හරූන් ලන්ත්‍රා

විකිපීඩියා වෙතින්
හරූන් ලන්ත්‍රා
Haroon Lanthra
උපතේදී නමහරූන් කුමාර් ලන්ත්‍රා
උපතසැප්තැම්බර් 23, 1931(1931-09-23)
කොළඹ,බ්‍රිතාන්‍ය ලංකාව
මරණයApril 21, 2015(2015-04-21) (වයස 83)
ජාතිකත්වයශ්‍රී ලාංකික

හරූන් කුමාර් ලන්ත්‍රා (1931 සැප්තැම්බර් 23 – 2015 අප්‍රේල් 21) යනු ශ්‍රී ලාංකික සරල ගීත ගායකයෙකි. ඔහුගේ ගීත වන සුලං කුරුල්ලෝ, මගේ නාමලී සහ හංසරාණි ආදරේ, ආනන්ද මේ රෑ වැනි ගීත අතිශය ජනාදරයට පත්විය.

මුල් කාලය[සංස්කරණය]

1932 වසරේ ටී.පී. ලන්ත්‍රා සහ වනිතාර් ලන්ත්‍රා මහත්මියට දාව ඉපිද ඇති ලන්ත්‍රා පවුලේ සොහොයුරියන් 7 දෙනකුගේ එකම සොයුරාය.

මරදාන සහිරා සහ දෙමටගොඩ ශාන්ත ජෝන් විදුහල්වලින් අධ්‍යාපනය ලබා ඇති හරූන් ලන්ත්‍රා ගායන ලොවට සම්බන්ධවීමෙන් පසුව සම්මාන රැසකටද හිමිකම් කීවේය. විශේෂයෙන් ඔහු 1993 සහ 1997 වසර වලදී සරසවිය සම්මානයටද පාත්‍ර විය. අතාරිත් ලන්ත්‍රා මහත්මිය සමග විවාහ වී සිටියේය.

ගායන දිවිය[සංස්කරණය]

හරූන් ලන්ත්‍රා ජාතික ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙකි. 1953 වර්ෂයේ තිරගත වූ ප්‍රේම තරගය චිත්‍රපටයෙන් චිත්‍රපට පසුබිම් ගායනයට එක්‌වූ හරුන් ලන්ත්‍රා, ඉන්පසු තිරගත වූ අශෝකා, මා ආලය කළ තරුණිය වැනි චිත්‍රපටවලට මෙන්ම හැංගි හොරා, ගොපලු හඬ, හිතට හිත, රන්රස, සීගිරි කාශ්‍යප, සෝබන සිත, පුංචි බබා, වීදුරු ගෙවල්, සුදු දුව ඇතුළු චිත්‍රපට රාශියකට පසුබිම් ගී හඬ ලබා දුන්නේය.[1]

ජනප්‍රිය ගී[සංස්කරණය]

  • සුළං කුරුල්ලෝ
  • හංස රාණි
  1. http://srilankanmalay.blogspot.com/2016/06/blog-post_17.html?m=1
"https://si.wikipedia.org/w/index.php?title=හරූන්_ලන්ත්‍රා&oldid=543118" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි