ශ්‍රී ලංකාවේ නර්තනයන්

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ නර්තන සම්ප්‍රදායන්ගේ සම්භවය එහි ස්වදේශී ජනයා (වැදි ජනයා සහ යක්ෂ ගෝත්‍රික (යකඩ වැඩ වල නිරත වුවත්)) මත රදා පවතී. තෙල්මේ නර්තනයෙහි ඉතිහාස කථාව රාවණ රජු සමය තෙක් එනම් මීට අවුරුදු 5000 තරම් ඈතට දිවෙයි. සිංහල පුරාවෘත්තයන්ට අනුව මහනුවර උඩරට නර්තනකරුවන්ගේ සම්භවය අවුරුදු 2500 කට ඉහත දී විසූ රජවරයකුගේ ඉන්ද්‍රජාල චාරිත්‍රයක් තුළින් ගොඩ නගා ඇත.

කුළු නැටුම් නර්තනාංගය

ඉපැරණි පුරාවෘත්තයක් වන "මහාවංශය" සදහන් පරිදි විජය රජතුමන් වර්ෂ 543 ශ්‍රී ලංකාවට පා තැබු විට ඔහුට මංගල උත්සවයක සංගීත හා නර්තන ශබ්දය ඇසි ඇත. විජය රජතුමන් උතුරු ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණිකයෙක් වන අතර ඔහු ශ්‍රී ලංකාවේ තම්මැන්නා නම් ප්‍රදේශය යටත් කර ගන්නා ලදී. නමුත් පසු කාලීනව මෙම ප්‍රදේශය රටේ පාලකයා බවට පත්වූ පණ්ඩුකාභය රජ විසින් නැවත අත්පත් කර ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ නර්තන සම්ප්‍රදායන්ගේ පසුබිම[සංස්කරණය]

පහතරට යක් බෙර වාදකයෙක්

සම්භාව්‍ය නර්තනය විවිධ චාරිත්‍ර හා උත්සව වලදී භාවිතා කෙරේ. මේවා ශතවර්ෂ ගණනාවක් පැරණි අතර, ග්‍රාමීය විශ්වාසය හා ඇඳහිලි මත පදනම් වී ඇත.මෙම නර්තන සම්ප්‍රදායන් බුද්ධාගමේ සම්ප්‍රාප්තියට පෙර සිට පැවැත එන අතර එය සිංහලයින් විසින් ශතවර්ෂ 3 දි පිළිගෙන ඇත. මෙම චරිත හා සැනකෙළි තුළින් කෘෂිකර්මාන්ත ජනාවාසවල අගයයන්, විශ්වාස හා චාරිත්‍ර පිළිඹිබු කෙරේ. බුදුදහමට පෙර පැවැති ඇදහිලි හා විශ්වාස අනුව යක්ෂයින් හා අද්භූත බලවේගවලින් විවිධ ප්‍රයෝජන හා ආශිර්වාද ලබාගැනීමට හැකිබවට සිංහලයින් තුළ බලවත් විශ්වාසයක් පැවතිණ.එමෙන්ම මෙම යක්ෂයින් හා අද්භූත බලවේගවල බලපෑම නිසා විවිධ රෝගාබාධ ද ඇති කෙරෙතියිද සිංහලයින් විශ්වාස කළහ. එම බලපෑමෙන් මිඳීමට ඔවුන් විවිධ උත්සව හා චාරිත්‍ර ක්‍රම පැවැත් වුහ.එය උඩරට නර්තන සම්ප්‍රදායේ විකාශනයේ වදැගත් චාරිත්‍රයක් වන කොහොඹා කංකාරිය දක්වා විහිදී යයි. මෙම චාරිත්‍ර ක්‍රමය මෑත යුගයේ සුලබව දක්නට නැතිමුත්, නුවර දළදා පෙරහැරෙහි දි ප්‍රදර්ශනය කෙරේ.

රුහුණු නර්තනයේ ආරම්භය වන්නේ දෙවොල් යක්ෂයින් සදහා චාරිත්‍ ඉටුකිරීම උදෙසා කරන දෙවොල් මඩුවයි. කට්ටඩියන් විසින් මෙහෙය වනු ලබන රට යකුම හා සන්නි යකුමසන්නි යකුම පවත්වන්නේ විවිධ සුව නොවන රෝගාබාධ හා වගා බිම් සඳහාය. සබරගමුව නර්තනයේ චාරිත්‍රයක් වන්නේ ගම් මඩුවයි. මෙය පන්තිනි දෙවියන් උදෙසා කරන අතර සරුසාර අස්වැන්නක් හා රෝගාබාධ වලින් දුරු වීම උදෙසා පවත්වයි.

ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය නැටුම්[සංස්කරණය]

ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රාස්ත්‍රීය නැටුම් ශෛලීන් තුනක් පවතී. ඒවා නම්,

  1. උඩරට නැටුම් - ප්‍රචලිතව පවනින්නේ කන්ද උඩරට ප්‍රදේශයේය.
  2. පහත රට නැටුම් - ප්‍රචලිතව පවතින්නේ දකුණු පළාත්වලය.
  3. සබරගමු නැටුම් - ප්‍රචලිතව පවතින්නේ සබරගමු ප්‍රදේශයේය.

උඩරට නැටුම්හි “උඩරට” යන නාමය ලැබී ඇත්තේ සිරිලක අවසාන රාජ්‍ය අගනුවර වූද, කොළඹින් කිලෝමීටර් 120 කට ඈතින් පිහිටි නුවර පුරවරයෙනි. මේ වන විට උඩරට නැටුම් ශෛලිය ශ්‍රී ලංකාවේ ශ්‍රාස්ත්‍රීය නැටුම් අතරින් ප්‍රධාන ස්ථානයකට පත්වී හමාරය.

සංස්කෘත භාෂාවේ හැඳින්වෙන තෘන නම් වූ කොටසට,එනම් කාල (රිද්මය) පදනම් කොටගත් රිද්මයානුකූල නර්තන ශෛලියක් ලෙස උඩරට නැටුම් හැඳින්විය හැක. මෙම රිද්මයානුකූල චලනය සඳහා තාල දැමීමට “තාලම්පට” නම් වූ වාදන භාණ්ඩයක් උපයෝගී කර ගනී. උඩරට නැටුමෙහි ප්‍රධාන විනෝදාංශයක් ලෙස වෙස්, නෛඅධි, උඩැක්කි, පන්තේරු සහ වන්නම් හැඳින්විය හැක.

උඩරට පහතරට හා සබරගමු නර්තන ශෛලින් එකිනෙකින්‍වෙනස් වන ප්‍රධාන කරුණු කීපයකි. ඒවා අතර නැටුම් අංග චලන, දේහ චලන, රංග වස්ත්‍රාභරණ සහ එක් එක් ශෛලීන්ට අනුකූල කාල රටා මැවීමට භාවිතා කරන්නා වූ විවිධ මාදිලියේ බෙර වර්ග ප්‍රධාන වේ. මේ අතරින් විශේෂිත වූ තවත් කරුණක් නම් පහත රට නැටුම්හි භාවිතා වන වෙස් මුහුණ පළඳනා උඩරට හෝ සබරගමු නැටුම්වලදී භාවිතා නොවීමයි.

තවද උඩරට නැටුම් සඳහා ගැට බෙරය ද, පහත රට නැටුම් සඳහා යක් බෙරයද, සබරගමු නැටුම් සඳහා දවුල් බෙරය ද භාවිතා වේ. ගැට බෙරය හා යක් බෙරය බෙර වාදකයාගේ දෙඅත් භාවිත‍ා කර වාදනය කරන අතර, දවුල් බෙර වාදකයා එක් අතකින් කඩිප්පුව (කෝටුවකි) ගෙන අනෙක් අතින් දවුල වාදනය කරයි. යක් බෙර හා දවුල් බෙරයෙහි බද සිලිණ්ඩරාකාර වන අතර උඩරට බදයෙහි බඳ දෙපසට ක්‍රමයෙන් අඩුවී යන ආකාරයේ හැඩයෙන් යුක්ත වේ.

ශ්‍රී ලංකාවේ නර්තන සම්ප්‍රදායන්[සංස්කරණය]

නර්තනාංග වර්ග[සංස්කරණය]

වෙස් නැටුම[සංස්කරණය]

වෙස් නර්තනයේ යෙදෙන අවස්ථාවක්

වෙස් නැටුම පැවත එන්නේ පුරාණ පිරිසිදු කිරීමේ පුද චාරිත්‍රයක් ලෙසය. මෙය කොහොඹ යැකුම හෝ කොහොඹා කංකාරිය වේ. මෙම නර්තනය පුරුෂ පක්ෂය විසින් පමණක් භාවිතා කෙරේ. මෙහි අනර්ඝ ඇදුම් කට්ටලය, විශේෂයෙන් හිස් ආවරණය ‍කොහොඹා දෙවියන් වෙනුවෙන් වන පූජනීය එකක් ලෙස සැලකේ. කංකාරියෙන් පිටත නර්තනයේ යෙදීමට නර්තන ශිල්පීන්ට අවසර ලැබුනේ 19 වන ශතවර්ෂයේ දී දළඳා පෙරහැර කාලයේ කංකාරිය පන්සලේ දීය. වර්තමානයේ මෙම අගනා ඇදුම් කට්ටලය උඩරට නර්තන ශිල්පීන්ගේ ප්‍රතිමූර්තියයි.


නයියන්ඩි නර්තනය[සංස්කරණය]

මෙම නර්තන ශිල්පීන් රංගනයේ යෙදෙන්නේ කොහොඹා කංකාරියේ මුලික අවස්ථාවේ දීය. පහන් දල්වන අවස්ථාව හා යකුන් වෙනුවෙන් ආහාර පිළියෙල කරන අවස්ථාව වලදී ය. නර්තන ශිල්පීන් පබළු වලින් සකසන ලද සුදු ඇඳුමක් ඔවුන්ගේ උඩුක‍යේ පළඳින අතර, බඳ පටියක්, බෙල්ලේ පබළු දැමු මාලයක්, රිදී මාල, පිත්තල උරහිස් පලඳනා හා වලලුකර පලඳනා භාවිතා කරයි. කතරගම දේවාලයේ විෂ්ණු දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන පුජා උත්සව වලදී මෙම නර්තනය දැකගත හැකිය.


උඩැක්කි නර්තනය[සංස්කරණය]

මෙම නර්තනය ගෞරවනීය වෙයි. එහි නම වන උඩැක්කි සෑදි ඇත්තේ කුඩා අත්බෙරයක් වන හෝරා යතුරක ආකාරයෙන් යුතු අඟල් 7 ½ පමණ උස දෙවියන් විසින් දෙන ලදැයි විශ්වාස කරන බෙරයකිනි. උඩැක්කිය වයන කුඩා ලී කැබලි දෙක ඊශ්වර දෙවියන් විසින් දෙන ලදැයි විශ්වාස කරති. සංගීතය විෂ්ණු දෙවියන් දෙන ලදැයි කියති. මෙය නිර්මාණය කර ඇතැයි කියන්නේ ශක්‍ර දෙවියන්ගේ උපදෙස් මතය. වාදනය කර ඇත්තේ දෙවි විමාන වලය. උඩැක්කිය වාදනය කිරීමට අපහසු භාණ්ඩයක් වන අතර, නර්තන ශිල්පීයා මෙය වාදනය කරන අතරේ ගායනයෙහිද යෙදේ.

පන්තේරු නැටුම[සංස්කරණය]

පන්තේරු පත්තිනි දෙවියන් උදෙසා තැනුණ එකකි. මෙය සම්පූර්ණ රවුමකි.චක්‍රාකර බවකි.මෙහි අතට අහුවෙන ස්ථානය අල්ලුව ලෙස හදුන්වන අතර මෙය පිත්තල වලින් පුරවා ඇත.පන්තෙරු වලල්ලක සම්පූර්ණ වට ප්‍රමාණය අගල් 28කි.පන්තේරු උපතේ එන ආකාරයට අටවිසි අගුලයි වටම වලල්ලා යනුවෙන් සදහන් වේ.මෙහි සම්පූර්ණ වට ප්‍රමාණය සමාන කොටස් 5කට බෙදලා එහි පෙති හෙවත් කුඩා සිල්ලු අල්ලා ඇත. එම සිල්ලු එකට ගැටීමෙන් අලන්කාර හඩ උපදී.මෙහි නර්තනය සිද්ධාර්ථ කුමාරයාගේ දවස පටන් පැවත එතැයි කියති. දෙවියන් මෙය යුද්ධ ජයග්‍රහණ සැමරීමට යොදා ගෙන ඇත. සිංහල රජවරුන් පන්තේරුකරුවන් යුධ බිමෙහි ජයග්‍රහණය සඳහා යොදා ගෙන ඇත.

වන්නම්[සංස්කරණය]

වන්නම් පුරාතන සිංහල ලේඛනවල සටහන් වී ඇත්තේ ගායනයට පමණක්ය. පසුව එය තනි පුද්ගල නර්තනයට ද ඇතුලත් විය. පුරාතනයේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු නර්තනයට හා සංගීතයට නොමද සහයක් ලබා දී ඇත. ඒ කාලයේ කවිකාර මඩු වලදී ගීත හා කවි ගායනා කර ඇත. වන්නම් හි අඩංගු සිද්ධාන්ත 18 පුරාණ ගණිතාලංකාරයෙන් පැවත එන බැව් කියති. වන්නම් පැවත එන්නේ ඉතිහාසය, පරිසරය, පුරාවෘත්ත, ගැමි ඇඳහිලි, ගැමි කලාව, පුරාණ දැනුම ආශ්‍රයෙනි. ප්‍රසිද්ධ වන්නම් 18 කි. එනම් ගජගා, තුරඟා, මයුර, ගහක , උරගා, මුසලාඩි, උකුස්සා, වෛරෝඩි, හනුමා, සැවුලා, සිංහරාජ, නාග, කිරල, නෛයඩි, සුරපති, ගනපති, උඩුහර සහ අසර්දෘශ්‍ය වේ. මෙයට අමතරව සමනල බෝ සහ හංස වන්නම ඊ‍ට පසුව එකතු කරන ලදී. වන්නම් නර්තනයට කොටස් 7 ක් අඩංගු වේ.

කොළම්[සංස්කරණය]

කෝළම් නර්තනාංගයේ යෙදෙන අවස්ථාවක්

"කොලම්" පහතරට ඇති නර්තන නාට්‍යයකි. මෙහිදී රඟදක්වන්නා සත්ව හෝ රජවරැන් උසස් නිලධාරීන් වැනි පුද්ගලයින් විස්තර කිරීම සඳහා වෙස්මුහුණු පැළඳ විනෝදාත්මක හා හාස්‍ය රංගනයන් හි යෙ‍දේ. ශාස්ත්‍රඥයන් පවසා ඇති අන්දමට කෝලම් "සන්නි යැකුම "නැමැති ශාන්ති කර්මයෙන් නිර්මාණය වු අතර එය පසු කලෙක ශාන්ති කර්ම අංගයන්ගෙන් නේ වු නර්තන නාට්‍යයක් බවට පත්ව ඇත.

යක් නැටුම්[සංස්කරණය]

යක් නැටුම් මිනිසුන් තුල පවතින පොදු විශ්වාසයක් වන, නොපෙනන විවිධ බලවේග හේතුවෙන් ලෙඩරෝග වලට ගොදුරු වන රෝගීන්ට ප්‍රතිකර්ම පිණිස භාවිතා කරයි. පුද්ගලයෙක් හෝ පවුලක පැවැත්ම අඩාල වේ නම්, ගම් වැසියන්ගේ විශ්වාසයන් වන නොපෙනන බලවේගයන් විසින් මෙම අඩාල වීම සිදු කරනා ලදැයි අදහසින් 'තොවිල්' කර්මයක් කරනු ලබයි.

තොවිල් සාමාන්‍ය චාරිත්‍ර ක්‍රමයක් වන අතර, එය ගෙයකට හෝ පවුලේ හා ඥාතීන්ගේ සහභාගිත්වයෙන් කරන අතර,ගමේම සහභාගිත්වයෙන් ගම් මඩුව හෝ දෙවොල් මඩුව ශාන්තිකර්ම කරනු ලැබේ. මහසොහොන් සමයම හා ගරා යැකුම ශාන්ති කර්මයේදී වෙස් මුහුණු නැට්ටුවන් සහභාගි වේ.මහසොහොන් රංගන ශිල්පියා වලසෙකු පිළිබිඹු කරනා වෙස් මුහුණකින් හා ඇඳුම් කට්ටලයකින් සැරසි සිටී.බොහෝවිට මෙහි සන්නි නැටුම්වලින් ද වෙස් මුහුණු පැලඳ මෙයට සහභාගි වේ. දහ අට සන්නිය අසනීප 16 ක් පිළිබිඹු කරනා අතර එය යක්ෂයෙක් විසින් ඇති කරන්නක් යැයි විශ්වාස කෙරේ. මෙම චාරිත්‍ර‍ ක්‍රමයෙන් සමහර අවස්ථා වල නර්තන ශිල්පින් වෙස් මුහුණ පැලඳ පෙරහැරක් ආකාරයෙන් සහභාගි වන අතර සමහර අවස්ථාවල විවිධ චරිත වර්ග වෙස් මුහුණු තුලින් විදහාපායි. පසු කාලයේ ළමුන් විසින් ද වෙසක් සමයේ වෙස් මුහුණු පැලඳ ගන්නා අතර, විශාල වෙස් මුහුණු වන ඔලුබක්කෝ නැටුම් බාල මහලු සැමගේ විනෝදාස්වාදයට හේතු විය.

ජන නැටුම්[සංස්කරණය]

කුළු නර්තනයේ යෙදෙන අවස්ථාවක්

සම්භාවනීය නර්තනයන් හැරුණු කොට ජන නැටුම්, ක්‍රියාකාරකම් හා සැණකෙලි ඇසුරෙන් පවතී. ලී කෙලි, කළ ගෙඩි, රබන් සහ ජන නැටුම් බහුල වශයෙන් වර්තමානයේ දක්නට පුළුවන.

වැඩිදුර කියවීම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_නර්තනයන්&oldid=515682" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි