වොල්ගාග්‍රාද්
වොල්ගාග්‍රාද් ( ඉංග්‍රීසි: Volgograd රුසියානු: Волгогра́д ) යනු රුසියාවේ පිහිටි දියුණු කාර්මික නගරයකි. වොල්ගා නදියේ බටහිර ඉවුරේ පිහිටා ඇති මෙම නගරයේ ජනගහනය ( වසර 2010 දි ) 1,021,215 ක් විය.
වර්ෂ 1589-1925 දක්වා ත්සාරිත්සින් ( රුසියානු: Цари́цын ) වර්ෂ 1925-1961 ස්ටලින්ග්‍රාද් ( රුසියානු: Сталингра́д ) ලෙස හැදින්වු මෙම නගරය වර්ෂ 1961 සිට වොල්ගාග්‍රාද් ලෙස නම්කරනු ලැබීය.
වොල්ගාග්‍රාද් නගරය වොල්ගාග්‍රාද් ඔබ්ලස්ත් ( වොල්ගාග්‍රාද් පරිපාලන ප්‍රදේශය ) ( ඉංග්‍රීසි:Volgograd Oblast රුසියානු:Волгогра́дская о́бласть ) හි පරිපාලන නගරයයි. නගරයේ වර්ගප්‍රමාණය වර්ගකිමී 859.353 ( 331.798 වර්ග සැත ) කි.
දෙවන ලෝක යුද්ධයේදි ජර්මානු හමුදාවට එරෙහිව මෙම නගරයේ කල ප්‍රතිරෝධි සටන ( ස්ටලින්ග්‍රාද් සටන / ඉංග්‍රීසි: Battle of Stalingrad ) නිසා මෙම නගරය මහත් ප්‍රසිද්ධියට පත් විය.




