සෙනගල්

ජාතික ගීය | "Pincez Tous vos Koras, Frappez les Balafons" |
සිතියම | |
අගනුවර සහ විශාලම නගරය | ඩකාර් |
රාජ්‍ය භාෂාව | ප්‍රංශ |
රාජ්‍ය | අර්ධ ජනාධිපති සමූහාණ්ඩු |
ජනාධිපති | ඇබ්ඩෝලාය වැඩේ |
අගමැති | සුලේමාන් ඩෙනෙ නඩියා |
නිදහස | ප්‍රංශයේ සිට |
ස්වයං රාජ්‍යය | 4 අප්‍රේල් 1960 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කිලෝමීටර 196,723 වර්ග සැතපුම් 76,000 |
ජලය (%) | 2.1 |
ජනගහනය | |
2009 තක්සේරුව | 13,711,597 |
2002 ජන සංගණනය | 9,967,215 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 69.7 වර්ග සැතපුම් 180.4 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) | 2010 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 23.274 |
සාමාන්‍ය | ඩොලර් 1,772 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) | 2010 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 13.472 |
සාමාන්‍ය | ඩොලර් 1,026 |
ගිනි (1995) | 41.3 (මධ්‍යම) |
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) | 0.464 (පහළ) |
මුදල් | CFA ෆ්‍රෑන්ක් (XOF) |
මං තීරුව | දකුණ |
අන්තර්ජාල | .sn |
දුරකථන සංකේත | 221 |
සෙනෙගාල රාජ්‍යයේ නිල නාමය වනුයේ 'සෙනෙගාල ජනරජය' යන්නයි. මෙය පිහිටා ඇත්තේ බටහිර අප්‍රිකාවේ සෙනෙගාල ගංඟාවට දකුණු දෙසිනි. නැගෙනහිරට හා උතුරට මායිම් වන්නා වූ සෙනෙගාල ගංඟාව නිසා මෙරටට සෙනෙගාලය යන නාමය ලැබී ඇත.සෙනෙගාල ගංඟාව ආරම්භ වන්නේ 'ෆපවුටා ඩලොනින් ගිනියා' (Fouta Djallonin guinea) වෙනි. බස්නාහිරින් අත්ලන්තික් සාගරයත්, උතුරින් මොරිටානියාවත්, නැගෙනහිරින් මාලි සහ දකුණින් පිහිටි ගිනියා සහ ගිනි බිසවු යනු සෙනෙගාලයේ බාහිර දේශසීමාවන් වෙයි. අභ්‍යන්තරය මුළුමනින්ම වාගේ වටවී ඇත්තේ ගැමිබියාවෙනි. විස්තර කර දක්වතොත් අත්ලාන්තික් කෙටි සාගර තීරුව හැරුණු කොට, උතුරින්, නැගෙනහිරින් හා දකුණින් යන නන් දිසාවෙන්ම මෙම රට ගැමිබියාවන් වට වී තිබේ. සෙනෙගාල රාජ්‍යය ආවරණය කරන භූමි ප්‍රමාණය, වර්ග කිලෝමීටර් 197000 කි. ඇස්තමේන්තු කරන ලද ජනගහනය මිලියන 13.7 ක් පමණ වෙයි. මෙහි ඇත්තේ වියළි කාලය හා වස්සාන කාලය යනුවෙන් සෘතු දෙකක් සහිත ඝර්ම කලාපීය දේශගුණයකි.
'ඩකාර්' නම් වූ සෙනෙගාල රාජ්‍යයේ අගනුවර පිහිටා ඇත්තේ අත්ලාන්තික් සාගරයට ඔබ්බෙනි.ඒ 'කේප් වර්ඩ් දූපත්' (Cape Verde Island) වලින් සැතපුම් 300 ක් පමණ දුරින් වූ එරටෙහි බස්නාහිර තුඩුවෙහිය. යටත් විජිත සමයේහිදී නානාවිධ අධිරාජ්‍යයන්ට අයත් වෙළඳ මධ්‍යස්ථාන, වෙරළ තීරයෙහි පිහිටුවා තිබිණ. ප්‍රංශයට අයත්ව තිබූ බටහිර අප්‍රිකාවේ (Afrique Occidentaie Francaise හෙවත් AOF හි අගනුවර බවටද, කලක් ශාන්ත ලුවිස් පුරවරය පත්ව තිබිණි. මෙසේ වූයේ වර්ෂ 1902 දී 'ඩකාර්' නගරය අගනුවර ලෙස හැදින්වීමට පෙරදීය. ප්‍රංශයෙන් නිදහස ලද වර්ෂ 1960 දී ඩකාර් නගරය සෙනෙගාලයේ අගනුවර බවට පත් විය.