Jump to content

ගාමිණී කුලරත්න

විකිපීඩියා වෙතින්
(හසලක වීරයා වෙතින් යළි-යොමු කරන ලදි)
කෝප්‍රල් ගාමිණී කුලරත්න  
කෝප්‍රල් කුලරත්න අලිමංකඩදී, 1991
Nicknameහසලක වීරයා, හසලක ගාමිණී
උපත1966 සැප්තැම්බර් 4
හසලක, ශ්‍රී ලංකාව
මරනය1991 ජූලි 14 (වයස 26)
අලිමංකඩ, ශ්‍රී ලංකාව
පක්ෂපාතීත්වය ශ්‍රී ලංකාව
සේවාව/ශාඛාවශ්‍රී ලංකා යුද්ධ හමුදාව
සේවා කාලය1987-1991
නිලය කෝප්‍රල්
සේවා අංකය(S/34553)
ඒකකය6 වැනි බළ ඇණිය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
සටන් / යුද්ධශ්‍රී ලංකානු සිවිල් යුද්ධය
සම්මානපරම වීර විභූෂණය
සබඳතාඑස්. ජී. බබානිස් (පියා)
එස්. ජී. ජූලියට් (මව)

කෝප්‍රල් ගාමිණී කුලරත්න PWV, SLSR (S/34553) ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාවේ සේවයකල සෙබලෙකි. ඔහු අලිමංකඩ ක්‍රියාන්විත රාජකාරියේදී මරණයට පත්විය.

ළමා කාලය

[සංස්කරණය]

ගාමිණී කුලරත්න උපත ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1966 අගෝස්තු 22 දා හසලක දීය. සහෝදරයන් 4 දෙනකු හා සහෝදරියන් 1 අයෙකි. කීනපැලැස්ස කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබීය. ගාමිණීට වයස 15දී පියා මියගොස් ඇත. ගාමිණී උසස් අධ්‍යාපනය ලද්දේ හසලක මහ විදුහලෙනි.

කෝප්‍රල් ගාමිණී කුලරත්න ස්මාරකය

කෝප්‍රල් ගාමිණී 1987 අගෝස්තු 27 යුද හමුදා සේවයට එක් විය. අම්පාර හමුදා සටන් ක‍්‍රම පුහුණු පාසලෙන් පාඨමාලා හදාරා අවසන් වූ පසු අඹේපුස්ස, හම්බන්තොට, තංගල්ල, කන්කසන්තුරේ, පළාලි යන කඳවුරුවල සේවය කිරීමට ගාමිණීට සිදුවිය. අවසානයේදී ඔහු අලිමංකඩ කඳවුරේ සේවයට එක්විණ.

1991 ජුලි 10 වැනිදා රාත්‍රියේ 5000 කට අධික LTTE සටන්කරුවන් පිරිසක් සෙබලුන් 600 කින් සමන්විත අලිමංකඩ හමුදා කඳවුර වට කරන ලදි. සිංහ රෙජිමේන්තුවේ 6 වන බළ ඇණියට බැඳී සිටි ලාන්ස් කෝප්‍රල් ගාමිණි කුලරත්නට රෙජිමේන්තුවේ සෙසු සෙබලුන් සමග LTTE ප්‍රහාර ගැන සෝදිසියෙන් සිටීමට පැවරුණි.

රාත්‍රිය වනවිට LTTE ය විසින් ප්‍රහාර කිහිපයක්ම දියත් කරන ලදි. සිය ගණනක් සටන් කරුවන් කඳවුර වටකරන ලැබූ අතර එයින් ආරම්භ වූ සටන අතර මැදදී යුධ ටැංකියක පෙනුම ගත් සන්නාහ සන්නද්ධ බුල්ඩෝසරයක් කඳවුර දෙසට ඇදුනි.

මැෂින් තුවක්කුවකින් හා උන්ඩ විශාල ප්‍රමාණයකින් සන්නද්ධ වූ බුල්ඩෝසරය කඳවුරේ දකුණු දොරටුව දෙසට ගමන් කළේය. ලාන්ස් කෝප්‍රල් කුලරත්න ට පෙනී ගියේ අධික ලෙස සන්නාහ ව තිබූ මෙම බුල්ඩෝසරයට කඳවුරේ රැකවල් බිඳ ඇතුල්වීම ඉතාම පහසු ක්‍රියාවක් බවයි. අලිමංකඩ සතුරන් අතට පත්වීම රටට විශාල පාඩුවක් වන්නට ඉඩ තිබුණි.

මේ අතර LTTEය විසින් කඳවුරට මෝටාර් ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ. තුවාල වී මියයන සෙබලුන්ගේ සහ පිපිරුම් වල හඬ මධ්‍යයේද සියලුම දෙනාගෙ අවධානය යොමුවූයේ ක්‍රමයෙන් කඳවුරට ළඟාවෙන බුල්ඩෝසරය වෙතය.

ලාන්ස් කෝප්‍රල් කුලරත්න, අත් බෝම්බ දෙකක් රැගෙන බුල්ඩෝසරය දෙසට දිව ගියේය. LTTE ය එල්ල කළ වෙඩි ප්‍රහාර නොසලකා ඔහු බුල්ඩෝසරයේ ඉණිමග නැග, අත් බෝම්බ දෙක බුල්ඩෝසරය තුලට විසි කළේය. අත් බෝම්බ විසින් බුල්ඩෝසරය ක්‍රියා විරහිත කළ අතර, පිපිරීම් කිහිපයකට හසුවූ ලාන්ස් කෝප්‍රල් කුලරත්න මරණයට පත් විය.

ඒත් සමගම ශ්‍රී ලංකානු සිවිල් යුද්ධයේ දරුණුතම සටනක් නිමා විය. කෝප්‍රල් කුලරත්නගේ නිර්භීත ක්‍රියාව නිසා අලිමංකඩ කඳවුර සතුරන්ට යටත්වීම වැලකුනි.

මෙම පරාර්ථකාමි නිර්භීත ක්‍රියාව වෙනුවෙන් ඔහුව මරණයෙන් පසු කෝප්‍රල් තනතුරට උසස් කරන ලදි. එමෙන්ම 1991 ඔක්තෝබර් 10 වැනිදා කෝප්‍රල් කුලරත්නට ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉහළම පදක්කම වන පරම වීර විභූෂනය පිරිනමන ලදි. එම තනතුරින් පිදුම් ලැබූ පළමු පුද්ගලයා කෝප්‍රල් කුලරත්න විය.

පසුව ඔහු හසලක වීරයා යන නමින් හඳුවන ලදි.

මූලාශ්‍ර

[සංස්කරණය]

බාහිර සබැඳුම්

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ගාමිණී_කුලරත්න&oldid=758368" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි