කෝළම්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
අම්බලන්ගොඩ ටුක්කාවඩු  පරපුරේ කෝලම් නැටුම් අංගයන්

බිහිවීම[සංස්කරණය]

අතීත මහා සම්මත මනු රජ දවස ඔහුගේ බිසවට නැටුම් දැකීමෙ දොලදුකක් හට ගත්තාය. කෙසේ වූවත් කොතරම් මණරම් නැටුමක් දුටුවද ඈව සිනාගැන්වීමට නොහැකි විය. රජු ඇමතියන් සමග එක්ව රටේ ප්‍රකට නැටුම්කරුවන්, ඉන්ද්‍රජාලිකයින්, කරණම්කරුවන් වැනි නොයෙක් අය ගෙන්වා ඈ ඉදිරියේ දස්කම් දැක්වූවද ඒ කිසිවකටවත් ඈ සිනා නොවූවාය. මේ හේතුවෙන් රජු ඉතා කණස්සල්ලට පත් විය. රජුගේ කණස්සල්ල දුටු සක්දෙවි ඔහුට උපකාර කරනු වස් රජුගේ මගුල් උයනේ කෝළමු මුහුණු රාශියක් තැබ්බවීය. පසුදින උදෑසන එම මුහුණු දුටු රජතුමා, ඒවා මිනිසුන්ගේ මුහුණුවල බන්දවා බිසව ඉදිරියේ විවිධ විකාර පාන්නට සැලැස්විය. මේ විකාර දුටු බිසව මහත් ප්‍රීතියට පත්ව සිනාසූයෙන්, දොලදුක සංසිදුණු අතර මෙම සිදුවීම කෝළම් හී උපත ලෙස විශ්වාස කෙරේ.

ලංකාව අධිරාජ්‍යවාදීන්ට නතු වූ පසු ලාංකේය සමාජය නොයෙකුත් විපර්යාසයන්ට ලක්‌විය. අලුත් සමාජ ක්‍රමයක්‌ හැඩගැසෙන්නට වූයෙන් පැවතුණ සංස්‌කෘතිය, සිරිත් විරිත්, සිතුම් පැතුම් වෙනස්‌ වීමක්‌ සිදු විය. ඉංග්‍රීසීන්ගෙන් අලුත් තනතුරු ලැබීමත් සමඟ ඔවුන්ගෙන් පොදු ජනයාට නොයෙකුත් තාඩන පීඩන සිදුවිය. මේවාට එරෙහි වීමට නොහැකිවූ පොදු ජනයා ඔවුන්ගේ ක්‍රියාකලාප විවේචනයට ලක්‌ කරමින් නොයෙකුත් රංගනයන් සිදුකළහ.එහි ප්‍රතිඵලයක්‌ ලෙස කෝළම් විවිද චරිත ඈතුලත් කර තිබේ බිහිවීම සිදුවූයේ යෑයි සිතිය හැකිය.

කෝලම් නැටුම් වල ඇති විශේෂම දේ තමයි වෙස්‌ මුහුණු පැළඳ කෝලම් නාට්‍ය රඟ දැක්‌වීම. මෙම වෙස්‌ මුහුණු යොදාගත්තෙ කෝලම් නැටුම් සඳහාම පමණයි. එම කෝලම් වලට එන චරිත අනුව වෙස්‌මුහුණු නිර්මාණය කරනවා. මුල් කාලයේදී කෝලම් මුහුණු නිර්මාණය කරලා තියෙන්නේ අද වගේ කදුරු ලීයෙන් නෙවෙයි. ගඟේ අයිනේ තිබිලා තියෙනවා ජලාශ්‍රිත ශාකයක්‌ වන ගිම්පොල් එම ශාකයෙන් තමයි කෝලම් මුහුණු කපලා තියෙන්නේ. පසුව පැරණි කෝලම්කරුවන්ට තේරුම් ගිහින් තියෙනවා. ගිමිපොල් වෙනුවට වෙස්‌ මුහුණු කැපීම සඳහා වෙල් කඳුරු ලීය සුදුසු බව ලීයේ ඇති සැහැල්ලු බව කල්තබා ගැනීමට හැකිවීම හා කැටයම් කිරීමේ පහසුව මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.

සිංහල වෙස්මුහුණු කලාව හෙවත් කෝලම් නැටුම් කලාව ගැන කියවෙන විට දකුණු ලක ස්ථාන කිහිපයක් ඇති නමුත් ජාතික සහ අන්තර් ජාතික වශයෙන් එ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ලබා ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රදේශය බව පෙනීයයි. අම්බලන්ගොඩ කෝලම් නැටුම් සම්භවය කවද සිදු වි දැයි නිශ්චිත වශයෙන් කිව නොහැකි වුවද කෝලම් වෙස්‌ මුහුණු වසර 250කට වඩා පැරණි බව මහාචාර්ය එම.එච්. ගුණතිලක මහතාගේ මතයයි . මුල් අවදියේදී මහ අම්බලන්ගොඩ ටුක්කාවඩු පරම්පරාව මූලික කර ගත් කෝළම් ගුරුකුලය Professor M.H . Goonathilaka has proved that in his book ' Mask and Mask System ' and also proved by the explorer Mr.Jinendra Wansa De Silva in his books ‘ කලාගුරු ටුක්කා වඩු ගුණදාස’ and ‘Amdalangoda Puranaya ‘. (http://www.tukkawadumask.com/) පසුව දෙකොටසකට කැඩී මහ අම්බලන්ගොඩ ගුරු කුලය ටුක්කාවඩු පරම්පරාවේ නායකත්වයෙන් පවත්වාගෙන එන අතර, හිරේවත්තේ ගුරුකුලය ජුවන්වඩු පරම්පරාවේ නායකත්වයෙන් පැවත එයි.

කෝලම් නැටුම් වල ඇති පිටපත්වල නොයෙකුත් චරිත දක්‌නට ඇත්තේය. මෙහිදී අම්බලන්ගොඩ ටුක්‌කාවඩු පරපුරට අයත් පිටපතේහි එන චරිතාංග අනුපිළිවෙළ මෙසේය. මුලින්ම සබයට එන්නේ සභාපති කවි චරිතයයි. සබේ විදාන හා සභාපති පමණක්‌ වෙස්‌ මුහුණු පළදින්නේ නැත. සභාපති නික්‌ම ගිය පසු පිළිවෙළින් ලියනආරච්චි, අණබෙර, නොංචි, පොලිස්‌, හේවා ජසයා, ලෙංචිනා, මුදලි සමග හොංචා, කාපිරි , රජ කට්‌ටුව පැමිණේ. ඉක්‌බිත රජ හා බිසව පැමිණේ අනතුරුව නාග, මරුකව, ගුරුළු යන රාක්‍ෂ නැටුම් රඟ දැක්‌වේ. ඉන් අනතුරුව රඟ දක්‌වන්නේ තෝරාගත් කථා පුවතකි.ජාතක කතාවක් හෝ අපේ වීර කතා  පුවතක් ඒ  සදහා තොර ගැනේ .  සද කිදුරු . මනමේ  ගොටිම්බර ජයසේන සටන ජාතක කතාවක් හෝ අපේ වීර කතා  පුවතක් ඒ  සදහා තොර ගැනේ .  සද කිදුරු . මනමේ  ගොටිම්බර ජයසේන සටන  වැනි  

කෝළමක දැකිය හැකි ප්‍රධාන අංග[සංස්කරණය]

  • චරිතයට සුදුසු වෙස් මුහුණක් හා නියමිත වස්ත්‍රයක් තිබීම.
  • වේදිකාවට පිවිසීමට පෙර චරිතය කවියෙන් හඳුන්වා දීම.
  • බෙර පදය සමගින් කෝළම රඟමඩලට පිවිසීම.
  • දෙබස් වලින් චරිතය විදහා පෑම.
  • සාමාජයීය දුර්වලතා උපහාසයට ලක් කිරීම.
  • චරිත එකට ගලපමින් කථාවක් ඉදිරිපත් කිරීම.

කෝළම් මුහුණු[සංස්කරණය]

කෝළම් මුහුණු චරිත, රාජ සභා, රාක්ෂ මුහුණු ලෙස කොටස් තුනකට බෙදිය හැකි වේ.

  • තත්කාලීන චරිත - නොංචි, ජසයා, ලෙන්චිනා, ආරච්චි, හේවා, පොලිස් වැනි.
  • රාජ සභා - නළු කීර්ති, මනමේ බිසව වැනි.
  • රාක්ෂ මුහුණු - නාග රාක්ෂ, ගුරුළු රාක්ෂ, කව  රාක්ෂ , මරු රාක්ෂ වැනි.

තානායම්පල ජායාරූපයක්[සංස්කරණය]

කෝළම් ඉදිරිපත් කරන එළිමහන් රංග භූමිය තානායම්පල ලෙස හැඳින්වේ. තානායම්පල හා රඟ දෙන නළුවන් ඇඳ පැළැඳ ගන්නා ස්ථානය/මඩුව වෙන් කරමින් පුවක් අතු, ගොක් අතු ආදියෙන් සැකසූ වෙස් අත්ත දැකගත හැක.

කෝළම් චරිත[සංස්කරණය]

සභාපති[සංස්කරණය]

සභාපති  නැටුම  කෝලම්  වලට අලුතින් එකතු වූ අංගයකි එනම් මෙයට අවුරුදු 150කට පමණ පෙර. මෙම අංගය  ටුක්කා වඩු පරපුඅර  අවේනික වුවකි

අණබෙර/පනික්කිල කෝළම[සංස්කරණය]

රාජ නියෝග මහ ජනයා හමුවට ගෙනගිය අණබෙරකරු අලලා නිර්මාණය වූවකි. මහළු වෙස් ගත් අණබෙරකරුවෙකු වටා කෝළම සිදුවේ. සමහර පළාත් හී චුක්කිනියා හා ඩුංගුරුවා යන දරු චරිත ද්විත්වයක් සහිතව අණබෙර කෝළම රඟ දැක්වේ.

පොලිස් කෝළම[සංස්කරණය]

පහත රට කෝලම් සම්ප්‍රදයෙන්  හමුවන පොලිස්  කෝලම ඉතාමත්  හාස්‍ය රසය උපදවන කෝලම් අංගයකි . පොලිස්  කෝලම  මිට අවුරදු 150කට පමණ පෙර එනම් ඉංග්‍රීසි  ජාතිකයන්   විසින්  අප රට පාලනය කල  යුගයේදී එකතු  වූ  කෝලම් නැටුම්  අංගයකි . යටත් විජිතවාදී යුගයේ අප පාලනය කළ ඉංග්‍රීසි ආණ්ඩුවේ  උසස්‌ සහ පහත් පොලිස් නිලධාරීන් නිර්දය ලෙස  විවේචනයට ලක් කිරිමක් පොලිස්  කෝලමෙන්  සිදුවෙ.

හේවා කෝළම[සංස්කරණය]

යුද්ධයට ගොස් කැපුම් කෙටුම් වලට ලක්වූ බැව් තුවාල සහිත වෙස් මුහුණු වලින් කියාපායි. සිව් දෙනෙකු මේ කණ්ඩායමට ඇතුලත් වේ.

ජසයා හා ලෙන්චිනා කෝළම[සංස්කරණය]

රෙදි පිරිසිදු කරන කුලයක උපන් ජසයා හා ලෙන්චිනා නම් චරිත දෙකක් වටා කෝළම රඟ දැක්වේ.

මහා සම්මත රජ හා බිසව[සංස්කරණය]

සිව්හෙළේ පළමු රජු ලෙස හැඳින්වෙන මහාසම්මත මනු රජු ඔහුගේ යටතේ රට ආරක්ෂා කිරීමට සුදුසු ශක්තිමත් හමුදාවක් තැනීය එය රක්ෂස හමුදාව නමින් හදුන්වයි. එය ක්‍රමයෙන් දියුණු වී රක්ෂ ගෝත්‍රය බිහිවිය. මේ අනුව යක්ෂ, අසුර, රක්ෂස, නාග යන සිව්හෙළයේ පළමු රජ මනුවේ.

ගුරුළු රාක්‌ෂ[සංස්කරණය]

ගුරුලා යනු මිථ්‍යා සත්ත්වයෙක් වන අතර ගුරුලා විෂ්ණු දෙවියන්ගේ වාහනය ලෙස ද සලකයි. නාගයින්ගේ දෂ්ඨ කිරීම්වලින් ආරක්ෂා වීමට ගුරුළු රාක්නෂ නර්තනය සිදුකරනු ලබයි.

මයුර රාක්ෂ[සංස්කරණය]

මොනරෙකුගේ හැඩතල ඇති මෙම වෙස්මුහුණ නිවෙසට සාමය හා සෞභාග්‍ය උදාකර දෙන බව ශ්‍රී ලාංකික මතයයි.

නාග රාක්ෂ[සංස්කරණය]

ගුරුලු රාක්ෂ හා ප්‍රතිවාදී කෝලම් නැටුමට මෙම වෙස් මුහුණ යොදා ගනියි. නයි පෙන හතකින් මෙම වෙස් මුහුණ සමන්විතය. මෙම වෙස්මුහුණ ලාංකික නිවෙස් වල ඔබ දැකඇතුවාට සැකයක් නැහැ. මෙම වෙස් මුහුණ නිවසේ තබා ගැනීමෙන් සියළු අනතුරු වලින් වැලකී සිටිය හැකි බව විශ්වාසයයි.

කව  රාක්ෂ[සංස්කරණය]


ආඬි කෝළම[සංස්කරණය]

ඉන්දියානු ආඬි ගුරෙක් ලංකාවට ආ පුවතක් ගැන කියවේ. සොකරි නැටීමේදීත් මෙය දැකිය හැකිය.


ආරච්චි කෝළම[සංස්කරණය]

ජසයා ලෙන්චිනා කෝළමට සම්බන්ධ කොට රඟ දක්වයි.


ගරා[සංස්කරණය]

ගරා කෝළම, පහතරට නැටුමක් වූ ගරා නැටුමින් ආ එකක් ලෙස සැළකේ. රට යකුම තුල, බාලගිරි දෝෂය සඳහා ගරා නැටුම රඟ දැක්වේ.


මේවාද බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කෝළම්&oldid=453865" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි