සූර්ය පද්ධතියේ ග්‍රහ වස්තු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සෞරග්‍රහ මණ්ඩලයේ කලාප : අභ්‍යන්තර සෞර ග්‍රහ මණ්ඩලය , ග්‍රහක වළල්ල , දැවැන්ත ග්‍රහ ලෝක (ජෝවියන්ස්) හා කුයිපර් වළල්ල , ප්‍රමාණ හා කක්ෂ පරිමාණයට නොවේ.

හිරු වටා කක්ෂවල ගමන් කරන වස්තු කාණ්ඩ 3කට වෙන් කෙරේ.

  • ග්‍රහලෝක,
  • කුරු ග්‍රහලෝක හා
  • කුඩා සෞර ග්‍රහ මණ්ඩල වස්තු.

ග්‍රහලෝකය[සංස්කරණය]

ග්‍රහලෝකයක් යනු ගෝලාකාර හැඩයකට පත්වීමට තරම් ස්කන්ධයෙන් යුත් එහි වටපිටාව කුඩා වස්තූන්ගෙන් තොර කර ගත් සූර්යයා වඩා කක්ෂයක චලනයේ යෙදෙන ඕනෑම වස්තුවකි. මෙම අර්ථ දැක්වීමට අනුව සෞරග්‍රහ මණ්ඩලයට හඳුනාගත් ග්‍රහලෝක අටක් ඇත. බුධ, සිකුරු, පෘථිවිය, අඟහරු , බ්‍රහස්පති, යුරේනස් හා නෙප්චූන් , 1930 දී සොයා ගැනීමේ සිට 2003 දක්වා ප්ලූටෝ සෞරග්‍රහ මණ්ඩලයේ නව වැනි ග්‍රහයා ලෙස සැලකීය. නමුත් 20 වන සියවසේ අග භාගයේ දී හා 21 වන සියවසේ මුල් භාගයේ දී බාහිර සෞරග්‍රහ මණ්ඩලයේ ප්ලූටෝට සමාන වස්තු ගණනාවක් බාහිර සෞරග්‍රහ මණ්ඩලයේ ප්ලූටෝට සමාන වස්තු ගණනාවක් සොයා ගනු ලැබීය. ඒ අතරින් ප්ලූටෝට වඩා මඳක් විශාල ඒරිස් විශේෂ වේ. 2006 අගෝස්තු 24 වන දා අන්තර්ජාතික තාරකා විද්‍යාත්මක සංගමය ප්‍රථම වරට ග්‍රහලෝකය යන්න අර්ථ දැක්වූ අතර ඉන් ප්ලූටෝ ග්‍රහලෝක යන්නෙන් ඉවත් වී ඒරිස් හා සෙරස් සමඟ කුරු ග්‍රහලෝක යන නව කාණ්ඩයට එකතු විය. කුරු ග්‍රහලෝකවල ඒවායේ වට පිටාව කුඩා වස්තූන්ගෙන් තොර කරගත යුතු නොවේ. කුරු ග්‍රහලෝක ලෙස නම් විය හැකි අනෙකුත් වස්තුන් නම් සෙඩ්නා, ඔ(ර්)කස් හා ක්වෝර්ය. සූර්යයා වටා කක්ෂයේ ඉතිරිව ඇති අනෙකුත් වස්තු කුඩා සෞරග්‍රහ මණ්ඩලය වස්තු (SSSBs) ලෙස හඳුන්වනු ලැබේ. ස්වභාවික චන්ද්‍රිකා යනු සූර්යා වෙනුවට වෙනත් ග්‍රහලෝක , කුරු ග්‍රහලෝක සහ කුඩා සෞරග්‍රමණ්ඩලීය වස්තුවටා කක්ෂ ගතව පවතින චන්ද්‍රයන් වේ.

තාරකා වි‍ද්‍යාඥයන් සාමාන්‍යයෙන් සෞරග්‍රහ මණ්ඩලයේ දුරවල් මනිනු ලබන්නේ තාරකා විද්‍යා ඒකක (AU) වලිනි. තාරකා විද්‍යා ඒකක එකක් යනු පෘථිවිය හා හිරු අතර ඇති සමීපම දුරයි. දළ වශයෙන් මෙය 149,598,000 km (93,000,000mi) වේ. ප්ලූටෝ දළ වශයෙන් හිරුගේ සිට 38AU වන අතර බ්‍රහස්පති 5.2AU වේ. අන්තර් තාරකා දුරවල් සඳහා වඩාත් ප්‍රසිද්ධ ඒකකය ආලෝක වර්ෂය , දළව 63.240AU පමණ වේ. සූර්යයාගේ සිට වස්තුවකට ඇති දුර එහි වර්ෂයක කාලය තුළ වෙනස් වීමට ලක් වේ. හිරුට වඩාත් සමීපතම අවස්ථාව එහි උප‍හේලිකය ලෙස හඳුන්වන අතර දුරස්ථව අවස්ථාව සූර්ය දුරකය ලෙස හඳුන්වනු ලැබේ.


අනියම් ලෙස , සෞරග්‍රහ මණ්ඩලය සමහරක් විට කොටස්වලට වෙන් කරනු ලැබේ. අභ්‍යන්තර සෞරග්‍රහ මණ්ඩලයට භූගෝලීය ග්‍රහලෝක හතරක් හා ප්‍රධාන ග්‍රහක වළල්ල අයත් වේ. සමහරෙක් බාහිර සෞරග්‍රහ මණ්ඩලය ග්‍රහක වළල්ලෙන් පිට සියලු දේ ලෙස අර්ථ දක්වනු ලැබේ. අනෙකුත් අර්ථ දැක්වීම්වල එය නෙප්චූන්ට එපිටින් පිහිටි ප්‍රදේශය ලෙස හඳුන්වන අතර වායු දැවැන්තයන් හතර දෙනා වෙන් වූ මධ්‍ය කලාපයක්