Jump to content

හැෆ්තෝර් ජූලියස් බියෝර්ංසන්

විකිපීඩියා වෙතින්
හැෆ්තෝර් ජූලියස් බියෝර්ංසන්
උපත
රෙයිකවික්, අයිස්ලන්තය
නිවහනකොපවොගූර්
ජාතිකත්වයඅයිස්ලන්තය අයිස්ලන්ත
ප්‍රසිද්ධව ඇත්තේඑදා මෙදාතුර මිහිමත බිහිවූ ලොව ශක්තිවන්තම මිනිසා
උසඅඩි 6 අඟල් 9
කලත්‍රයා(යන්)කෙල්සි හෙන්සන් (බිරිඳ)
දරුවන්තෙරේසා ලිෆ් (දුව)
ස්ටොර්මර් මැග්නි (පුතා)

හැෆ්තෝර් ජූලියස් බියෝර්ංසන් (ඉංග්‍රීසි: Hafthor Julius Bjornsson, අයිස්ලන්ත: Hafþór Júlíus Björnsson) යනු අයිස්ලන්ත ජාතික ලෝක පූජිත ස්ට්‍රෝංමෑන් ක්‍රීඩකයෙකි. වර්ෂ 1988 නොවැම්බර් මස 26 වැනිදා අයිස්ලන්තයේ රෙයිකවික් අගනුවරදී උපන් ඔහු අඩි 6 අඟල් 9 ක් උස, කිලෝග්රෑම් 205 ක් බර, අසහාය කායශක්තියකට උරුමකම් කියනා සුවිසල් යෝධයෙකි.

ස්ට්‍රෝංමෑන් ක්‍රීඩාවට අදාල ලෝක ශූරතාවන් වන 'ලොව ශක්තිමත්ම මිනිසා', 'ලොව අසහායම ශක්තිමත්ම මිනිසා' සහ 'ආර්නල්ඩ් ස්ට්‍රෝංමෑන් ක්ලැසික්' යන කිරුළු ත්‍රිත්වයම එකම වසරකදී ජයග්‍රහණයකරන ලද ලොව ප්‍රථම සහ එකම ක්‍රීඩකයා ඔහුය. ජාත්‍යන්තර ස්ට්‍රෝංමෑන් සම්මේලන සියල්ලන්ගෙන්ම පිරිනමන ලෝක ශූරතා සියල්ල ජයග්‍රහණය කර ඇති ඔහු දිනා ඇති සමස්ථ ලෝක ශූරතා ගණන 31 කි. බිඳහෙලා ඇති ලෝක වාර්තා ගණන 100 ද ඉක්මවයි.

ලෝකප්‍රකට කායශක්ති විශ්ලේෂකයින් සහ ස්ට්‍රෝංමෑන් ක්‍රීඩා විශේෂඥයින් බොහෝදෙනෙකු, හැෆ්තෝර් ජූලියස් බියෝර්ංසන් වූ කලී "එදා මෙදාතුර මිහිමත බිහිවූ ලොව ශක්තිවන්තම මිනිසා" ලෙස අවිවාදයෙන් පිළිගනී.

දක්ෂතාවන්

[සංස්කරණය]
  • ඩෙඩ්ලිෆ්ට් - කිලෝග්රෑම් 501 ක්
  • ස්කොට් - කිලෝග්රෑම් 460 ක්
  • බෙන්ච් ප්‍රෙස් - කිලෝග්රෑම් 250 ක්
  • ලොග් ප්‍රෙස් - කිලෝග්රෑම් 213 ක්
  • ඇක්සල් ප්‍රෙස් - කිලෝග්රෑම් 206 ක්
  • වයිකිං ගස් කඳ කරමත තබා ඇවිදීම - කිලෝග්රෑම් 650 ක් සමග පියවර 5 ක්
  • තනි අතින් ලුවී-සියර් ඩම්බෙලය හිසට ඉහලින් එසවීම - කිලෝග්රෑම් 146 ක්
  • ලෝකප්‍රකට හුසෆෙල් පාෂාණය රැගෙනයාම - කිලෝග්රෑම් 186 ක් මීටර 98.16 දුරට
  • ලෝකප්‍රකට මෑන්හුඩ් පාෂාණය එසවීම - කිලෝග්රෑම් 260 ක්
  • ලෝකප්‍රකට ඇට්ලස් පාෂාණ එසවීම - කිලෝග්රෑම් 200 ක් දක්වා බර පාෂාණ පහක් තත්පර 17 කින්
  • බෝයිං ගුවන්යානයක් ඇදගෙන යාම - කිලෝග්රෑම් 40,000 ක් (ටොන් 40 ක්) මීටර 24.90 දුරට

වැඩිදුර කියවීමට ඉංග්‍රීසි විකිපීඩියා ලිපි

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

1. ලොව අසහායම ශක්තිමත්ම මිනිසා, ලෝක ශූර හැෆ්තෝර් ජූලියස් බියෝර්ංසන් Hafþór Júlíus Björnsson, the strongest man to have ever lived https://balancethegrind.co/company-cultures/
2. මිහිමත පහළවූ ශක්තිමත්ම මිනිසුන් https://www.sportskeeda.com/health-and-fitness/news-top-five-strongest-men-history www.sportskeeda.com
3. ලොව ශක්තිමත්ම මිනිසා "Top 10: Greatest Worlds Strongest Man". ලෝරනස් ශහේලි. 15 September 2019.
4. ආචාර්ය රොබට් ගෝල්ඩ්මන්. "2023 International Sports Hall of Fame Inductee Hafþór Björnsson – Induction speech by Dr. Robert M. Goldman" https://www.youtube.com/watch?v=PVOtF1ORHMA