සැකිල්ල:ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත්/මැයි 7

විකිපීඩියා වෙතින්
අද 2024 මාර්තු 18
  • 2600වන සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්නේ මහ සඟරුවන 2600නමක් උදෙසා මහා සංඝගත දක්‍ෂිණාවක් අද(07) පෙරවරුවේ දී කැලණිය, බොල්ලෑගල මානෙල්වත්ත මහා විහාරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
  • බන්ධනාගාර තුළ එච්.අයි.වී. බෝවීම මර්ධනය කිරීමේ අරමුණින් වසර 05ක විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනී.
  • වැඩිවන ජනගහනයට අවශ්‍ය පොල් මෙරටේ දී ම නිෂ්පාදනය කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇතැයි පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පවසයි.
  • එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ පැවැත්වෙන 2600 වෙනි සම්බුද්ධ ජයන්ති නිල උත්සවයේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
  • මෙරට පරිසර කළමණාකරණය සහ නීති සම්පාදනය පිළිබඳව නියාමන ආයතනය ලෙස මධ්‍යම පරිසර අධිකාරිය පරිසර කළමනාකරණය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් පසුගියදා මධ්‍යම පරිසර අධිකාරි ප‍්‍රධාන කාර්යාලයේදී අත්සන් තැබිණි.
  • විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා හෙට(08) හිස මුඩු කරමින් දස සීලය සමාදන්ව දින 10ක් සඳහා ආරණ්‍යගතවේ.