සැලසුම්ගත ආර්ථික ක්‍රමය

විකිපීඩියා වෙතින්

සැලසුම්ගත ආර්ථික ක්‍රමයක් නැතහොත් ඍජු ආර්ථික ක්‍රමයක් යනු රජය හෝ ආණ්ඩුව විසින් පාලනය කරනු ලබන ආර්ථික පද්ධතියකි. විධාන මත ක්‍රියාත්මක වන ආර්ථික පද්ධති මධ්‍යම සැළසුම්ගත ආර්ථික පද්ධති හෝ විධාන හෝ පාලන ආර්ථික පද්ධති ගැන මෙමඟින් සවිස්තරව සඳහන් කර ඇත. මෙම ආර්ථිකයන්හිදි රජය නැතහොත් ආණ්ඩුව ආර්ථිකයේ බොහෝ අංශයන් පාලනය කරන අතර රාජ්‍ය පරිභෝජනය හ‍ා ආදායම් බෙදීයාම පිළිබඳ තීරණ ගනු ලබයි. සැලසුම්කරුවන් විසින් නිෂ්පාදනය කලයුත්තේ කුමක්ද යන්න තීරණය කරන අතර එම නිෂ්පාදනයන් නිපදවීම සඳහා ව්‍යවසායකයින්ව මෙහෙය වීම සිදු කරනු ලබයි. සැලසුම්ගත ආර්ථිකයන් වෙළඳපළ ආර්ථිකයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර වෙළඳපොළ ආර්ථිකයේදී පෞද්ගලික සාධක හිමිකරුවන් තමන්ගේ හා පාරිභෝගිකයන්ගේ ලාභදායීත්වය සැළකිල්ලට ගනිමින් නිෂ්පාදනය, බෙදා හැරීම, මිල කිරීම හා ආයෝජනය පිළිබඳ තීරණ ගනු ලබයි. මෙහිදී ඔවුන් හුදෙක් සාර්ව ආර්ථික සැළසුම් මත නොරැඳී කටයුතු කරයි. සැළසුම්ගත ආර්ථිකයක සරල භාවිතකරණය බලහත්කාර නොවන බලපෑම් සහනාධාර දීමනා හා බදු හා රාජ්‍ය මැදිහත්වීම මඟින් පෙන්නුම් කරයි. මෙම ලිපිය ඇතැම්විට සැළසුම්ගත වෙලඳපළ ආර්ථිකය ලෙසද දැක්විය හැකිය.

සැලසුම්ගත ආර්ථිකයට රජයට අයත් ව්‍යාපාර, රජය විසින් මෙහෙයවන පෞද්ගලික ව්‍යාපාර හා මෙම ‍ෙදඅංශයටම අයත් ව්‍යාපාර අයත්ය. සැලසුම් ආර්ථිකය හා විධාන ආර්ථිකය බොහෝ විට සමාන අරුත් ගෙන දුන්නත් විධාන ආර්ථිකයේදී නිෂ්පාදනය මහජනයා සතු වීම ආර්ථිකයන් අතර වෙනසට හේතුවයි. සැලසුම් ආර්ථිකය යනු රජය විසින් නිෂ්පාදනය බෙදා හැරීම මිල හා අනෙකුත් අංශ පාලනය කරන ආර්ථික ක්‍රමයයි. නමුත් විධාන ආර්ථිකය සැලකීමේදී අනිවාර්යයෙන්ම කර්මාන්ත අයිතිය මහජනයා සතුවිය යුතුය. මේ අනුව විධාන ආර්ථිකයන් සැලසුම් ආර්ථිකයන් වන අතර මෙම ආර්ථිකයන් අතර ඍජු වෙනසක් නැත. (උදා. දෙවන ලෝක යුධ සමයේ ඇමෙරිකානු ආර්ථිකය නැතහොත් ජර්මන් නාසිවාදීන්ගේ පෞද්ගලික හිමිකාරීත්වය පුළුල්ව ගත් කල සැලසුම් ආර්ථිකයන් ලෙස හැඳින්විය හැකිය. නමුත් ඒවා අත්‍යාවශ්‍යයෙන්ම විධාන ආර්ථිකයන් විය යුතු නැත. එසේ නමුත් මහජන අයිතිය සතු සෝවියට් සමූහය විධාන ආර්ථිකයකි.)

කලක් ලොව හොඳම දෙවන ආර්ථිකයට හිමිකම් කියූ සෝවියට් රුසියාව වැනි වැදගත් සැලසුම් ආර්ථිකයන්, චීනය එමෙන්ම ඉන්දියාව තම ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීමට 1981 දී කටයුතු කළේය. 1980 හා 1990 ආරම්භයේදී ‍සැලසුම් ආර්ථිකයක‍ට හිමිකම් කියූ බොහෝ ප්‍රධාන රටවල් වෙළඳපොළ පාලන නීති රීති බොහෝමයක් ඉවත් කරමින් හා සීමා කරමින් වෙළඳපොළ මුල්කරගත් ආර්ථිකයක් දෙසට යොමු වන්නට විය. මේ අනුව මිල නිෂ්පාදනය හා බෙදා හැරීමේ තීරණ ගැනීම පෞද්ගලික අංශයට පවරන ලදී. වර්තමානයේ බොහෝ ආර්ථිකයන් වෙළඳපොළ ආර්ථිකයන් හෝ මිශ්‍ර ආර්ථිකයන් වුවත් කියුබාව, උතුරු කොරියාව, මියන්මාරය වැනි රටවල්වල අදටද සැලසුම් ආර්ථිකයන් පවතී.