Jump to content

පහතරට නැටුම්

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකා‍වේ විවිධ පලාත් වල විවිධ සිංහල කුල පරම්පරාවන් තුලින් ඒ ඒ ජන සම්ප්‍රදායන්ට අදාලව නැටුම්, ගැයුම්, ශාන්තිකර්ම බලි තොවිල් හා යාති කර්ම පුරාණයේ සිට පැවත එයි. එයිනුත් රජ දවස සිට උඩරට, පහතරට හා සබරගමු වශයෙන් ‍වෙනස් සම්ප්‍රදායන් අනුගමනය කර ඇත. ඒවාත් තව තව අතු බෙදී කුල පරම්පරා වශයෙන් මේ දක්වා සම්ප්‍රදායන් හා නව්‍ය කරණයට ලක්ව පවතී. පහතරට නර්තන සම්ප්‍රදාය විශේෂ වශයෙන් රයිගම, බෙන්තර සහ මාතර ආදී වශයෙන් ශෛලීන් තුනකට බෙදේ. පහතරට වන්නම් 32 ක් තිබුණද වර්තමානය වන විට ඒවායෙහි ඇතැම් කොටස් ගිලිහී ගොස් ඇත. පහතරට වන්නම් බොහෝමයක් දඹදෙණි යුගයේ රචනා කර ඇති බව කියැවේ. මෙහි ප්‍රධාන තාලවාද්‍ය භාණ්ඩය වන්නේ පහතරට බෙරය හෙවත් යක් බෙරයයි.

පහතරට සිංහලන් විසින් ඉතා අපූරුතම නිර්මාණයන් බිහිකර ඇත. මුහුදු ආශ්‍රිත ; හේන් ගොවිබිම මුලකරගෙන ද ජන ජීවිතයේ විශේෂ අවස්ථා අරභයා පහතරට නැටුම් සම්ප්‍රදායක් බිහි වී ඇත.

මෙම සම්ප්‍රදාය තුල විෂය බීජය වී ඇත්තේ පහතරට ජනයාගේ නිරෝගී බව මෙන්ම පරිසරය සතා සිව්පාවන් හා වගාවන් වල පලදාව ආරක්ෂාව උදෙසා වීම විශේෂ වේ. පහතරට ශාන්තිකර්ම මූලික කොටස් 03 කට බෙදේ. එනම්,

  1. දෙවියන් උදෙසා - මඩු ශාන්ති කර්ම
  2. සූනියම් සහ සන්නි - රටයකුම හෙවත් රිද්දියාගය
  3. ග්‍රහයන් උදෙසා - බලි ශාන්ති කර්මය

මෙම ශාන්ති කර්ම අතුරින් මඩු ශාන්ති කර්ම විශේෂ වේ. එනම්, දෙවියන් උදෙසා වීමයි. මෙය මගින් දෙවියන් සතුට උදෙසාත් පිහිට පතාත් මෙම ශාන්ති කර්මය පවත්වන අතර මෙය සශ්‍රීකත්වය උදෙසා කෙරෙන ශාන්තිකර්මයක් වේ.

ගොවි ජනපද ආශ්‍රිත ව මෙන්ම ගොවි පවුල්වල ශාන්තිය උදෙසා ද මෙම ශාන්ති කර්මය පවත්වනු ලබයි. මෙය සදහා,

වශයෙන් ශාන්ති කර්ම 03 ක් පැවැත්වේ.

කෝළම්

පහතරට  නැටුම් කලාව  ශාන්ති කර්ම වලට පමණක් සිමා වී නොමැත . ඉතාමත් උසස් කලාත්මක  නාට්‍ය අංගයන්ගෙන් සමන්විත කෝලම් නාට්‍ය කලාව පහතරට සම්ප්‍රදාය තුළ  ප්‍රධාන තැනක් ගනියි . ශාන්ති කර්ම වල මෙන්ම  වෙස්මුහුණු පැළඳ කරන රංගනයන් වුවද කෝලම් නාට්‍ය කලාව ශාන්ති කර්ම සමග සම්බන්ධයක් නොමැත. යටත්විජිත පාලන සමයේ  තිබු  දුර්වලතාවයන් ඉස්මතු කරමින් පවතින පාලන ක්‍රමය උපහාසයට  සහ විවේචනයට ලක් කිරිමක්  ප්‍රබලව දැකිය හැකිය.

ඊට අමතරව  ලංකාව ආක්‍රමණය කළ  සහ ලංකාවේ සංක්‍රමණය  කළ විවිධ ජන කොටස් පිළිබඳවද කෝලම් නාට්‍යය නිර්මාණය වී තිබෙනු දැකගත හැකිය  

කෝලම් නැටුම් වල ඇති පිටපත්වල නොයෙකුත් චරිත දක්‌නට ඇත්තේය

සබේ විදාන හා සභාපති පමණක්‌ වෙස්‌ මුහුණු පළඳින්නේ  නැත. සභාපති නික්‌ම ගිය පසු පිළිවෙළින්

ලියනආරච්චි, අණබෙර, නොංචි, පොලිස්‌, හේවාජසයා, ලෙංචිනා, මුදලි සමග හොංචා,කාපිරි , දෙමළ . මුස්ලිම් . රජ කට්‌ටුව පැමිණේ. ඉක්බිති රජ හා බිසව පැමිණේ අනතුරුව සිංහ , ගොන්  කොටි, කව රාක්ෂ , සුරඹා වල්ලිය.නාග, මරු, ගුරුළු යන රාක්‍ෂ නැටුම් රඟ දැක්‌වේ.

ඉන් අනතුරුව රඟ දක්‌වන්නේ තෝරාගත් කථා පුවතකි. සඳකිඳුරු , මනමේ , ගෝටයින්බර වැනි ඓතිහාසික කතා පුවතක් හෝ ජාතක කථා පුවතකි  

"https://si.wikipedia.org/w/index.php?title=පහතරට_නැටුම්&oldid=792757" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි