හක්ගල දැඩි ස්වභාව රක්ෂිතය

විකිපීඩියා වෙතින්
හක්ගල දැඩි ස්වභාව රක්ෂිතය.
හක්ගල උද්භිද උද්‍යානයේ සිට රක්ෂිතය පෙනෙන අයුරු
Map showing the location of හක්ගල දැඩි ස්වභාව රක්ෂිතය.
Map showing the location of හක්ගල දැඩි ස්වභාව රක්ෂිතය.
පිහිටීම
පිහිටුමමධ්‍යම පලාත සහ ඌව පලාත,  ශ්‍රී ලංකාව
සමීපතම නගරයනුවරඑළිය
වර්ග ප්‍රමාණයහෙක්ට්යාර 1,142
සංස්ථාපනය1938 පෙබරවාරි 25
පාලක ස්ථිතියවනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

හක්ගල දැඩි ස්වභාව රක්ෂිතය යනු ශ්‍රී ලංකාවේ පවතින අධි ආරක්ෂිත වනාන්තර ත්‍රිත්වය අතුරින් තෙත් කලාපය තුල පිහිටන, දැඩි ස්වභාව රක්ෂිතයකි. ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ සත්ව සහ ශාක විශේෂ ගණනාවක් මෙම මේඝ වනාන්තරයෙහි දැකගත හැකිය. 1938 වසරේ පෙබරවාරි 25 වන දින, දැඩි ස්වභාව රක්ෂිතයක් ලෙස නම් කල මෙම වටිනා උරුමය ආසන්නයෙන්ම 1860 දී හක්ගල උද්භිද උද්‍යානයද පිහිටුවා තිබෙයි.

භෞතික ලක්ෂණ[සංස්කරණය]

හක්ගල රක්ෂිතය වර්ග කිලෝ මීටර 11.42 ක පමණ භූමි ප්‍රමාණයක පැතිර පවතින අතර, උන්නතාංශය මීටර 1650 - 2178 ත් අතර විචලනය වෙයි. වාර්ෂිකව මිලි මීටර 2400 ක පමණ වර්ෂාපතනයක් මෙම රක්ෂිතයට පතිත වෙයි.[1] දකුණු දිගින් සීතාඑලියට මායිම් වන මෙම රක්ෂිතයේ එකට බැඳුනු කඳු පන්ති රැසක් දැකගත හැකියි. මින් සමහර කඳු පන්තියක ස්වරූපය අලියෙකුගේ හක්කක් ලෙස දිස්වන නිසා මෙම ප්‍රදේශයට හක්ගල නම ලැබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.[1]

ජනප්‍රවාද[සංස්කරණය]

රාමායනය පුරාවෘත්තයට අනූව, ලංකා රාජ්‍යයෙහි රාවණා රජු ඉන්දියානු දේවියක වූ සීතාව පැහැරගෙන පැමිණ සැඟවූවා යැයි කියන්නේ මේ ප්‍රදේශයේම පවතින සීතාඑලිය තුලයි.[1][2]

ශාක ප්‍රජාව[සංස්කරණය]

කඳුකර වනාන්තර වල දැකගත හැකි සදාහරිත ශාක පවතී. ස්ථරීභවනයක් පැහැදිලිව දැකගත නොහැකි අතර බොහොමයක් ශාක එතරම් විශාල නොවේ. පර්ණාංග, අක්මා ශාක, පාසි සහ ලයිකන වැනි දර්ශක ජීව විශේෂද බහුලව දක්නට ඇත.[3]

සත්ව ප්‍රජාව[සංස්කරණය]

ප්‍රධාන වශයෙන් මෙම රක්ෂිතයෙහි ඒක දේශීය ජීව විශේෂ (ශ්‍රී ලංකා වළි කුකුලා), දේශීය ජීව විශේෂ, මූලස්ථාන විශේෂ(දිවියා) සහ ආවරණ ජීව විශේෂ(වලහා) දැකගත හැකියි.

Sri Lankan Long-tailed Shrew, Pearson's Long-clawed Shrew,ශ්‍රී ලංකා කොටියා, වල් ඌරා, Sri Lankan Sambar Deer, Red Giant Flying Squirrel, සහ Pungent Pipistrelle වැනි ක්ෂීරපායී ජීව විශේෂ[1][3] මෙම රක්ෂිතයේ ස්වභාවිකව ජීවත් වෙයි.[1]

හක්ගල රක්ෂිතයෙහි සිටින දේශීය හා ඒක දේශීය කුරුළු විශේෂ ලෙස මවුන්ටන් හොක්-ඊගල්, වළි කුකුළා, මයිල ගොයා, ඉන්දියන් ජංගල් නයිට්ජාර්, කැහිබෙල්ලා, කහ කන් කොණ්ඩයා, රතු දෙමලිච්චා, ඩල්-බ්ලූ පිළිහුඩුවා, ශ්‍රී ලංකා වනරැවියා, අරංගයා, Spot-winged Thrush, ගෝමර තිරසිකායා, කොමන් බ්ලැක් බර්ඩ්, ශ්‍රී ලංකා සිතැසියා, ස්කාර්ලට් මිනිවට්, ස්මෝල් මිනිවට්, බ්ලැක් බුල්බුල්, Sri Lanka Scimitar-babbler, Grey-headed කැනරි-පිළිහුඩුවා, ශ්‍රී ලංකා කායුරු තිරසිකායා, අවිච්චියා, ආසියානු දුඹුරු පිළිහුඩුවා, කාෂ්මීර රත් මැසිමාරා, ඉන්දියානු නිල් අවිච්චියා සහ Large-billed Leaf-warbler හඳුනාගත හැක.[3]

ශ්‍රී ලංකාවට ආවේණික වන Adenomus kelaartii, Polypedates cruciger, Philautus microtympanum, Philautus schmarda, Ramanella palmata, Microhyla zeylanica, Fejervarya limnocharis සහ Bronzed Frog වැනි උභය ජීවීන්ද මෙහි දැකගත හැකි වෙයි.[1] මීට අමතරව මේ රක්ෂිතයේ ජීවත් වන වැදගත් උරග විශේෂ ලෙස Uropeltis melanogaster, Rhinophis blythii, Aspidura brachyorrhos, A. trachyprocta, Hypnale nepa, Calotes nigrilabris, Cophotis ceylanica, අං කටුස්සා සහ Sphenomorphus striatopunctatum හැඳින්විය හැකිය.

අවධානමට ලක්වීම[සංස්කරණය]

ප්‍රමාණයෙන් සාපේක්ෂව කුඩා වීම සහ වෙන්ව පිහිටීම නිසා හක්ගල රක්ෂිතය තරමක විනාශ වී යෑමේ තර්ජනයකට මුහුණ පා තිබෙයි.[1] අනවසර ලෙස කැලෑ එලි කිරීම, අනවසර ලෙස භූමිය අත්පත් කර ගැනීම, ශාක හා සත්ව ප්‍රජාව අවලෙස භාවිත කිරීම සහ දඩයම් කිරීම වැනි මානව ක්‍රියාකාරකම් මීට ප්‍රබල ලෙස බල පා තිබේ. මෙම රක්ෂිත භූමිය තුල සමහරක් අධ්‍යයන සහ පර්යේෂණ කටයුතුද සිදු කර ඇති අතර,[4] පසට වීශ ද්‍රව්‍ය එකතු වීම නිසා වනාන්තරයට හානි සිදුවිය හැකි බව, සිදු කල එක් පරික්ෂණයකදී හෙලි විය.[5][2]

කුරුළු විශේෂ[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 Green, Michael J. B. (1990). IUCN directory of South Asian protected areas. International Union for Conservation of Nature. pp. 211–213. ISBN 2-8317-0030-2. සම්ප්‍රවේශය 2009-10-01.
  2. 2.0 2.1 Rodrigo, Malaka (September 7, 2008). "Hakgala in harm's way". The Sunday Times (Sri Lanka). සම්ප්‍රවේශය 2009-10-01.
  3. 3.0 3.1 3.2 "Sri Lanka montane rain forests". Terrestrial Ecoregions. World Wildlife Fund. සම්ප්‍රවේශය 2009-10-01.
  4. "2. State of Forestry in the country and major trends". Asia-Pacific Forestry Sector Outlook Study: Country Report - Sri Lanka. Colombo: Food and Agriculture Organization and Ministry of Forestry (Sri Lanka). August 1997. සම්ප්‍රවේශය 2009-10-02.
  5. Ranasinghe, P. N. (Fall Meeting 2008). "Role of Possible Soil toxicity in Die back of Montane Forests in Sri Lanka". Astrophysics Data System. American Geophysical Union. සම්ප්‍රවේශය 2009-10-02. {{cite web}}: Check date values in: |date= (help); Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)