හැබ්ස්බර්ග් ස්පාඤ්ඤය

විකිපීඩියා වෙතින්

මොනර්කියා හිස්පානියෙයි[lower-alpha 2]
1516–1700
{{{coat_alt}}}
හැබ්ස්බර්ග් ස්පාඤ්ඤයෙහි වංශ විහ්නය (1668–1700)
අයිබීරියානු අර්ධද්වීපයෙහි 1570 සිතියම
අයිබීරියානු අර්ධද්වීපයෙහි 1570 සිතියම
අගනුවරමැඩ්රිඩ් (1516–1601; 1606–1700)
වැලොයොලිඩ් (1601–06)
ආගම
රෝමානු කතෝලික සභාව
ජාති නාම(ය)ස්පාඤ්ඤ, ස්පැනියර්ඩ්වරයා
රජයසංයුක්ත රාජාණ්ඩුව
රජ 
• 1516–1556 (පළමුවන)
පළමුවන චාල්ස් රජ
• 1665–1700 (අවසන්)
දෙවන චාල්ස් රජ
ව්‍යවස්ථාදායකයකැස්ටීල් කෝර්ටේස්
ඇරගෝන් රාජ සභාව
කැටලෝනියා රාජ සභාව
වැලක්සියා රාජ සභාව
නැවාර් කෝර්ටේස්
පෘතුගාල රාජ සභාව
ඓතිහාසික යුගයමුල් නූතන යුගය
26 නොවැම්බර් 1504
• පළමුවන චාල්ස් රජුගේ සිංහාසනාරුඪ වීම
23 ජනවාරි 1516
1568–1648
1580–1640
1635–1659
1640–1668
• දෙවන චාල්ස් රජුගේ මරණය
1 නොවැම්බර් 1700
1701–1714
ව්‍යවහාර මුදලස්පාඤ්ඤ රෙයාල් සහ අනෙක්වා
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
කැස්ටීල් කිරීටය
ඇරගෝන් කිරීටය
නැවාර් රාජධානිය
නේප්ල්ස් රාජධානිය
හැබ්ස්බර්ග් නෙදර්ලන්තය
බර්බන් ස්පාඤ්ඤය
ලන්දේසි ජනරජය
පීඩ්මාන්ට්-සාර්ඩීනියාව
අයිබීරියානු සංගමය
ශාන්ත ජෝන්ගේ නයිට්වරු

හැබ්ස්බර්ග් ස්පාඤ්ඤය යනු 16වන සහ 18වන සියවස් (1516–1713) අතරතුර හැබ්ස්බර්ග් රාජ වංශයෙහි ස්පාඤ්ඤ ශාඛාවෙහි රජුන් විසින් පාලනය කෙරුනු (මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයෙහි ඉතිහාසය තුල එහි භූමිකාව ආශ්‍රිත බලපෑමද හා සමගින්) භූමි බල ප්‍රදේශ මහත් සමූහයක් හැඳින්වීමට (වර්තමාන ස්පාඤ්ඤය, අග්නි-දිග ප්‍රංශයෙන් කොටසක්, අත්‍යන්තයෙහි පෘතුගාලය, සහ අයිබීරියානු අර්ධද්වීපයෙන් බැහැර වෙනත් බොහෝ භූමි ප්‍රදේශද අඩංගු) භාවිතා කෙරුනු සමකාලීන ඉතිහාසකරණ පදයකි. හැබ්ස්බර්ග් ස්පාඤ්ඤය යනු සංයුක්ත රාජාණ්ඩුවක් වූ අතර පෞද්ගලික සංගමයක් විය. හැබ්ස්බර්ග් හිස්පැනික රජවරු (ප්‍රධාන වශයෙන් පළමුවන චාල්ස් රජු සහ දෙවන පිලිප් රජු) විසින් ස්පාඤ්ඤ අධිරාජ්‍යය පාලනය කිරීමෙහිදී ඔවුන්ගේ ආභාසයෙහි සහ බලයෙහි මුදුන්පෙත්තටම නැංගහ. ඇමරිකාවන්, නැගෙනහිර ඉන්දියාව, යුරෝපයෙහි පහත් භූමි රටවල්, බෙල්ජියම, ලක්සම්බර්ග්, සහ ඉතාලිය සතුව දැනට පවතින භූමි ප්‍රදේශ, ප්‍රංශය සහ ජර්මනිය, වසර 1580 සිට 1640 දක්වා පෘතුගීසි අධිරාජ්‍යය, සහ උතුරු අප්‍රිකාවෙහි සෙවුටා සහ ඔරූන් වැනි කුඩා සංවෘත භුමි ප්‍රදේශ වැනි බොහෝ අනෙකුත් භුමි ප්‍රදේශ අඩංගු මහාද්වීප පහක බල ප්‍රදේශ ඔවුන් විසින් පාලනය කෙරිණි. ස්පාඤ්ඤ ඉතිහාසයෙහි මෙම කාල සීමාව, " ව්‍යාප්ති යුගය" ලෙසින්ද හැඳින්විණි.

හැබ්ස්බර්ග්වරු හා සමගින්, 16වන සහ 17වන සියවස්හී වැඩි කාලයකදී යුරෝපයෙහි සහ ලෝකයෙහි මහත් දේශපාලනමය සහ හමුදාමය බලවතුන් අතරින් එකක් බවට ස්පාඤ්ඤය පත්විය. හැබ්ස්බර්ග් යුගය අතරතුර, කලාවන්හී සහ සාහිත්‍යයෙහි ස්පාඤ්ඤ ස්වර්ණමය යුගයෙහි ස්පාඤ්ඤය වැජඹුනු අතර, අවිලාහී තෙරේසා, පේඩ්‍රෝ කැල්ඩරෝන් ඩෙ ලා බර්කා, මිගෙල් ඩෙ ෂර්වන්ටෙස්, ෆ්‍රැන්සිස්කො ඩෙ කිවේදෝ, දියෙගෝ වෙලාක්වෙස්, එල් ග්‍රේකෝ, දොමින්ගෝ ඩෙ සෝතො, ෆ්‍රැන්සිස්කෝ සුවාරෙස් සහ ෆ්‍රැන්සිස්කෝ ඩෙ විටෝරියා වැනි ලෝකයෙහි මහත් කැපී පෙනෙන ලේඛකයන් සහ සිත්තරුන් සහ බලපෑම් ඇති කල ප්‍රාඥයන් නිපැයුහ.

මෙම කාලසීමාවෙහිදී විවිධ මහාද්වීප තුල වූ ස්පාඤඤ බල ප්‍රදේශ, ස්පාඤ්ඤය හෝ "ස්පාඤ්ඤ" ලෙසින් හැඳින්වුනු අතර, ඒවා මුලදී ඇරගෝන්, වැලන්සියා, කැටලෝනියා සාමන්ත රාජ්‍යය, කැස්ටීල්, ලෙයොන්, නැවාර් සහ, 1580 වසරෙහි සිට, පෘතුගාල යන රාජධානිද අඩංගු සමස්ත අයිබීරියානු අර්ධද්වීපය ආවරණය කළේය. කැස්ටීල්හී පළමුවන ඉසබෙලා සහ ඇරගෝන්හී දෙවන ෆර්ඩිනැන්ඩ් අතර 1469 වසරෙහිදී සිදුවූ විවාහය නිසා කැස්ටීල් සහ ඇරගෝන් යන ප්‍රධාන කිරීට දෙක අතර සංගමයක් ඇතිවූ අතර, අත්‍යන්තයෙහිදී යථාර්ථ වශයෙන් ස්පාඤ්ඤයෙහි ඒකාබද්ධ කිරීමක් සිදු වීම දක්වා එය ව්‍යාප්ත වූයේ, 1492 වසරෙහිදී ග්‍රැනාඩා සහ 1512–1529 දී නැවාර් යටත්කිරීම සමගම රෙකොන්කසිතා මස්තකප්‍රාප්තිය වීමත් සමගය. හයවන ඇලෙක්සැන්ඩර් පාප්වහන්සේ විසින් වසර 1494දී "කතෝලික රජ සහ රැජන" යන අභිධානය ඉසබෙලා සහ ෆර්ඩිනැන්ඩ් වෙත පිරිනැමුනු අතර,[3] මොනාකියා කතෝලිකා (කතෝලික රාජාණ්ඩුව, නූතන ස්පාඤ්ඤ: මොනර්කියා කැතොලිකා) යන පදය ස්පාඤ්ඤ හැබ්ස්බර්ග් රාජාණ්ඩුව සඳහා දිගටම භාවිතා විය.

ස්පාඤ්ඤය නීත්‍යනුකූල වශයෙන් එකීය රාජ්‍යයක් වශයෙන් සංස්ථාපිත වූයේ එහි පූර්ව බල ප්‍රදේශයන්හී බොහෝ කිරීටන්ට පසුව අනුප්‍රාප්තවූ 1707 වසරෙහි නුයේවා ප්ලැන්ටා ආඥාවන්ට පසුවය. ස්පාඤ්ඤයෙහි අවසන් හැබ්ස්බර්ග් රජුවූ දෙවන චාල්ස් රජුගේ 1700 වසරෙහිදී සිදුවූ අභාවයෙන් පසුව, ස්පාඤ්ඤ අනුප‍්‍රාප්තික යුද්ධය නිසා සිදුවූ බර්බන් රාජ වංශයෙහි පස්වන පිලිප් රජුගේ සිංහාසනාරූඪවීම නිසා නව කේන්ද්‍රගත රාජ්‍ය සැදිල්ල ඇරඹිනි.

සටහන්[සංස්කරණය]

  1. ස්පාඤ්ඤ රාජධානිය ලෙසින්ද හැඳින්වෙයි (පැරණි ස්පාඤ්ඤ: රේනො ඩේ ස්පාඤ්ඤා, නූතන ස්පාඤ්ඤ: රෙයිනො ඩෙ ස්පාඤ්ඤා).[2]
  2. නූතන ස්පාඤ්ඤ භාෂාවෙන්: මොනර්කියා ඩේ ස්පාඤ්ඤා.

ආශ්‍රිත[සංස්කරණය]

  1. Monarchia Hispanica.google.com, Monarchia Hispaniae. digital.ub.uni.
  2. Reyno de España, google.com
  3. කාමෙන්, එච්. (2005). ස්පේන් 1469–1714: අ සොසයිටි ඔෆ් කන්ෆ්ලික්ට්. රූට්ලෙජ්:ඔක්ස්ෆර්ඩ්. p. 37.
"https://si.wikipedia.org/w/index.php?title=හැබ්ස්බර්ග්_ස්පාඤ්ඤය&oldid=519190" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි