සැකිල්ල:තෝරාගත් සේයාරුව/12

විකිපීඩියා වෙතින්

අනුරාධපුරයෙන් ඇරඹි ශ්‍රී ලංකාවේ රාජධානි සොළී ආක්‍රමණ සහ ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ක්‍රමයෙන් නිරිත දිගට සංක්‍රමණය විය. එම සංක්‍රාන්තියේ සිවුවන නැවතුම්පොළ වූයේ යාපහුව රාජධානියයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහව මංසන්දියට කිලෝමීටර 04ක් පමණ වයඹ දිශාවෙන් පිහිටි යාපහුව 13 වන සියවසේ දශකයක් පමණ කෙටි කාලසීමාවක් සඳහා දිවයිනේ අගනගරය බවට පත්ව තිබූ පර්වත ආශ්‍රිත පැරණි නගරයකි. පොළොන්නරුව රාජධානි සමයෙන් පසුව නිරන්තර ඇතිවූ විදේශීය ආකුමණ හමුවේ වැදගත් රාක්‍ෂාස්ථානයක් ලෙස යොදාගත් බවට සාක්ෂි ඇති මෙම පුරාස්ථානය පෞරාණිකත්වය අතින් ඉනිදු බෙහෙවින් ඈත වකවානුවක පටන් ජනාවාසයක් ලෙස පැවතුණකි.

ඡායාරූපය: Chindemaya