය කරන ලදි.


ටිම් බර්නස්-ලී විසින් තැනූ NEXTcube උපකරණය ලොව ප්‍රථම වෙබ් සේවාදායකය ලෙස භාවිතා කරනු ලැබු අතරම, එය 1990 දී පළමු වෙබ් බ්‍රවුසරය වන world wild Web ලිවීම සඳහා ද භාවිතා කෙරිණි. 1990 අග භාගය වන විට බර්නස්-ලී ක්‍රියාකාරී වෙබයක් සඳහා අවැසි සියලුම උපකරණ නිමවා තිබිණි. පළමු වෙබ් බ්‍රවුසරය (මෙය වෙබ් සංස්කාරකයක් ද විය), පළමු වෙබ් සේවාදායකය හා පළමු වෙබ් පිටු එම ව්‍යාපෘතිය පිළිබඳ සියලු විස්තර දරයි.


1991 අගෝස්තු 6 දා ඔහු alt.hypertext පුවත් කණ්ඩායම වෙනුවෙන් වෙබ්-අඩවිය පිළිබඳව සම්පිණ්ඩයනක් ඉදිරිපත් කළේය. යුරෝපයෙන් පරිබාහිර ප්‍රථම සේවාදායකය 1991 දෙසැම්බරයේ දී SLAC හි දී නිමවන ලදි.


Hypertext හි ආරම්භයට හේතු පාදක වු තීරණාත්මක සංකල්පය ජනිත වුයේ 60 දශකයේ දී බ්‍රව්න් විශ්ව විද්‍යාලයේ hypertext Editing system ආදී පැරණි ව්‍යාපෘති සමඟය. මේ අතර ටෙඩ් නෙල්සන් හා ඇන්ඩ්‍රිව්ස් වෑන් ඩෑම්, ටෙඩ් නෙල්සන්ගේ Xanadu ව්‍යාපෘතිය හා ඩග්ලස් එන්ගල්බර්ට්ගේ මාර්ගගත පද්ධතිය (On line system) (NLS) විය. නෙල්සන් සහ එන්ගල්බර්ට් යන දෙදෙනාම පිළිවෙලින් වැන්නේවර් බුෂ්ගේ ක්ෂුද්‍ර සේයාපට මුලිකව තැනු "memex" හි අදහස් මඟින් පෙළඹවීමට ලක්විණි. මෙය 1945 දී රචිත "As we May Think" නමැති නිබන්ධනය මඟින් විස්තර කෙරී ඇත.


බර්නස්-ලීගේ සුවිශේෂිත වු සොයා ගැනීම වන්නේ අධිපෙළ අන්තර්ජාලය සමඟ සමීපව සම්බන්ධ කරවීමයි. ‘Weaving the Web’ නම් වු ඔහුගේ ග්‍රන්ථයෙහි ඔහු පැහැදිලි කරන්නේ ඔහු විසින් පුන පුනා යෝජනා කරන ලද අදහසක් වන ඉහත සඳහන් තාක්ෂණ ක්‍රමවේද 2 අතර සමීප සම්බන්ධතාවක් ගොඩනැඟීමේ හැකියාව ඉතා පහසුවෙන් පවත්නේ ඒවායේ තාක්ෂණික ප්‍රජාවට බවය. නමුත් කිසිවකු ඔහුගේ ආරාධනය පිළිගැනීමට ඉදිරිපත් නොවු කල එම දුෂ්කර කටයුත්තට මුල පිරීමට ඔහුටම සිදුවිය. මේ අතරවාරයේදී වෙබයේ පවත්නා ඕනෑම සම්පතක් අනන්‍ය ලෙස හඳුනා ගැනීම සඳහා ක්‍රමවේදයක් ද ඔහු විසින් සකස් කෙරිණි. එය Uniform Resource Identifier (URI) නම් විය. එකල බහුලව පැවති hypertext ක්‍රමවේදයන්ට හාත්පසින්ම වෙනස් ලක්ෂණ ගණනාවක් විශ්ව විසිරි වියමන සතුවිය. මෙම වෙබයේ මුලික අවශ්‍යතාවයක් වුයේ ඉදිරියටත්, ආපස්සටත් ගමන් කළ හැකි සබැඳි වෙනුවට ඒකදිශ සබැඳි පැවතීමයි. මේ ආකාරයට කිසියම් අයකුට කිසියම් සම්පතක් එහි හිමිකරුගේ මැදිහත් වීමකින් තොරවම සබැඳීමේ හැකියාව හිමිවිණ. තවද මෙය වෙබ් සේවාදායක හා බ්‍රවුසර ක්‍රියාත්මක කිරීමේ තදබල අපහසුතාව මඟහැරවීමට ද සැලකිය යුතු තරමේ දායකත්වයක් සැපයීය. (ඉන් පෙර පැවති ක්‍රමවේදයන් හා සසඳන කල්හි). ‍එසේ වුවද මෙම ක්‍රමය කල් පවත්නා ගැටලුවක් වු සබැඳි කල් ඉකුත්වීම (link rot) සඳහා මඟ පෑදීය. මින් පෙර පැවති Hypercard මෙන් නොව වෙබ් අඩවිය ඕනෑම පරිශීලකයකුට වෙළඳ හිමිකමකින් තොරව නොමිලයේ භාවිතා කළ හැකි විය. මෙය මින් පෙර නොවු විරූ පෙරලියක් ඇති කළේ අනුග්‍රාහකයා හා සේවාදායකයා එකිනෙකට ස්වාධීන අයුරින් නිමවා ගත හැකි වීමෙන් මෙන්ම, වරපත් අවහිරයකින් තොරව දිගුවක් එක් කළ හැකි වීමෙන්ය.


1993 අප්‍රේල් 30 වැනිදා CERN ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන් මතුවට වෙබ් අඩවිය ඕනෑම අයකුට කවර ආකාරයකට හෝ ගාස්තුවක් ගෙවීමකින් තොරව පරිශීලනය කළ හැකි බවය. දෙමසකට පසු එළිදැක් වු තවත් ප්‍රකාශනයකින් කියැවුනේ Gopher ප්‍රොටෝ‍කෝලය තවදුරටත් නොමිලයේ පරිශීලනය කළ නොහැකි බවය. මෙම පියවර පරිශීලකයන් තුල Gopher හි සිට වෙබය කරා ශීග්‍ර සංක්‍රමණයක් ඇති කරවීමට සමත් විය. ViolaWWW නමැති පැරණි එමෙන්ම ජනප්‍රිය වෙබ් බ්‍රවුසරය ද, Hypercard ක්‍රමවේදය මුලික කරගනිමින් සකසා තිබිණි.


කෙසේ වුවත් 1993 දී Mosaic වෙබි බ්‍රවුසරයේ හඳුන්වාදීම යනු වෙබ් අඩවි විකාශනයේ වැදගත්ම පියවර ලෙස ක්ෂේත්‍රයේ විද්වතුන් සාමාන්‍යයෙන් එකඟත්වයට පැමිණි කරුණකි. Mosaic වෙබ් බ්‍රවුසරය වනාහි ඉල්ලිනොයිස් විශ්ව විද්‍යාලයේ NCSA ආයතනය විසින් (NCSA-UIUC) මෙයා ඇන්ඩ්‍රීස්සන්‍ගේ මුලිකත්වයෙන් නිපදවන ලද රූප මාධ්‍ය වෙබ් බ්‍රවුසරයකි. Mosaic හි මුල්‍ය සම්පාදනය සිදුවුයේ ඉහළ ක්‍රියාකාරී පරිගණක (High-performance computing) සහ සන්නිවේදන මුල් පිරීම (Communications Initiative) නමැති වැඩසටහන මඟිනි. මෙම වැඩසටහනට මුල පිරුණේ ඇමෙරිකානු සෙනෙට් සභික ඇල් ග්‍රොර් විසින් 1991 දී ඉදිරිපත් කෙරුණු පනතකි. ‍තවද මෙය ග්‍රොර් බිල් (Gore Bill) නමින් ද ප්‍රචලිතය. (වැඩිදුර විස්තර සඳහා Al Gore's contributions to the Internet and technology බලන්න) Mosaic හි නිකුතුවට ප්‍රථම පොදුවේ වෙබ් පිටුවල පෙළ සමඟ චිත්‍රක මිශ්‍ර කර ඉදිරිපත් කර නොලැබිණි. තවද එහි ජනප්‍රියතාවය අන්තර්ජාලයේ භාවිතා කරන ලද පැරණි ප්‍රොටෝකෝලයක් වන Gopher හා Wide Area Information Servers (WAIS) ට වඩා අඩු මට්ටමක තිබිණි. Mosaic හි චිත්‍රක අතුරු මුහුණත, වෙබයට අන්තර්ජාලයේ ජනප්‍රියතම ප්‍රොටෝකෝලය බවට පත් වීම සඳහා බොහෝ දුරට ඉවහල් විය.


1994 ඔක්තෝබරයේ දී ටිම් බර්නස්-ලී CERN ආතනයෙන් සමුගැනීමෙන් පසු ඔහුගේ කාලය W3C ආයතනය ප්‍රතිස්ථාපන කිරීමට යෙදවිණි. එය ප්‍රතිස්ථාපනය කෙරුණේ අන්තර්ජාලය හා යුරෝපීය කොමිසම (European commission)ට පුරෝගාමී වු Defense Advanced Research projects Agency (DARPA) ආයතනයේ පුර්ණ සහයෝගය සහිතව Massachusetts Institute of Technology – Laboratory for computer science (MIT/LCS) ආයතනයේදිය.

බාහිර සබැඳුම්

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=වෙබ්_අඩවි&oldid=445958" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි